ප්‍රසිද්ධ චරිත වල මේ ආදර කථා ඔබව පුදුමයට පත් කරාවි

Love Stories Of Celebrities

ආදරය කියන්නේ ඉක්මනින් ඇති වෙන්න වගේම, ඉක්මනින් බිඳෙන්නත් පුලුවන් පුදුමාකාර දෙයක්. ජීවිතයට ආදරය ඕනමයි. සාමාන්‍ය මිනිස්සු පමණක් නොවෙයි අපි ආදරය කරන ප්‍රසිද්ධ චරිතත් ඔවුන්ගේ ජීවිතය ඇතුළේ අපූරු ආදර කතා සඟවාගෙන ඉන්නවා. ඉක්මනින් වෙන්වෙන ආදර කතා තියෙන තරු ලෝකයේ නොබිඳුණු ආදර කතා ගැනයි අපි මේ ඔබට කියන්න යන්නේ.

 

1. ශාරුක් ඛාන් – ගෞරි ඛාන්

Love Stories Of Celebrities

Source – glowville.com

ශාරුක් කියන අවුරුදු 18 කොලු ගැටයා ගෞරි කියන කෙල්ලව දකින්නේ ඔහුගේ යාළුවෙක්ගේ උපන්දින සාදයකදියි. කොහොම හරි මේ කෙල්ලට බැල්ම දාල ඇයව දිනාගන්න ශාරුක් සමත් වුණා. ඒත් ශාරුක් ගේ හිතේ ඇය කෙරෙහි තිබ්බ ආදරයත් එක්ක ඔහු ඇයට දාපු නීති රීති ගැන කළකිරුණු ගෞරි ශාරුක් ගේ ආදරයත් එපා කියලා මුම්බායි නගරයට කිසිවෙක්ට නොකියා යනවා. මේ බව දැනගන්න ශාරුක් බොහෝ කාලයක් තිස්සේ මුම්බායි නගරය පීරමින් ඇයව හොයනවා. අවසානයේ ඔහුට ඇය නැවතත් හිමි වෙනවා. එදා පටන් විවාහය වෙනකම්, ඒ විතරක් නෙමෙයි විවාහයේ ඉඳන් අද වෙනකනුත් ඒ ආදරය නොනැසී තියාගන්න ඔවුන් සමත් වෙලා තියෙනවා. ඒ පමණක් නොවෙයි ශාරුක් සහ ගෞරි ට දරුවන් තිදෙනෙක් ද සිටිනවා.

 

2. කුමාර් සංගක්කාර – යෙහාලි සංගක්කාර

Love Stories Of Celebrities

Source – wordpress.com

සංගක්කාර කියන්නේ ලංකාවෙන් බිහිවුණ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයෙක් නේ. සංගක්කාරගේ ජයග්‍රහණ පිටුපස හිටිය නිති ශක්තියක් උනේ ඔහුගේ බිරිඳ යෙහාලි සංගක්කාර. සංගක්කාර රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් කිවුවේ යෙහාලි දැක්ක ගමන් කෂ්ණික අදහසක් ඔලුවට ආවා කියලයි. එදාම ඔහු ඇයට දුරකතන ඇමතුමක් දුන්නු බවත් සංගා කියනවා. ඒ වගේම උදේ ගෙදර අයට හොරා ඇවිත් යෙහාලිගේ ගෙදර දොර ඉදිරිපිට මල් පොකුරක් තියලා නිවසේ බෙල් එක නාද කරලා දුවලා ගියපු අතීතයත් සංගා මතක් කරනවා. එහෙම අරඹපු ආදරයක් අද දක්වා නොබිඳී ඇවීත් තියෙන්නේ ඔවුන්ගෙ අවබෝධය හන්දා කියලයි සංගනම් කියන්නේ.

 

3. විලියම් – කේට්

Love Stories Of Celebrities

Source – glamour.com

විලියම් කුමාරයා සහ කේට් කුමරිය කියන්නේ දැන් තෙවැනි වරටත් දරු සුරතල් බලමින් ඉන්න යුවලක් නේ. ඔවුන්ගේ ආදර කතාවත් ඉතා පැරණි ආදර කතාවක්. 2002 වසරේදී සෙන්ට් ඇන්ඩෘ විශ්වවිද්‍යාලයේ නිරූපණ සංදර්ශනයක් නරඹමින් සිටි විලියම් කුමරුගේ සිත එහි නිරූපණයෙන් දායක වුණු 19 හැවිරිදි කේට් මිඩ්ල්ටන් විසින් වසඟයට ගනු ලබනවා. එතැන් පටන් විලියම් කුමරු ඇයගේ ආදරය ලැබෙන තුරු බොහෝ කලක් කල් ගෙවූ අතර ඇයත් බොහෝ කාලයක් විලියම්ට ගණන් ඉස්සූ බවයි කියන්නේ. කොහොම උනත් වසර කිහිපයක් යද්දී ඔවුන් පෙමින් බැඳුණා වගේම එම ආදර පුවත ප්‍රකට වෙන්නත් වැඩි කලක් ගියේ නැහැ. දැනට ඔවුන්ගේ නොබිඳුනු පෙමට අවුරුදු 16ක් වනවා.

 

4. බැරැක් ඔබාමා – මිශෙල් ඔබාමා

Love Stories Of Celebrities

Source – bi.com

ඔබාමා ට මිශෙල් මුණගැහෙන්නේ 1989 දී චිකාගෝ හි නීති උපදේශන ආයතනයකදී. එහිදී මුණගැහෙන මිශෙල් සහ බැරැක් යම් කාලයක් මිතූරන් ලෙස හිඳ පසුව පෙම් සබඳතාවයක් ආරම්භ කරනවා. එහි කූටප්‍රාප්තිය 1992 දී ඔවුන්ගේ විවාහය සිදුවීමයි. මිශෙල් කියන්නේ ඔබාමාගේ ශක්තිය බව ඔබාමා නිතරම කියන දෙයක්. විශේෂයෙන්ම තුරුණු වියෙන් මැදි වියට කෙමෙන් කෙමෙන් ඔවුන් එළඹ සිටියත් ඔවුන්ගේ ආදරයේ අඩුවක් නොමැති බව ඔවුන්ගේ හැසිරීම අපට කියාපානවා. බැරැක් වෙන ගෑණු කෙනෙක් දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නවා දැක්කොත් මිශෙල් නෝනගේ මූණට එන තරහ ඒ ආදරය හොඳින්ම කියා පානවා. වසර 26ක් තිස්සේ ඔවුන්ගේ විවාහ දිවිය සාර්ථකව ගත කිරීමම ඔවුන්ගේ ආදරයට සාක්ෂි සපයන බව කීම අරුමයක් නොවෙයි.

 

5. මුරලිදරන් – මදි මලර්

Love Stories Of Celebrities

Source – espncricinfo.com

ආදර කතාව විවාහයෙන් ආරම්භ වන අවස්ථා නැතුවාත් නොවෙයි. මේ එවන් කතාවක්. මුරලිදරන්ට මදි මලර් ගැන මුලින්ම එන්නේ යෝජනාවක්. මදි මලර් චෙන්නායි වල යුවතියක්. ඒ යෝජනාවෙන් පස්සේ දෙන්නා හමුවීමකට දිනයක් දාගන්නවා. දෙදෙනා හමුවෙනවා. මුරලිදරන් කතා කරන්නේ ඔහුගේ ක්‍රිකට් ජීවිතය ගැන. මදී ඇයගේ විනෝදාංශ ආදිය ගැන කතා කරනවා. පැයකට අධික කාලයක් ඔවුන් පළමු හමුවීමේදී කතා කලාලු. කොහොම උනත් එදාම විවාහය තීන්දු වෙනවා. ඒ අනුව 2005 මාර්තු 21 ඔවුන්ගේ විවාහය සිදු වුණා. තවමත් ඔවුන් ආදරයෙන් ඔවුන්ගේ පුංචි පුතු සමග ජීවත් වනවා.

 

6. ඩේවිඩ් බෙකම් – වික්ටෝරියා බෙකම්

Love Stories Of Celebrities

Source – closerweekly.com

සපයිස් ගර්ල්ස්ලගේ වීඩියෝවක් මිතුරෙක් සමග බල බල ඉන්න අතරේ බෙකම් එහි සිටින කෙල්ලෙක් පෙන්නලා මිතුරාට කියනවා “අන්න අර කෙල්ලයි මම කසාද බඳින්නේ” කියලා. ඒ කතාව එතනින් හමාර උනත් මැන්චෙස්ටර් යුනයිටඩ් පුහුණු වීම් අතරතුර ඒ කෙල්ල අහම්බයෙන් එතෙන්ට එන්නේ වෙනත් කටයුත්තකට. මේ තමන්ගේ සිත් ගත්තු යුවතිය බව තේරුම් යන්න බෙකම් ට වැඩි වෙලාවක් යන්නෙ නෑ. ඒ වගේම එවෙලෙම ඇයගේ දුරකතන අංකය ඉල්ලන්නත් ඔහු අමතක කරන්නෙ නෑ. මේ සිදුවීම වෙන්නේ 1997 අවුරුද්දෙයි. ඒ කාලය වෙනකොට බෙකම් පළමු පෙළ කණ්ඩායමේවත් සාමාජිකයෙක් නොවෙයි. ඒත් වික්ටෝරියා ජනප්‍රිය තරුවක් උනා. එහෙම උනත් ඔහු කෙරෙහි ඇතිවුණු සතුටුදායක හැඟීම නිසාම ඇය ළඟ තිබ්බ ගුවන් ටිකට්පතක ඇයගේ දුරකථන අංකය ලියලා දෙනවා. එතැන් පටන් ඔවුන්ගේ බැඳීම දළුලනවා. ඒ බැඳීම ආදරයකට පෙරළෙන්න වැඩි කාලයක් ගත වෙන්නෙ නැහැ. ඒ ආදරය පසුව විවාහය බවට පෙරළිලා තවමත් නොබිඳී තියෙනවා.

 

7. විරාට් – අනුශ්කා

Love Stories Of Celebrities

Source – indianexpress.com

“විරුශ්කා” කියලා ඉන්දියාවේ ජනමාධ්‍ය හඳුන්වන මේ දෙපළ මුලින්ම මුණ ගැහෙන්නේ 2013 රූපවාහිනී වෙළඳ දැන්වීමක රූගත කිරීමකදියි. එහිදී ඔවුන් දෙදෙනා හොඳ මිතුරන් බවට පත් වුණාලු. ඒ වගේම ප්‍රසිද්ධියේ දෙන්නා විවිධ තැන් වල සංචාරය කල අවස්ථාත් දකින්න ලැබුණා මේ කාලයේදී. පසුව ඒ බැඳීම ආදරයකට පෙරළුණු බවයි කියන්නේ. මේ දෙන්නා ප්‍රසිද්ධ තරමක් දඩබ්බර ආදරවන්තයින් දෙන්නෙක් විදිහට. ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නීති රීති වලට පිටින් ගිහින් විරාට් අනුශ්කා මුණගැහුණු අවස්ථා තිබුණා. ඒ විතරක් නෙමෙයි ඉන්දියානු කණ්ඩායමේ විදේශ සංචාර වලදී අනුශ්කා සමග ඒ රට තුළ විවිධ තැන් නරඹන්න යන්නත් විරාට් අමතක කලේ නැහැ. 2016 අවුරුද්දේ ඒ දෙන්නා හිටි අඩියේම ලංකාවේ සංචාරයකත් නියැලුණා. ඉතින් මේ පෙම් කුරුල්ලෝ දෙන්නා විවාහ ප්‍රාප්ත වුණේ ගිය අවුරුද්දේ. උඩින් සඳහන් කරපු ප්‍රකට ආදර කතාවල හිමි කාරයෝ හිමිකාරියෝ වගේම ඒ දෙන්නටත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

 
Cover Image Source – greatist.com