සුපිරි සංචාරක අත්දැකීම් ලබන්න නේපාලෙට බජට් ට්‍රිප් එකක් යමුද?

Nepal Budget Tour

අපගේ පුරාණ සාහිත්‍ය කෘති කිහිපයකම සඳහන් වී ඇති හිමාල මහා කඳු යායට ලොව උසම කඳු රැසක්ම අයිති වෙනවා. එයින් සිද්ධාර්ථ කුමාර උප්පත්තිය සිදුවූ නේපාලයේ ලුම්බිණිය බෞද්ධ බැතිමතුන් අතර ප්‍රකට තැනක්. හිමාල කන්දේ අසිරිය කඳුකර අසිරිය, හිමෙන් වැසීගිය කඳු වැටි ආදී උසම කඳු වලට ආවේණික සුන්දරත්වය අපේ අතේ ඇති මුදලට විඳගන්නට නේපාලය තරම් පහසු අන් තව තැනක් නැතිම තරම්.

 

1. කඳු හා ක්‍රියාකාරකම්

Nepal Budget Tour

Source – insidehimalayas.com

නේපාලයේදී කඳු නැගීම කියන්නේ කුඩා දරුවාගේ, මහල්ලාගේ සිට හොඳින් පුහුණු වූ කඳු නගින්නා දක්වා වූ පරාසයක පුද්ගලයින්ට අත්පත් කරගත හැකි ක්‍රියාකාරකමක්. නේපාලයේ තිබෙන එකම විශාලතම තරණය එවරස්ට් කන්ද පමණක්ම නෙමෙයි. අන්නපූර්ණා, ලෑන්ග්ටෑන්, මනස්ලූ, කන්චන්ජුන්ගා වැනි කඳුකරයන් රැසක පහසුවෙන් කඳු තරණය කල හැකි අවස්ථාවන් ලබා දී තිබේ. එහිදී ඇතැම් කඳු නගින මං වඩාත් පැහැදිලිව සලකුණු කරඇති අතර අපිට අවශ්‍ය මාර්ගය තෝරා බේරාගෙන ගමන් කිරීමටද හැකියි. එසේ නැතිනම් සහායට පෝටරයෙක් හෝ ගයිඩ් මහතෙක්ද අවශ්‍ය නම් ලබාගත හැකියි. මීටර 6000ට වඩා උසින් අඩු සාමාන්‍ය කඳු එසේ තරණය කිරීමට හැකියි. මීටර 3000ට වඩා උස සීමාවන් හිදී හිම සහ සීතලෙන් යම් හිරිහැරයක් වුනත්, අලුත්ම අයෙක්ට එය නැවුම් අත්දැකීමක් වනු නොඅනුමානයි.

 

2. ක්‍රීඩාවන්

Nepal Budget Tour

Source – youtube.com

වෝටර් රාෆ්ටින් වලට ලංකාවේදි කිතුල්ගල පළාතේ තනි වරුවේ ඇක්ටිවිටි ජනප්‍රිය වුවත්, නේපාලයේදී නම් දින දෙක තුන රාත්‍රී කෑම්පින්ද සහිතව තිබෙන වෝටර් රාෆ්ටින් තිබේ. ඒවායේදී එක් පසෙකින් වෝටර් රාෆ්ටින් වල බියමුසු අත්දැකීම් ලබාගැනීම මෙන්ම ගංගා ආශ්‍රිත ජන ජීවිතය සහ සොබා සෞන්දර්යය නැරඹීමේ පහසුව සංචාරකයින්ට ලැබේ. කඳුකරයේ සිට තටු සවිකරගෙන තැන්නට පැනීම, බයිසිකල් මගින් කඳු නැගීම් බැසීම් ආදී ක්‍රියාවන්ද නේපාලයේ ජනප්‍රිය ක්‍රීඩාවෝ වෙති. මෙම ක්‍රීඩාවන් බටහිර රටකදි ලබාගන්නවාට වඩා, ඇතැම්විට ලංකාවේදී අපිට ලැබෙනවාටත් වඩා අඩු මිලකට නේපාලයේදී ලබාගත හැකි වේ. බන්ජී ජම්පින් නැමැති උසැති පාලම් හෝ ලෝකාන්ත වැනි තැන්වලින් පැනීම්, දිය ඇළි හරහා ගමන්කිරීම්, හිම ඇති කඳු වල නැගීම් ආදී විශාල පරාසයක ක්‍රීඩාවන් රැසක් නේපාලයේදී අඩු මිලට අපිට හමු වේ.

 

3. සංස්කෘතිය සහ ජන ජීවිතය

Nepal Budget Tour

Source – ivisitnepal.com

නේපාලය යනු ගොඩබිමින් ඉන්දියාවට සහ චීනයටද උතුරින් හිමාල කඳු පන්තියටද මායිම් වූ කුඩා දේශයකි. එහි වූ කඳු නිසා අදද නේපාලයේ ඇතැම් ඈත පළාත්වලට වාහනයකින් ගමන් කිරීම අපහසුය. ඒ ජනයා පයින්ම සිය ජීවන අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගනිති. කිසිදාක යටත්විජිතයක් බවට පත් නොවූ නේපාලය උතුරින් වූ චීන සහ මධ්‍යම ආසියානු ආක්‍රමණිකයින්ගෙනුත් පහළින් ඉන්දියානු සහ පසුකාලීනව අපිවද යටත් කරගත් ඉංග්‍රීසීන්ගෙනුත් ආරක්ෂා වූයේ දැඩි කඳුකර පසුබිම නිසාම වන්නට ඇත. නේපාලයේ ජනයා යටත් විජිතයක් නොවූ බැවින් ඔවුන්ටම උරුම වූ සංස්කෘතික ලක්ෂණ රැසක් නේපාලයේදී අපිට දකින්නට ලැබේ. ජනයා දුප්පත් බවින් පීඩිතව සිටියත් ඔවුන් සතුටින් විනෝදයෙන් ජීවත් වෙන සෙයක් සාමාන්‍යයෙන් පෙනේ. ලංකාවට වඩා විශාල රටක් වූ නේපාලයේ ජන ජීවිතය නේපාලයට පිවිසෙන තනිකඩයෙකුට පහසුවෙන්ම ගවේෂණය කරගත හැකිය.

 

4. රස්තියාදු සංචාරක ජීවිතය

Nepal Budget Tour

Source – pintarest.com

තායිලන්තය කරා ඇදෙන තරුණයින් ඒ කරා ඇදෙන්නේ ලිංගිකමය සුව සඳහා බව බොහෝ දෙනා දන්නා රහසකි. නේපාලයේද තායිලන්තයේ පරිදි ගණිකා වෘත්තිය තහනම් වුවද එය අවැසි නම් ඉතා පහසුවෙන් සංචාරක පළාත් වලදී ලබාගත හැකිය. විවිධ ආකාරයේ සම්බාහන ක්‍රියාවන්ද නේපාලයේදී සංචාරක තිප්පොල වටා පිහිටා තිබේ. නේපාලයේ අරක්කු රටබීම සම්බන්ධයෙන් ලාංකික අපට මෙන් ඓතිහාසික නීති රීති නොමැති බැවින් බලු කූඩු වැනිව කොටුකල ස්ථානවල රටබීම විකිණීම් නේපාලයේ නැත. අරක්කු බියර් සාමාන්‍ය වෙළදසැල් වලද විකිණීමට තිබේ. දුර ඇදෙන බස්රිය තේ බොන්නට නැවැත්වූ කල අවශ්‍ය නම් කුඩා වඩියකින් සප්පායම් වී සෝටිස් එකක් කා විනෝද වීමේ පහසුව නේපාලයේදී තනිකඩයෙකුට ලැබේ.

 

5. බෞද්ධසිද්ධස්ථාන

Nepal Budget Tour

Source – hotelfornepal.com

නේපාලයේ ලුම්බිණිය සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදු වූ ස්ථානය ලෙස වඩාත්ම ලෝ වැසියන්ගේ පිළිගැනීමට ලක් වූ ස්ථානය වේ. කැණීම් වලදී ලබාගත් පුරාවිද්‍යා සාක්ෂි මතින්ද, පසුකාලීනව ඒ ස්ථානය ගැන ඇති දේශාටන වාර්ථා අනුවද මෙම නේපාල ලුම්බිණිය බුදුන් උපන් ස්ථානය යැයි පිළිගැනේ. අනෙකුත් ඉන්දීය බෞද්ධ සිද්ධස්ථාන ඇති තැන් වලට වඩා නේපාල ලුම්බිණිය නිස්කලංක තැනකි. නේපාලයේ ලුම්බිණි පළාතේ සිටින්නේ හින්දු ජනයා බැවින් ලුම්බිණියට එහිදී වැඩි සැළකිල්ලක් ස්වදේශිකයින්ගෙන් නොලැබේ. නේපාලයේ ඉහල මෂ්ටෑන්ග් ආදී පළාත්වල මෙන්ම ටිබෙටය ආසන්න සීමාවන්වල තවමත් බෞද්ධ ජනයා සිටී. ඔවුහු සිය බෞද්ධ ආගම අපට වඩා වෙනස්වට නමුත් අපට වඩා භක්තියෙන් අදහන ආකාරයක් පෙනේ. වෙනත් නිකායවලට බෙදීගියත් ඒ සියලුම බෞද්ධ ආගම් සිද්ධාර්ථ ගෞතම මුනීන්ද්‍රයන් වහන්සේ සහ උන් වහන්සේගේ ධර්ම කොටස් අදහති. තනිකඩ අයෙක්ට සොයාබලා දැකගැනීමට එවැනි බෞද්ධ පුදබිම් රැසක්ද නේපාලයේ තිබේ.

 

6. වන අසිරිය

Nepal Budget Tour

Source – teavelandleasure.com

රයිනෝසිරස් නම් දැවැන්ත සත්වයා ඔවුනගේ භූමියේදීම පියවි ඇසට දැකගත හැකි වනෝද්‍යාන නේපාලයේ තිබේ. කඳුකර පළාත් වල මෙන්ම පහළ කළාපයේද නේපාලයේ වනාන්තර බහුලය. ජන ඝනත්වය අඩු නිසා සහ ජනයා නගරබදට වඩාත් ආශා කිරීම නිසා දෝ යාබද ඉන්දියානු පළාත්වලට වඩා නේපාලයේ වනාන්තර වැඩිය. අපට නුපුරුදු විශාල වඳුරන් සිව්පාවුන් මෙන්ම විවිධ වර්ණවල කුරුල්ලන් සහ කෘමින් ආදී විශාල පරාසයක වනාන්තර අත්දැකීම් ලබාගැනීමටද නේපාලය කදිම තැනකි.

 

7. නේපාලයම ඇයි?

Nepal Budget Tour

Source – Outfiternapal.com

ලොවපුරා බඩු පිට බැඳගෙන යන බැක්පැකර්ස් සංචාරකයින් අතර නේපාලය ජනප්‍රිය වී ඇත්තේ නේපාලයේ සංචාරයකට යන අඩු මිල සහ ඒ මිලට ලැබෙන විශිෂ්ට සේවාව නිසාය. හෝටල් කාමර වෙන්කර ගැනීම, ගමනාගමනය, සංචාරක ක්‍රියාකාරකම්, ආහාර ආදී බොහෝ සේවාවන් ලංකාවේදීට වඩා පහසුවෙන් මෙන්ම අඩු මිලට නේපාලයේදී සපයාගැනීමේ අවස්ථාව සංචාරකයින්ට ලැබේ. සංචාරකයින්ගේ කෝණයෙන් සිතුවහොත් ඇතැම් තැන්වලදී නේපාලය සංචාරකයින්ට අප රටට වඩා පහසු අත්දැකීම් විශාල පරාසයක් ලබාගත හැකි කෙම්බිමකි. ලාංකිකයාට වෙරළබඩ අත්දැකීම් ලබාගැනීමට අපගේම යැයි දිගු වෙරළ තීරයක් වේ. එහෙත් වෙනස්ම ජනකායක් සිටින කඳුකර වටපිටාවක් මුණ ගැසීමට අවශ්‍ය නම් නේපාලය තරම් පහසු ලෙහෙසි ලාබ තැනක් අපිට නැති තරම් වේ. විශේෂයෙන් තනිකඩ කාලයේ ලැබෙන තුට්ටු දෙකෙන්, සීමිත නිවාඩුවෙන් වැඩි ඵලක් ලබාගැනීමට නේපාලය යනු කදිම සංචාරක ස්ථානයකි.

බජට් එකට ගමන් කරන තනි පුද්ගලයෙකුට රුපියල් එක්ලක්ෂ විසිදහසක් වගේ මුදලක් (ගුවන් ටිකට්පත්ද ඇතුළත්ව) ඇතුළේ හොඳ නේපාල සංචාරක අත්දැකීමක් ලබාගත හැකියි.

 
Cover Image Source – kathmandutribune.com / holidaytravel.co / napalholidaybooking.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *