මේ සුඛෝපභෝගී රථ 7 අනාගත වාහන වෙළඳපොලේ විප්ලවය ද?

Are these 7 vehicles the future of automobiles

රථගාය කියන්නේ කොච්චර වාහන ගත්තත්, කොච්චර වාහන දැක්කත් නිම නොවෙන ආසාවක්. තාක්ෂණයේ දියුණුවත් එක්ක විවිධ ආකාරයේ මාදිලි සහ නවමු පහසුකම්වලින් යුක්තව අපූරු රථ වාහන වෙළඳපොළට නිකුත් වෙනවා. තෙල් ප්‍රශ්නය ලෝකය පුරාම මහත් ගැටළු සහගත බවක් මෙන්ම පරිසර හිතකාමීත්වය යටතේ අවාසිදායක බවක් ගෙන දීමත් සමග නිෂ්පාදකයන් විදුලියෙන් ක්‍රියාත්මක වන වාහන ගැන වැඩි උනන්දුවක් දක්වනවා. මේ, නුදුරු අනාගතයේම පැමිණෙන්නට නියමිත විප්ලවීය රථ වාහන කිහිපයක්.

 

1. Audi E-Tron Quattro (සැප්තැම්බර් 2018)

මේ වසර අග භාගයේදී එන්නට තියෙන Audi සමාගමේ ඉලෙක්ට්‍රොනික මෝටර් කාර් එකේ ඉදිරිපස ඇක්සලයට එක් මෝටරයකුත්, පසුපස ඇක්සලයට මෝටර් දෙකකුත් විධියට එන්ජින් තුනක් තියෙනවා. තත්පර 4.6කින් පැයට කි.මී. 100ක වේගයක් ලබා ගන්නා මේ කාර් එකේ ඉලෙක්ට්‍රොනික බලයෙන් ලබන උපරිම වේගය පැ.කි.මී. 210ක්. තනි, විශාල ලිතියම්-අයන බැටරිය කිලෝ වොට් පැය 95ක ජවයකින් යුතුව කාරය කි.මී. 500ක් ධාවනය කරන්නට බලය දෙනවා. ආරෝපණය කරන ස්ටේශන් වලදි කාර් එක ප්ලග් කරන තැන බොහොම පහසුවෙන් හිටින විධියට පාර්ක් කරගන්න සෙන්සර් වලින් සපෝට් එක දෙනවා වගේම වහළ උඩ තියෙන සෝලා පැනල් එක නිසා ලංකාව වගේ අව්ව තියෙන රටවල් වලට පංකාදුයි. කාර් එකේ ලයිට් සිස්ටම් එක තනිකරම OLED නිසා ලයිට් දාගෙන යද්දි වැඩි බැටරි බලයක් අවශ්‍ය වෙන්නෙත් නෑ, වැඩි එළියකුත් ලැබෙනවා.

 

2. Hyundai Nexo (දෙසැම්බර් 2018)

 

හුන්ඩායි සමාගමෙන් තෙල් ප්‍රශ්නයට විසඳුමක් ලෙස සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙස හයිඩ්‍රජන් කාර් එකක් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දුම විධියට මේ කාර් එකෙන් එන්නේ ජල වාශ්පයි. ඩෑෂ්බෝඩ් එක සහ GPS ආදිය සඳහා අමතර ස්ක්‍රීන් එකක් ඇති මේ කාරයේ ඉදිරිපස සීට් දෙක මැදින් වෙන් කරන ලද කොටසේ තමයි ඒසී, රේඩියෝ ආදී නිතර දකින දේවල් අඩංගු කර තිබෙන්නේ. තත්පර 9.2කින් පැ.කි.මී. 100ක වේගයක් ගන්නා මෙහි උපරිම වේගය 180kmh පමණ වෙනවා.

 

3. Audi E-tron Sportback (2019)

 

ලබන වසරේ පැමිණෙන්නට නියමිත Audi ස්පෝර්ට්බැක් කාර් එක නමේ හැටියටම ස්පෝට් පෙනුමක් තියෙන, පට්ට ලයිටිං සිස්ටම් එකකුත් තියෙන කාර් එකක්. 429ක හෝස්පවර් අගයක් තිබුණාට බූස්ට් වෙලා 496ක් ලබාගන්න පුළුවන්. පැය භාගයක චාර්ජ් එකකින් කි.මී. 400ක් පමණ දුරක් යන්නට හැකි වෙන්නේ මේකේ තියෙන Fast Charging හැකියාව නිසායි. ඩෑෂ්බෝඩ් එක සම්පූර්ණයෙන්ම වගේ OLED තිර යොදා හදලා තිබෙන නිසා මේක අපි ෆිල්ම්වල දැකපු අනාගත කාර් එකක් විධියමයි. මේකට පැ.කි.මී. 100ක වේගයක් තත්පර 4.5කින් ලබා ගන්න පුළුවන්.

 

4. Porsche Mission E (2020)

 

තත්පර 3.5කින් පැ.කි.මී. 100ක වේගයක් ලබා ගැනීමට හැකි ජවයක් තියෙන මේ පෝෂි කාර් එකේ ඩෑෂ්බෝඩ් එක හෑන්ඩ් ගෙස්චර් වලිනුත් පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒසී එක අඩු කරන්න ඕන නම් LED තිරයේ එම කොටස ඉස්සරහට ඇඟිල්ල දික් කරලා සිලෙක්ට් වුණාට පස්සේ අත නිදැල්ලේ ඉහළ පහළ කරද්දී ඒසී එක අඩු-වැඩි වෙනවා. ගියර් එකත් එක්කම තවත් ඩිස්ප්ලේ එකක් (ප්ලේයර් එක ආදිය) තිබෙන අතර ස්පීඩො මීටරයත් හිස එහෙ මෙහෙ කරද්දි ඊට ගැලපෙන ලෙස දෘෂ්ඨි කෝණයේ අවුලක් නැතුවම බලාගන්නට හැකි ආකාරයේ විශේෂාංගයකින් යුතු වෙනවා. මෙයට විනාඩි 15කින් 80%ක චාර්ජ් එකක් ලබාගන්න පුළුවන්.

 

5. Skoda Vision E (2020)

 

හතර වටේම සෙන්සර් තියෙන නිසා ට්‍රැෆික් එකේ වුණත් ඔටෝ පයිලට් මෝඩ් එකෙන් තනිවම යන්නට, තනිව පාක් කරගන්නට සහ පාක් කළ තැනින් ඉවතට එන්න පුළුවන් අපූර්ව හැකියාවන් සෙට් එකක්ම තියෙන මේ ඉලෙක්ට්‍රික් කාර් එකට පැයට කි.මී. 180ක උපරිම වේගයක් ද තිබෙනවා. එන්ජින් දෙකකින් ධාවනය වන මෙහි රෝද හතරටම සමාන බලයන් සපයන නිසා කන්දක වුණත් ඇදලා යන්න පුළුවන්. කරකවන්න පුළුවන් සීට් තියෙන නිසා දොර ඇරලා සීට් එක කරකවාගෙන එළිය පැත්තට හැරිලා ආතල් එකේ ඉන්නත් පුළුවන්.

 

6. Volkswagen ID සහ ID Crozz (2020)

 

කි.මී. 480ක් පැය භාගයක ආරෝපණයකින් ලබා ගන්නා, 83 kWh බැටරියක් ඇති වොක්ස්වැගන් හි ID වාහන ශ්‍රේණියේ මූලික ඉලෙක්ට්‍රික් මට්ටමේ කාර් එක ඉදිරි වසරවලදී වෑන් එකක් වැනි ID Buzz සහ ස්පෝට් කාර් පෙනුමැති ID Crozz යන වාහන මාදිලි දෙකත් එක්ක පැමිණීමට නියමිතයි. 1950දි ආපු මයික්‍රො-බස් පෙනුමක් ID Buzz එකට තිබෙන අතර Crozz එක ස්වයං ධාවන, ඒ කිව්වෙ ඔටෝ පයිලට් හැකියාවක් තිබෙන හයිබ්‍රිඩ් එකක්. ID සහ ID Crozz වාහන දෙකම 2020දී එනවා. බස් එක එන්න නම් 2022-25 වගේ වේවි කියලා තමයි ආරංචිය.

 
Cover Image Source – hdcarwallpapers.com / topgrear.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *