ලවු එකක් කියන්නෙ හිතට සහනයක් දෙන දේකට. ලවු එක හින්දා හිත බිඳුනා, අපි තැලුනා, අයියෝ, අහෝ වගේ අදහස් දරණ අයත් ඇති. හැබැයි ඒ දුකට මුල මිසක්, දුකට හේතුව නෙමෙයිනෙ මහත්තයො. දුකට හේතුව තමයි මොකක් හෝ නිසා ලවු එක බිඳීම. ලවු එකක් හොඳින් තිබුනා කියලා අවුල් යන සීන් එකක් නැහැනෙ. ලවු එක නැතිවුනාමයි දුක. එහෙම නැති වෙන්නත් හේතු ගොඩක් තියෙන්න පුළුවන්. අපි අද කියන්නෙ කොල්ලෙකුට තමන්ගෙ හිත ගිය ආදරේ බිඳෙන්න තියෙන ප්‍රධාන හේතු කිහිපයක් ගැන.
1. යන එන හැම තැන් මුර දාලා

Source – youtube.com
ඇත්තටම මේක ලවු එකක් හැරයන්න ඉතාම හොඳ හේතුවක්. ඒ තමයි නිදහසක් නැතිවීම. හැම මිනිහෙක්ටම පෞද්ගලික ජීවිතයක් තියෙනවා. පෞද්ගලිකත්වය කියන්නෙ තනියම ඉන්නවා කියන එකට නෙමෙයි. පෞද්ගලිකත්වය කියන්නෙ තමුන්ට ආවේණික රහස්‍යභාවයක් තියෙනවා කියන එක. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් මේ විදියට අපේ ජීවිත නිදහස නැති කරනවා නං හැම තිස්සෙම එයා ගාවට එන්න කියනවනං, හැමතිස්සෙම ඇයි ඇයි කිය කිය අපේ පෞද්ගලිකත්වය පස්සෙ පන්නනවානං එතන ආදරයට එහා ගිය අවුලක් තියෙනවා. බොහෝදුරට සැකය විය හැකියි.
2. හාහා හොරේ දැනුනා දැනුනා

Source – youtube.com
ලවු කැඩෙන ප්‍රධානම හේතුවක් වෙන්නෙ මේක. ඒ තමයි කොල්ලන්ගෙ වචනෙන් කිවුවොත් කෙල්ල පිට යෑම. කෙල්ල පිට ගියාම ඉතිං කොල්ලට මුල් කාලෙ තියෙනව තමුන්ගෙ ලවු එක අන්සතු වීම ගැන රිදුමක්. ඊටපස්සෙ ටික කලකින් තමංගෙ ලිංගික ජීවිතය වෙනිං එකෙක් ආක්‍රමණය කිරීම ගැන කේන්තියක්. ඊටත් ටිකකට පස්සෙ ඇයට පාඩමක් ඉගැන්වීමේ ආශාවක්. ඉන්පස්සෙ ඇයව නැවත හිමිකරගැනීමේ ආශාවක්. ඊටත් පස්සෙ කෙල්ලව අතෑරලම දැමීමේ සිතුවිල්ලක් ඇතිවෙනවා. කොහොම වුනත් කෙල්ල පිට ගියා කියන්නෙ ඉතිං කොල්ලට අතිශය සිත රිදෙන දෙයක්.
3. මාල ගිරවියේ මාල ගිරවියේ

Source – youtube.com
මේක සමහරු වැරැද්දක් විදියට නොදකින්නත් පුළුවන්. කෙල්ල නිකං ගිරවි වගේ කියවන එක ෂෝක් කියල හිතන පිරිමි හිටියට ටික කාලයක් යද්දි ඕක අවුල් යන්න පුළුවන්. ඉඳලා ඉඳලා තමුං ආදරය කරන කෙල්ලව හම්බෙන්න ගිය දවසට එහා ගෙදර එවුන්ගෙයි, මෙහා ගෙදර එවුංගෙයි ඕපදූප කියවන එක කොල්ලෙකුට දිරවන්නෙ නැති දෙයක්. හදිස්සියෙ ඔෆිස් එකේ වැඩවල හිරවෙලා ඉද්දි කෝල් දිදී යාළුවොන්ගෙ ඕපාදූප කියවන එකත් ඒ විදියෙ එපා වෙන වැඩක්. ඉතිං ඔය එපා වීම දුරදිග ගියාම කොල්ලොන්ට ඒ ලවු අතාරින්න හිතෙනවා.
4. කොහේද කොහේද අපේ ලොවක්?

Source – youtube.com
මේ වගේ වැඩ කරන කෙල්ලෙක් එක්ක සෙට් වුනොත් ඔයාට ඉතිං ඔයාගෙ ලෝකයක් නැහැ. වාත වෙවී ඔයා යන යන තැනට එන, ඔයා සම්බන්ධ හැම තැනකටම ඔයාගේ නියත එකම හිමිකරුවා එයා බව බලෙන් ප්ලග් වෙවී කියන, උදාහරණයක් විදියට ඔෆිස් එකට ඇවිල්ල බලෙන් ඔයා ගැන පාරං බාන කෙල්ලෙක් ඉන්නව කියන්නෙ ආයෙ ඉතිං ජීවිතේ ගන්න දෙයක් නෑ. ඒ වගේ කෙල්ලොන්ව අතාරින්න හිතෙන එක පුදුමයක් නෙමෙයි.
5. ඔබ ඇයි ප්‍රියේ “කඩ”කෙරුවේ

Source – youtube.com
මේ වගේ කෙල්ලො එක්කනං කඩ කරන්න බෑ ඉතිං. කතාවට එහෙම කිවුවට මේ කියන්නෙ නාස්තිකාර කෙල්ලො ගැන. මේකප්වලට බොරුවට සල්ලි වියදං කරන, අනවශ්‍ය විදියට ඇඳුම් ගන්න, සෙල්ෆි ගහල ඉන්ස්ටග්‍රම් පුරවන්න තියෙන ඕනකමට ලොකු ලොකු තැන්වලට ගිහින් බොරුවට වියදං කරන, තමුංගෙ සමාජ තත්ත්වය තේරුම් නොගන්න කෙල්ලෙක් ඉන්නව කියන්න ඉතිං සසර කළකිරෙනවා. ඉතිං අතාරින්න හිතෙන්නැතුවයැ. එයා වියදං කරන්නෙ තමුංගෙ සල්ලි වුනත්, කාගෙ සල්ලි වුනත්, නාස්තිකාර වියදම කියන්නෙ කාට වුනත් නරක දෙයක්. ඒ වගේ සහකාරියෙක් ජීවිතයට එක් වෙනවා කියන්නෙත් නරකක්.
6. අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවෙ ඇයි ඔයා

Source – wikihow.com
ගර්ල්ෆ්‍රෙන්ඩ් තමුංට වැඳගෙන ඉන්න ඕන කියලා හිතන පිරිමි ගොඩක් ඉන්නවා. හැබැයි ඒ අතරේ ආදරේ ගැන විතරක් හිතන එකිනෙකාගෙ අවශ්‍යතාවයන්ට ගරුකරන පිරිමි බොහොමයක් ඉන්නවා. ඒත් තමුංගෙ පෙම්වතිය තමුංව ගණං නොගනිද්දි, තමුං කියන හැම දෙයකටම විරුද්ධ දෙයක් කියන්න හෝ හේතු රහිතව එකඟ නොවද්දි ඕනම පිරිමියෙකුට එපා වීමක් සිද්ධ වෙනවා. වෙන්න තියෙන හොඳම එකෙන් එපා වීම සිද්ධ වෙනවා ඉතිං.
7. එපා එපා මස් කන්නට කිරි අම්මාගේ

Source – limitless.com
මේ ඉතිං නීති දාන කෙල්ලෙක් ගැනයි කියන්න යන්නෙ.
ඔයා හරක් මස් කන්නෙපා. කොච්චර රස වුනත්, ගුණ වුනත් කන්නෙපා.
ඔය අද පාටියට යන්නෙපා. මට ඔයාව බලන්න ඕන. ඒ අයව හම්බෙන්නෙ අවුරුද්දකින් වුනාට මට කමක් නෑ, ඔයාට මාවද වටින්නෙ ඒ අයවද?
අර සුරංග එක්ක කතා කරන්නෙපා මීට පස්සෙ. මට පේන්න බෑ සිගරට් බොන අයව
Cover Image Source – lovecasm.com / ted.com / pixhome.com
Leave a Reply