කොල්ලො ඉතින් ඇඳුම් තෝරන්න ගියාම මහ ලොකුවට හෙවිල්ලක් බැලිල්ලක් නෑ අතට අහුවෙන එක ගන්නවා කියලා තමයි කතාවට කියන්නෙනම්. ඒත් කතාවට එහෙම කිවුවත් කොල්ලො කෙල්ලො කවුරු උනත් ඇඳුම් පැළඳුම් සහ පෙනුම ගැන ටිකක් සැලකිලිමත් උනොත් හොඳයි. ඉතින් අද අපි මේ සූදානම් වෙන්නෙ කොල්ලෙක්ට පාටි කිට් එකක් තෝරගනිද්දි පාවිච්චි කරන්න පුලුවන් ටිප්ස් ටිකක් ඔබට කියන්න. කියවලා ඉවර වෙලා යාළුවො සෙට් එකට පේන්න SHARE කරන්නත් අමතක කරන්න එපා.
1. ගැළපෙනවද බලන්න
ගැළපෙනවද නැද්ද කියන එක අංක එක වෙනවා. සාමාන්‍යයෙන් Night Party එකක්නම් අඳින්න ඕන තද පාට ඇඳුමක්… Day Party එකක්නම් ලා පාට ඇඳුමක් කියලා මතයක් හැදිලා තියෙනවා. ඇත්තටම ඒකෙ වරදක් නෑ. ඒත් ඒ ක්‍රමයට ඇඳුම් තෝරනවට වඩා Party එකේ අරමුණ එක්ක යන විදිහට ඇඳුම තෝරනවනම් ඒක මරු.
2. හැසිරීමේ සහ විනෝද වීමේ පහසුව
ඒ වගේම තවත් හිතන්න ඕනෙ දෙයක් තමයි පාටියේදි පහසුවෙන් හැසිරිලා විනෝද වෙන්න තමන්ගෙ ඇඳුම බාධාවක් වෙනවද කියන එක. උදාහරණයකට හිතන්න ඔයා පාටියට යන්නෙ සරමක් ඇඳගෙනය කියලා. සරමක් ඇන්ද වෙලාවකට පාටියේදි ඩාන්ස් පාරක් එහෙම දාන්න උනොත් ඔයාට ඒ වැඩේට යන්න වෙන්නෙ ඔයාගෙ ෆෝන් එක, පර්ස් එක වගේ දේවල් පැත්තකින් තියලයි. ඒවා ඒ බඩු භාණ්ඩ වල ආරක්ෂාවට එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි ටිකක් විතර පිස්සු කෙළින යාළුවෝ සෙට් ඉන්න පාටි වලට ඉක්මනින් නාස්ති වෙන්න පුළුවන් වටිනා ඇඳුම් ඇඳීමෙන් පරිස්සම් වෙන එක ගැනත් හිතන්න.
3. තමන්ම වෙන්න
තමන් තමන් ම විය යුතුයි. කාගෙවත් ඇඳුම් වල පාට, හැඩය ගැන හිතලා ඇඳුම තෝරගන්න යන්න එපා. ඒක පස්සෙ ඔබට පශ්චාත්තාපයක් ගේන්න පුලුවන්. ඒ හන්දා ඔබට පහසු, ඔබේ ක්‍රමයට ගැළපෙන ඇඳුමක් තෝරගන්න.
4. පාටක් තෝරගනිද්දී
පාට තෝරගනිද්දිත් අර උඩදී කිවුවා වගේ ඔබ යන්න ඉන්න සාදයේ අරමුණ ගැනත් ටිකක් හිතන්න. උදාහරණෙකට ගත්තොත් නත්තල් සාදයකට යද්දී අපි මුල් තැන දෙන්නෙ රතු පාටට නේ. අන්න ඒ විදිහට අරමුණට වර්ණ ගලපන්න.
ඒ වගේම ඔබට ගැළපෙන පාටකට යන්න.
– ඔබේ හමේ පාට අඳුරට හුරුනම් අඳුරුත් නැති එළියත් නැති මැද පාටකින් ඇඳුම තෝරගන්න.
– ඔබ සුදුනම් අඳුරු පාට වලට ගියොත් ඔබව හොඳට කැපිලා පෙනේවි.
– තලෙළු අයටනම් ඉතින් පාට මහ ලොකුවට බලපාන එකක් නෑ. ඒත් ඒ අය ඇඳුම් තෝරාගැනීමේදී පරිස්සම් විය යුතු සමහර වර්ණ තියනවා.
5. පැළඳුම්
ඇඳුම කියද්දී ඉතින් ඒත් එක්කම ඒ වෙනුවෙන් පැළඳුමක් කරනවනම් ඒ ඔක්කොම ගැන හිතන්න ඕන. රාත්‍රී සාදයකට අඳින තද පාට ඇඳුමකට නම් හරියන්නෙ අඳුරට හුරු ඒත් ටිකක් ආලෝකමත් වර්ණ වලින් යුතු පැළඳුම්. උදාහරණයකට කලු ශර්ට් එකක් එක්ක හරියන්නෙ අඳුරට හුරු තද නිල් වගේ පාටක ටයි එකක්.
ලා වර්ණයක් එක්ක හරියන්නේ නම් ටිකක් තද වර්ණයක පැළඳුම්. උදාහරණයක් දුන්නොත් සුදු වගේ වර්ණයක් එක්ක යන්නේ තද නිල් පාට වගේ ටයි එකක්.
ඇඳුමෙන් ඇඳුමට අත් ඔරලෝසු ගන්න බැරි හන්දා කලු හෝ රිදී පැහැති හැම ඇඳුමටම ගැළපෙන අත් ඔරලෝසුවක් අරන් තියාගත්තනම් හොඳයි.
තද කලු පාට වගේ සපත්තු කූට්ටමක් උනත් ඕනම ඇඳුමකටම ගැළපේවි.
6. සරල බව
ඔබේ ඇඳුම ඔබේ පෞර්ෂය පෙන්නනවා. ඒ හන්දා ඇඳුම් තෝරද්දී දිලිසෙන විප්‍රකාර වර්ණ ගැළපුම් තියෙන ඇඳුම් වලට යනවට වඩා සරල වර්ණ ගැළපුම් තියෙන ඇඳුම් තෝරගන්න. විශේෂයෙන්ම රාත්‍රී සාදයකටනම් තනි වර්ණයේ ශර්ට් ඉතාම ගැලපෙනවා. දහවල් කාලයට තමයි ඔය ඉරි තියෙන, කොටු තියෙන ශර්ට් වඩා උචිත වෙන්නේ.
7. අරයා එක්ක යනවනම්
තමන්ගෙ ආදරවන්තිය හෝ බිරිඳ සමග සාදයකට යනවනම් දෙන්නා වෙන් වෙන්ව තැන් දෙකකදී දැක්කත් සැමියා සහ බිරිඳ, පෙම්වතා සහ පෙම්වතිය ලෙස මේ දෙන්නා හඳුන ගන්න පුලුවන් කම තියෙන්න ඕන. දෙන්නගෙම වර්ණය ගැලපුනොත් හොඳයි වගේම ඒක එකම වර්ණය වෙන්නම ඕන නෑ. ඔබ තද පාට Theme එකකටනම් අඳින්නේ ඇයගේ ඇඳුමත් ඒ Theme එකටම වෙන්න ඕන.
8. අනිත් අරමුණු
කොල්ලො බොහොමයක් වෙලාවට ඇඳුමක් ගන්නෙ තව අරමුණු දෙක තුනක් හිතේ තියාගෙනයි. ජොබ් එකට අඳින්න, පෙම්වතියත් එක්ක එලියට යන කොට අඳින්න වගේ අරමුණු කීපයක්ම ඔලුවෙ තියාගෙනයි කොල්ලො ඇඳුම් ගන්නේ. ඉතින් ශර්ට් එක ගනිද්දී ඒ ගැනත් හිතන්න අමතක කරන්න එපා. Party Dress කිය කිය ගත්තට ඉදිරි දවසක ඔෆිස් අඳින්න තියෙන්නෙත් ඕක තමයි කියලා මතකයේ තියාගන්නවා හොඳයි.
9. මිල සාධකය
ඇඳුමක් ගනිද්දී මිල ගැනත් සැළකිලිමත් වෙන්න අමතක කරන්න එපා. ඔබට දරන්න පුලුවන් වියදමක් කරලා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඇඳුමක් ගන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම බොහොමයක් අලුත් Brands වලින් ශර්ට් සහ කලිසම් වෙළඳපොලට ඇවිල්ලා තියෙනවා. ඒවයෙන් සමහර Brands වල ශර්ට් සහ කලිසම් අඩු මිලකට මිලදී ගන්න ඔබට පුලුවන් උනාට ඒවයේ ගුණාත්මක බව නම් අඩුයි. ඒ හන්දා ඇඳුම තෝරද්දී මිල එක්ක ගුණාත්මක බවත් සසඳනවනම් ගොඩක් හොඳයි.
Cover Image Source – harrods.co.uk / mands.com
Leave a Reply