ස්ථාවර ගිණුමක මුදල් යොදද්දී යස ඉසුරු කැන්දන මේ වාසි පහ අත්විඳින්න

Benefits of investing on fixed deposits

ඔබේ මුදල් ඔබට වැඩි වාසි ගෙන දෙන අයුරින් ආයෝජනය කරන්නට හැකි යස ඉසුරු කැන්දන හොඳම ආයෝජන විකල්පයක් ලෙස ස්ථාවර ගිණුම් හැඳින්විය හැකියි. ඒ ඇයිද කියා ඔබ සිතනවානම් ඔබ මෙම සටහන කියැවිය යුතුමයි. අනෙකුත් ආයෝජන ක්‍රම බොහෝමයක දකින්නට ලැබෙන අඩුපාඩු ස්ථාවර ගිණුම් තුළදී අක්‍රිය වීමත්, එහි විනිවිද භාවයත් නිසා බොහෝ දෙනෙකු ස්ථාවර ගිණුම් තුළ මුදල් ආයෝජනය කරන්නට පෙළඹෙනු දැකිය හැකියි. මේ එවැනි යස ඉසුරින් පිරි වාසි ලැබෙන හේතු කිහිපයක්.

 

1. හිතට සරිලන විකල්ප

Benefits of investing on fixed deposits

Source – manulife.sg

අපි කටවහරෙදි ස්ථාවර ගිණුම් හෝ ෆික්ස්ඩ් ඩිපොසිට් කියල කියන්නෙ නැහැනෙ. එනිසා එෆ්ඩී කියලම මේ ගැන කතාකරමු. එෆ්ඩී එකක තියෙන ලොකුම වාසිය වෙන්නෙ අපි මේ මුලින්ම ලියන හිතට සරිලන විකල්ප එය සතුවීමමයි. පළමුව ඔබට තෝරාගත හැකි විචල්‍යය වෙන්නෙ කාලය කියන දේ. ඔබට ඔබේ මුදල් යොදවා තබන්නට අවශ්‍ය කාල පරාසය(මාස තුන, මාස හය, වසරක් හෝ වසර දෙකක් ලෙස) තිරණය කිරීමේ හැකියාවක් ලබාදී තිබෙනවා. එසේම යොදන්නට හැකි මුදල සම්බන්ධයෙන්ද ඔබට තීරණයක් ගැනීමට හැකියාව ලැබෙනවා. එසේම එෆ්ඩී එකක ලැබෙන විශේෂ පොළිය ඔබට මාසයකට වරක් ලබාගැනීමට, වසරකට වරක් ලබාගැනීමට හෝ කල්පිරීමේදී ලබාගැනීමට හැකියාව තිබෙනවා. මෙවැනි වූ හිතට සරිලන විකල්ප තෝරාගත හැකි වෙනත් ආයෝජන අවස්ථා නැති තරම්.

 

2. විනිවිදභාවය

Benefits of investing on fixed deposits

Source – sorovjenz.com

එෆ්ඩී එකක මුදල් යෙදීමේ තියෙන තවත් ප්‍රධාන යස ඉසුරු කැන්දන වාසියක් විදියට එහි අවසානය තෙක් සිදුවන ක්‍රියාවලිය ඔබ දැනසීටීමේ වාසිය දැක්විය හැකියි. ඔබ යොමු කරන මුදලට ලැබෙන පොළිය කොපමණද? එම පොළිය ඔබ මාස් පතා ලබාගන්නවානම් එය ඔබට ලැබෙන දිනය කවදාද? ඔබට ලැබෙන පොළියෙන් රජය අය කරගන්නා බදු කොපමණක්ද? ඔබේ ස්ථාවර ගිණුම කල්පිරුණු පසු එය නැවත අලුත් කිරීම වෙනුවෙන් ඔබව දැණුම්වත් කිරීම වගේම ඉන් ඉදිරියට ඔබේ මුදල් සම්බන්ධයෙන් ඔබට ගත හැකි තීරණ පිළිබඳවද ඔබට නිශ්චිත මගපෙන්වීමක් සිදුකෙරෙනවා. ඔබට අවසානයේ ඔබ වැය කළ මුදලට සාපේක්ෂව වැඩි වාසි ඉන් ලැබෙන බව නොරහසක්. එනිසාම යළිත් නොඑන කළු කුහරයකට මුදල් යොදා කළු කුහරයේ මුවවිටට වී බලා සිටිනවා වැනි අනපේක්ෂිත තත්ත්වයක් එෆ්ඩී එකක මුදල් යෙදීමෙන් ඇති වන්නේ නැහැ.

 

3. හදිසි තත්ත්වයකදී උදවුවට

Benefits of investing on fixed deposits

Source – shutterstock.com

අප විශ්වාස කරන පරිදි ඕනෑම මිනිසෙකුට කරදර පැමිණිය හැකියි. එවන් අවස්ථාවකදී බොහෝදෙනෙකුට තමන් එෆ්ඩී එකක මුදල් යෙදීම අපරාධයක් යැයි හැඟෙන්නට පුළුවන්. එහෙත් එය එසේ නොවෙයි. එය ඔබේ ආයෝජනය හා අනාගතය සුරකින අතරේම ඔබට ඔබේ හදිසි අවශ්‍යතාවය වෙනුවෙන්ද මුදල් ලබාගැනීමේ ඉඩ සලසා දෙනවා. ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක ඔබේ එෆ්ඩී එක නිදහස් කර ගැනීමේ හැකියාව තිබෙනවා. එවිට ඔබට ගෙවා ඇති පොලී වෙනුවෙන් යම් මුදලක් අය කරගෙන හෝ එසේ නොකර ඔබට එෆ්ඩී එක නිදහස් කරගැනීමේ හැකියාව පවතිනවා.

එසේම ඔබට ඔබ ස්ථාවර ගිණුමේ තැම්පත් කර ඇති මුදලින් සියයට අනූවක් දක්වා ණයක් ලෙසින් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මෙය ඔබේ ඉතුරුම් සුරක්ෂිතව තබාගනිමින්, ඔබේ හදිසි අවශ්‍යතාවයද ඉටු කරගත හැකි වාසිදායක තත්ත්වයක්. මෙවැනි තත්ත්වයන් නිසා ඔබට ඕනෑම අයෙකුට මුහුණ දෙන්නට සිදුවන හදිසි තත්ත්වයකට වුවද සාර්ථකව මුහුණ දිය හැකියි.

 

4. විශ්වාසවන්තභාවය

Benefits of investing on fixed deposits

Source – hbr.org

ආරක්ෂාව සහ විශ්වාසවන්තභාවය ගනුදෙනුවක මුලිකම වචන දෙකයි.
අපට අපගේ මුදල් සම්බන්ධයෙන් හිතට වැඩිම සැනසුමක් ලැබෙන්නේ කුමක් නිසාද? කියා සිතුවොත් අපි සැමගේ සිතට නැගෙන පිළිතුර වන්නේ ආරක්ෂාව සහ විශ්වාසවන්තභාවයයි. ඔබ කරන ගණුදෙනුව සම්බන්ධයෙන් ඔබේ සිතේ සතුට වැදගත් සේම, ඒ වෙනුවෙන් ඔබ සිදුකරන ආයෝජනයේ විශ්වාසවන්තභාවයත් වැදගත්වනු ඇති. එනිසාම විශ්වාසනීය තැම්පතුවකට ලැබෙන හොඳම සහතිකය අපගේ මුදල් වෙනුවෙන් ලබාගන්නට තරම් අප විචක්ෂණශීලී විය යුතුයි. මුදල් සම්බන්ධයෙන් ඔබේ විචක්ෂණශීලීත්වය ගිලිහුණහොත් එය ඔබට විශාල මූල්‍යමය පාඩුවක් සිදුකරන්නට ඉඩ තියෙනවා. එනිසා සෑම මොහොතකම ස්ථාවර ගිණුමක ඇති විශ්වාසවන්තභාවය කැපී පෙනෙනවා.

 

5. වාසි ලෙසකට

Benefits of investing on fixed deposits

Source – wiseconsultent.com

ස්ථාවර ගිණුමක විවිධ වූ විකල්ප ඇති බව අප මුලින්ම කියූළුත් මේ එම විකල්ප සමග ඔබගේ දැණුම සසඳ බැලිය හැකි කාරණයක්. මෙය එෆ්ඩීවලින් වැඩිම වාසි ඔබ වෙත ළඟා කරගත හැකි ක්‍රමයක් ලෙසිනුත් හඳුන්වන්නට පුළුවන්. ඔබ ස්ථාවර ගිණුමක මුදල් යෙදීමේ ප්‍රධාන වාසියක් ලෙස ඔබේ වියදම් පුරුද්ද කලමනාකරණය කරගන්නට හැකි වීමත් දැක්විය හැකියිත උදාහරණයකට ඔබට අනපේක්ෂිත ලෙසින් ලැබෙන යම් මුදලක් ඔබට පහසුවෙන් ගත හැකි ලෙස බැංකු ගිණුමක පැවතුනොත් ඔබේ වියදම් පුරුද්දත් සමග එය වියදම් වී යා හැකියි. එනිසා ඔබට ඒ වෙනුවෙන් ස්ථාවර ගිණුමක් තෝරාගැනීම වාසිදායක තත්ත්වයක්. එසේම අනාගතයේ විවිධ වූ අරමුණු වෙනුවෙන් විවිධ වූ ස්ථාවර ගිණුම් ආරම්භ කිරීම හරහා ඒ ඒ කාලවලදී නිදහස් කරගත හැකි ලෙස මුදල් ඔබේ අතට ලැබේවි. එය ඔබගේ අනාගතය සුවපහසු කරවන වාසියක් වනු නොඅනුමානයි.

එසේම ඔබට ස්ථාවර ගිණුමක මුදල් යෙදීම ඔබේ මූල්‍ය දැණුම හා සසඳමින්ද සිදු කළ හැකියි. ඔබට මේ වෙනුවෙන් ඔබේ මූල්‍ය ආයතන නියෝජිතයෙකුව වුවත් සම්බන්ධ කරගත හැකියි. වර්තමානයේ පවතින තත්ත්වය අනුව තවත් මාස තුනකින් පමණ ස්ථාවර ගිණුම් පොලී අනුපාත ඉහළ යනවානම්, ඔබේ මුදල් මාස තුනක පමණ කාලයකට ස්ථාවර ගිණුමක යොදා එය නැවත නව ස්ථාවර ගිණුමකට වැඩි පොළියක් සහිතව ඇතුළු කිරීමෙන් වාසි ලබාගත හැකියි.

ඔබට වැඩි වාසි ලැබෙන, වැඩි විකල්ප ප්‍රමාණයක් ඇති, කාලයක් තිස්සේ ශ්‍රී ලාංකික විශ්වාසය දිනාගත් මූල්‍ය ආයතනයක් ඇත්නම් ඒ එල්.බී. ෆිනෑන්ස් ආයතනය බව නොරහසක්. එනිසාම ඔවුන් හඳුන්වා දෙන යස ඉසුරු ස්ථාවර ගිණුමේ වාසි අත්විඳින්නට ඔබට ආරාධනා කරනවා.
 

 

 
Cover Image Source – youtube.com/Mage Sudu Banandita
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *