මේ අවුරුදු කාලෙ නේ. ඉතින් මේ කාලෙට කාමර අස් කරනවා. සාමාන්‍යයෙන් කොල්ලෙක්ගෙ කාමරය කියන්නෙ ටිකක් විතර අපිලිවෙල කාමරයක්. ඒ අපිලිවෙල කාමරය අස් කරද්දි කොහෙන් මොනවා මතු වේවිද කියලා හිතාගන්න බෑ. ඒත් ගොඩක් වෙලාවට කොල්ලෙක්ගෙ කාමරයක් අස් කරද්දි හම්බවෙන දේවල් ටිකක් ලයිස්තු ගතකරන්න හිතුවා. බලන්නකෝ ඔබටත් මේව කාමර අස් කරද්දි හම්බවෙලා තියෙනවද කියලා..
1. ලියුම් කියුම්
“ආදරණීය අයියේ..” “මැට්ටෝ” “පැටියෝ” වගේ ආරම්භයන් සහිතව ලියලා තියෙන ලියුම් මේ හම්බවෙන්න තියෙන දේවල් අතරින් ප්‍රධානයි. මේව හම්බවුණාම සමහර කොල්ලො එක පාරට වික්ශිප්ත වෙනවා “මේ මොන කෙල්ලද..?” කීයලා. ලියුම ටිකක් වෙලා කියවගෙන යද්දි තමයි තේරෙන්නේ මේ අර කෙල්ල නේද කියලා . “අයියේ මම ඔයාව දාල යන්නෙ නෑ.. මම ඔයාට හැමදාම ආදරෙයි” වගේ වගේ ලියුමේ තියන ආදරබර දේවල් කියවලා අන්තිමට ඔබ සිහිපත් කරන්නේ ඇය දැන් විවාහ වෙලා ළමයෙකුත් ඉන්න බව. මේවා කියෙව්වම ඔබට ඔබ ගැන හිනා යන්න පුළුවන්. කොහොම වුණත් මේ ලියුම් නම් අයින් කරල තියෙන එක ඇඟට ගුණයි.
2. ප්‍රගති වාර්තා
ඉස්කෝලේ යන කාලේ අම්මගෙන් තාත්තාගෙන් හංගපු දේවල් අතරේ තියෙන ප්‍රධානම දෙයක් තමයි ප්‍රගති වාර්තා කියන්නේ. ගෙදර ඇවිත් ප්‍රගති වාර්තාව දුන්නෙ නෑ කියල කිව්වම අම්මයි තාත්තයි බනින්නේ ඉස්කෝලෙ ටීචර්ලාට. ඒ ගැන යටි හිතෙන් හිතෙන් හිනා වෙවී ඔබ මේ ප්‍රගති වාර්තාව හංගපු හැටි ඔබට මතකෙට එන්නත් ඉඩ තියෙනවා. කොහොම උනත් ප්‍රගතිවාර්තාව හංගන්නේ ලකුණු අඩු නම් නේ. ඉතින් ඒ කාලේ මතක් කරගෙන අද අද ඔබ ඉන්න තැන ගැන සතුටු වෙන්නත් ඔබට හැකියාව තියෙනවා.
3. සල්ලි
ඒ කාලේ ලැබිච්ච පොකට් මනි, ගෙදර කාගෙ හරි පර්ස් එකට බැහැල හොයාගත්තු සල්ලි ඔබ හැංගුවෙ කොතැනද කියලා ඔබට දැන් මතකවත් නැතුව ඇති. ඉතින් එහෙම සල්ලි ගෙදර අස් කරනකොට හම්බවෙද්දි ඔබට අමුතු සතුටකුත් දැනෙනවා නම් ඒක පුදුමයක් නෙවෙයි. පොත් අස්සේ තිබිලා, පොත් යට තිබිලා, පොත් ඇතුලේ තිබිලා ඒ විතරක් නෙවෙයි විවිධාකාර දේවල් ඇතුලේ හංගලා සල්ලි ඔබට හම්බ වෙන්න පුළුවන්. සමහර සල්ලි ඊළඟ දවස ගන්නයි කියලා හිතාගෙන තියලා නමුත් ගන්න බැරි වෙච්ච සල්ලි වෙන්නත් පුළුවන්. කොහොම උනත් කාටවත්ම මේවා හමු නොවී තමන්ටම අහු වෙච්ච එක ගැන ඔබ සතුටු වේවි.
4. ප්‍රශ්න පත්‍ර
ඉස්කෝලේ ටියුෂන් පන්තියේ ප්‍රශ්න පත්‍රයක් තිබිලා ඒක තමන්ට අදාළ ලකුණු හම්බුනාම ලකුණු අඩු නම් ගෙදර ඇවිල්ලා ඔබ මුලින්ම කලේ මොකක්ද..? හංගපු එකද.? එහෙනම් ඔබට ඒ පේපර් මේ අස් කිරිල්ලෙදී හම්බවෙන්නත් පුලුවන්. ගණිතය විද්‍යාව වගේ අඩු ලකුණු තියෙන පේපර්.. ඒ ලෙවල් කරද්දි අඩු ලකුණු තිබ්බ පේපර් ඔබට හමු වේවි. ඒව හංගන්න ඔබ භාවිත කරපු ක්‍රමය ගැන ඔබට හිනා නොගියොත් ඒකනම් පුදුමයක්.
5. ඡායාරූප
අරෙහෙ මෙහෙ ගිහින් ගත්තු සේයා රූ, මතක සටහන් විදිහට මුද්‍රණය කරගෙන ඒව තියන්න තැනක් නැති කමට හංගපු තැන් වලින් ඒවා හම්බවෙන විට ඔබට මොනවා හිතේවිද..? ඔබ හිතින් හිතාවි “මේ අතන ගිහිල්ලා ගත්තු ඒවා” කියලා. ඒ වගේම එදා ඔබේ මතකයට එක් වූ මතක යලි ඔබට මතක් වේවි එක් වරම. ආදරේ කරන කෙනාගෙ ඡායාරූපය කොහේ හෝ හංගලා විටින් විට අරගෙන ස්මරණය කරපු අතීතයත් සමහර ඡායාරූප දැක්කම ඔබට මතක් වේවි. ඒ විතරක් නෙමෙයි ගෙදරට හොරා යාලුවො එක්ක චාරිකා ගියපු අවස්තාවල ගනිපු ඡායාරූපත් හම්බවෙන්න බැරි කමක් නෑ.
6. බෝතල්
ගොඩක් වෙලාවට මේව හම්බවෙන්නෙ කොල්ලොන්ගෙ බෝඩිම් කාමර වල තිබිලා තමයි. හිටි ගමන් කට්ටිය එක්ක සෙට් වෙලා මධු විතක් තොල ගෑ මොහොතකින් පස්සේ බෝඩිමේ ඇන්ටිට පේන්නැති වෙන්න හංගාපු බෝතල් වෙන්න පුලුවන් මේ හම්බවෙන්නෙ. එහෙමත් නැත්නම් පස්සෙ බොන්න කියලා හිතලා කොහේ හරි මුල්ලක හංගලා තිබිලා කුමක් හෝ අවාසනාවන්ත හේතුවක් මත බොන්න බැරි උනු බෝතලයක් හම්බවෙන්නත් බැරි කමක් නෑ.
Cover Image Source – scoopwhoop.com/ crackagram.wordpress.com
Leave a Reply