දවසින් නැග්ගා එදාම බැස්සා… මෙන්න කොළඹින් සෙට් වෙලා දවසින් නැගල බැසිය හැකි කඳු පර්වත

Mountains from Colombo

ඉන්දියාවේ ඇතැම් ගම් නියම්ගම් වල සිටින ජනයාට කන්දක් දැක බලාගැනීමටද, මුහුදු හුළඟක් වැදීමටද, වාහනයක දින දෙකකටත් වඩා කාලයක් ගමන් කල යුතු වේ. අප ඒ අතින් බොහෝ වාසනාවන්තය. මුහුදු වෙරළ සහ කඳුකරය යන සුන්දර පරිසර පද්ධති දෙකම පෑ කිහිපයක් තුළ විඳ ගැනීමට හැකිවීම ලාංකිකයින් වූ අප ලැබූ භාග්‍යයකි. එවරස්ට් තරණය මෙන් අවදානම් මහා කඳු තරණය මෙන්ම කුඩා ගිරි කුළු කඳු ශිඛර තරණයද කදිම සංචාරක අත්දැකීමකි. වෙහෙසකර, නොනවත්වා වැඩ කරන ජීවන රටාවට හොඳ වෙනසක් ලබා දීමට කඳු නැගීම හොඳ අවස්ථාවකි. දිනකදී කොළඹ සිට ගොස් නැග මුදුන දැක බලාගෙන නැවත එදිනම කොළඹ ආ හැකි කඳු රැසක් අපිට තිබේ. ඒ කිහිපයක් ගැන අපි සොයා බලමු.

 

1. සිරිපාදේ

Mountains from Colombo

Source – atlesandboots.com

දවසක් කියන්නේ පෑ 24ක් නම් සිරිපාදේ හැටන් වලින් නැගලා බහින එක ලේසි වැඩක්. වැඩිය ජනතාව නොඑන සතියේ දවසක ඉර සේවේ බලන්න වාත නොවී කන්ද නැගලා බහිනවානම් පැය 24 සිරිපා ගිහින් එන්න වැඩිත් එක්ක. සිරිපාදේ නම් ඇඳන් ඉන්න ඇඳුමෙන් වුනත් නගින්න පුලුවන් කන්දක්. මොකද ශ්‍රී පාදස්ථානය ප්‍රසිද්ධ පුද බිමක් නිසා සීත ඇඳුම් ග්ලවුස් වගේම ආහාර පානත් මග දෙපස නොඅඩුව තිබෙනවා. හැටන් වලට ගිහින් නල්ලතන්නිය හරහා සිරිපා යෑම තමයි ජනප්‍රියම සහ ලේසිම මාවත. අතරමග හිර නොවී කන්ද නැගලා බහිනවා නම් තරුණ පිරිසකට පැය 7ක කාලයක් කන්ද නැග බැසීමට හොඳටම ප්‍රමාණවත්. කොළඹ සිට හැටන් හෝ නල්ලතන්නියට යන්න බස් රිය හෝ දුම්රිය තෝරාගත හැකියි. ඒත් මුල්වතාවට සිරිපා නගින පිරිස් සහ කඳු නැගලා නැති ෆිට්නස් නැති අය ඉන්නවා නම් වඩාත් සුදුසු වෙන්නේ වාහනයක් හයර් කරගැනීම. සාමාන්‍යයෙන් කොළඹ සිට වාහනයක් රු 15,000කට වගේ සෙට් කරගන්න පුලුවනි ඒ සී නැතිව අපි 10-12ක් සිරිපා කරුණා කරන්න යනවා නම්.

 

2. බතලේගල

Mountains from Colombo

Source – picture.lk

මාවනැල්ල දිහායින් හැරිලා මදක් ඇතුළට යන්න තියෙන බතලේගල පාමුලට වාහනයකින් වුනත් යන්න පහසුව තිබෙනවා. බතලේගල ගූගල් මැප් එකේ ගහලා සර්ච් කරලා පාර හොයාගෙන යන්නත් පුලුවනි. ආධුනිකයෙක්ට බතලේගල කියන්නේ සුපිරි අත්දැකීමක්. බතලේගල ලංකාවෙ කඳු නැගීමකදි සාමාන්‍යයෙන් හමුවෙන හැම කඳු නැගීමේ ආතල් එකක්ම සෙට් වෙන ප්ලේස් එකක්.

 

3. හන්තාන

Mountains from Colombo

Source – youtube.com

හන්තාන අඩවියේ නැගුනු සුමුදු මුදු සඳළුතලා පිස…

මේ එන්නේ… ප්‍රේමයේ… සුවඳ නොවේ…

නන්දා මාලනිය 1989 භීෂණ සමයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ ඒ දේශපාලන තත්ත්වය අලලා කියන මේ ගීය භීෂණයේ එක් පැතිකඩක් අප හදවත් වලට සමීප කරවන්නක් වෙලා. පේරා සරසවියට ඉගෙනගන්නට ගිහින් තියේ නම් වරක් හෝ හන්තාන නැග තිබීම සුදුසුකමක් වෙනවා. හන්තාන නගිනවා නම් පේරේ සෙට් එකක යාලුවෙක් සෙට් කරගන්න පුලුවන් නම් එල. එහෙම වුනොත් හන්තානත් ගිහින් පාක් එකටත් ගිහින් ෆන් එකක් අරගෙන ලෙසට එන්නට හැකියි. හන්තාන නගින්නත් නුවරට යන්නට ඕනා… නුවරට යෑමට කෝච්චිය හෝ බස් එක පාවිච්චි කරන්නට හැකියි. එතැන ඉඳලා බස් වල වුනත් ගිහින් කන්ද නගින්නට හැකියාව තිබෙනවා.

 

4. හාවා ගල

Mountains from Colombo

Source – youtube.com

ආදර කන්ද, නග්‍රාක්, හාවාගල ආදී කඳු රැසක් තිබෙන බෙලිහුල් ඔය සීමාවේ හාවාගල කියන්නේ පහළ සිටන්ම නැග්ගොත් තරමක් අපහසු තරණයක්. බෙලිහුල් ඔයේ මදක් ඉහළ පාන්තුඩ ඇල්ල අසලින් ද හාවා ගල නගින්නට පටන් ගන්නට හැකිමුත් බලංගොඩින් හැටන් යන බස්රියක ගොස් මගින් බැස හාවාගල මුදුනතට ළඟාවීමට වඩාත් ලෙහෙසියි. බස්රියේ ඉහළට ගොස් නැගීමේදී හාවාගල පැය දෙකකින් පමණ තරණය කල හැකි කන්දක්. හාවාගල මුදුනට වටපිටාවෙහි ඇති කඳුවැටි රැසක්ම දර්ශනය වේ. කෑම්ප් කිරීමටද හාවාගල කදිම තැනකි. පේරාදෙණිය හා සහසම්බන්ධව තිබෙන හන්තාන සේම සබරේ සහෝදරයින්ට හාවාගල ආදර කන්ද සිය සරසවිය ආසන්නයේ තිබෙන සුන්දර මතක සටහන් සපිරි කදු ශිඛරයකි.

 

5. යක්දෙස්සා ගල

Mountains from Colombo

Source – trips.lakdasun.com

යක්දෙස්සා ගල කුරුණෑගල දිසාවේ ඇති මීටර 500ක පමණ උසින් යුතු කුඩා ගිරි කුලකි. එහෙත් එය නැගීමට අපාසුය. යක්දෙස්සාගල නැගීමට නම් කුරුණෑගලින් ගෝනාගම පාරේ යායුතුය. ඒ මාර්ගයේ ගමන් කරන විට යක්දෙස්සාගල මෙන්ම තවත් ගිරි ශිඛර කිහිපයක්ම පෙනේ. ගෝනාගම බස් රියේ කොන්දොස්තර මහත්වරු නම් හොඳින්ම යක්දෙස්සාගල නැගිය යුතු තැන දනී. එතැන සිට කෙළින්ම ඉහළට ඇත්තේ නැගීමකි. අවසානයේ ඇති ගල් තලාවෙන් පැන කුවේණිය සියදිවි නසාගත් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. අවට ඇති පොල් වතු, කෙත්වතු නෙතට හසුවන යක්දෙස්සාගල යනු කොළඹ සිට දවසින් නැග කඳු අත්දැකීම ඇඟට දැනෙන්නට රැගෙන ආ හැකි තරණයකි. කන්ද මුදුනට යන මග කුරුණෑගල පාසැලක බාලදක්ෂ කණ්ඩායම් විසින් මනාව සලකුණු කොට තිබේ.

 

6. කබරගල

Mountains from Colombo

Source – youtube.com

ගම්පොල නාවලපිටිය දොලොස්බාගේ සීමාවේද කඳු කිහිපයක්ම නැගීමට තිබේ. එයින් අම්බුලුවාව,කිණිහිර කන්ද සේම කබරගලද ජනප්‍රිය කඳු වේ. නාවලපිටියේ සිට දොලොස්බාගේ බසයක නැගී යනවිට කබරගල හමු වේ. වර්තමානයේ නම් කබරගල නැගිය හැකි පහසුම මග ලකුණු කොට විශාල පුවරුවකින් සවිකර තිබේ. කෙසේ නැග්ගද මුල හරියේ තේ වතු මගින් ඉහළට නැගෙන කබරගල අවසානයේ අත් හැර දැමූ තේ වත්තක් සහිත බැදි කුට්ටි හමු වේ. ඒවා තරණයේදී ඇතැම්විට මග සොයාගන්නට අපහසුය. කටු පඳුරු ඇඟ පුරාම වදී. එම නිසා තද අත්දිග ඇදුම් ඇඳීම වඩාත් යෝග්‍ය වේ. කබරගල කබරයෙකුගේ හැඩය ගෙන ඉහළට නැගීමට ඇති කන්දකි. එහිදීද ගම්පොල නාවලපිටිය පමණක් නොව ඈතින් ඇති කොත්මලේ දිසාවද කඳු මුදුනට දිස් වේ. හොදින් හුළඟ හමන දිනක නම් සුළං හමමින් මුදුනත ඇති තණ කැරළි පිස සුළං රැලි ගස් කොලං නවාගෙන හමායන අයුරු නැරඹීමට වටිනා දසුනෙකි.

කොළඹ සිට දිනකින් හමාර කල හැකි කඳු ඇත්තේ මේවා පමණක් නොවේ. තවත් කඳු රැසක් තිබේ. කඳු නගින්නන්ට දින ගණනාවක් පුරා නැගීමට තරම් විශාල කඳු පන්ති නැතත්, දිනකින් නැගී ගොඩ වී ආ හැකි කඳු වැටි රැසක් ලාංකික අපිට උරුම වේ. ඒවායේ තරණය දැන් දැන් බොහෝ පිරිස් වල විනෝදාංශයක් වී තිබේ. කඳු නැගීම සිතට මෙන්ම ගතටද හොඳ ව්‍යායාමයකි විවේකයකි.

 
Cover Image Source – serandevues.com / weebly.com / atlasandboots.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *