තමන්ගේ පෙනුම සුන්දරව, තරුණව තියාගන්න කැමති සෑම තරුණියක්ම දැනගෙන සිටිය යුතු දෙයක් තමයි ශීට් මාස්ක් (Sheet Mask) කියන්නෙ. මොනවද මේ ශීට් මාස්ක්? කොහොමද ඒකෙන් අපේ රුව අලංකාරවත් කරගන්නෙ? ඒ ගැන තමයි අපි මේ කියන්න යන්නෙ.
1. මොකද්ද මේ ශීට් මාස්ක් එක කියන්නේ?

Source – allure.com
ශීට් මාස්ක් එකක් කියන්නේ ගැහැණු ළමයිගේ මුහුණේ සම පෝෂණය කරන්න දැනට තිබෙන හොඳම ක්‍රමය. ලංකාවේ නම් ශීට් ෆේස් මාස්ක් කියන්නේ ආගන්තුක සංකල්පයක් වුනත් දැන් දැන් ලෝකයේ බොහෝ රටවල ගැහැණු ළමයින්ගේ නම් ජනප්‍රියම සත්කාරය වෙලා ඉවරයි. ඉතින් අපිත් ශීට් ෆේස් මාස්ක් ගැන ඉගෙන ගමු. එයාල විතරද හැමදාම ලස්සනට ඉන්න කැමති? අපිත් කැමතියිනේ.
ඉස්සර කාලේ වගේ නෙවේ දැන් ඉන්න ගැහණු ළමයින්ට තමන්ගේ සම ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න වෙලා. ඒ ඇයි කීවොත් දැන් පරිසරේ ඉස්සරට වඩා ගොඩක් දූෂිතයි. දුම්, රසායන හැම තැනම. ඒ විතරක් නම් මදිද හිරු රශ්මියත් ගොඩක් සැරයි. එහි තිබෙන UV කිරණ දැන් වැඩි වැඩියෙන් පොළවට පතිත වෙන්නේ වායු දූෂනෙත් එක්ක ඕසෝන් වියන තුනී වෙලා නිසයි. අපි කන්නෙත් කෘතීම කෑම. ඒ අතරේ දවසම AC එක යට. ඉතින් අනිවාර්යයෙන් අපේ සම ඉක්මනින් හානි වෙලා වයසට යනවා.
ශීට් මාස්ක් එක Clay Mask, Peel off Mask, Thermal Mask වගේ සම පිරිසිඳු කිරීම සඳහා හෝ මැරුණ සෛල ඉවත් කිරීමට යොදා ගන්නා මාස්ක් එකක් නොවෙයි. ශීට් මාස්ක් එක පාවිච්චි වෙන්නේ සම පෝෂණය කිරීම සඳහායි. පෝෂණය මගින් සම නැවත යථා තත්ත්වයට පත් කරලා ඔබේ සමට දීප්තිමත් බවක් එක් කරන්න , සම පැහැපත් කරන්න වගේම වයසට යාම පාලනය කරන්න කරන්නත් ශීට් මාස්ක් කියන්නේ අනිවාර්යයෙන් හොඳම ක්‍රමය කියල ලෝකේ පුරාම රූපලාවණ්යවේදියෝ කියනවා.
2. ශීට් මාස්ක් එකේ කොටස් මොනවද?

Source – tokyobeautybook.com / yllobeauty.com
මේ අපි හඳුන්වලා දෙන ශීට් මාස්ක් එකේ කොටස් දෙකක් තිබෙනවා. ඒ තමා සීරම් එක සහ ශීට් මාස්ක් එක. මුහුණට නියම ප්‍රතිඵලේ ලබන්න නම් අනිවාර්යයෙන් මේ දෙකම තියෙන්න ඕනේ.
- දියරමය සීරම් එක (Herbal Serum)
මේ සීරම් එක කියන්නේ ඒ ශීට් මාස්ක් එකේ තියන පෝෂණ ද්‍රව්‍ය ඔක්කොම කැටි වුන දියරයක්. සාමාන්‍යයෙන් පොඩි සැශේ එකක මේ සීරම් එක එනවා. ගොඩක් වෙලාවට ඉස්සර කාලේ ඉඳලම පාවිච්චි කරපු ශාකසාර සහ සමට අත්‍යවශ්‍ය විටමින් වර්ග ඇතුලත් කරලා තමයි මේ සීරම් එක හදන්නේ. අපි නම් කියන්නේ ඕනෙම රූපලාවණ්‍ය නිෂ්පාදනයක් ගනිද්දී කෝමාරිකා, කස්තුරි කහ, කොහොඹ වගේ ශාක සාර අඩංගු එකක්ම ගන්න කියලයි.
- ශීට් මාස්ක් එක
අර සීරම් එක ඔබේ සමට නිසි ලෙස පැතිරෙන්න නම්, උරා ගන්න නම් මේ ශීට් එක ඕනෙමයි. මෙහෙමයි වෙන්නේ ශීට් එකට සීරම් එක වක් කරලා ශීට් එක හොඳට පෙඟුනම ඔබට තියෙන්නේ ඒක මුහුණේ දාගන්න. එතකොට රෝම කූප ඇරිලා සමේ ගැඹුරටම පෝෂණ ද්‍රව්‍ය පැතිරෙනවා. ඒ කියන්නේ ඉතින් අනිවාර්යයෙන් මේවා දාන ගැහැණු ළමයිගේ සම ලස්සන වෙනවා කියන එකනේ. මේ ශීට් එක හදන්නේ මොනවගෙන්ද කියල පුදුමද? Non-woven fiber, Cottons, Hydrogel සහ Bio Cellulose කියන අමුද්‍රව්‍ය හතරෙන්ම හැදුවත් අපි නම් කියන්නේ Bio Cellulose වලින් හදපු ශීට් මාස්ක් තමා හොඳම කියල. මොකද Bio Cellulose ස්වාභාවිකයි, සම එක්ක හොඳට සම්බන්ධ වෙනවා, හොඳින් සීරම් එක උරා ගන්නවා ඒ වගේම දාන්නත් ලේසියි.
3. ශීට් මාස්ක් එක ක්‍රීම් වලට වඩා හොඳ ඇයි?

Source – healthandgrow.com
ඔබ හිතනවා ඇති අපි දැනට පාවිච්චි කරන ක්‍රීම් වර්ග සහ වෙනත් ක්‍රම වලට වඩා ශීට් මාස්ක් එක හොඳ ඇයි කියල. අපි කියා දෙන්නම්. සාමාන්‍යයෙන් ඕනෙම ක්‍රීම් එකක් ආලේප කරහම වැඩි කොටසක් වාෂ්ප වෙලා යනවා. මේ වාෂ්පීකරණ ක්‍රියාවලිය නිසා ආලේපනයෙන් ලැබිය යුතු පෝෂණය සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ නැහැ. නමුත් ශීට් මාස්ක් එක සීරම් එකේ තිබෙන පෝෂණ ද්‍රව්‍ය සහ සම හොඳින් සම්බන්ධ කරනවා. වාෂ්පීකරණ ක්‍රියාවලිය නතර වෙනවා.
ඒ වගේම ශීට් එක සමට සම්බන්ධ වෙලා සුළු වෙලාවකින් සමේ බාහිර උෂ්ණත්වය ඉහල යනවා. එවිට රෝම කූප සියල්ල හොඳින් ඇරෙනවා. සීරම් එකේ ඇති පෝෂණ ද්‍රව්‍ය සමේ ගැඹුරටම පැතිරී යනවා. එවිට ඉතින් සමට ලැබෙන ප්‍රතිඵල උපරිම වෙනවා කියන එක අහන්න දෙයක් නැහැනේ.

Source – lifie graphics
4. ශීට් මාස්ක් එක පාවිච්චි කරන හැටි

Source – lifie graphics
ඉස්සෙල්ලම ඔබේ මුහුණ හොඳ ෆේස් වොෂ් එකකින් සෝදලා පිරිසිඳු කරගෙන හොඳින් පිසදමන්න. සැශේ පැකට් එකේ තිබෙන සීරම් සේරම ෆේස් මාස්ක් ඇසුරුමේ තිබෙන ටබ් එකට දමන්න.
අපි උඩින් සදහන් කළා සීරම් එක වෙනම සැශේ පැකට් එකක එන්නේ කියල. ඔබේ මුහුණ ලස්සන කරන සේරම යහපත් අමුද්‍රව්‍ය තියෙන්නේ මේ අධි සාන්ද්‍රිත සීරම් එකේනෙ. ඉතින් ශීට් එකට මේ දේවල් උරා ගන්න නම් සීරම් එක ශීට් එක තිබෙන ටබ් එකට එකතු කරන්න ඕනේ.
- සීරම් සේරම සම්පූර්ණයෙන්ම උරා ගන්නා තුරු ඉන්න.
සීරම් එක ශීට් එකට හොඳින් උරා ගත්තේ නැත්නම් අපරාදෙනේ. ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබන්න නම් සීරම් ඔක්කොම උරා ගන්නකම් ටිකක් ඉන්න.
- ෆේස් මාස්ක් එක දිගහැර මුහුණට දමන්න.
ඉන් පස්සේ සීරම් එකෙන් පෙඟුණ ශීට් මාස්ක් එක දිගහැරලා ඔබේ මුහුණ මත යොදන්න. හරිම පහසුයි.
- විනාඩි 15 කින් පමණ ගලවා දමන්න.
විනාඩි 15 යද්දී සීරම් එකේ තිබෙන සේරම ඖෂධ වල සාරය ඔබේ මුහුණේ සම ඇතුලටම පැතිරිලා ඉවරයි. ශීට් එක නිසා වාෂ්ප වෙන්නෙත් නැහැනේ. ඒ නිසා විනාඩි 15 ක් හොඳටම ඇති. ඉන් පස්සේ මාස්ක් එක ගලවලා නිසි ලෙස බැහැර කරන්න ඕනේ. සීරම් එකේ ඉතුරු කොටස් මුහුණේ රැඳී තිබෙනවා නම් ඔබට පිස දමන්නත් පුළුවන්. නැත්නම් ඒවා මුහුණට කා වදින තුරු එහෙම තියන්නත් පුළුවන්.
5. ශීට් මාස්ක් එක එකවරකට වඩා පාවිච්චි කරන්න පුලුවන්ද?

Source – pixels.com
ශීට් මාස්ක් එකක් කියන්නේ හොඳම ප්‍රතිඵල දුන්නට මිලෙන් නම් ගොඩක් අඩු සත්කාරයක්. ලොකුම වාසිය සැලුන් එකකට නොයා ගෙදරදීම කර ගන්නත් පුළුවන්. අනික ශීට් මාස්ක් එක දාන්න දාල සමේ දීප්තිමත් බව, ලස්සන සහ තරුණබව රැකගන්න යන්නේ විනාඩි 15 ක් වගේ කාලයක් විතරයි. ඒ කාලෙත් ශීට් එක දාගෙන වෙන වැඩක් කරන්න පුළුවන්. තාක්ෂණය දියුණු වෙද්දී ඉතින් අපේ බිසී ජීවිතේට ගැලපෙන දේවල් එකතු වෙනවනේ. සැලුන් එකකට ගිහින් සල්ලි වැය නොකර කර ගන්න මේ සත්කාරය සතියට දෙපාරක් කරහම ඇති. හැබැයි මතක තියා ගන්න ඕනේ එක ශීට් එකක් පාවිච්චි කරන්න පුළුවන් එක වතාවක් විතරයි. ඒ විතරක් නෙවෙයි ඔබට කුරුලෑ ඇත්නම් ශීට් ෆේස් මාස්ක් එකක් යෙදීම සුදුසු නැහැ. මුහුණේ කුරුලෑ සුව වුන විට ඔබට සාමාන්‍ය ලෙස ශීට් මාස්ක් එක දාන්න පුළුවන්.
Cover Image Source – shopmissa.com / mybeautifulflaws.com / vogue.com
Leave a Reply