ලෝකයේ භයානකම අපරාධ කල්ලි

Worlds most dangerous crime organizations

අද අපි ඔබට කියන්න යන්නේ ලෝකයේ බිහිසුණුම අපරාධ කල්ලි පිළිබඳවයි. මේ කල්ලි බොහෝ විට අපරාධ ක්‍රියාකාරකම් ලෙස මුදල් සෙවීම සඳහා සිදු කරන්නේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම වීම විශේෂිතයි. එපමණක් නොවෙයි, අපරාධ කටයුතු වලින් ඔවුන් ගොඩනගාගෙන ඇති වත්කම ඔබව පුදුමයට පත් කරාවි.

 

1. කැමෝරා

Worlds most dangerous crime organizations

Source – sputniknews.com

1820 ආරම්භ වී, ඉතා දුර අතීතයකට හිමිකම් කියන මේ සංවිධානය ඉතාලියානු ඇමෙරිකානු සංවිධාන සම්මිශ්‍රණයක්. කාලයත් සමග සමග රජයේ වගේම විවිධාකාර අපරාධ විරෝධී වැඩපිළිවෙලවල් නිසා මේ සංවිධානය තරමක් දුරට අඩාල වෙලයි තියෙන්නේ. මත්ද්‍රව්‍ය වෙළඳාම ප්‍රමුඛ කරගත් ඉතාලියානු අපරාධ කල්ලි වල මුලු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 33ක් බවයි කියවෙන්නේ. එයින් වැඩි මුදලක් කැමෝරා හට හිමි බවත් කියවෙනවා. ඒ අනුව ඉතාලියේ ප්‍රබලතම අපරාධ කල්ලිය ලෙස මෙය හඳුන්වන්න පුලුවන්.

 

2. ද්‍රංගෙටා

Worlds most dangerous crime organizations

Source – npr.org

මෙයත් ඉතාලියානු සංවිධානයක්. ඉතාලියේ තිබෙන දෙවැනි විශාලතම අපරාධ කල්ලිය ලෙස මෙය හඳුන්වන්නට පුලුවන්. මේ කල්ලිය විශාල වත්කමක් සොයාගෙන තිබෙන්නේ දකුණු ඇමරිකානු රටවල් සමග කොකේන් වෙළඳාම සිදු කරන නිසා. ඒ වගේම යුරෝපීය මත්ද්‍රව්‍ය වෙළඳපොල තුළ වැඩි බලයක් තහවුරු කරගන්නට මේ කල්ලිය සමත් වී තිබෙනවා. 1880 පමණ ඇරඹී ඇති මේ සංවිධානයට ඇමරිකාවේ පවා තමන්ගේ අපරාධ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී තිබීම විශේෂත්වයක්. විශේෂයෙන්ම ඇමරිකාවේ නිව්යෝක් හි ප්‍රකට අපරාධ පෙළපත් දෙකක් වන ගැම්බිනෝ සහ බොනැන්නෝ පෝෂණය කරන්නේත් ද්‍රංගෙටා කල්ලිය බවටයි සැලකෙන්නේ.

 

3. සිනාලෝවා කාටල්

Worlds most dangerous crime organizations

Source – thedailybeast.com

මෙය මෙක්සිකෝව තුළ ක්‍රියාත්මක වන කල්ලියක්. ඔබ දන්නවා ඇතිනේ ඉතින් මෙක්සිකෝව කිවුවම ඔවුන් ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය වෙළඳාමටනේ. ඔබ හිතුව වගේම මොවුන්ගේත් මූලික ආදායම් මාර්ග වෙන්නේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ මත්ද්‍රව්‍ය වෙළඳාමයි. ලෝකයේ ලොකුම මත්ද්‍රව්‍ය කල්ලිය ලෙස මෙය හැඳින්වූවත් වරදක් නැහැ. ඇමරිකාව සහ දකුණු ඇමරිකානු මහද්වීපය අතර මත්ද්‍රව්‍ය වෙළඳාමේ අතරමැදියෙකු ලෙස කටයුතු කිරීමෙන් ඔවුන් විශාල මුදල් ප්‍රමාණයක් සොයා ගන්නා බව පැවසෙනවා. වසරකට ඇමරිකානුවන් ඩොලර් බිලියන 100ක් මත්ද්‍රව්‍ය සඳහා වැය කරන බවටත්, එයින් බිලියන 6.5ක් ම යන්නේ මෙක්සිකානු මත්ද්‍රව්‍ය වෙළෙන්දන්ට බවත් සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. ඉතින් මෙක්සිකෝවේ සිටින ප්‍රධානතම කල්ලිය වන “සිනාලෝවා කාටල්” සංවිධානය එයින් බිලියන 3ක් ම ඔවුන් සතු කරගන්නවායැයි කිවුවොත් ඔබ පුදුමයට පත් නොවේවි.

 

4. සොල්න්සෙව්ස්කයා බ්‍රත්වා

Worlds most dangerous crime organizations

Source – blogger.com

මේක රුසියානු කල්ලියක්. 1980 ගණන් වලදී ආරම්භ වී ඇති මේ කල්ලිය, කල්ලියක ස්වරූපයෙන් මිදිලා බොහෝ වෙලාවට බලය විහිදී පැතිරී තිබෙන සංවිධානයක් විදියට ක්‍රියාත්මක කරන අපරාධකරුවන්ගේ ජාලයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අපරාධ පිළිබඳ මහාචාර්ය ෆෙඩ්‍රිකෝ වරෙස් ට අනුව මේ සංවිධානය තවත් සංවිධාන 10 කින් සමන්විතයි. ඒ කුඩා සංවිධාන වලට තියෙන්නේ අර්ධ ස්වයං පාලන ව්‍යුහ බවයි ඔහු වැඩිදුරටත් කියන්නේ. මේ සංවිධාන සියල්ලගේම සාමාජිකයන් 9000 ක් පමණ සිටින බවත් සොයාගෙන තිබෙනවා. හෙරොයින් ජාවාරම,මිනිස් ජාවාරම් ආදී අපරාධ ක්‍රියාකාරකම් වලින් මොවුන්ට ලැබෙන මුදල් වලින් ඔවුන්ගේ සංවිධානය පොහොසත් වී ඇති බවයි පැවසෙන්නේ.

 

5. යමගුචි ගුමී

Worlds most dangerous crime organizations

Source – blogger.com

ලෝකයේ පිරිස් බලය අතින් විශාලතම අපරාධ කල්ලිය විදිහට මෙය හඳුන්වන්න පුලුවන්. මෙය ජපානය මූලික කරගත්තු සංවිධානයක් බව නම බැලුවම ඔබට තේරෙන්න ඇති. ජපානයේ මෙවැනි සංවිධාන හැඳින්වෙන්නේ “යකුසා” යන නමින්. එයට ඉංග්‍රීසී භාශාවේ එන “මාෆියා” නම් අර්ථයක් තියෙනවා. “යමගුචි යමී” හි ආරම්භය 1915 තරම් අතීතයට දිව යනවා. හොරබඩු ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම, සූදුව සහ මංකොල්ලකෑම් වලින් ඔවුන් මුදල් සොයාගන්නා බවයි පැවසෙන්නේ. මෙය මධ්‍යගත පාලන ව්‍යුහයක් පවතින සංවිධානයක්. මෙයට නායකයෙක් සිටිනවා. වර්තමානයේ එහි නායකයා “කෙනිටි ජිනෝදා” නම් පුද්ගලයෙකුයි.

 

6. 14K ට්‍රයඩ්

Worlds most dangerous crime organizations

Source – blogger.com

මේක හොං කොං මූලික කරගත්තු මෑත කාලීනව බිහි වුණ කල්ලියක්. සංවිධානයේ සාමාජිකයන් 25,000 ක් පමණ ඉන්නවා කියලයි කියවෙන්නේ. ඒ අනුව මේ සංවිධානය ලෝකයේ ලොකුම අපරාධ සංවිධානයක් විදිහට හැඳින්වෙනවා. මත් ද්‍රව්‍ය බෙදාහැරීම සහ ජාවාරම් කිරීම මේ සංවිධානයේ ප්‍රමුඛතම මුදල් ඉපයීමේ මාර්ගය බවට පත් වී තිබෙනවා. මේ සංවිධානය අප පෙර සඳහන් කල සිනාලෝවා කාටල් සංවිධානයට සම්බන්ධ සංවිධානයක්. ඒ සම්බන්ධතා මගින් ලෝකය පුරාම මත් ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු කිරීම මේ කල්ලිය මගින් සිදු කරනවා.

 

7. නාසි ලෝ රයිඩර්ස්

Worlds most dangerous crime organizations

Source – pictures-and-images.com

නාසි ලෝ රයිඩර්ස් කියන නමේ තියෙන නාසි කියන කෑල්ලම ටිකක් භයානකයි. මොකද හිට්ලර්ගේ හමුදාව නාසි හමුදාව ලෙසයි හැඳින්වුණේ. නම නාසි වුණාට මේ සංවිධානය ජර්මන් සංවිධානයක් නම් නෙමෙයි. මේක විහිදිලා තියෙන්නේ ඇමරිකාවේ දකුණු කැලිෆෝනියාව සහ ටෙක්සාස් කියන ප්‍රාන්ත වලයි. 1970 ගණන් වලදී බිහිවුණ බව කියන මේ සංවිධානය දැනට සාමාජිකයන් 5000 කගෙන් පමණ සමන්විත බවයි කියන්නේ. ඒ සාමාජිකයන් බොහෝ දෙනෙක් නාසි හමුදාවේ ලාංඡනය වන ස්වස්ථික ලකුණ ඔවුන්ගේ සිරුරේ පච්චයක් ලෙස සිතුවම් කරගෙන ඉන්න බව කියවෙනවා. මත් ද්‍රව්‍ය ජාවාරමට වඩා එහා ගිය විහිදී ගිය ජාවාරම් ජාලයක් හරහා ඔවුන් මුදල් ඉපයීම සිදු කරනවා.

 
Cover Image Source – wikipedia.org / youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *