අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ බලාපොරොත්තුව තමන්ගේ පොඩිත්තාව සතුටින් තියන එක. ඉල්ලන ඕනිම සෙල්ලම් බඩුවක් නැත්නම් කෑමක් අරන් දෙන, පුංචි පුතාට දුවට ලස්සන හුරුබුහුටි ඇඳුමක් අන්දවලා හැඩ බලන එක වගේ දේවල් දෙමව්පියන්ගේ අහිංසක හීන. ඒත් මේවාට වෙලාව හොයාගන්න එක හරිම අමාරු වැඩක්. ඒත් දැන් ඒ වැඩේ හිතන තරම් අමාරු නෑ. ඕනි කරන්නේ අන්තර්ජාල පහසුකමකුයි ඔබේ පොඩිත්තා වෙනුවෙන්ම නිර්මාණය වුණ මෙන්න මේ වෙබ් අඩවි ටිකයි විතරයි. ඔබ හොයන දේ හැරෙන පරක්කුවෙන් ගෙදරටම ගෙන්වාගන්න පුළුවන්.
1. amazon.com

Source – phx.corporate-ir.com
මේක අන්තර්ජාතික මට්ටමෙන් තියෙන ඔන්ලයින් ඉස්ටෝරුවක්. මේ ගැන අටුවා ටීකා ඕනි නෑනේ. හැබැයි ඔබේ පොඩිත්තා වෙනුවෙන් විශාල ඉඩක් මෙයාලා ගාව ඇති කියලා කවදාවත්ම හිතිලා තියෙනවද? ඇඳුම් පැළඳුම්වලින් පටන් ගත්තාම සෙල්ලම් බඩු, සපත්තු, කෑම වර්ග, ඉහළම තත්ත්වයේ ඩයපර් මිලදී ගන්න පුළුවන්. Amazon Family කියන සේවාවෙන් ඔබ මිලදී ගන්නා භාණ්ඩවලට 20%ක වට්ටමක් ලැබෙනවා. හැබැයි ඒකට ඔබ මෙහි Prime Member කෙනෙක් වෙලා ඉන්න ඕනි.
2. ebay

Source – wikimedia.org
Ebay කියන්නේ ලංකාවේ අපිට ගොඩක් සමීප වෙළඳපොළක්. හිතාගන්නවත් බැරි තරමේ තෝරාගැනීම් ගොඩක් මෙතන තියනවා. ඇඳුම්, සපත්තු, සෙල්ලම් බඩු, පොත්, අධ්‍යාපනික ද්‍රව්‍ය, අරුමෝසම්, ඩයපර්, කිරිබෝතල්, තොටිලි වගේ එකී මෙකී නොකී හැමදෙයක්ම Ebay එකෙන් මිල දී ගන්න පුළුවන්. ඔබේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් නැත්නම් ඩෙබිට් කාඩ් එකෙන් වගේම පේපෑල් ගිණුමෙනුත් මිලදී ගැනීම් සිද්ධ කරන්න පුළුවන්.
3. AliExpress

Source – aliexpress.com
ජැක් මාගේ එක්ස්ප්‍රස් එකෙත් ඔබේ පොඩිත්තා වෙනුවෙන් ආසනයක් තියනවා. ඔබේ පොඩිත්තා වෙනුවෙන් ඇඳුම්, සපත්තු, සෙල්ලම් බඩු වගේම සනීපාරක්ෂාව සඳහා අවශ්‍ය වන සබන් සහ ෂැම්පු වර්ග, ඩයපර්, සිරින්ජ වර්ග, කොණ්ඩා සහ නියපොතුවලට අදාළ උපකරණ ලැයිස්තුවක්ම මෙහි ඇතුළත් වෙනවා. මෙතන දී ඔබේ පොඩිත්තාගේ වයස් මට්ටමට අනුව භාණ්ඩ තෝරාගන්න පුළුවන්.
4. Kapruka.com

Source – rakiya.lk
ලංකාවේ අපිට විශ්වාසවන්ත තැනක් තමයි කප්රුක. ඔබේ පොඩිත්තාට අවශ්‍ය උපකරණය තෝරාගැනීමට තෝරාගැනීම් කීපයක්ම මෙන්න මේ විදියට ලබා දීලා තියනවා. ටෙඩියෝ බෝනික්කෝ වගේ මුදු සෙල්ලම් බඩු, අනෙකුත් ළමා සෙල්ලම් බඩු, බයිසිකල්, පාසල් උපකරණ, පොත්, ක්‍රීඩා උපාංග, මදුරුදැල් කිරිබෝතල් වගේම තෑගි පාර්සලුත් තියෙනවා. මේවායේ ඇඳුම් වර්ග, සනීපාරක්ෂාව සඳහා වන තුවා වගේම පොඩිත්තෝ ආස කරන විදියේ පිඟන් කෝප්ප තියෙනවා. අලුත උපන් පොඩ්ඩෙක්ට යමක් මිලදී ගන්න කියාපු තැන.
5. Blooms & Butterflies

Source – bloomsandbutterflies.lk
තවත් ලංකාවේ වැඩක්. බබාට වගේම අම්මාටත් හරි ම ආසා හිතෙන දේවල් තමයි මෙතන තියෙන්නේ. පොඩ්ඩෙක්ගේ ඇඳක් ලස්සනට තියාගන්න පුළුවන් දේවල් තියනවනේ. ඒ කිව්වේ කොට්ට උර, ලස්සන ඇඳ ඇතිරිලි වගේ දේවල්. මේවා එක එක තේමාවලට අනුව තියාගන්න පුළුවන් නම් කොයිතරම් අපූරු ද? මල් වත්තක්, සත්තු වත්තක්, තරු පිරිච්ච අහසක් වගේ තේමා ගොඩකින් හැදුණ කොට්ටා සහ ඇඳ ඇතිරිලි මෙයාලා ගාව තියෙනවා. ඇඳුම් පැළඳුම්, තොටිලි, සෙල්ලම් කරත්ත, ඇඳුම් අල්මාරි වගේම අම්මලා වෙනුවෙන් සුවිශේෂ ඇඳුම් ආයිත්තම් ටිකක් තියනවා. මුදල් ගෙවන්න පුළුවන් භාණ්ඩය නිවසටම ආවාට පස්සේ.
6. Littlethings.lk

Source – facebook.com
මේ ෆේස්බුක් පිටුවක්. ඉතාම සක්‍රීය විදියට කාලාන්තරයක් තිස්සේ පොඩිත්තන් වෙනුවෙන්ම කරගෙන ආපු ව්‍යාපාරයක්. වෙබ් අඩවියකට වඩා නිතර ඔබ ඔබා ඉන්න ෆේස්බුක් තිරය ඔබට හුරුපුරුදුයිනේ. ඇඳුම්, සපත්තු, සෙල්ලම් බඩු, ඩයපර්, කිරිබෝතල් වගේ දේවල් මෙතන ගන්න තියනවා. මේ ෆේස්බුක් පිටුවේ සඳහන් කරලා තියන අංකයට වයිබර් නැත්නම් ඉමෝ පණිවිඩයක් දැම්මාම වැඩේ හරි. මුදල් ගෙවන්න පුළුවන් භාණ්ඩය අතටම ලැබුණාට පස්සේ.
7. kidsberry.lk

Source – kidsberry.lk
ඔබේ පොඩිත්තා වෙනුවෙන්ම නිර්මාණය වුණ තවත් තැනක් තමයි kidsberry කියන්නේ. නමෙන්ම තේරෙනවානේ කා වෙනුවෙන් ද මෙතන භාණ්ඩ අලෙවි කරන්නේ කියලා. ඇඳුම්, සෙල්ලම් බඩු, සනීපාරක්ෂක උපාංග, ගෘහ උපකරණ, අධ්‍යාපනික ද්‍රව්‍ය වගේම තවත් විවිධ නිෂ්පාදන මෙතන වැහි වැහැලා. භාණ්ඩය ලැබුණාට පස්සේ මුදල් ගෙවන්න පුළුවනි.
8. Diaper Bank (kidzcare.lk)

Source – kidzcare.lk
පොඩිත්තාගේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඔන්න ඩයපර් බැංකුවක්ම තියෙනවා. ෆේස්බුක් පිටුව තියෙන්නේ Diaper Bank (https://www.facebook.com/Diaperbank/) කියලා. ඒත් වෙබ් අඩවිය තියෙන්නේ kidzcare.lk නමටයි. මෙයාලා ගාව ඔය ලොකු ලොකු බ්‍රෑන්ඩ්වලින් එළියට දාන ඩයපර්ස් වට්ටම් සහිතව ගන්න පුළුවන්. Drypers, Huggies, MamyPoko, Velona වගේ සන්නාම මේ බැංකුවේ සුරක්ෂිතව තියෙනවා. මීට අමතරව ඔබේ පොඩිත්තාව නාලා පිරිසිදු කරන වැඩේට උදව් වෙන්න සෙල්ලම් බඩු, නාන ටබ්, සබන්, තුවා වගේ දේවලුත් අම්මා බබාට ඇඳුම් ආයිත්තමුත් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් වගේම භාණ්ඩය අතට ලැබුණාම මුදල් ගෙවන්නත් පුළුවන්.
ඉතින් දැන් පොඩ්ඩාව කරේ තියන් කඩවල් ගානේ රස්තියාදු වෙන්න ඕනි නෑ. නිවසේ ඉඳන්ම අවශ්‍ය දේවල් ගෙන්න ගන්න තියෙද්දී මොකටද නිකන් කරදර වෙන්නේ?
Cover Image Source – amazon.com
Leave a Reply