ගායන හැකියාවත් සුපිරියටම තියන අපේ ක්‍රිකට් තරු සෙට් එක මෙන්න

SL Cricketers Who can Sing

ගායනයයි ක්‍රීඩාවයි එකිනෙකට පෑහෙනවද? ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ විවාහ වෙන්නෙම නිළියො එක්ක නිසා ක්‍රීඩාවයි රංගනයයි පෑහුණත්, ගායනය නම් ක්‍රීඩාව එක්ක පෑහෙන්න විදිහක් නෑ කියලා ඔබට හිතේවි. ඒත් අපි මේ කියන්න යන්නේ ක්‍රීඩාශීලීත්වය සහ ගායන හැකියාව කියන දෙකම නොඅඩුව තියෙන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ගැන. සරස්වතිය බැල්ම හෙලපු ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කියලා කිවුවත් වරදක් නෑ මේ අයට.

 

1. සචිත්‍ර සේනානායක

SL Cricketers Who can Sing

Source – youtube.com

සචිත්‍ර සේනානායක කියන්නේ ලංකාවෙන් බිහිවුණු දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක්. පිටියේදී පන්දුවට පහර දීමට වඩා පන්දු යැවීමට ප්‍රමුඛස්ථානය දීල ඉන්න ඔහු පිටියෙන් ඉවතදී ගායනයට ප්‍රමුඛ තැන දුන්නු දක්ෂ ගායකයෙක්. විවිධ තැන් වලදී ගායන හැකියාව පිළිබිඹු කරපු ඔහු ඔහුගේම ගීතයක් ඉදිරිපත් කළා “වටින ඔබගේ” නමින්. ඉන්පසුව යුග ගීතයක් ඉදිරිපත් කලා “මරතෝණ්ඩි දෑතේ” නමින්. එය සමිතා මුදුන්කොටුව සමගින් ගැයූ ගීතයක්. එපමණක් නොවෙයි “මා නොවන මම” වැඩසටහනෙහි ඔහුගේ ගායනය වෙනුවෙන් වැඩසටහනක් වෙන් වුණා. ඒ වගේම නිරන්තරයෙන්ම කලා වැඩසටහන් වලට සහභාගී වන ඔහු ඔහුගේ ගායන හැකියාව ඒවායේදීත් ප්‍රදර්ශනය කරන දක්ෂ ගායකයෙක්.

 

වටින ඔබගේ

මරතෝණ්ඩි දෑතේ

මා නොවන මම වැඩසටහන

 

2. නුවන් කුලසේකර

SL Cricketers Who can Sing

Source – youtube.com

නුවන් කුලසේකර කියන්නේ ලංකාව බිහිකරපු විශිෂ්ටතම වේග පන්දු යවන්නෙක්. ඔබ දන්නෙ නැති උනාට ඔහු පන්දු යවන්නෙක් වගේම හොඳ ගායකයෙක් ද වෙනවා. ඔහුගේ ගායනය කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන චැට් ඇන්ඩ් මියුසික් වගේ වැඩසටහන් වලදී දැකගන්න පුලුවන් කම ලැබුණා. මිත්‍රයන්ගේ විවිධ උත්සව අවස්ථාවලදී ඔහු ගීත ගැයූ වීඩියෝ යූ ටියුබ් එකේ ඕනෑ තරම් නරඹන්න තියෙනවා.

 

චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහන

සාදයක් අතරතුර ගැයූ ගීයක්

 

3. සනත් ජයසූරිය

SL Cricketers Who can Sing

Source – dnaindia.com

පන්දු යවන්නන් හැමටම බොහෝ විට අමතක නොවන පාඩමක් උගන්නපු වමත් කසකරුවා ලෙස හැඳින්වෙන සනත් ජයසූරිය කියන්නෙත් හොඳ ගායකයෙක්. භාතිය සන්තුශ් එක්ක “ඕ සාති” කියන ගීතයටත් හඬ දායකත්වය දීල තියෙන සනත් ජයසූරිය විවිධ සාද වලදී ගීත ගායනා කරන වීඩියෝ රැසක් අන්තර්ජාලය තුළ දකින්න ලැබෙනවා.

 

ඕ සාතී ගීතය

මේ වායෝ සංගීත කණ්ඩායම සමග එක්ව සාදයකදී ගැයූ ගීතයක්

තවත් ඔහුගේ මුවින් ගැයුන ගීයක්

 

4. තිලකරත්න දිල්ශාන්

SL Cricketers Who can Sing

Source – newindianexpress.com

තමන්ගෙ නමින් ක්‍රිකට් පොතේ පහරක් තියෙන එකම ක්‍රිකට් ක්‍රීඩකයා තිලකරත්න දිල්ශාන්. අනුකම්පා විරහිතව පන්දු යවන්නන්ට බැට දෙන දිල්ශාන් හොඳ සංවේදී කලාකරුවෙක් වගේම හොඳ ගායකයෙක් කිවුවොත් ඔබ පුදුම වේවි. දිල්ශාන් විවිධ අවස්ථාවලදී වැඩසටහන්වලදී ගැයූ ගීත අන්තර්ජාලයේ දකින්න හැකියාව තියෙනවා. ඒ වගේම දිල්ශාන් සහ ඔහුගේ බිරිඳ මංජුලා තිලිණි විසින් ගයන යුග ගීතයක් වන “හැම සංසාරයේ” නම් ගීතයත් ඔහුගේ ගායන හැකියාවට නිදසුන් දෙන බව විශ්වාසයි.

 

හැම සංසාරයේ ගීතය

 

5. කුමාර් සංගක්කාර

SL Cricketers Who can Sing

Source – ibntimes.co.uk

සංගක්කාර කියන්නෙ ලංකාව බිහි කරපු ක්‍රිකට් වංශකතාවක් කිවුවොත් ඔබ විරුද්ධ වෙන එකක් නෑ. තාක්ෂණානුකූල ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන පුරුකක් විදිහට ක්‍රිකට් ලෝකයම පිළිගන්නා සංගක්කාරත් ගායනයට දක්ෂතා ඇත්තෙක්. සංගා 2008 IPL තරඟාවලියට සහභාගි වෙලා ඉන්න අවධියේ දී කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමේ ක්‍රීඩා සඟයෙක් වුණු බ්‍රෙට් ලී සහ තවත් ක්‍රීඩකයන් කීප දෙනෙක් සමග ගීතයක් ගායනා කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයේ තිබෙනවා. සංගක්කාර හොඳ ගායකයෙක් බව එයින් ඔබට ඔප්පු කර පෙන්නාවි.

 

 

6. අකලංක ගනේගම

SL Cricketers Who can Sing

Source – espncricinfo.com

අකලංක ගනේගම කියන්නෙත් ක්‍රීඩාවට විතරක් කොටු නොවී රංගනය, ගායනය සහ නර්තනය වගේ අංශ වලිනුත් වැඩ පෙන්නන අපේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඉහළ ගායන හැකියාවක් තියන අකලංක විසින් ගායනා කරපු ගීතයක් තමයි මේ.

 

 

7. බැලුවම ඔක්කොම ගායකයෝ

 

 

ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ගායන දක්ෂතා ගැන හොයන්න අපි පෙළඹුනේ පසුගිය වසරේ තිබුණු ක්‍රිකට් සම්මාන උළෙලේදී ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එකතු වෙලා ගායනා කරපු ගීත කිහිපය බැලුවට පස්සෙයි. නිරෝශන් දික්වැල්ල, දුශ්මන්ත චමීර, නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක, තිලකරත්න දිල්ශාන් ඇතුල ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම එකතු වෙලා එහිදී ගීත කිහිපයක්ම ගායනා කරනු ලැබුවා.

 

8. කාටද මතක මේ පරණ සින්දුව?

 

පරණ ක්‍රිකට් ලෝලියෙක් නම් 1990 ගණන් වලදී අපේ ක්‍රිකට් සෙට් එක කියපු මේ සින්දුව මතකයේ ඇති. සනත් ජයසූරිය, උපුල් චන්දන, තිලකරත්න දිල්ෂාන්, රොෂාන් මහානාම, චාමර කපුගෙදර, අකලංක ගනේගම ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ගායනයෙන් එකතුවෙච්ච මේ ගීතය එවක රූපවාහිනියෙන් නිතර විකාශය වුණා.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගායන හැකියාව තිබීම ඔවුන්ගේ මානසික මට්ටම ඉහළ නංවන්න හේතුවක් වන බව නොඅනුමානයි. ලංකාවේ අනාගත ක්‍රිකට් ක්ශේත්‍රය වගේම ගායන ක්ශේත්‍රයත් මේ තරු වලින් හැඩ වන බව කිව නොහැක්කේ කාටද?

 
Cover Image Source – youtube.com/dnaindia.com/newindianexpress.com/ibntimes.co.uk
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *