අලුත් අවුරුද්ද කියන්නෙ ෆුල් ත්‍රිල් සමයක් විත්තිය අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැනෙ. ඒකට අපි කලින් ලියපු ආටිකල් සාක්කි. ඒ දේවල් ආටිකල් එකකින්වත් කියල ඉවර කරන්න බැරි තරං ආතල් කන්දකින් පිරිලා තියෙනවා. මේ ලියන්නෙ ඒ ආතල් සමයෙන් පස්සෙ අපිට මුහුණ දෙන්නට වෙන සිද්ධි කිහිපයක් ගැන. මේ සිද්ධි කිහිපය අපිට අලුත් අවුරුද්දෙ ත්‍රිල් අමතක කරවන්න තරමට අවුල් සහගතයි.
1. එන්න පඩි එන්න
අලුත් අවුරුදු ඉවරයි කියන්නෙ ඉතිං අපි රිම් එකෙන් යනව කියන එක. පාටි, රෙදි වියදං, වැඳපු පොඩි උණ්ට වියදං, ට්‍රැවලින් වියදං, ආතල් වියදං වැනි සියළු දේ කළාට පස්සෙ පහළොවෙන් පස්සෙ ජීවිතය ගැන අපිට තියෙන්නෙ නන්දිකඩාල්වල හිටපු ප්‍රභාකරන්ට තිබුන වගේ හැඟීමක්. ඒ තරමට තත්ත්වය සෝචනීයයි පිංවතුනි. පඩිය එනකං බලං හිටියට එතනත් අවුලක් තියෙනවා. මේ පාර පඩිය එන්නෙත් ටිකක් අඩුවෙලා. ඇයි අපි සැලර් ඇඩ්වාන්ස් එකකුත් ගත්තනෙ අවුරුදු කන්න හිතාගෙන.
2. සති දෙකක් අමුවෙන්
අතේ සල්ලි නෑ කියන්නෙ ඉතිං මූලික අවශ්‍යතා වෙනුවෙන් පමණක් වියදං කරන්න සිද්ධ වෙනවා කියන එක. කෑම බීම වෙනුවෙනුත් වියදං කරන්නෙ අමාරුවෙන් වුනාම ආයෙ ඒ අස්සට ඇල්කොහොල් වගේ මිලාධික දෙයක් රිංගවන එක හිතන්නත් අමාරු තත්ත්වයක. අවුරුදු කාලෙට අහුමුළුවල තිබ්බ කොට ටිකත් ඉවර කරන නිසා ඉදිරි සති දෙක ගෙවන්න වෙන්නෙ පහුගිය සතියෙ බීපු උජාරුව ගැන සිහි කර කර තමයි.
3. කොන්ඩ කැවුම් මූනක්
ආයෙ ඉතිං ඒ ටිකේ තෙල්, පිටි සහ සීනි පිරිච්ච කෑම හොඳට කාලා ෆුල් දිරිමාර් වෙලා ඉන්නෙ. රාම තෙල් ඇරලම උගුරට නිවනක් නෑ. ඊට හපං ඊට පස්සෙ එන ලෙඩ ටික. ඇයි ඉතිං තෙල් පිරිච්ච මූනු, උස්සගන්න අමාරු බඩවල්, නැවෙන්න අමාරු තුනටි වගේ දේවල් හොඳට දවස් හතක් තිස්සෙ තෙල් පිරිච්ච කෑම කෑළුම එන්න පුළුවන්.
4. කෑමාතල් බැස යාම
අවුරුදු කාලෙටම හැදෙන අවුරුද්දට විශේෂ සඳ හනක් නොවන විශේෂ කෑම ජාති ටිකක් තියෙනවා. අච්චාරු, ලුණු දෙහි, කජු/ හාල්මැස්සො/ ළූනු/ පපඩම් දාපු බැදුම්වර්ග වගේ දේවල් ඒ අතරෙ තියෙනවා. අන්න ඒ කෑමවල ආතල් එකත් අවුරුදු ඉවර වෙද්දි බැහැලා යනවා. ඒ අච්චාරුවල අඩිය අසුවීම, බැදුම් ජාති පෙඟෙන්නට පටන් ගෙන තිබීම වගේ හිත රිදවන සිද්ධි නිසායි.
5. ලොක්කා
ගමේ අවුරුදු උත්සවේට යන්නවත් නිවාඩුවක් ගන්නට ආයෙත් ඒ මාසෙ ඉතුරු දවස් ටික යනකං ඉඩක් ලැබෙන්නෙ නැහැ. තොපි ගත්ත නේද ලොකු නිවාඩුවක්. කියන එක අහන්න බලාගෙන තමයි ලොක්කා ඉන්නෙ. අන්න ඒ නිසා මොකක් නිසාවෙන් අවුරුදු නිවාඩුවෙන් පස්සෙ ඒ මාසෙ ඉවර වෙනකං නිවාඩුවක් නං ගන්න වෙන්නෙ නෑ පුතේ.
6. වැඩ වැඩ වැඩ වැඩ වැඩ
අවුරුදු කාලය ඇතුළත ගොඩගැහුනු වැඩ, අවුරුද්දෙන් පස්සෙ කොහොමත් තියෙන වැඩ සහ ඔන්නොහේ අවුරුද්දට පස්සෙ කරනව කියල අවුරුද්ද්ට කලින් අතෑරලා දාපු වැඩ ඔක්කොම අවුරුද්දෙන් පස්සෙ ඔයා ඔෆිස් එනකං කට ඇරගෙන බලං ඉන්නවා. ඒක ලේසි නෑ. ඒ දේට මුහුන දෙන එක කිසිසේත්ම ලේසි නෑ. ගිහින් ඉතිං පිස්සෙක් වගේ වැඩ කරන්න තමයි තියෙන්නෙ.
Cover Image Source – workfromhome.co.uk / lifezen.in
Leave a Reply