දැන් ඔය කොහා කෑගහන සද්දෙ වගේ එවුව එච්චරට නැති වුනාට අවුරදු කාලෙ කියල අපි චැනල් ටික චාරිත්‍ර පට්ටන්දරේ ගහන්න පටන් ගත්තට පස්සෙ හරි දන්නවනෙ. හැබැයි තවමත් නොවෙනස් එක දෙයක් තියෙනවා. ඒ තමයි අපේ හිත් ඇතුළෙ අවුරද්ද ගැන තියෙන ආතල් එක. මේක ඉතිං කාරණා විදියට ගත්තොත් අපි ඒ කාලෙ බලං හිටපු හේතුයි මේ කාලෙ බලං ඉන්න හේතුයි විදියට වෙනස් වුනාට තාමත් අපි අලුත් අවුරුද්ද එන එකෙන් හිතට ලබන ආතල් එක එකක්. මේ කියන්නෙ ඒ විදියෙ ආතල් කාරණා ටිකක්.
1. ගොරෝ ගොරෝ

Source – valleysleepcenter.com
සෙනසුරාදටත් බොස් කෝල් කරනවා. ආ උඹ පොඩ්ඩක් අරක බලනවද? මේක බලනවද? අතනට කෝල් කරනවද? වගේ දාහක් දේවල් එය කෝල්වල තියෙනවා. ඒත් අවුරුදු කාලෙට බොසුත් එයාගෙ පවුලත් එක්ක බිසී නිසා අපිට නිදහසේ නින්දක් ගහන්න පුළුවන්. ගෙදර මිනිස්සුත් ගමේ ගිහින්නං ආතල් දෙකෝටියයි. ඇහැරෙනවා නානවා වේල් දෙකක් එකට අල්ලලා කනවා නිදියනවා. ඇතිතරං බියර් ෆ්‍රිජ් එකේ දාගෙන මැවෙන ඒ හීනෙ සුන්දරත්වෙ කියල වැඩක් නෑ මචං.
2. මූවි සීසන්

Source – ebay.com
අම්බෝ ඉතිං ළමා චිත්‍රපට කෝටියයිනෙ ටීවී එකේ. මොකෝ ඉතිං ඔවුව බලන්න ළමයි ගෙදර ඉන්න එකක් යැ. උන් ට්‍රිප් ගිහිල්ල, ගමේ ගිහිල්ල වගේ ගොං පාට්වලට හිර වෙලා. හැබැයි ඉතිං ඒවා බලන්න මොක්කු හරි ඉන්න ඕන නිසා අපි සෙට් වෙනව ළමා චිත්‍රපටි බලන්න. අවුරුදු ගානක් එක දිගට බලන නිසා දෙබසෙන් දෙබසට කට පාඩං. ආයෙ ඉතිං සෝෆා එකෙන් බහින්නෙ නෑ නම්වැල යනකං.
3. කැවුම් කොකිස් මුං අළුවා

Source – foodmiles.com
ළමා හෝ වැඩිහිටි කියල වෙනස් නොවෙන ආතල් එක තමයි අවුරුදු කැවිලි කියන්නෙ. ගෙදර හැදුවෙ නැත්තං කඩෙන් ගේනවා. සරළයි. ළමා කාලෙදි අපි කැමති ආස්මී, කොකිස් වගේ ආතල් කෑමවලට වුනාට වැඩිහිටි වේගන එද්දි කොණ්ඩ කැවුම්, පැණි වළලු, අළුවා වලට හිත යනවා වැඩියි. අනිත කොච්චර කෑවත් මේ කෑම එපා වෙන්නෙ නැති එකනෙ පුදුමෙ.
4. ගර්ල්ස් ඕල් ද වේ

Source – huffpost.com
අවුරුදු කාලෙට ගැහැනු ළමුන් මුණගැහෙන්න තියෙන ඉඩ කඩත් වැඩියි. ගෑණු ලමයි ගෙදරම ඉන්නෙත් නෑ. එළිපහලියටත් බහිනවා. ඒ වගේම ඔය එක එක ඉවෙන්ට්ස් වුනත් අවුරුදු කාලෙට වැඩි නිසා අලුත් අවුරුද්දට අලුතෙන් කෙල්ලෙක් සෙට් කරගන්න තියෙන ඉඩ වැඩියි. ඒ වගේම වැරදිලාවත් ගමේ ගියත් ඔප්ෂන්ස් ගොඩක් අලුතෙන් බිල්ඩ් වෙලා තියෙන බව නගරෙ කොල්ලෙකුට දැනෙනවා.
5. අනුපාන

Source – yamu.lk
අලුත් අවුරුද්දට අනුපාන ආහාර ටිකක් තියෙනවා. අලුත් අවුරුද්ද ඉවර වෙලත් ඒ ආතල් කෑම ටික කාලයක් යනකං බෝතල්වල දාගෙන මිනිස්සු කනවා. ඒ නිසා අලුත් අවුරුද්දට මේ ආතල් එකත් සැලකිය යුතු සොමියක් ලබාදෙනවා. ලුණු දෙහි, අච්චාරු, හාල්මැස්සො/කජු/පපඩම් ඔක්කොම එකට දාපු බැදුම්. වගේ දේවල්වල තියෙන ආතල් එකට පරිප්පුවක් විතරක් ගෙදර ඉවුවත් කිසි ගින්නක් නැතුව බත් කන්දක් කන්න පුළුවන්.
6. ඕප්ස්

Source – goingbyfaith.com
අලුත් අවුරුදු නිවාඩුව ගොඩක් දෙනෙකුට ලැබෙන නිසා අලුත් අවුරුද්දට ගොඩක් සෙට් කාලෙකට පස්සෙ සිද්ධ වෙන මුණගැසීම් සිදු වෙනවා. කාලෙකට පස්සෙ කට්ටිය සෙට් වෙනව කියන්නෙ මීවිත, ගැහැණු, ක්‍රීඩාව, දේශපාලනය වගේ දේවල් එක්ක යන රසබර ඕප්ස් කතාබහක් තියෙනවා කියන එකනෙ.
Cover Image Source – lankalionsaustralia.co.au
Leave a Reply