අන්තර්ජාලය ගමින් ගමට දොරින් දොරට පැතිරීමත් එක්කම ලෝකයේ එහා කොනේ තිබෙන රටක බඩු බාහිරාදිය අපිට දැකබලාගැනීමට ඒවායේ මිල ගණන් දැනගැනිමට අවස්ථාව උදා වුණා. එතෙක් කඩපිලට ටවුමට ගොස් ඒ කඩවල තිබෙන බඩු බාහිරාදිය තෝරාගත් අපි ඉන් පසු අන්තර්ජාලයේ ඊබේ, ඇමසන්, අලිඑක්ස්ප්‍රස්, බැංගුඩ්, ගියර්බෙස්ට් ආදී අඩවියන් පීරා විවිධ ආකාරයේ බඩු බාහිරාදිය ගැන සොයාබලන්නත් ඒවා ඇණවුම් කරන්නත් හුරු වුණා. ඒ බඩු බැලීමේදීත් බඩු ඇණවුම් කිරීමේදිත් පොඩි පොඩි කාරණා ටිකක් ගැන අවධානය යොමු කලොත් අපේ මුදලුත් ඉතිරිවෙලා භාණ්ඩයත් කලට වේලාවට අතට ලැබෙන්නට හේතු වෙනවා.
1. සෙලර් ඇන් සෙලර් රේටින්

Source – smartpowerseller.com
ඊබේ, ඇමසන්, සහ අලි එක්ස්ප්‍රස් වැනි අඩවි වලදී එම අලෙවි අඩවියේ විවිධාකර වෙළෙන්දන් විසින් විවිධ ආාකාරයේ බඩු බාහිරාදිය රැසක් විකුණනවා. ඒ අවස්ථාවලදී ඒ වෙළෙන්දා ගේ තත්වය අනුව ඔහු වර්ග කරන්නත් ඒ අඩවි කටයුතු කරලා තිබෙනවා. ඒ හරහා හොඳ රේට් එකක් ඇති පාරිභෝගිකයා විසින් හොඳ රිවිව්ස් ලබා දී ඇති ස්ටෝරුවකින් බඩු ගන්නට තොරාගත හැකියි.
2. විකිණිලා තිබෙන කැලි ගණන

Source – techtoolstuff.com
එකම බඩුව ස්ටෝරු කිහිපයක තිබෙන අවස්ථාද තිබෙනවා. එවන් අවස්ථාවලදි එම අදාල බඩුව හෝ උපකරණය කැලි කීයක් පමණ විකිණී ඇතිද? ඒ ගැන ඇති හොඳ නරක කියා ඇති දේ මොනවාද කියාත් ඔන්ලයින් අඩවියෙකදී පරික්ෂා කර බැලිය හැකිය. කෑලි දහස් ගණනක් විකිණී ඇතිනම් එවැනි තැනකින් භාණ්ඩය මිලදී ගැනීම වඩාත් විශ්වාසනීයයි. එසේම නරක කමෙන්ට් රිවීව් අඩු වීමත් හොද ඔන්ලයින් භාණ්ඩයක තවත් ලක්ෂණයක්.
3. ෂිපින් මෙතඩ් එක

Source – sgkglobal.com
ෂිපින් නොමිලේ දාන්නත් පුලුවනි. ඒත් ඇතැම් චීන අඩවි වල මෙම ෆ්‍රී ෂිපින් හරහා බඩු ලංකාවට ඇවිත් අපේ ගෙදරට එන්නට බොහෝ කල් ගත වෙනවා. උදාහරණ විදියට අප වැසි කාලගුණය පටන් ගන්නා සමයක ලස්සන කුඩයක් ඕඩර් කලොත් සාමාන්‍ය චීන අලි එක්ස්ප්‍රස්. බැංගුඩ්, වැනි අඩවියකින් එම කුඩය පැමිණෙන විට නියං සමයකුත් පැමිණ තිබීමට පුළුවන්. ටිකක් වටිනා කියන ඉක්මණින් ඕනා කරන බඩුවක් නම් අපිට ෂිපින් ක්‍රමය වෙනස් කරලා බොහෝම ඉක්මණින් අතට ලැබෙන විදියට ඕඩර් කරන්නත් හැකියි. DHL හරහා සතියකින්ද EMS හරහා සති දෙකකින් සාමාන්‍යයෙන් බඩු අපේ අතට ගතහැකිය. එහෙත් තවමත් අප රට තැපැල් සේවාවේ පවතින ප්‍රබල දෝශ හේතුවෙන් ඇතැම් විට කටුනායකින් බාන පාර්සලය අපිට එන්නට සති කිහිපයක්ම ගතවන අවස්ථාද තිබෙනවා.
4. ට්‍රැකින් සහ ඇටෙන්ෂන් එකෙන් සිටීම

Source – proship.inc
ඔන්ලයින් අඩවි රැසක්ම අප ඕඩර් කරන ලද භාණ්ඩය තිබෙන්නේ කොතැනද කියා සෙවිය හැකි ට්‍රැකින් පහසුකම සපයා තිබෙනවා. ඒ හරහා අපිට අපේ ඇනවුම හිරවී ඇතිද? ඒ කොතැනකද කියා දැනගැනීමට හැකියි. එසේම බඩු භාණ්ඩ ඇනවුම කර නිසි කාලය තුලදී අප අතට ලැබුණේ නැතිනම් ඒ පැමිණිලි කිරීමට කාලයක් අපිට ලැබෙනවා. ඒ කාලයද හමාර වුවහොත් නැවතත් එම බඩුව සම්බන්ධයෙන් අපිට ගන්නට හැකි ක්‍රියාමර්ගයක් අඩුයි. ඒ නිසා අප යමක් ඇණවුම් කළානම් අවම වශයෙන් මාසයකට වරක්වත් ඒ ගැන තරමක සෙවිල්ලෙන් සිටීම වැදගත් වෙනවා. මේ ට්‍රැකින් වලදී ලංකාවට බඩුව ඇවිත් නම් මහ තැපැල් කන්තෝරුවට සහ ඔබේ පලාතේ තැපැල් කන්තෝරුවට කතා කරලා බඩු කොහිද කියා බැලීමත් කළ යුතු අවස්ථා තිබෙනවා. සාමාන්‍යයෙන් තැපැල් යනු සේවාවක් වුවත් අප රටදි ඇතැම්විට එය අපේ බඩුව අප ගොස් ලබාගත යුතු තැනටම පැමිණ තිබෙන අවස්ථා තිබෙනවා.
5. ගෙන්නන බඩු සහ පර්මිශන් ටැක්ස්

Source – wsj.com
පිටරටින් විදුලි සංදේශ උපකරණ සහ ස්මාට්ෆෝන් ගෙන්වීමේදී විදුලි සංදේශ නියාමන කොමිසමෙන් අවසරයක් තිබිය යුතුයි. එසේ නොමැතිව වුවද ෆෝන් අතටම එන අවස්ථා තිබුනත් එසේ අවසර නැතිව එන බඩු නවත්වා ඔබට කන්තෝරුව වෙත කැඳවීමටද හැකියි. එවිට යම් බදු මුදලක්ද ගෙවා අවශ්‍ය පර්මිශන් ගත් පසු ෆෝන් එක අතට ගැනීමට හැකියි. ඩ්‍රොන යානා ආදී මාදිලිවල විශාල ඒවානම් ගුවන් හමුදාවෙනුත් අවසර ගන්නට වෙනවා. එසේම මේ ගෙන්වන භාණ්ඩ තීරුබදු වලට යටත් නොවන නිසා හසුවන ඕනෑම මොහොතකදී එම භාණ්ඩයට අදාල තීරුබදුද අපි විසින් ගෙවීමට සිදුවෙනවා. අප සාමාන්‍යයෙන් ඇනවුම් කරන බඩු අතටම ලැබීමේ සම්භාවිතාවය වැඩි වුවත් වටිනාකම වැඩි බඩු එසේ තැපෑලේ නැවතී තීරුබදු එකතු වීමට හැකියි.
6. ඔන්ලයින් වලට බය වෙන්න ඕනාද?

Source – youtube.com
ඔබ ගෙවා බඩු ඇණවුම් කරන වෙබ් අඩවිය හොඳ ප්‍රසිද්ධ අඩවියක් නම් එහිදී ගෙවිම් සම්බන්ධයෙන් වැඩිමනක් බයවිමට අවශ්‍ය නැහැ. ඔන්ලයින් ඇනවුම් වලදී ලංකාවට ඒමට පෙර භාන්ඩය නැති වුවහොත් බොහෝ අන්තර්ජාලිත අඩවි වලින් නැවත මුදල් බැරකිරීමක්ද සිදු වෙනවා. ඔන්ලයින් විදෙස් අඩවි වලින් බඩු ඕඩර් කිරීම කියන්නේ කාලය ඉතිරි කරන බොහෝවිට මිල අඩුවෙන් බඩු ගන්න පුලුවන් ක්‍රමයක්. එය ක්‍රම සහ විධි දැනගෙන අවබෝධයෙන් කලොත් අමාරුවේ වැටීමට ඇති ඉඩකඩ අඩුකරගන්නට හැකියි.
Cover Image Source – rd.com/ bi.com / pixels.com
Leave a Reply