ගොඩක් කොල්ලො අක්කලාට ලව් කරන්න කැමතියිනෙ. ඒකෙ තියෙන වාසි සහ අවාසි මොනවද කියලා අපි කලින් දවසක කිවුවා. මේ කියන්න යන්නෙත් ඒකට අදාළ කතාවක්. ඒ තමයි ඇයි කොල්ලොන්ට අක්කලාට ආදරේ කරන්න හිතෙන්නෙ කියන එක. ඒක අර කියපු වාසි ටිකට වඩා වෙනස් ටිකක්.
1. එක්ස්පීරියන්ස්

Source – youtube.com
අක්කෙකුට තියෙනවා එක්ස්පීරියන්ස් එකක්. සාමාන්‍යයෙන් නංගිලා එක්ක වගේ මුලපිරීම සිද්ධ කරන්න කොල්ලට සිද්ධ වෙන්නෙ නෑ, අක්කලාත් මුලපිරීම ගන්න අවස්ථා තියෙනවා. කොල්ලො ඒකට කැමතියි. අන්න ඒ නිසා තමුන්ට වඩා වැඩිමල් සහ එක්ස්පීරියන්ස් තිබීම අක්කෙකුගෙ ලොකුම වාසියක් විදියට දක්වන්න පුළුවන්.
2. ලව් කරන්නත් කලින් ලව්

Source – Mirror.co.uk
ඇත්තටම බාල ගෑනු ළමයෙක් එක්ක ආදරේ කරද්දි මුල් කාලය පුරාම එයාගෙන් සුන්දර වචනයක් ගන්න ලොකු කට්ටක් කන්න වෙනවා. ඒත් අක්ක කෙනෙක් ලව් කරන්නත් කලින් ඉඳන්ම මල්ලිලට ආදරය කරනවා වගේම කොල්ලො කැමතිම විදියට හුරතල් වීම සහ හුරතල් කිරීම සිද්ධ වෙනවා.
3. නෝට්ස්

Source – iat.com
පුංචි කාලෙ ලව් කිරිල්ලටත් උඩින් අපිට තියෙන ප්‍රශ්නෙ තමයි නෝට්ස් කියන්නෙ. ඉතිං අක්කා කෙනෙක් කියන්නෙ අනිවාර්යෙන්ම අපිට කලින් ඒ දේවල් ඉගෙනගත්තු කෙනෙක් නිසා ලව් කරන අතරෙම නෝට්ස් ටිකත් ගොඩ යනවා වගේම, ආදරේ අස්සෙ සැර කරලා ඉගෙනගන්නත් අපිව පෙළඹෙනවා.
4. උයන්න

Source – nypost.com
අයන්න කියන්න කිය කිය ඉන්නැතුව කෙලින්ම ගින්නක් නැතුව උයන්න දැන සිටීමත් අක්කලගෙ හොඳක්. ඒ නිසා ලව් කරන කාලය අතරතුර තමන්ගෙ පෙම්වතිය උයපු දෙයක් කන්න පෙම්වතුන් විදියට මල්ලිලාට චාන්ස් එක ලැබෙනවා. ඒ කම කොච්චර දෙයක්ද? අපි මේ හැමදේම කරන්නෙ බඩ වෙනුවෙන්නෙ.
5. නෝටි වැඩ

Source – huffpost.com
සමවයස් හෝ නංගි කෙනෙකුට නං මුල්ම ආදර සම්බන්ධය පටන්ගනිද්දි අපිට නෝටි වැඩ ටික උගන්නලාම තමයි ගේම් එකට එන්ටර් වෙන්න සිද්ධ වෙන්නෙ. ඒත් අක්කලා කිසිම ප්‍රශ්නයක් නැතුව ලැබුනු එක්ස්පීරියන්ස් මත නෝටි වැඩත් දන්නා නිසා මල්ලිලාට ආදරේ කන්ටිනියු කරගෙන යන්න ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑ.
6. ගොං පාට් අවමයි

Source – guardian.ng
ඇත්තටම මෙතනටත් බලපාන්නෙ අක්කලා සතු එක්ස්පීරියන්ස් එක. මේ නිසා එයාලා ගාව ගොං පාට් අඩුයි. අනී මටා බයායි… ඒ මොකද්ද ඒ… ඇයි අපි මෙහෙ ආවෙ වගේ හිර වෙන ප්‍රශ්නවලට අක්කලා ගාවදි උත්තර දෙන්න වෙන්නෙ නෑ. අන්න ඒ නිසා කොල්ලෙක් අක්කෙක් එක්ක ආදරේ කරන්න හොඳටම කැමතියි.
7. සමාජය සැක නොසිතීම

Source – thesun.co.uk
දැන් ඉතිං නිකමට හිතන්නකො. සමවයසෙ කෙල්ලෙකුයි කොල්ලෙකුයි පාරෙ යද්දිම උන් දෙන්නා ගැන අවුල් දේවල් හිතනවනෙ. ඒත් අක්කයි මල්ලියි වුනාම තත්ත්වෙ වෙනස්. කවුරුත් මුලින්ම සැක කරන්න පටන් ගන්නෙ නෑ. අන්න ඒකම මේ ලව් එක ෂේප් එකේ කරගෙන යන්න හොඳ උදව්වක්.
Cover Image Source – lovetoknow.com/ huffpost.com/bustle.com
Leave a Reply