කොල්ලො ඉතිං අම්මට ආදරෙයිනෙ. ආදරෙයි කියන්නෙ ඉතිං පැලෙන්න ආදරෙයිනෙ. අම්මලත් පුතාලට ඒ විදියටම ආදරෙයි. ඔය ආදරේ රසම රස උදේ තේකක්, බඩ පිරෙන්න රස කෑම වගේම වගේ දේවල් හින්දා වැඩි වෙනවා. හැබැයි අම්මල එක්ක සෙට් වෙලා වැඩකරන්න අකමැති අවස්ථාත් කොල්ලොන්ගෙ ජීවිතේ තියෙනවා. යන්න අකමැති ගමන්, කරන්න අකමැති වැඩ වගේ දේවල් තමයි ඒ අස්සෙ තියෙන්නෙ. අපි කියන්නෙ ඒ ගැන.
1. ට්‍රිප්

Source – youtube.com
අම්මල එක්ක ට්‍රිප් යනව කියන එක කොල්ලො කරන්න අකමැතිම දෙයක්. ඔය ඉතිං ෆැමිලි ට්‍රිප් වගේ ඒව වගේම, අම්මලගෙ මිත්‍ර සමාගම්වල ට්‍රිප් යන එකත් කොල්ලොන්ට එපා කරපු වැඩක්. මූදෙ නාන්න දෙන්නෙ නෑ, තහනං උත්තේජක බොන්න දෙන්නෙ නෑ, කෑ ගහල කතා කරන්න දෙන්නෙ නෑ, කෙල්ලෙක් දිහා බලන්න වෙන්නෙ නෑ, ආතල් සින්දුවක් කියන්න දෙන්නෙ නෑ, නෑ නෑ නෑ නෑමයි.
2. ෂොපින්

Source – huffpost.com
අම්මල එක්ක ෂොපින් යන එක ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක යනවට හපං. සූකිරි ගන්න යනව කියල යන්නෙ. සිමෙන්තිත් අරං එන්නෙ. දොළහ බිත්තරේ එකොළහයි පනහට ගන්න කිලෝමීටර් දෙකක් විතර ඇවිදගෙන යනවා. අත් ට්‍රැක්ටරයක් හරි නිකං දෙනව කියල තිබ්බොත් කුඹුරක් නැතත් උදලු දහයක් අරගන්නවා. ඔව්වා කරගහගෙන එන්න ඕනෙත් අපිනෙ. ඒ වගේම පුතේ ඔය යන අතරෙ මොකෙක් හරි ඇන්ටි පාරක් කතාවට සෙට්වුනොත් ඉතිං පැය දෙකක් විතර ප්‍රාදේශීය ඕප සේවයට කැපවෙනවා.
3. නෑදෑ ගෙවල්

Source – daysoftheyear.com
ඔන්න පුතේ මේ ගමන ගිය කොල්ලක් දන්නවා මේ යන්නෙ සංසාරෙම අවුල් යන ගමනක් කියලා. මේ ගමන ගිහිල්ලා ආවාම අම්මලට නැති ප්‍රශ්න ඇති වෙනවා. නෑදෑ ගෙදර එවුන් එනකං බලන් ඉන්නෙ උන්ගෙ වරුණෙ කියල අනිත් එකාව පහත් කරන්න. අම්මත් ඒකට රෙඩි පිට යන්නෙ. හැබැයි පුතේ ඔය දෙකෙන් කොයි පැත්තෙනුත් තැලෙන්නෙ අහිංසක අපි. ආ පුතාට තාම ජොබ් එකක් නැද්ද? ඔය කෝස් කර කර ඉඳල හරියනවද හැමදාම? වගේ වර්ඩ් එකක් අම්මගෙ ඔලුවට ගියොත් එය අවුල දිග ඇදි ඇදි සතිගාණක් ඉස්සරහට යනවා.
4. පේරන්ට්ස් මීටින්

Source – huffpost.com
කොච්චර සැර වුනත් පේරන්ට්ස් මීටින් යන්න ඕන තාත්තත් එක්ක. මොකද තාත්තා පේරන්ට්ස් මීටින් එන්නෙ ඔෆිස් යන ගමන්. අම්ම එහෙම නෙමෙයි. යාළුවො එක්කත් ඕපෙ ගහල හවසම ගෙදර යන්න බලාගෙන එයා එන්නෙ. තාත්තා ආව ටීචර්ල කියන දෙයක් ඇහුව ගියා. අම්ම එහෙම නෙමෙයි. එනව. ටීචර්ලා ඈතින් ගියොත් එලවං යනව. මූ වැරදියි නේද කියල අහනවා. වැරදියි කිවුවොත් ඇස්වල කඳුළු පුරවගන්නව. ඊට පස්සෙ පළු යනකං ඉස්කෝලෙ තියාගෙනම දේශනා දෙනව. ඔය උලවුවලට මුහුණදෙනවට වඩා තාත්තගෙන් එරවිල්ලක් ලබාගෙන ජීවත් වෙන එක සැපයි.
5. ෆෝන් කෝල්

Source – youtube.com
ඔන්න කොල්ලො දකින්න බයම දේ. යාලුවොන්ගෙන් එන්නෙ මිස්ඩ් කෝල් විතරයි. කෙල්ලත් එක්ක ඉතිං කරන්නෙ ලවු කරන එකනෙ. තාත්තත් එක්ක තත්පර විස්සයි. හැබැයි අම්ම කතා කළොත් රටේ නැති ඕපදූප කිය කිය, එකම දේ අට පාර ගානෙ කිය කිය, අපි හැමදාම කරන දේවල් ටිකම කරන්න එපා කිය කිය, අන්තිමට කෝල් එක තියන්නෙ එයාට අත උස්සන් ඉන්න අමාරු වුනාම.
6. දොස්තර ගාවට

Source – Lifie.lk
අම්මලත් එක්ක යන්න හොඳ නැති තවත් තැනක් තමයි දොස්තර මුණගැහෙන්න යන එක. දොස්තර ගාවට යන්නෙ ඉතිං ලෙඩක් කියන්නනෙ. හැබැයි අම්ම එක්ක ගියොත් අයිසීයූ දාලා නවත්තන්නෙ. ඇයි ඉතිං කියන්නෙ මූ ඊයෙ රෑ කහිද්දි දිව බුරිය ගාවට යනකං එළියට ආවා ඩොක්ටර් කියලනෙ.
Cover Image Source – rd.com
Leave a Reply