වෙඩින් එකකදි දකින්න පුළුවන් කොල්ලො සෙට්වල කැරැක්ටර් ටිකක්

Wedding ceremonial guys

අපිට ඉතිං ඔෆිස් එකකට ගියාම මළ ගෙවල්වලට වඩා වැඩිපුරම සෙට් වෙන්නෙ මගුල් ගෙවල් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. සමහර දෙසැම්බර් කාලවල වෙඩින් හතක් විතර තිබිලා, හිඟන්නන්ගෙනුත් සල්ලි හොරකං කරන්න හිතෙන කාලයක්. ඒ තරමට හන්තර්. එහෙම වෙච්ච අපිට වෙඩින් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. මේ කියන්නෙ වෙඩින් එකකදි අපිට දකින්න ලැබෙන කැරැක්ටර් ටිකක් ගැන. හැබැයි මේ අපේ යාළුවො සෙට් එකේම ඉන්න ඩයල් ටිකක්. මෙතන ඔය අන්කල්ලා නෑ.

 

1. කර්පට්

Wedding ceremonial guys

Source – nyweddingco. wordpress.com

ගිය ගමන්ම වෙඩින් එකේ බොන්න තියෙන හැ‍ම දේකින්ම ටික ටික බීලා, ඒ ටිකෙන් හොඳටම හිතිච්ච‍ දේ ගොඩක් බීලා දිගා වෙලා ඉන්න අය මියුසික් චුට්ටක් දීගෙන එනකොට වගා වෙනවා. මේ අය ඩාන්ස් ෆ්ලෝ අනුභව සහ ඩාන්ස් ෆ්ලෝ අනුභව නොකරන ලෙස කාණ්ඩ දෙකකට බෙදිය හැකියි. ලස්සන කෙල්ලො පිටිපස්සෙන් ලේඩීස් ටොයිලට්වලට යෑම, මනමාලි එක්ක කට්ටිය ගන්න හැම පින්තූරයකටම පෙනී සිටීම, නිතරම මංගල යුවලගේ දෙමවුපියන්ට වැඳීම, දකින හැම එකාගෙන්ම මල්ලි කෑවද යැයි ඇසීම වැනි සුපුරුදු තත්ත්ව මේ අයගෙන් පෙන්නුම් කරනවා.

 

2. දුක්ගන්නාරාල

Wedding ceremonial guys

Source – stillbrandworks.com

මෙතන තියෙන එපාම කරපු රස්සාව තමයි මේ. මේ මනුස්සයා ගන්න දුක් කිසිසේත්ම නොබීපු මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නොබීපු මිනිස්සුක කරන්නෙ බීපු එවුන්ව පරිස්සමට ගෙදර ගෙනියන එක විතරයි. ඒත් ඒ පොයින්ට් එක වෙනකං සියළු වගකීම් අදින්නෙ බීලා වෙරි නොවුනු ඩයල් එකක්. මොකද පොරට බීපු උන්ගේ දුක තේරෙනවා. ඔක්කොටම කවලා, වතුර පොවලා, නැගිට්ටවන්නෙ පොර. උන්ව ටොයිලට් ගෙනිහිල්ලා, උන්ගෙ සාක්කුවල තියෙන සල්ලි පැකට් මනාල ජෝඩුවට දීලා, උන්ව චාටර් නොකර වාහනයකට දැක්කීමේ කාර්යය කරන්නෙ මේ අපි කියන හාදයා තමයි.

 

3. සාරි

Wedding ceremonial guys

Source – youtube.com / bi.com

ඔෆිස්වල මෙහෙම බුවාලා වැඩියි. සාරි අඳින ඩයල්. බීලා නටන එවුව වීඩියෝ කරන නොබීපු ඩයල් එකක් ඉන්නවද? අන්න එයා තමයි මේ. ටැග් කරන්න ඕන නෑ ඉතිං. පොර චාටර් වෙනවනෙ එතකොට. පොර මේවා වීඩියෝ කරන්නෙ එදා එතනට ආවෙ නැති ඔෆිස් එකේ කැකු‍ලියොන්ට පෙන්නන්න. උන්ටත් මේ ලෝකෙ ඉර පායනවා දෙයියො.

 

4. බැකෝ

Wedding ceremonial guys

Source – healthywomen.org

ජේතවනේ වගේ බත් පිඟන් ගින්නක් නැතුව බස්සන එකෙක්, මූන වැහෙන්න කොත ගහපු බත් හකු පාරවල් දෙකෙන් අඩියට බස්සන බැකෝ දන්දීපු ඩයල් එකක් ඔයාලගෙ සෙට් එකෙත් ඉන්නවද? අනිත් උන් බොනවද? බීලා වැටුනද? ගෲප් ෆොටෝ ගන්නවද? ජෝඩුව කැවද? කියලවත් ගානක් නෑ. දීලා අදින්න බලාගෙන තමයි ඉන්නෙ.

 

5. සාධු සාධු

Wedding ceremonial guys

Source – medicalnewstoday.com

මනමාලිටයි මනමාලයටයි උපදෙස් දෙන එවුං කියල සෙට් එකකුත් මේ අතරෙ ඉන්නවා. බැඳලා ඉන්න ඕන හැටි. දරුවෙක් හදන්න ඕන කාලය. දෙන්න අතරෙ තියෙන වලි මගහැර ගන්නෙ කොහොමද? වගේ කාරණා කියලා මනාල යුවල දැනුම්වත් කරන්නෙ කසාදයක් බඳිනවා තියා කෙල්ලෙක් වත් සෙට් වෙලා නැති බුවාලා. මේවා අරක්කුවල ප්‍රතිඵල ‍විදියටත් සිද්ධ වෙන්න පුළුවන්.

 

6. ගීත ගයා

Wedding ceremonial guys

Source – robinandflo.com

බෑන්ඩ් එකත් එක්ක දිගටම සින්දු කියන එකෙක් ඔය කියන සෙට් එක අතරෙ ඉන්නවා. මයික් එකක් පේන්න බෑ. කොටිම්ම මෙහෙම පොරවල් ඩීජේ කරන වෙඩින්වලට යන්නෙත් නෑ. බෑන්ඩ් එකේ එවුන් මයික් එක කැඩුනා කියල අන්තිමට බොරුවක් දාලා ස්ටේජ් එකෙන් බස්සලා යවනකංම පොර බහින්නෙ නෑ බස් එකෙන්.

 

7. හීල්ලුම්

Wedding ceremonial guys

Source – motionelements.com

අර සුජීව ප්‍රසන්න ආරච්චි මහත්තයගෙ පොත්වල වගේ බත් එක අතට ගත්තත් හූල්ලනවා, චූ බර වුනත් හූල්ලනවා, දකුණට හැරුනත් හූල්ලනවා, පොල් ගහක් දැක්කත් හූල්ලනවා වගේ ඩයල්ස් එකක් ඔය කියන සෙට්වල ඉන්නවා. පොර ගෑනු දිහා බලං හූල්ලන එකෙක්. පස්සෙ ඒ බලං හිටපු කෙල්ල ගාවට වෙනිං කොල්ලෙක් යනව දැක්කම තවත් එකක් දිහා බලං ඉන්නවා. ඊටත් පස්සෙ වෙඩින් එක ඉවර වෙලා එන්න හදද්දි ඒ මේකප් කියල හිත හදාගන්න පොර සූදානම්.

 
Cover Image Source – time.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *