සමාජ ජාලයේ රුව ගුණ සුවද විදගැනීමට අපහසු පිරිස්

Social media ban

තොරතුරු පැතිරිම වේගවත් වූ යුගයක නිරන්තයෙන් අනෙකා කෙරෙහිත් වටපිට ලෝකය කෙරෙහිත් අවදිවී සිටීමේ හැකියාව සෝශල් මීඩියා හරහා අපිට උදාවුනි. ඒ හරහා පවුලේ හිතවතුන්, නෑදෑයින්, මිතුරන් මෙන්ම සහෝදර සේවකයින්ගේද සුවදුක් මෙන්ම ජිවිතයේ සොදුරුතම අවස්ථාවන් අපිට ද බෙදාහදාගන්නට ලැබුනි. දුක සතුට මුසු ජීවිතයේ අවස්ථා භෞතිකව දුර බැහැර ජනයා වෙතද සමීප කරවීමට සමාජ ජාලා මැදිහත් විය. රට ලොව විස්තර ඇසුරු සැනින් අප වෙත ලගාකරවීමට අමතරව අපේ ලෝකයේ වටිනාම ඥාති සබදතා මිත්‍ර සබදතා දැඩි කරගැනීමට සෝශල් මීඩියා ඉවහල් විය.

පෙර කල ලංකාවෙන් මැදපෙරදිග හෝ ඈත දුර රටකට අපේ ඥාති හිතමිතුරු පුද්ගලයෙක් නික්ම ගිය කල යළිත් ලියමනක් ලැබෙන තෙක් අපි සියල්ලෝම දුකින් සිටියෙමු. එහෙත් සමාජ ජාලා ඒ සියල්ල වෙනස් කළේය. අද යම් කිසි රැකියාවකට විදෙස් ගත වූවද සතියකට වරක් හෝ සමාජ ජාලා මැසේජ් හරහා අන්තර්ජාලය තුලින් අදාල පුද්ගලයාගේ රුව ගුණ සහ විස්තර අපට දැනැගනීමට අවස්ථාව ලැබේ. එය තාක්ෂණයේ දියුණුව සමග මිනිසාට ලැබුන දායාදයකි. එහෙත් ඕනෑම වැදගත් උපාංගයක් වුවද ලොව විනාශයට වුවද භාවිතා කළ හැකිය.

 

1. අන්තර්ජාල පහසුකම නොමැති අය

Social media ban

Source – orange.web

කියුබාව සහ උතුරු කොරියාව තුලද සමාජ ජාලා තහනම්ය. තහනම පසෙක ලූවත් ඒ රටවල ජනයාට සමාජ ජාලා කෙරෙහි ඇතුලත් වීමට අවකාශයක් ඇත්තේ එහෙමත් අයකුටය. ටෙලිකොම් යටිතල පහසුකම් වලින් දුර්වල ඒ රටවල් දෙකේ ජනයාට දැන් මේ 5G ගැන කතාබහ ඇතිවන කාලයේ 3G පහසුකමද ඉතා දුර්ලභ අත්දැකිමකි. පාකිස්ථාන රූපවාහිනී චැනල වල තවමත් දැන්වීම් යන්නේ 3G පහසුකම ලබාදිම ගැනයි. එනම් එරට බොහෝ ජනයාට තවමත් අන්තර්ජාල සුපිරි වේගයන් යනු හීනයකි. සමාජ ජාලා කෙතෙක් සක්‍රියව පැවතුනත් ඇමරිකාවේ එංගලන්තයේ පවා ඈත ගම් දනව් වලට අන්තර්ජාලයේ පහස හරිහැටි නොලැබෙන පලාත් වේ. ඒ තැන්වලදී සමාජ ජාලා භාවිතය යනු හුදෙක් සිහිනයක් පමණි.

 

2. අන්තර්ජාලය තිබුණද මුදල් නැති උදවිය

Social media ban

Source – networkedindia.com

දිනකට ලංකා රුපියල් තුන්සීයක් (ඇමරිකානු ඩොලර් 1.9ක්)  වත් උපයාගන්නට නොහැකි ජනතාව ඉන්දියාවේ පමණක් මිලියන 800 ක් පමණ වාසය කරයි. අන්තර්ජාලය යන සුඛෝපබෝගී මෙවලම කෙරෙහි මුදල් වියදම් කරනවාට වඩා ඔවුනට කෑමට බීමට ඉදුම් හිටුම් ඇදුම් පැලදුම් වලට සල්ලි වියදම් යුතුව තිබේ. ඒ ආකාරයට ලංකාවේද බොහෝම හොඳින් අන්තර්ජාල සංඥා තිබෙන පලාත්වල වුවද සමාජ ජාලා වලට ලොග් වීමට නොහැකි දුප්පත් ජනයා රැසකි. විශාල කාර්යාල සංකිර්ණ වල සේවකයින්ට ආහාර පාර්සල් ගෙන ඒම, පිරිසිදු කිරීම. අස්පස් කිරීම , තේ හැදිම ආදී කාර්යයන් රැසක නියැලෙන පිරිසිදු කිරිමේ සේවකයින්ට ඇතැම් ආයතනයකදී ලැබෙන්නේ දිනකට රුපියල් 500කටත් අඩු වැටුපකි. ඒ ජනයා ඒ ගන්නා මුදලින් පවුල් නඩත්තු කළ යුතුය. නිවාස ආදිය තනාගත යුතුය. දරුවන් සිටීනම් හැකි පමණ ඔවුන්ට යුතුකම් ඉෂ්ඨ කළ යුතුය.

 

3. දුප්පත්කමත් වලිගේ නැති ගොනා වැනී

Social media ban

Source – wsj.com

රටක් වශයෙන් ෆේස්බුක් හෝ වට්සැප් හෝ බ්ලොක්ද නැද්ද යන වග ඒ දුප්පත්ම ජනයාට අදාලම නැත. ඔවුන්ගේ ඉපයීමේ සීමාව විසින් අන්තර්ජාලය සහ සමාජ ජාල ඔවුනගේ සීමාවෙන් එපිට ස්ථානයක තිබෙන සුඛෝපබෝගී සේවාවක් වේ. බොහෝ දියුණු රටවල සමාජ ක්‍රමය තුල දුප්පත්ම ජනයාට යම් මට්ටමක ජීවිතයක් පවත්වාගත හැකි ලෙස ඒ සමාජ ක්‍රම නිර්මාණය වී තිබේ. එහෙත් අප ඉන්දියාව බංග්ලාදේශය වැනි දුප්පත් රටවලදී තවමත් වැඩවසම් යුගයේදී ආකාරයෙන්ම වැඩකරන වෙහෙස මහන්සි වන සේවකයාට ලැබෙන මුදල හුදෙක් ඔවුනගේ දිවි සරිකරගැනීම පිණිස පමණක් ප්‍රමාණවත්ය. කිසිදු බෑන් කිරීමක් නැතත් එවැනි ජනයාට සමාජ ජාලා යනු සිහිනයකි.

 

4. චීන මහා ෆයර්වෝලය

Social media ban

Source – ethnews.com / vpnnewswere.com

ලොව විශාලතම ජනගහනයක් ඇති රාජ්‍යය වන මහජන චීනයේ ජනයාට අන්තර්ජාලයෙන් සෙසු ලෝකයා හා සම්බන්ධ වීමට විශාල ෆයර්වෝලයක් හරහා යා යුතු වේ. චීනයේදී එහි රජයට විරුද්ධව හෝ ජනාධිපතිවරයාට විරුද්ධව පෝස්ට් හදා හුවමාරු කිරීම කරන්නට අමාරුය. චීනයේ උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපතිවරයෙකුට නින්ද යෑම ආදී සිද්ධියක් පවා එකිනෙකා අතර හුවමාරු කරගැනීම පවා එරට ආන්දෝලනාත්මක සිදුවිමක් විය. දියුණු රටක් ලෙස ඉදිරියට ගියද චීනයේ දී ලොව ප්‍රකට සමාජ ජාලා වන ෆේස්බුක්, ට්විටර්, යූටියුබ් ආදිය බැලීමට පහසුව නැත. එක් පසෙකින් ලොව ප්‍රකට සමාජ ජාලා සියල්ලක්ම ලාභ උපයන කර්මාන්ත වේ. අතිවිශාල ස්මාට්ෆෝන්/අන්තර්ජාල භාවිත කරන්නන් පිරිසක් සිටින චීනයේදී අමෙරිකානු සමාජ ජාලා අවහිර වීම නිසා චීනයටම විශේෂිත ‘වී චැට්’ වැනි සමාජ ජාලා බිහිවී තිබේ. එම චීන මහා ෆයර්වෝලය චීන යේ මුදල් රටින් පිට සමාජ ජාලා වලට වියදම් වීම නවතාලන ක්‍රමවේදයක් ලෙසද හැඳින්විය හැකිය.

 

5. අනෙක් බ්ලොක් රටවල්

Social media ban

Source – lifie graphics

පාකිස්ථානයේ වරක් මුහම්මද් තුමා කාටුනයක විහිලුවකට ලක් කිරීම නිසා එවර පාකිස්ථානයේ ෆේස්බුක් තහනම් විය. බංග්ලාදේශය, තුර්කිය වැනි රටවලද විටින් විට ෆේස්බුක් තහනම් වූයේ ෆේස්බුක් හරහා එක් රැස් වූ දේශපාලනික කණ්ඩායම් පාලනය කිරීමටය. උතුරු කොරියාවද සමාජ ජාලා පමණක් නොව සමාජයම ලොවෙන් දුරස්ථ වූ රටකි.සමාජ ජාලා රජයෙන් බ්ලොක් කිරීම එරටේ ඕනෑම අයෙකුට සමාජ ජාලා වලට ඇති පිවිසුම අවහිර කරවන්නකි. එහෙත් යටිතල පහසුකම් දියුණු නොවීම සහ ජාල පහසුව මිලදී ගන්නට කාසි නැති ජනකායද ලොව මිලියන ගණනක් සමාජ ජාල යනු කුමක්දැයි හෝ වටහාගැනීමක් නොමැතිව එයින් දුරස්ථව කල් ගත කරති.

කාල්මාක්ස් ගේ කාලයේ සමාජය ඔහු විසින් තීරු වශයෙන් බෙදුයේ ඇති හැකි ධනපති ජනයා සහ නැති බැරි නිර්ධන පාන්තික ජනයා ලෙසය. තවත් කාලයක් ගතවන විට අන්තර්ජාල/සමාජ ජාලා ඇති ජනයා,නොමැති ජනයා ලෙස ද අපගේ සමාජයේ යම් බෙදීමක් ඇතිවනු ඇත. ඒ සමාජ ජාලා ජීවිතයක්  සහිත සහ රහිත කොට්ඨාශ දෙකම එකිනෙකාට දෝෂාරෝපණය කරගන්නා ආකාරය දැනුදු අපිට මාධ්‍යයන් නිතරම පාහේ වාද විවාද ලෙස හමු වේ.

 
Cover Image Source – economist.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *