ලයිෆීවල නම හැදුනෙ කොහොමද සහ මෙකී නොකී තවත් කතා

Who sponsored Lifie

මුලින්ම අපි සමාව ඉල්ලනවා මේ දේවල් මේ තරං කාලයක් හැංගුවට. දෙවැනියට අපි පොරොන්දු වෙනවා මේ බොරුව මින් ඉස්සරහට වෙන්නෙ නෑ කියලත්. ඇත්තටම මේ ඔක්කොම පටන්ගත්තෙ ලයිෆි එකේ අපිට ආපු නිර්ණාමික දුරකතන ඇමතුමකින්. ඒ ගැන කියන්න කලින් කියන්නම් මේ ආටිකල් එක ලියන්න හේතුව. ඒක තමයි මෙච්චරකල් අපිව කියවපු මිනිස්සුන්ට මේ සිද්ධ වෙච්ච සිද්ධිය ගැන ඇත්ත කියන එක. එහෙනං ඔන්න පටන් ගන්නව අපේ කතාව.

 

1. කැඳවීම

Who sponsored Lifie

Source – prezent3d.com

දවසක් ආවා කෝල් එකක්. ගැහැනු කටහඬක්. ගෑනියෙක් කතා කළොත් ඕන තූත්තුකුඩියකට යන්න සූදානම් නිසා මම එකපයින්ම සරම යටින ්ඩෙනිම ඇඳලා සරම කඩා දාලා ටීෂර්ට් එක කරේ දාගෙන අදාළ ස්ථානෙට ගියා. ඒ ප්ලේස් එක අඳුරුයි. නිකං ලෙනක් වගේ රයිට්. එතන හිටියා තව සෙට් එකක්. උන්ටත් ගෑනු කෙනෙක් කතා කරලා තියෙනවා. ඒත් අපි තාම දන්නෙ නෑ ඇයි මේ කෝල් එක ආවෙ කියලා. ඒ නිසා අපි සෙට් එක කතා කළා. අපි මේ වෙනකං කරලා තියෙන අමුතු දේවල් මොනවද කියලා අපි ලැයිස්තු ගත කළා. එතනදි අපිට තේරුනා මේ අය අපිව විශේෂ දේකට තෝරගෙන තියෙන විත්තිය. අපි කවදාවත් බස් එකට සල්ලි දෙන්නෙ නෑ. අපි හැමෝම එක පාරක් නිකුරගුවාවට ගිහින් තියනෙ මිනිස්සු. අපිට ඕන ජරාවක් කන්න පුළුවන් බඩවල් තිබුනා. කොටිම්ම කොටුවෙන් කොත්තු කාලා පැය විසිහතරක් ටොයිලට් නොයා සිටිය හැකි තරම් සාන්ද්‍රිත අම්ල සහිත බොක්කක් අපිට තිබුනා.

 

2. පිහිටුවීම

Who sponsored Lifie

Source – youtube.com

අපි අපිව අඳුරගෙන ඉවර වෙද්දි එතනට මනුස්සයෙක් ආවා. පොරටත් ගෑනු කෙනාගෙන් කෝල් එක ඇවිල්ල. පොර අපිට කලින් එතනට ඇවිල්ල. රැවුල වවපු රස්පුටින් ටයිප් ඩයල් එකක් පොරට මේ කන්ට්‍රෑක්ට් එක භාරදීලා නම් ගම් නැතුව ඇත්ත විස්තරේ කියලා ගිහින් තියෙනවා. මේක ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමෙයි. මේකෙන් සල්ලි හොයන්න බළාපොරොත්තුවක් නෑ. මේක ස්පොන්සර්ෂිප් එකක්. මේක අදිසි හස්තයකින් මෙහෙයවන සරළ සාමාන්‍ය වෙබ් අඩවියක්. මේක කියලා අපේ ගනං කතා කරගත්තා. ඊටපස්සෙ අපි අපි අවෙ මේකට දාන නම මොකද්ද කියල තීරණය කරන තැනට.

 

3. ලයිෆීවල නම හැදුනු හැටි

Who sponsored Lifie

Source – youtube.com

ලයිෆී කරන අදිසි හස්තයට අරමුණක් තිබුනා. ඒ තමයි ලංකාවට තාවකාලික ආතල් එකක් දෙන එක. මෙතනදි ආතල් එක පොදුවේ මිනිස්සුන්ට විවිධ විදියට බලපානවා. ඒක කූඹියෝ වේශයෙන්, බිග් බෑන්ග් තියරි හෝ රෑ ඩැනියෙල් දවල් මිගෙල් වේශයෙන් ආතල් ලබාදෙනවා. ඒ කියන්නෙ තමන් ආතල් එකක් දීම හෝ තමන් ආතල් එකක් වීම ලෙසින්. මේ විදියට අපිට රටේ මිනිස්සුන්ව අන්දන්න කියල කිවුවට අපි ඒකට කැමති වුනේ නෑ, ඒ නිසා මේ බව මිනිස්සුන්ට නොකියා කියන්න ඕන නිසා අපි දැම්මා නමක්. ලයි + ෆ්‍රී, මේ බොරු අහන්න මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නෙ නෑ කියන අදහසින් දාපු නමක්. පසුකාලීනව ලයිෆී වුනා.

 

4. ලයිෆී කරන්න තෝරගත්තෙ කාවද?

Who sponsored Lifie

Source – ancientpages.com

පාලනය කරන්න ඉන්නව මනුස්සයෙක්. එයා තමයි අර ගෑනු කෙනාගෙ කෝල් එකට වහ වැටිලා මුලින්ම එතන්ට ගියේ. එයා තමයි අර අදිසි හස්තය විසින් පත් කරපු ලොක්කා. ලොක්කා වසයි. ලොක්කෙකු සතු විය යුතු මරලා හෝ වැඩ ගැනීමේ අදහස පොර සතුයි. ඉතිං අපි පොරට බයයි. අද ඉඳන් බය නැති නිසා තමයි මෙහෙම ලියන්නෙ.

දෙවැනියට ඉන්නෙ පොරගෙ පිටිපස්සෙන් පොරට හොරෙන් එතනට ආපු පොරගෙ වයිෆ්. කවදාවත් දත් මදින්නෙ නැති මනුස්සයා ගෑනියෙක් කෝල් කරපු ගමන් දත් මැදගෙන යන්නෙ කොහෙද කියලා නිදි ඇ‍ඳේ නිදි වගේ හිටපු මේ මනුස්සයා හිතලා බලලා තමයි මේ ගමන ආවෙ.

තෙවැන්නා බඩ මහත සුදු ඩයල් එකක්. වතුරත් නැති ඉඳිබුච්චියොත් නැති පොකුණක ඉන්න ලාන්තරස් ඉඳිබුවෙකුගේ මූන තමයි පොරට තියෙන්නෙ. පොර එන්නෙ පරිපාලකයාගේ සහයට. ෆෝමන් තනතුර වගේ එකක්.

ඊට පස්සෙ ඉන්නව ඇද කුද හදන එකෙක්. බිස්නස් එකට නිල් චිත්‍රපට දාන්න වෙබ් සයිට් හදලා පුරුද්ද හොඳට තියෙන ඩයල් එකක්. මේ බිස්නස් කෙරුවාව නිසාම පොරගෙ දකුණු අතේ උරිස්ස ගාවින් අමුතු නැම්මක් තියෙනවා. පරිණාමවාදයෙ හොඳ එක. පොර මේකෙ ඉන්න කෙට්ටු එවුන් දෙන්නගෙන් එකෙක්.

සුට්ටං සුට්ටං සූට්ටික්ක වගේ ගෑනු ළමයෙකුත් ඉන්නව. කට අරිනකං ඒ තරං හොඳ ගැනියෙක් ප්‍රසන්න ආරච්චිගෙ කතාවකවවත් නෑ කියල තමයි අපිට හිතෙන්නෙ. හැබැයි කට ඇරියම ඉන්දියන් මෙගා ටෙලියක ආච්චි වගේ.

මේ ලෝකෙ යම් දෙයක් නරක යැයි සම්මත නං අපි මේ ඊලඟට කියන්න යන පොර ඒ හැම දෙයක්ම කරලා තියෙනවා. පොර ඒවා කරන්නෙ ඒක නරක ඇයි කියල දැනගන්න. පොර තමයි පළමු හමුවට අන්තිමට ආවෙ. පොරගෙ ගමේ රික්ෂෝ යනව තාම. හැමදාම ඔෆිස් ඇරිලා යද්දි රතිඥ්ඥයි ගිනිපෙට්ටියි අරන් යන්නෙ අලි ආවම උණ්ට දාන්න. පොර තමයි අනිත් කෙට්ටු ඩයල් එක.

මේං හොඳම එකා. පොඩි එකා වගේ හිටියට ඌ තරං ඇම්බැට්ට වැඩ කරලා නෑ අපේ ලොක්කවත්(මේ කෑල්ල ලොක්ක දාන්න කියල කිවුවෙ). මහේල ජයවර්ධන වගේ ඇවිද්දට මොකද බුක් ක්‍රිකට්වත් ගහන්න පුළුවන් පොරක් නෙමෙයි. මයික් පේන්න බෑ. ආත්මයම දිගාරිනව මයික් එකක් දුන්නොත්.

අනේ ඊටපස්සෙ ඉන්නව මේ දිහා උපේක්‍ෂාවෙන් බලා සිටින, ආදරයම ආත්මය කරගත්, සුරා සූදුවෙන් තොර, ඇඟ පුරාම හොඳ හිත තියෙන නිසා චුට්ටක් විතර මහත, බැලුවම ලස්සන, ආශ්‍රය කළාම අවංක මනුස්සයෙක්. පොර ලයිෆී වැඩේට කැමතිම ඒ ඔෆිස් එක අවට තෝසෙ කඩ තියෙන නිසා.

ඊටපස්සෙ ඉන්නව මේකෙ හැඩතළ හදන අඳින ඩයල් එක. හිරෙත් ඉඳලද කොහෙද තියෙනව. නළ දතක් තියෙනව පොල් උළ වගේ. මූනෙන් එකයි දත. ඇවිදිනකොට කැත නිසා ඉඳගන්න කියලා කිවුව. එතකොට වස කැතයි. දැන් බිත්තියට හේත්තු වෙලා ඉන්න කියල තියෙන්නෙ.

 

5. ලයිෆී පසුපස සිටින අදිසි හස්තය කවුද?

Who sponsored Lifie

Source – johnburkeonline.com

ඒක අපි හොයන්න යන්නෙ නැති හේතුවක් තියෙනවා. ඒ තමයි අපිට පොර සල්ලි දෙන එක.

ඇයි ලයිෆී අද මේ ඇත්ත ලෝකෙට කිවුවෙ?

අද නොකියන ඇත්තක් වෙන කවදා කියන්නද ‍මහත්තයො.

 
Cover Image Source – prezent3d.com/ youtube.com
 

zvr
Your Reaction

Comments