තවම තනිකඩ ඔබට ගැහැනු හිත දිනන ක්‍රම

How to win a girls heart

පිරිමියකු කෙරෙහි ස්ත්‍රී සිත ඇදීයන්නට එම ගැහැනිය සම්පූර්ණයෙන්ම පිරිමියා විසින් තේරුම්ගන්නට අවශ්‍ය නැහැ.සරලවම කීවොත් අපිට වාහනයක් පදවන්න වාහනයේ එන්ජිම, ගියර් පද්ධති, බ්‍රේක් පද්ධති හසුරුවාගන්න දැනුම තිබීම ප්‍රමාණවත්. එසේ නොමැතිව ඉංජිනේරු මහතකුමෙන් ඒ සියලු පද්ධති ගැන ගැඹුරු පුළුල් දැනුමක් අවශ්‍ය වන්නේ නැහැ. සම්බන්ධතාවයකදී ගැහැණිය බොහෝවිට ආරක්ෂාව, රැකවරණය සහ ඇය වෙනුවෙන් කැපවීම වැනි ගුණාංග අපේක්ෂා කරනවා. ලොව ඉහළම පුටුවලට ගිය පිරිමින්ට වුව ස්ත්‍රීන් සමග වාසයේදී ඇය වෙනුවෙන් කැපවන්නට පෙනී සිටින්නට ඇයව ආරක්ෂා කරන්නට සිදුවන බව ලොව පිළිගත් සත්‍යයක්.

 

1. ඇයට කතා කරන්න දෙන්න ඔබ එකතු කරන්න

How to win a girls heart

Source – pairsblog.wordpress.com

ඇය බොහෝවිට කතාවට ලැදියි. එසේ කතාකරන සෑම විටකම එයට උදැල්ල දැමීම සුදුසු නැහැ. යමක් පැහැදිලි කරන්නට තිබෙනවා නම් එය සාවධානව ඇහුම්කම් දී නිසි අවස්ථාවේදී කීම හොඳයි. නැතිනම් මුල සිටම විවාදයක පරිදි එකට එක කීමෙන් සම්බන්ධතාවයත් ඔබේ මනසත් දෙකම ලොකු අවුලකට ගෙනයාවි.

 

2. චාටු බස් ටිකක් දැම්මාට මක් වෙනවාද ඉතිං

How to win a girls heart

Source – questionspedia.com

චාටු යනු රැවටීමටම යොදාගන්නා බස නෙමෙයි. ඔබ විසින් ඇය තෝරාගන්නේ ඇයි? එයට පැහැදිලිව හේතු තිබෙනවා. ඒවා නිවැරදිව අලංකාරව පවසන්නට නොහැකි නම් එතැනදී ඇය දන්නේ නැහැ ඔබේ සිතේ එවැනි ඇල්මක් ඇයට තිබෙන බව. ඇය යම් ඇදුමක් ඇන්ද විට එය ලස්සන නම් එය ලස්සන යැයි පවසන්නට මැලි වන්නට එපා. එසේම ඇය සිනාසෙන විට ඇවිදින විට තිබෙන යම් රිද්මයක් ඔබ සිතේ කාවදිනවා නම් ඔන්නොහෙ ඕවා කියලා බැහැ.. අපි ස්කෝල කාලේ නෙමෙයි නේ එච්චර බොලඳ වෙන්න යැයි සිතමින් ඒ ගැන සිතේ රඳවාගැනීම සම්බන්ධතාවයක මුල් කාලයට ගැලපෙන්නේ නැහැ. ඇයට ඇති සැබෑ හැකියාවන් ඇගේ දුබලතාවයන් වැසීයන පරිද්දෙන් වර්ණනා කිරීමට හැකි වුණොත් එයින් ඔබට යම් ලකුණු ප්‍රමාණයක් ලබාගන්නට හැකියි.

 

3. ඇය ගැන අවධානය

How to win a girls heart

Source – pixfeeds.com

කාන්තාවන් කියන්නේ එක්තරා රටාවකට ලෙහෙසියෙන්ම හුරුවන අය. ඔබ නිතපතා ඇයට එක් වෙලාවකට දුරකථන ඇමතුම් ලබාගන්නේ නම් එම වේලාවට ඔබ කෙහේ සිටියත් අඩුම තරමේ මැසේජ් එකක් වත් ඇයට යොමු කළ යුතුයි. එසේම ඇය ගැන සැබෑ ඇල්මක් පවතී නම් ඇය අධ්‍යාපනය ලබන්නේ නම් ඒ ගැන, රැකියාවක් කරන්නේ නම් ඒ ගැන ඇය කැමති වූ යම් දෙයක් වේ නම් ඒවා ගැන අවධානයෙන් ඇය ගැන සොයාබැලීම වැදගත්. බොහෝවිට මෙය ගුරුවරයෙකු සිසුවකට උපදෙස් දෙනවාක් වැනිව සෑම දෙයක් ගැනම උපදෙස් දීමම නෙමෙයි. ඒ ඒ දේවල් හි තත්ත්වය විමසමින් ඇයව දිරිමත් කිරීම ඔබව ඇගේ මතකයන් අතර තදින් රැඳෙන්නට හේතු වේවි.

 

4. තෑගි මතක සටහන්

How to win a girls heart

Source – pintarest.com

එක් කාර්තුවකට විශාලතර තෑග්ගක් ලබාදීමට වඩා මතක හිටින කුඩා කුඩා තෑගි ලබාදිම සබඳතාවක් ඉපදිමේදී මනා පිටුවහලක් වෙනවා. ඔබ දුර රටක හෝ ඈත පලාතක ගිය විට සිහිවටනයක් මිලදී ගැනීම, යම් ප්‍රදර්ශනයක් සල්පිලක් අහල පහල තිබේනම් එහි ගොස් ඇයට යම් සුලු මතක සටහනක් රැගෙන යෑම කාන්තාවන් වඩාත් ආශා කරන දේවල් ය. ඇය බැලීමට කැමති කාටුන් චිත්‍රපටයක් හින්දි චිත්‍රපටයක් බලන්නට යෑම, කැමති පොත පත රැගෙන දීම, කැමති සෙල්ලම් බඩු ආදිය රැගෙන දීම ආදිය සම්බන්තාවයක් ශක්තිමත් වන්නට උපකාරී වේ.  ඔබේ අවධානය  නිතරම ඇය කෙරේ වන බව වචන වලින්ම පැවසීමට වඩා එවැනි සුලු සුලු තෑගි බෝග පුදුම කිරීම් වැනි දේ හරහා එය සැබැවින්ම ඇඟවීමට හැකියාව ලැබෙනවා.

 

5. ඇගේ මිතුරන් මව්පියන් නෑයින්

How to win a girls heart

Source – sohedid.com

යුවතියක හා සම්බන්ධ විම යනු බ්‍රොඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවක් ලබාගැනීමවැනි සරල දෙයක් නොවෙයි. ඇය සමග ඇගේ සමාජයද යම් කිසි පමණකින් අපි ඇසුරු කළ යුතුයි. දෙමාපියන් නෑයින්, මිතුරන් සහ ඇය අයිති සමාජ පසුබිම එකවරම අපිට නොදිරවන්නේ  වුවද යම්තාක් දුරකට එයට නම්‍යශිලි වීම හොඳ සම්බන්ධාතවයකදී වැදගත් කාර්යයක් ඉටු කරනු ලබනවා. ඇය වටා ඇති සමාජයේ ඇති දේශපාලන, සමාජීය ක්‍රියාකාරකම් එතරම්ම රුචි නොවුවද ඒවා මඳ කලක් හෝ ඉවසා වදාරා සිටීම කළ යුතුම කාර්යයක්. ඇය අයිති සමාජයෙන් ගලවාගෙන ඔබේ ලෝකය වෙත යම් තාක් නැඹුරු කරගැනීම ක්‍රමයෙන් කළ යුත්තක් මිස එකවර නීති රීති දැමීම මගින් සීමා කිරීම් මගින් කළ නොහැකියි. බොහෝ සබඳතාවයන් බිඳවැටීමද මෙවැනි කාන්තාව අයිති සමාජ වටපිටාව පිරිමියා විසින් තේරම් නොගැනීමද හේතු වී තිබෙනවා.

 

6. අවුල් මග හැර යථාතත්වයට පත් වීම

How to win a girls heart

Source – couplescounselingchicago.net

රටේ විරුද්ධ දේශපාලකයින් මතවාදීව කොතරම් ගැටුම් ඇති වුවද සාද වලදී හමු වූ විට කලක සිට දන්නා මිතුරන් පරිදි සියල්ල අමතක කර කතාබහ කරනු ඔබ දැක ඇති. එය සමාජයේදී වුව පොදුයි. සම්බන්ධතාවයක් ආරම්භයේදී වුව පොත්වල තිබෙන අයුරින් සහ චිත්‍රපට වල තිබෙන අයුරින් සියල්ල සාර්ථකව සිදුවන්නේ නෑ. මත ගැටුම් හිත රිදීම් විවිධ ප්‍රශ්න ආදිය ඇතිවීම බොහොම ස්වාභාවික දෙයක්. එවැනි දේ වලින් පසුවත් ඇය ගැන ඇති සිත නොනැසී පවතී නම් එවැනි ගැටුම් ගැන සමාව ගැනීම හෝ නැතිනම් අපේ විරුද්ධ දේශපාලකයින් සාද වලදී හමුවනවාක් මෙන් එවැන්නක් සිදු නොවූ සේ ඊළඟ දවසේ නැවත සබඳතාවය ආරම්භ කිරීමත් කළ යුතු දෙයක්.

 

7. පුරෝහිතලාගෙන් ප්‍රවේශම් වන්න

How to win a girls heart

Source – cnbc.com

යුවතියක හා සම්බන්ධ වීමට උපදෙස් දෙන මේ ලිවිල්ල වුවද අයිති වන්නේ උපදෙස් දීමේ ලිපියක් වැනි අංගයකට. එහෙත් මීට වඩා තදබල ලෙස හොඳ යුවතියක් නම් මෙහෙමයි වෙන්ඩෝනි, ඔය විදියට කෙල්ලට සෙකන්ඩ් වෙන්න හොද නෑ, උඹ ඔහොමද ලවු කරන්න යන්නේ, කෙල්ලො නම් ඉන්නේ මූදෙ මාලු ගානට, උඹට තේරෙන් නෑ කෙල්ලො ගැන, ඕකි ගැලපෙන් නෑ .. ආදී වශයෙන් යුවතියක් හා යම් සම්බන්ධතාවයකට මුල පුරන විට ඒ ගැන විවිධ ආකාරයේ උපදෙස් සහ නියෝග ලබාදෙන පිරිස බොහෝය. ඒ අතර ස්ත්‍රී සම්බන්ධතාවයන් ගැන අදහස් ප්‍රකාශ කිරීමට තබා ස්ත්‍රියක් ළඟින් ඇසුරු කොටවත්  නැති ආගමික අධිකාරින්ද ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයන් ගැන විවිධ අදහස් ප්‍රකාශ කරති.

සැබැවින්ම යුවතියකගේ හිත ගැනීම එක්තරා මෙහෙයුමකි.  එය කවර ආධුනිකයෙකුට වුවද ජීවිතයේ මනරම් අත්දැකීම් රැසක් උරුම කරන කාලපරිච්ඡේදයක් බවට පත් වේ. ඔන්නොහෙ නාකි උනාම මංගල කිංකිණි තියෙන්නේ යැයි අලස නොවී තනිකඩ ඔබ ඔබගේම සැලසුමකට ඇයගේ සිතගන්නට උත්සාහ ගැනීම උත්සාහවන්තයෙකුගේ හොඳ ගුණාංගයකි. අහසේ ග්‍රහයන්, අතේ රේඛා, නෑදෑ මිතුරන්ගේ යෝජනා ගැන බලමින් නොසිට තමුන්ම උත්සාහයෙන් ගොඩනගාගන්නට වෙරදරන සම්බන්ධතාවය පසුකලෙක ජීවිතයටම අලුත් අත්දැකීමක්ද එකතු කරනවා නිසැකයි.

 
Cover Image Source – comedymood.com / mennext.com / hdwallpapersrocks.com
 

One response to “තවම තනිකඩ ඔබට ගැහැනු හිත දිනන ක්‍රම”

  1. […] ඒ අවුලට විසඳුමක් හොයාගන්න පුළුවන් ආටිකල් එකකුත් අපි ලියලා […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *