ලංකාවේ බජට් මසාජ් පාලර්

How massaging services run in SriLanka

සිරුර සම්බාහනය අද ඊයේ ලොව පහල වූ දෙයක් නොවේ. සුඛෝපබෝගි දිවිපෙවතකට උරුමකම් කී රජ සිටු  මැතිවරුන් සම්බාහනයෙන් සිය ගත සිත උද්දීපනය කරගත් බැව් සෑම ආසියාතික රටකම ඉතිහාසය පිරික්සීමේදී පෙනී යයි. සම්බාහනය හරහා සිරුරට නව ප්‍රබෝධයක් ලැබෙන බැව් බටහිර වෛද්‍ය විද්‍යාත්මකවද සනාථ කොට තිබේ. මානසික වශයෙන්ද එය මනසට සුව සහනය ගෙන දෙන්නකි.

ඇමරිකානු වෛද්‍ය අංශ මගින් සම්බාහනය යනු විකල්ප වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයක් ලෙස දක්වා තිබේ. අප රටේද විකල්ප වෛද්‍ය ක්‍රමයක් ලෙස ස්ථාපනය වී ඇති ආයුර්වේදය තුළ  අන්තර්ගත ප්‍රතිකාර විධි වලදී සම්බාහන ක්‍රමවේද යොදාගනු ලැබේ.

 

1. බජට් මසාජ් වල පැතිරීම

How massaging services run in SriLanka

Source – youtube.com

සිරුර සම්බාහනය කිරිමේදී එය සම මත රිද්මයානුකූල තෙරපීම් ඇතිකරමින් එම චලනයෝ මාංශපේශීන් වෙත ලබාදෙති. සිරුරටම සිදුකරන සම්බාහන ක්‍රියාවලියේදී සිරුරේ තිබෙන ඇඳුම් ආයිත්තම් සම්බාහනයට බාධාවකි. එබැවින් යටිකයට කුඩා ඇඳුමක් හෝ වැස්මක් සහිතව සමස්ත සිරුරම සම්බාහනය ලබන අය විසින් තෙරපිවරියට හෝ තෙරපිවරයාට විවෘත කිරීම යෝග්‍යය.

ශ්‍රී ලංකාව ගණිකා වෘත්තිය නීතිමය අතිනුත් සංස්කෘතිකමය අතිනුත් තහනම් වූ රටකි. එම වටපිටාව තුල නාගරීකරණ වටපිටාවේ දී දාහේ කොළ දෙක තුනකට හිලව්වට රති සුව සොයා ඇදෙන පිරිස් අතර මසාජ් ජනප්‍රිය අංගයක් වී ඇත.

 

2. දොරේ ආයුර්වේද? ඇතුළ නම් කෙසේ වේද?

How massaging services run in SriLanka

Source – tamanwana.com

මසාජ් වලදී සම්පූර්ණ සිරුරම විරුද්ධ ලිංගික ස්ත්‍රියක හෝ පුරුෂයෙකු ලවා තෙරපවා ගැනීම, අතපත ගාවාගැනීම සිදුකරගත හැකිය. එසේම ඒ ලැබෙන සුළු වේලාව තුල එම මසාජ් තෙරපිවරිය හෝ වරයා සමග කුඩා සම්බන්ධතාවයක් ද ගොඩනැගේ. මෙය සිය ලිංගික අවශ්‍යතා පිණිස යුවතියක් පහසුවෙන් සොයාගත නොහැකි වූ තනිකඩ අයටද තිබෙන සම්බන්ධතාවන් හි වෙනසක් අපේක්ෂා කරන සම්බන්ධතා සහිත අයටද පහසු මගක් විය. එබැවින් මසාජ් පාලර් සෑම ස්ථානවලම පාහේ ඇතිවන්නට විය.

මේ හරහා බොහෝ ස්ථානවල මසාජ් නමින් හැඳින්වෙන මූලික සිරුර තෙරපීමේ ක්‍රියාවලින් සිදු වේ. එහෙත් බොහෝවිට ඒවා අවසාන වන්නේ ලිංගිකමය උද්දීපන ඇතිවී මසාජ් එක නිමාවන ආකාරයටය. මෙය ලංකාවේ බජට් මසාජ් වල පමණක් නොව ආසියාතික බොහෝ අඩුමිල මසාජ් පාලර් වල පොදු ක්‍රියාවලියක් වී තිබේ. ඇතැම් කලාතුරකින් තැනෙක සම්පූර්ණ ලිංගික ක්‍රියාවලියටම ඉඩ දෙන බ්‍රොතල් හවුස් හෙවත් ගණිකා නිවෙස් මට්ටමටම දුර යන මුත් බොහෝ ස්ථානවල වැඩි ලෙඩ දමාගැනීමෙන් තොරව හස්තෝපක්‍රම, මුඛ උපක්‍රම ආදිය යොදාගනිමින් පාරිභෝගිකයා සන්තර්පණය කර යැවීමට තෙරපිවරියෝ වගබලා ගනිති.

 

3. ඇතුලත් වීම

How massaging services run in SriLanka

Source – mekosha.com

බජට් මසාජ් සදහා ඇතුලත්වීමේ ගාස්තුව පැයකට රු 1000/=ත් 2000/=ත් අතර වේ. එතනින් එහා ගිය ඇතුලත්වීමේ ගාස්තු අයකරන වායුසමනය කළ කාමර වැනි පහසුකම් ඇතුලත් බජට් මසාජ් ද වේ. එතැනින් ඇතුළට යෑමට ප්‍රථම බොහෝවිට රිසිප්ෂන් ඩෙස්කුව අසබඩම කුඩා මේසයක් පුටුවක් තබාගෙන ඉඳගෙන සිටින තරුණ ආයුර්වේද වෛද්‍යවරයකුද වේ. ඇතැම් තැනෙක තරුණ ආයුර්වේද වෛද්‍ය තැන නම වයස ආදිය විචාරන මුත් දැන් දැන් ඔහු හුදෙක් පිළිමයක් සේ එතැන වාඩි වී සිටින චරිතයක් බවට පත්ව තිබේ. රිසෙප්ෂන් ඩෙස්කුවට දාහකට වැඩි මුදලක් ගෙවා මූනිච්චාවට සිනාසෙන දොස්තර තැන බැහැදැකුමෙන් අනතුරුව තෙරපිනිය තෝරාගැනීමේ අවස්ථාව උදාවේ. ඇතැම් තැනකදී තෙරපිනිය රෙසප්ෂනිස්ට් විසින් මුදල් ගෙවන අවස්ථාවේදීම තෝරා දේ. එහෙත් තෙරපිනිය තෝරාගන්නට අවස්ථාවක් ලැබෙන ස්ථාන පාරිභෝගිකයින් අතර ජනප්‍රියය.

පිටකොටුවේ මැනිං මාර්කැට්ටුව අසබඩ වීදියේ කුකුළන් විකුණන තැනකි. එතැන කුකුළන් කූඩුවල බහා තිබෙන අතර කැමති අයට කුකුළා පෙන්වා එවෙලේම මස් කරගත හැකිය. තෙරපිනියෝ දැකුමද එක්තරා විදියෙකින් එවැනි ගනුදෙනුවකි. කිහිප දෙනෙකු සිටීනම් උස, මහත, පාට ආදියෙහි රුචිකත්වය අනුව තෙරපිනිය තෝරාගත හැකිය.

 

4. මසාජ් ක්‍රියාදාමය

How massaging services run in SriLanka

Source – streampointacupuncture.com

කකුලේ ඇගිලි තුඩු වලින් ආරම්භ කොට සිරුරේ ඉහල කරා ඇදෙන මසාජ් ක්‍රමය ආරම්භ කරන්නටද මත්තෙන් බොහෝ ස්ථානවලදී “ සර්ට ඕනි මසාජ් එකක්ද? නැත්තං ෆීලින් එකක් විතරද? “ ආදිලෙස කරුණාවන්ත ශෛලියෙන් විචාරිමට මසාජ් තෙරපිනිය මැලි නොවේ. එවිට පාරිභෝගික ආතුරයාට අවශ්‍ය වන්නේ මසාජ් එකක් නම් එය දිමටද, අවශ්‍ය ෆීලින් එක්ක හෙවත් ලිංගික උද්දිපනයක් නම් අනවශ්‍ය තෙරපීම් මහන්සි වලින් තොරව එතැනින් පටන් ගැනීමටද තෙරපිනියට ඉඩ ප්‍රස්ථාව ලැබේ.

ඒ කවරක් වුවද අවසාන වී අවසාන ගනුදෙනුව කරා එළැඹේ. දැන් තෙරපිනියට ටිප් එක දෙන අවස්ථාවය. රු 1000/= ටිප් එකට මේ වැඩ, 1500/=ක් දුන්නොත් මේ වැඩ ආදී ලෙස මිමි තනාගෙන සිටින තෙරපිවරියෝද වෙති. ඒ අතර ඇතැම් තැනක ටිප් එක යනු දේව භාෂිතය මෙන් එකම ගණනකි. එවන් තැනක ඒ ටිප් එකට සැලසෙන සේවාවන් සහ දැකුම් ආදියද පැහැදිලිවම දක්වා තිබේ. සාමාන්‍ය තෙරපි ක්‍රියාදාමයකදී සිදුවන්නේ සම්බාහනය කරන්නා විසින් සම්බාහනය සිදුකිරීම වුවත් මේ ටිප් එකෙන් දිරිමත් වෙන සම්බාහනය ලබාගැනීමට පැමිණි අය තෙරපිනියෝද හැකි පමණ මසාජ් කරති.

 

5. පාලනය හා නීති

How massaging services run in SriLanka

Source – citylit.ac.uk

මසාජ් සහ ස්පා යනු දියුණු රටවල දි සංකීර්ණ අවශ්‍යතාවයකි. එහිදි ඇමරිකාවේ පෑ 500ක පුහුණුවක් ද බ්‍රිතාන්‍යයේදි වසර දෙක තුනක අනිවාර්ය පුහුණුවක් ද මසාජ් කරන අය නිම කළ යුතුය. එසේ නොමැති අයට මසාජ් තෙරපිවරුන් හෝ වරියන්ලෙස පෙනී සිටිමට එම රටවලදි අවකාශ නොලැබේ. ලංකාවේද එසේ සුපිරි මට්ටමේ මසාජ් මධ්‍යස්ථානද කොළඹ සහ සුපිරි හෝටල ආශ්‍රිතව තිබේ. ඒවායේ නියම විද්‍යානුකූල ව මසාජ් සිදුවන අතර එවැනි තැනකට පිවිසීමේ අවම ගාස්තුවම රුපියල් 5000/=කට වඩා වැඩිය.

මේ ලිංගික සුව පිණිස වූ බජට් මසාජ් ක්‍රමය තායිලන්තය. ඉන්දුනීසියාව, මියන්මාරය, ඉන්දියාව, ආදි රටවල් ගණනාවක වර්තමානයේ ක්‍රියාත්මක වේ. එය තවදුරටත් පහත් දෙයක් හෝ නොමනා ක්‍රියාවන් ලෙස හෙලාදැකීම දියුණු මිනිසාට සුදුසු නොවේ. වෙළඳපොල තුල යම් සේවාවක් ආරම්භ වන්නට නම් සේවය මුදල් ගෙවා ලබාගන්නා අය සහ එසේ සේවාව ලබා දෙන පාර්ශවයක් ඇතුලත් විය යුතුය. අනෙක් පිරිස් වලට කිසියම්ම කරදරයක් නොවන තාලේ  මෙවැනි බජට් මසාජ් වැනි සේවා ක්‍රමානුකුල කොට විධිමත්ව පවත්වාගන්නට අනුබල දෙනවා විනා ඒවායේ ඇති අවැඩ ම පෙන්වා ඒවා නැතිකරන්නට තැත්තිරීම දියුණු සමාජයේ මිනිසුන්ට නොගැලපෙන ක්‍රියාවකි.

 
Cover Image Source – ecolethalgo.com / terapimed.pl / shopify.com
 

One response to “ලංකාවේ බජට් මසාජ් පාලර්”

  1. […] ලොකු ණයක් ඇතුවාක් මෙන් නිතර දෙවේලේ මසාජ් පාලර් සොයායන ඔබේ මිතුරාටත් මේ පෝස්ටුව […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *