නයා ගේම් එකේ සිට ටෙම්පල් රන් දක්වා මොබයිල් ගේම් වංශකතාව

Evolution of mobile games

දුරකථන ඇමතුමක් ගන්නට මීට විසි වසරකට පෙර වූයේ නිවසේ කොනක තිබූ මලලසේකර ඩික්ශනරිය තරමේ විශාල ස්ථාවර උපකරණයකි. එම ටෙලිෆෝනයේ බොත්තම් එබීමෙන් දුරකථන ඇමතුමක් ගැනීම එකල සිදුවිය. දුරකථනය හරහා නම් නොයෙකුත් සෙල්ලම් අපේ ඇත්තෝ කරන්නට ඇති බව “ දුරකතනයකින් මම ඔබ අමතමි, මගෙ දුරකථනේ අංකය මතකද? “ ගීත හරහා අපිට තේරුම් ගන්නට හැකිය. දුරකතන හරහා ගහන ගේම් යනු  වෙනත් ජාතියකි. එහෙත් දුරකතනයෙන් ගේම් ගැසීම වඩාත් ජනප්‍රිය වන්නේ ජංගම දුරකථනයේ ආගමනයත් සමගය.

 

1. නයා ගේම් එ’ක 1998

Evolution of mobile games

Source – amazonaws.com

ඒ කාලය 3310 සහ මෝටරෝලා ගඩොල් බාග ජංගම දුරකථන ලෙසින් වෙළඳපොලට පැමිණි සමයයි. එකල එහි වූයේ කුඩා ඩිස්ප්ලේ එකකි. එයද කළු සුදු වර්ණයෙන් පමණි. ඒ දුරකතන වල තිබූ මූලික ගේම් එකකි නයා ගේම් එක. එකල එම දුරකථනයක් මිලදී ගැනීමද එක්තරා සුඛෝපබෝගී වැඩකි. මෙහිදී නයාගේ දිගද නයාගේ වේගයද ගේම් එකේ දී එන්න එන්නම වැඩි වේ.

 

2. බ්ලොක් එකට ගැල’පෙන ස්ලොට් එක තේරීම  (Tetris) – 2000

Evolution of mobile games

Source – maxim.com

උඩින් එකවරම කෑල්ලක් මතුවෙයි. ඉන්පසුව ලහි ලහියේ එම කෑල්ල එබීමට සුදුසුම තැනක් සොයා බැලිය යුතුය. මෙය මුලින්ම පැමිණියේ කුඩා පොකට් ගේම් යන්ත්‍ර හරහාය. එහෙත් පසුව එය මූලික මට්ටමේ වර්ණ තිර ආගමනයත් සමග ෆෝන් වලටද පැමිණියේය. මෙය එකල පැවති අඩු මට්ටමේ තිර තාක්ෂණය මත වුවද කදිම ලෙස සෙල්ලම් කළ හැකි ගේමකි. මෙහිදීද ජයග්‍රහණය කිරීම් වැඩිවන විට වේගය වැඩිවේ.

 

3. සොනික් ගේ’ වැඩ – 2001

Evolution of mobile games

Source – Youtube.com

සොනික් යනු ප්‍රකට කාටුන් චරිතයකි. සොනික්ගේ වැඩ කිඩ අලලා තැනුන මෙම සොනික් වැඩකිඩ එවකට තිබු ඉහල මට්ටමේ ෆෝන් වල ට ආ ජනප්‍රියතම ගේමකි. සොනික් යම් යම් දේ හඹායෑම මෙහි ක්‍රීඩාව වේ. මෙවැනි ගේම් එකක් ගැසිය හැකි ජංගම දුරකථනයක් එවකට ලංකාවේ මුදලින් රුපියල් තිස් හතලිස් දාහක් තරම් මිල අධික විය.

 

4. ඇස්ටරොයිඩ්” සෝන් – 2004

Evolution of mobile games

Source – kontek.net

මෙම ඇස්ටරොයිඩ් සෝන් නැමති ක්‍රිඩාව බිහිව ඇත්තේ 1979 දීය. මෙහි තිබූ වාසිය නම් ඇස්ටරොයිඩ යන්නේ විශ්වියේය. එනම් එහි වටපිටාව අඳුරුය. ඇස්ටරොයිඩ දිස්වන්නේ සුදුපැහැති පසුබිමකය. එනම් අඩු ග්‍රැෆික් වටපිටාවකින් මෙම ගේම් එක ධාවනය කළ හැකිය. එය එවකට පැවති ගේම් වලට යොදාගන්නා මොබයිල් ෆෝන් වලට අස්වැසිල්ලක් විය.

 

5. ටැප් ටැප් රෙවලූ”ෂන් (Tap Tap Revolution) – 2007

Evolution of mobile games

Source – imore.com

මෙය අයිෆෝන් කරළියට පැමිණි යුගයයි. එහෙත් මෙම ගේම් එක පැමිණෙන්නේ අයිෆෝන් හි ජේල්බ්‍රේක් වර්ශන් සදහා පමණි. ටච් ස්ක්‍රීන් වටපිටාවකදී වඩාත් හොඳ රසවින්දනයක් ලබාදෙන මෙම ගේම් එක ටච් ස්ක්‍රීන් සදහා මුලින්ම පැමිණි ගේම් වලින් ජනප්‍රිය වූ ගේමකි. පසුකාලීනව මෙම ගේම ජනප්‍රිය වූ නිසාම අයිෆෝන් ඇප්ස්ටෝ එකටද Tap Tap Revenge යන නමින් එකතු කරන ලදී.

 

6. ඇන්ග්‍රි බ”ර්ඩ්ස් – 2009

Evolution of mobile games

Source – techhive.com

ඇන්ග්‍රි බර්ඩ්ස් යනු පසුකාලීනව පරිගණක බ්‍රවුසර වලදීද හරි හරියට ප්ලේ කරන ලද සරල ගේමකි. ඇන්ග්‍රි බර්ඩ් යනු කැටපෝලයකින් වෙඩිතබන කුරුල්ලන් රැසක් වටා ගෙතුනු රසබර ගේම් එකකි. මෙය සරල ජීවිතයේ වූ ගති විද්‍යාව පදනම් කොටගෙන කැටපෝලය සහ බලය මත පදනම් වූ ගේම් එකකි. ලොව පුරා මිලියන ගණනක් ජනප්‍රිය වූ මෙම ගේම වර්තමානයේදී තවමත් අප අතර ජනප්‍රිය වී තිබේ.

 

7. ටෙම්පල්” රන් – 2011

Evolution of mobile games

Source – neurogadget.net

මොබයිල් ෆෝන් ඉතිහාසයේ වඩාත්ම ජනප්‍රිය වූ ගේම් එකක් ලෙස ටෙම්පල් රන් හැඳින්විය හැකිය. එය ලංකාවේද ස්මාට්ෆෝන් ගේම් කරුවන් අතර මෙන්ම සාමාන්‍ය ස්මාට්ෆෝන් භාවිතා කරන අය අතරද ජනප්‍රිය වූ ගේම් එකක් විය.

ඇපල් හෝ ඇන්ඩ්‍රොයිඩ් වශයෙන් වූ නූතන ටච් ස්ක්‍රීන් ෆෝන් වල මුල් කාලයේ පටන්ම ටෙම්පල් රන් ජනප්‍රිය වූ ගේම් එකක් විය. එදා 2D ග්‍රැෆික් තිබෙන කාලේ පැමිණියද අද වනවිට  3D ග්‍රැෆික් වලින්ද සන්නද්ධව නව්‍ය මුහුණුවර වලින් ටෙම්පල් රන් ගේම් එක නවීකරණයවී තිබේ. මෙම ටෙම්පල් රන් හි මූලික ගේමින් සංකල්පය භාවිතා කොට තැනූ විවිධාකාර ගේම් රැසක්ද තිබේ.

 

8. ක්ලෑෂ් ඔෆ්” ක්ලෑන් – 2012

Evolution of mobile games

Source – supercell.com

මෙය ගේම් කලාවට මල්ටිප්ලේයර් එකතුවුණු පෙරළිකාර ගේමකි. මෙහිදී සෙල්ලම් කරන්නෝ කිහිප දෙනෙකි. ඔවුන් ඔවුන්ගේම අවකාශයක් තනාගෙන එයට යම් යම් දේ එකතු කරගෙන ක්‍රීඩාව කරති. සයිබර් අවකාශයක් තුල තනාගත් ගම් වෙනුවෙන් සම්පත් එකතුකරගනිමින් ඒ වෙනුවෙන් ගහමරාගන්නා සහ සැලසුම් සකස් කරන ක්ලෑෂ් ඔෆ් ක්ලෑන් වනාහී ඇබ්බැහි වන සුළු ගේමකි. මෙහි ඇතැම්විට විරුද්ධ කාරයා සිටින්නේ සැතපුම් දහස් ගණන් දුර ඈතකය. එහෙත් ඒ කිසිවක් ඒ අවකාශයේ ක්‍රීඩා කරන අයට අදාල නොවේ.

 

9. ඇස්පාල්ට්’ 8 – 2013

Evolution of mobile games

Source – youtube.com

2004-2012 කාල සීමාවේදී පරිගණක ගේම් කෙරෙහි සුළු උනන්දුවක් තිබූ අයෙකු වුවද නීඩ් ෆෝ ස්පීඩ් ගැන නොදැන සිටින්නට විදියක් නැත. නීඩ් ෆෝ ස්පීඩ් යනු කලක් පරිගණක ගේම් කරුවන් අතර ප්‍රචලිත වූ රේස් ගේම් එකකි. එම රේස් ගේම වඩාත් ප්‍රචලිත වන්නේ එහි ඇති සරල බව නිසාය. එනම් මුල් අවස්ථාවලදී යතුරු පුවරුවේ ඇරෝ කීස් ආධාරයෙන් වුව නිඩ් ෆෝ ස්පිඩ් සෙල්ලම් කළ හැකිය.

මෙහි මොබයිල් පිවිසුම ඇස්පාල්ට් ලෙස හැදින්විය හැකිය. මෙහි ඇති ගේමින් වටපිටාව තුල සැබෑ ධාවන තරගයක් නරඹනවා හා සමාන අත්දැකීමක් ධාවකයාට ලැබේ.

 

10. අද කාලේ ගේම්ස්

Evolution of mobile games

Source – towerdefendergames.com/

දැන් දැන් වෙළදපොලට ගේම් සඳහාම තැනුන රේසර් වැනි ස්මාට්ෆෝන් දැන් දැන් කරළියට පැමිණ තිබේ. රේසර් හි රැම් මතකය පමණක් ගිගාබයිට් 8කි. එහි ඇත්තේ කෝර් 8ක බලගතු ප්‍රොසෙසරයකි. අඟල් 5.7ක් පුළුල් වූ තිරය විභේදන බලය අතින් ඉතා වැඩි එකකි. එනම් මීට දෙතුන් වසරකට පෙර අපි ගේමින් ලැප්ටොප්, ගේමින් පීසි යැයි හැඳින්වූ පරිගණක හා සමානවම ගේමින් සදහා වූ ස්මාට්ෆෝන් කරලියට පැමිණ තිබේ.

Evolution of mobile games

Source – gadgetplay.ru

අද කාලයේ ස්මාට්ෆෝනයෙන් සෙල්ලම් කළ හැකි ගේම් සිය දහස් ගනණක් ඇප්ස්ටෝ වල ඇත. මේ අතර අධ්‍යාපනික වටිනාකම් දියුණු කරන යම් යම් හැකියාවන් ඔප් නංවන ගේම්ද අතලොස්සක් වේ. අද කාලයේ පරම්පරාවේ පිරිස සතුව ඇති බලගතුම විනෝද උපාංගය ස්මාට්ෆෝනයයි. එයින් ගේම් සෙල්ලම් කිරීම අද නම් කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ජනප්‍රිය වූ කාර්යයකි. වසර15කට  20කට පෙර නොකියා 3310,1100 ආදී ෆෝන් වලින් නයා ගේම සෙල්ලම් කරන කාලයේ මොබයිල් ගේම් මෙතරම් තලයකට දියුණු වේ යැයි අපි හීනයක් හෝ නොදකින්නට ඇත. එහෙත් අද ඒ දියුණු වී ඇති වේගය සැබැවින්ම ආශ්චර්යයකි.

 
Cover Image Source – entrepreneur.com / techweez.com / igi.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *