ස්විස් යනු මධ්‍යම යුරෝපයේ තිබෙන කුඩා කඳුකර රාජ්‍යයකි. එහි වපසරිය වර්ග කිලෝමීටර 41293ක් වන අතර ජනගහනය මිලියන 8.4කි. එහි ඒකපුද්ගල දල ජාතික නිශ්පාදිතය ඩොලර් 61,360කි.
1. ස්ථිර රාජ්‍ය නායකයෙක් නොමැත
ඇමරිකා එක්සත් ජනපදයට පසුව කැන්ටන් නැමති ප්‍රාදේශීය කලාප එකතු වී ස්විට්සර්ලන්තය පිහිටුවාගෙන තිබේ. එහි ස්ථිරසාර වූ රාජ්‍ය නායකු නොමැති අතර පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කරගන්නා පුද්ගලයින් හත් දෙනෙකු වෙත රටේ ඉහලම තීන්දු තීරණ ගන්නා බලය හිමි වේ. එම පුද්ගලයින් සත් දෙනොගෙන් එක් අයකු එක් අවුරුද්ද බැගින් රාජ්‍ය නායකයා ලෙස වෙනත් රටවල් නියෝජනය කිරීමට පෙනී සිටිනු ලැබේ.
2. චොක්ලට් හදනවා, ඒ වගේම කනවා
චොක්ලට් නිෂ්පාදනය අතින් ස්විස් රට ඉතා පැරණි රටකි. ස්විස් හි කොකෝවා වැවෙන්නේ නැත. එහෙත් චොක්ලට් නිෂ්පාදනයෙන් ස්විස් රට අගතැන්පත් වී තිබේ. ස්විස් රට චොක්ලට් නිෂ්පාදනය සාම්ප්‍රදායික වට්ටෝරු අනුව කරන පරම්පරා ගණනාවක සිට පැවත එන කර්මාන්තයකි. ස්විස් ජනයා චොක්ලට් කෑමට මෙන්ම චොක්ලට් බුදීමටද එකසේ දක්ෂ ඇත්තෝ වෙති. ස්විස් ජාතිකයෝ පමණක් වසරකට චොක්ලට් මෙට්‍රික් ටොන් 64ක චොක්ලට් ගිල දමති. එය ඒකපුද්ගල චොක්ලට් පරිභේජනය අතින් ඉහලම අගයක් ගන්නා රටය.
3. රේල්ලුව සහ ටනල්
ස්විට්සර්ලන්තය දුම්රිය ගමනාගමනයට පතල රටකි. එහි ජනයා වසරකට කිලෝමීටර 2300ක දුරක් රේල්ලුවේ ගමන් කරති. එක් දිනකදී මිලියන 1.2ක ජනතාව ස්විස් රේල්ලුව භාවිතා කරනු ලැබේ. කඳුකරයේ භාවිතා වන විශේෂ දැතිරෝද සහිත දුම්රිය මග මෙන්ම අති නවීන අධිවේගී දුම්රිය මාර්ගද ස්විස් හි වේ. ලොව තිබෙන ගැඹුරුම සහ දිගම දුම්රිය උමඟ ඇත්තේද ස්විස් රටේය. කිලෝමීටර 57ක් දිග එම ගොතාඩ් බේස් ටනලය ඇතැම් තැනකදි මීටර 2000ක් පමණ ඇල්ප්ස් කඳුවැටිය යටින් ඇදී යයි.
4. ස්විස් රටේ ආරක්ෂාව
ජර්මනිය, ප්‍රංශය ඉතාලිය සහ ඔස්ට්‍රියාවට මායිම්ව පිහිටා ඇති ස්විට්සර්ලන්තය අභ්‍යන්තර රටකි. එනම් ඒ රටේ මූදක් නොමැති අතර හතර අතින්ම යාබද වූ රටවල් තිබේ. මෙම යාබද රටවල් හිතවත් වුවද ස්විට්සර්ලන්තය සිය ආරක්ෂාව ගැන හොඳ අවධානයකින් පසු වේ. දේශසීමාවන් හි අවශ්‍ය අවස්ථාවලදී පුපුරුවා හල හැකි ස්ථාන 3000කට වඩා ස්ථාපනය කොට තිබේ.
දේශසීමාසන්න ඇල දොල ගංගාවන්හි පාලම් අවශ්‍ය අවස්ථාවලදි පුපුරුවා හැරීමට හෝ හකුලුවා ගැනිමට හැකිවන ලෙස නිපදවා තිබේ. ස්විස් හමුදා සේවය 18-30 අතර පිරිසට අනිවාර්ය වන අතර එය වසරකට මාසයක් පමණ සිට අවශ්‍ය තරම් කාලයක් දක්වා හමුදාව සදහා සිය දායකත්වය ලබා දීමට ස්විස් ජනයා බැඳී සිටිති. පරමාණුක ප්‍රහාරයකදී සැගවී සිටිය හැකි ලොව විශාලතම ආගාරය ස්විස් රට සතුය. එය සෝනබර්ග් ටනල්ලෙස හැදින්වේ.
5. ස්විස් මුදල් සහ රන්
ස්විස් රටට රැගෙන යා හැකි මුදල් පිළිබඳ සීමා මායිමක් නොමැත. කලක් ලොව ධනපතියන්ගේ මුදල් රැස්කර තබන ස්ථානයක් ලෙස ස්විස් ලොව වටා ප්‍රකට විය. ලංකාවේද ධන කුවේරයින්ගේ දේශපාලකයින් ගේ ධනය ස්විස් බැංකු වල ඇතැයි කලකදී වාර්තා විය. ලොව වැඩිම රන් ප්‍රමාණයක් ගබඩා කොට ඇති රටවල් 10 අතරට ස්විස් ඇතුලත් වේ. එහි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1400කට ආසන්න වේ. එය මධ්‍යන්‍යය වශයෙන් එක් පුද්ගලයෙකුට වැඩිම රන් සංචිත ප්‍රමාණයක් ලැබෙන රට වේ.
6. ස්විස් රට තොට විස්තර
ස්විස් රට උතුරේ සිට දකුණට කිලෝමීටර 220කි. නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර 348කි. එහි වපසරිය කිලෝමීටර 1882ක් පමණ වන බෝඩරයකි. මෙම ස්විට්සර්ලන්තයෙන් 65%ක්ම ඇල්ප්ස් කඳුවැටියෙන් වැසී පවතී. එය ඇල්ප්ස් කඳුවැටියෙන් සියයට 14ක අගයකි. යුරෝපයේ වතුර උල්පත ලෙස දැක්වෙන ස්විස් හි විල් පමණක් 1500කි. මිනිසුන්ට ජීවත් විය නොහැකි ගැල්සියර රැසක්ද ස්විස් ඇල්ප්ස් මුදුන් වල සදාකල්හිම සුදුපැහැයෙන් විරාජමානව තිබේ. ස්විස් හි මීටර 3000කට වඩා උස කඳුමුදුන් 208ක් තිබේ.
7. ලොවට බඩු නිපදවන්නෝ
ලොව බුද්ධිමය දේපල හිමිකම් අතින් පොහොසත්ම රට ස්විට්සර්ලන්තයයි. එල් එස් ඩි මත්ද්‍රව්‍යය, ඇබිසින්ත් මත් පැන්, චොක්ලට්, සෙල් ෆෝනය. රන් භාණ්ඩ ආදී ලොව පතල වූ බොහෝ නිෂ්පාදන රැසක් ස්විස් හි නිමැවී ලොවට හඳුන්වා දී තිබේ.
8. සුරතල් ජෝඩු නීතිය
ස්විට්සර්ලන්තයේදී ඌරන්, මීයන්, ගිරවුන්, මාළුන් ආදී සතුන් එකකු ඇතිකිරීම වරදකි. ඇතිකරනවානම් ජෝඩුවක්ම ඇතිකළ යුතුය. කොටින්ම ඉහත වර්ගවල එක් සතකු පමණක් බයිසිකලයේ රියේ දමාගෙනයෑමද ස්විස් හිදී වරදකි. එසේම බල්ලන් ඇතිකරනවා නම් ඒ සඳහා බල්ලාගේ බර අනුව බද්දක් ගෙවීමටද මහජනයාට සිදු වේ.
9. සතුටුම රට සහ වැඩි ජීවිත කාලය
උපතේදි ආයු අපේක්ෂාව වසර 83ක් පමණ වන ස්විස් රට සෑම කලකදීම ලොව සතුටින්ම සිටින රටවල් ගොන්න අතරට ඇතුලත් වේ. ස්විස් ජාතිකයකුගේ දල වාර්ෂික ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 78,000 කට අධිකය. (ලංකාවේ එය ඇමරිකානු ඩොලර් 3,865 කි) ඒකපුද්ගල ආදායම වැඩි වූ පමණින්ම සෑම රටකම මිනිසුන් සතුටින් ගත කරන්නේ නැත. සිවිස් රටේ ඇති හැකි මිනිසුන් පංතියක් ලෙස වෙන් වි නොපවතින අතර සියල්ලන්ටම පාහේ ආදායම බෙදීයන පරිදි එහි ආර්ථික, සමාජිය කාරණා සැකසී තිබේ.
යමෙක් සුරලොව මිහිපිට ඇතැයි පවසන්නේ නම් ස්වභාව සෞන්දර්යය අතින්ද, වෙසෙන පුද්ගලයන්ගේ ගතිසොබාවය අතින්ද, ආර්ථිකමය ඉසුරුමත් බව අතින්ද, සමාජයේදී මනුෂ්‍යයෙක්ට ඇති වටිනාකම අතින්ද ස්විස් රට මිහිබට සුරලොවක් වැනි වූ රටකි.
Cover Image Source – inhabitat.com/ worldtravelguide.net / zhaw.ch
Leave a Reply