කූඹියෝ කියන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ පවා කතා වෙන මාතෘකාවක්. හැමදාම අපිට පුරුදු වැල්වටාරම් නාට්‍ය සම්ප්‍රදාය වෙනුවට අමුතු ම ආතල් එකක් දීලා සීමිත කොටස් ගණනකට පස්සේ සමුගත්ත ටෙලියක්. ලංකාවේ මේ වගේ වෙනස් අත්දැකීමක් රූපවාහිනී ටෙලිනාට්‍යයක් නිසා දැනුණ ප්‍රථම අවස්ථාව කියන්නත් පුළුවන්. මේ ටෙලිය නිසා ඒකටම අනන්‍ය වෙච්ච පොඩි සංස්කෘතියක් ලංකාවේ නිර්මාණය වුණා. රූපවාහිනී තිරයට සමු දුන්නත් (සීසන් 2 එනවා කියලත් කියනවා ඉතින්) ඒ සංස්කෘතියෙන් ඉතිරි කරලා ගිය ට්‍රෙන්ඩ්ස් ටික හැමදාට ම තියෙයි.
1. ෆේස්බුක් සමූහයක් – (කූඹි ගුල – koombiyo fan base)
ලාංකිකයෝ විදියට අපි මීට කලින් ටීවී සීරියස් එකක් එක්ක ඉන්ටර්නෙට් එකේ ෆෝරම, සමූහ, වෙබ්අඩවි වශයෙන් සම්බන්ධ වෙලා තියෙන ඔක්කොම එක්කෝ සුද්දොන්ගේ, ඉන්දියන්කාරයොන්ගේ නැත්නම් කොරියන් අයගේ නිර්මාණ. විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්ක ෆේස්බුක් සමූහයක් මේ විදියට ලංකාවේ ටෙලියක් නිසා ඇතිවුණේ පළවෙනි වතාවට. මේ සමූහයේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයාත් රංගන ශිල්පියොත් ඇතුළුව සාමාජිකයන් 46000කට වඩා ඉන්නවා. මෙතනදී ටෙලිය සම්බන්ධයෙන් විචාර, ප්‍රශ්න, කවි නිර්මාණ, විවාද වගේ නොයෙක් දේවල් සිද්ධ වෙනවා. මේ සමූහයත් ඒකේ කයිකතන්දරත් ටෙලියත් එක්කම ඉවර වෙයි කියලා හිතන්න නම් ගොඩක් අමාරුයි.
2. කතාබහට රුවන්වැකි
මේ ටෙලිය සාමාන්‍ය මනුස්සයාගේ හිතේ සෑහෙන ලොකු තැනක් අයිතිකරගත්ත එක හේතුවක් තමයි මේකේ දෙබස් ටික. එක් එක් චරිත සමහර වෙලාවට ඔහේ කියලා දාන දේවල් මාර ම සම්භාවනීය විදියට පේන්න තරම් නිර්මාණයක අගය මොන වගේ වෙන්න ඕනිද? හිතට තදින් ම කා වැදුණු දේවල් අමුතුවෙන් පාඩම් කරගන්න ඕනි නැහැනේ. දැන් දැන් මේවා ත්‍රීවිලර්වල ස්ටිකර් විදියටත් ඇලවෙන්න පටන් අරන්. ඒ විතරක් නෙවේ සයිබර් අවකාශයේ වුණත් ඕනෑ තරම් මේවායෙන් කතා කරන උදවිය ඉන්නවා. එහෙන් මෙහෙන් ටිකක් මතක් කරලා ගත්තොත් මෙහෙමයි.
“ආදරේට ප්ලෑන් ගහන්න එපා අයියේ..”
“ඒක වෙනම ආතල් එකක් බන්”
“තදට තිබුන ලව් එකක් බ්‍රේක් උනාම හිතට හරිම අමාරුයි ලොක්කා”
“කරපු පව් ටික ගෙවපං අලුතින් පව් හදා ගන්න එපා ගෙවන්න කල් මදි වෙයි”
“උඹ මොනවද බොන්නෙ? උඹ මොනවා බිව්වත් මෙහෙ තියෙන්නෙ ප්ලේන්ටි විතරයි”
3. ඇඩ්වර්ටයිසින්ග්වලට අලුත් මූණක්
කූඹියෝ ජනප්‍රිය වුණත් හරි දෙයක් නිර්මාණාත්මක විදියට ඉදිරිපත් කරනකොට කොහෙන් ගියත් ජෙහාන් හරි ප්‍රියන්ත හරි ගෑවෙන විදියට තමයි දැන් වැඩ සිද්ධ වෙන්නේ. ඒ කිව්වේ ඉතින් මොකක් හරි වෙළඳ භාණ්ඩයක් හරි අලුත් ඉවෙන්ට් එකක් හරි මාකට් කරනකොට කූඹියොන්ගේ පිහිටෙන් වැඩේ ලස්සනට කරගන්න එක.
4. අනාගත ටෙලි නිර්මාණකරුවන්ට නව දැක්මක්
අතීතයේ දුර දවස්වල ඉඳන් 2000 වසරේ මැදක් වෙනකන් ලස්සන ටෙලි සංස්කෘතියක් මේ රටේ තිබ්බා. ඊට පස්සේ තනිකර වාණිජමය අරමුණු පස්සේ ගිහින් හඬකවපු ටෙලිනාට්‍යයි සීනිබෝල කතන්දරයි එළියට එන්න පටන් ගත්තා. ඒ නිර්මාණ පිටිපස්සේ හිටපු හැම කලාකාරයෙක්ට ම කූඹියෝ කියන්නේ ගුරුවරයෙක්. කූඹියෝ එකේ චරිතවලට නළුනිළියෝ තෝරලා තිබ්බේ ජනප්‍රියතාව මත නෙවෙයි දක්ෂතාව මත. මල්දෙණිය මහත්මයාට රංගන දායකත්වය සඳහා පීටර් ද අල්මේදා යොදා ගැනීම උදාහරණයක් විදියට දක්වන්න පුළුවන්. ඊළඟට කුතුහලය රඳවාගැනීම. හැම එපිසෝඩ් එකක් අවසානේ ම අනික් සතිය වෙනකන් ප්‍රේක්ෂකයෝ ටික පිස්සුවෙන් වගේ ඒ ගැන ම හිත හිතා තියාගන්න පුළුවන්කමක් අනික් නිර්මාණවලටත් තියෙනවා නම්. මිනිස්සු මෙච්චර කැමැත්තෙන් මේ වගේ වෙනස් දේවල් වැළඳගන්නවා නම් අපිත් රැල්ලෙන් මිදෙන්න ඕනි කියන තැනට අපේ නිර්මාණකරුවන් හිතාවි.
5. පොඩි පොඩි පැණිරහ වැඩ
දේශීයව වගේ ම විදේශ රටවලත් කූඹියෝ මීටප් (සුහද හමු), සජීවි නැරඹීම්, සාකච්ඡා පැනල, ටී ෂර්ට් ප්‍රින්ටින්ග්, අන්තර්ජාල මීම්ස් වගේ වැඩකිඩ කූඹියොත් එක්ක එළියට ආපු දේවල්.
“සර් ආන්සර් කරන්න ම ඕනි කෝල් එක” මොකක්ද කියලා තවත් සීසන් එකකින් (ප්‍රාර්ථනා කරමු නේ) අපට දැනගන්නට ලැබෙනකන් මේ ට්‍රෙන්ඩ්ස් ටිකත් එක්ක ඉන්න වෙනවා.
Cover Image Source – facebook.com
[…] කූඹියෝ කියන්නේ ශ්‍රී ලාංකීය රසිකයන්ව අන්ද මන්ද කරපු ටෙලි කෘතියක් බව කාටවත් අමතක නැතුව ඇති. විශේෂයෙන්ම කූඹියෝ ලංකාවේ ටෙලි නාට්‍ය ආකෘතිය නවමු තලයකට ගෙනියන්න සමත් වුණා. ඒත් අර “කොච්චර හොඳක් කළත් ලංකාවේ මිනිස්සුන්ව සතුටු කරන්න බෑ” ය කියන කියමන යතාර්ථයක් කරමින් කූඹියන්ටත් පිරිසකගෙන් දොස් ආවා. විශේෂයෙන්ම කූඹියෝ ටෙලිය සංස්කෘතියට නොගැලපෙන බව, එහි අඩංගු සමහර වචන අසැබි වචන වීම, කූඹියෝ ටෙලියේ සංස්කරණයේ තිබ්බ යම් යම් දෝෂ ආදිය ඒ පිරිසගේ තර්ක වල මූලික පදනම වුණා. අනික් පිරිස කිවුවේ කොහොම වුණත් කාලෙකින් රහට බලන්න ලැබුණු එකම ටෙලිය කූඹියෝ කියලයි. […]