නගරයට ගම ගෙනා මෑත කාලයේ නවකතා

Books that brought nostalgia to the city

ළඟදී කියවපු හිතට වැදුණ සිංහල නවකතා මොනවද? ඒ ගැන හිතද්දී මෑත කාලයේ ලියවුණ නවකතා ලියවුණේ මොන වගේ දේවල් පසුබිම් කරගෙන ද කියලා හිතන්න වෙනවා. යුද්ධය, ප්‍රේමය, මායා යථාර්ථවාදය වගේ මාතෘකා අතරේ මෑත කාලයේ ගම කේන්ද්‍ර කරගෙන නවකතා ලිවීමේ උනන්දුවක් ඇති වෙලා තියනවා. ඒක ලේඛකයාටත් හොඳ දෙයක්. මොකද ප්‍රේක්ෂකයා ගමට ආසා කරන නිසා සහ රචනා ශෛලිය නිසා මේ පොත් වැඩියෙන් අලෙවි වෙනවා. ප්‍රේක්ෂකයන් අතින් තමන් ජීවත්වන රටේ සංස්කෘතික උරුම, මනුස්සකම, සරලකම වගේ දේවල් ගැන ඉගෙනගන්න ලැබෙනවා. මේ විදියට ගම සොයා ගිය මෑත කාලයේ නවකතා කීපයක් පිළිබඳවයි මේ වියමන.

 

1. සෙංකොට්ටන් – මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

Books that brought nostalgia to the city

Source – youtube.com

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නාමය ලංකාව ආදරයෙන් වැළඳගන්නේ සෙංකොට්ටන් හරහා. කුලවාදයෙන් පීඩිත වුණ අතීත ගැමි ජීවිතය පිළිබඳ පුදුමාකාර සංවේදීබවක් ඇතිකරවන විදියට ලියවුණ කෘතියක්. මෙතනදී කතුවරයාගේ භාෂා හැසිරවීමේ දක්ෂතාව නම් කියලා වැඩක් නෑ. සෙංකොට්ටන් කියන්නේ වචනාර්ථයෙන් ගත්තොත් රෙදි සෝදන අය ඒ රෙදිවල සලකුණු තියන්න භාවිත කරපු ගෙඩි වර්ගයක්. එතකොට මේ කතාවේ එන ප්‍රධාන චරිතය වන වීරප්පුලි හේනයා මේ රෙදි හෝදන කුලයකට අයත් අහිංසක ගැමියෙක්. මොහු කේන්ද්‍ර කරගෙන ලියැවුණු මේ පොත බොහෝ දෙනාගේ නොමඳ ප්‍රශංසාවට ලක් වුණා.

 

2. ගරුඩ මුහුර්තය – කීර්ති වැලිසරගේ

Books that brought nostalgia to the city

Source – bookstore.lk

2017 වසරේ විශිෂ්ටතම ස්වතන්ත්‍ර නවකතාව විදියට සම්මානයට පාත්‍ර වන්නේ මේ ග්‍රන්ථයයි. මේ පොතේ කවරයේ ඉන්නේ ගරුඩෙක් සහ සුදු නාගයෙක්. ගරුඩා කියන්නේ මනකඃල්පිත සත්වයෙක්. මේ ග්‍රන්ථයට අනුව ගරුඩා නියෝජනය කරන්නේ මහා සම්ප්‍රදාය. නාගයා චූල සම්ප්‍රදාය. කතාව පුරා ගලා යන්නේ මහා සම්ප්‍රදාය විසින් මේ චූල සම්ප්‍රදාය ගිලගන්න විදිය. සුද්දොන්ගේ පැමිණීමත් එක්ක ම පැවති ජීවන රටාවේ වෙනස් වීම බොහොම දක්ෂ විදියට ලියලා තියෙනවා. ගැමි භාෂාවත් සබරගමු පළාතේ අදාළ ස්ථාන මනා භූගෝලීය දැනුමකින් යුතුව සඳහන් කිරීමෙනුත් මේක ලියන්න කතුවරයා ගත් මහන්සිය ගැන හිතා ගන්න පුළුවන්.

 

3. කාල නදී ගලා බසී – නෝබට් අයගම

Books that brought nostalgia to the city

Source – goodread.com

ඉස්සර ගංගාවල් ආශ්‍රය කරගෙන අද වගේ පාලම් තිබ්බේ නැති තරම්. ගමන්බිමන් ගියේ ඔරුපාරුවලින් තමයි. මේ ග්‍රන්ථය ලියවෙන්නේ ඒ වගේ පාරු සංස්කෘතිය සහ කළු ගඟ උපයෝගී කරගෙන. නමුත් කතාව පුරා පාරුකාරයන්ට අමතරව ගමේ වෙසෙන විවිධ සමාජ ස්ථර වගේ ම ගතිපැවතුම් ඇති  ගැමියන් ගැන කියවෙනවා. ඒ කියන්නේ මේ කතාව එක්තරා විදියකට සමාජ විවරණයක්. කතා නායකයා සාදිරිස්. 2014 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී හොඳම නවකතාව විදියට සම්මාන හිමිකරගන්නෙත් මේ ග්‍රන්ථයයි. නෝබට් අයගමගේ බස්වහර ඉතා ම අලංකාරයි. මේ පොත කියවගෙන යද්දී චිත්ථ රූප මවාගන්න බොහොම ලේසියි.

 

4. දූල්වල අලංකාරේ – සුමුදු නිරාගී සෙනෙවිරත්න

Books that brought nostalgia to the city

Source – radiogagana.com

උඩරට සමාජය වෙනස්වුණ ආකාරය ගැන විව්ධාකාරයේ පොත්පත් ලියැවිලා තියෙනවා. ඒ අතරින් චිත්‍ර කර්මාන්තය සිය පරම්පරාවේ දායාදය කරගත් සිත්තරෙක් වටා ගෙතුණු අපූරූ නිර්මාණයක් තමයි මේ. මහනුවර ආසන්නයේ පිහිටි දූල්වල කියන පුරාණ ගම පසුබිම් කරගෙන තමයි මේ කතාව ලියවෙන්නේ. කතාව ගැන කියනවා නම් සිය පාරම්පරික කලාව ඉදිරියට ගෙන යාමට පුරුකක් නැති තැන සුරේන්දර නයිදේ නමැති සිත්තරා සිය ඥානය වෙනෙකෙකුට පවරා දෙනවා. උඩරට ජනවහර බොහොම ව්‍යක්ත විදියට කතාව පුරාම දැකගන්න පුළුවන්. නිර්මාණාත්මක ගලායාමකට වඩා පර්‍යේෂණාත්මක මට්ටමින් ඉතා හොඳ කෘතියක් විදියට දක්වන්න පුළුවන්. මේ සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ ප්‍රථම නවකතාවයි.

 

5. බැඳමාරිය – අනුරසිරි හෙට්ටිගේ

Books that brought nostalgia to the city

Source – kbooks.lk

2015 වර්ෂයේ ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටයට නිර්දේශිත කෘතියක්. බැඳමාරිය වචනාර්ථයෙන් ගත්තා ම දැඩි නියඟයක් අවසානයේ වහින වැස්ස. ඒක මේ කෘතියට අදාළ වෙන්නේ මේකෙන් කියවෙන්නේ වැස්සක් වගේ කඩන් හැලුණ විවෘත ආර්ථිකයෙන් ලාංකේය ගැමියා අත්විඳපු හොඳ සහ නරක ගැන මෙහි අන්තර්ගත නිසා. ගම්වල ඇතිවුණ විපර්‍යාස ගැන අපි ගම්පෙරළිය කෘතියේ පටන් අද වෙනකන් ම කියවනවා. ඒ අතරින් බැඳමාරිය විශේෂ වෙන්න එහි භාෂා භාවිතයත් වැදගත් වෙනවා. ආර්ථික අහේනියක් හමුවේ බැඳමාරියක් විදියට ආපු විවෘත ආර්ථිකයෙන් ගම සමෘද්ධිමත් වෙනවා කියලා කතුවරයා තියෙනවා. ඒත් භාෂා හැසිරවීමේ දක්ෂතාව උපයෝගී කරගෙන මේ සමෘද්ධිය විසින් අවසන ඇතිකරන විනාශය ගැන ඉඟි සපයනවා. ගම් පළාත විදියට උපයෝගි කරගන්නේ ඌව පළාතේ ඇතිමලේ ප්‍රදේශය.

මේ වගේ තවත් ගම්මානය ගැන මෑත කාලයේ ලියවුණ අගනා නිර්මාණ අපිත් එක්ක බෙදාගන්න

 
Cover Image Source – pintarest.com / twitter.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *