බිග් මැච් එකකට යන ඕල්ඩ් බෝයි සෙට්

Big Match Old Boys

දැන් බිග් මැච් සමය පටන් අරගෙන ඉවරයි. මේ දවස්වල දිවයිනේ නන් දෙස ප්‍රධාන පාසල් අතරේ විශාල වශයෙන් මහා ක්‍රිකට් තරග පැවැත්වෙනවා. ඉතිං අපි මේ ලියන්නෙ ඒ බිග් මැච් ගැන. මේ බිග්මැච්වලට එන්නෙ ඉස්කේලෙ ළමයි විතරක් නෙමෙයි. එතන එන විශේෂම කල්ලිය තමයි ඕල්ඩ් බෝයිස් ලා. අපි අද ලියන්නෙ ඕල්ඩ් බෝයිස්ලා ගැන. ඒ බිග් මැච් එකට විවිධ අරමුණු තියාගෙන එන ඕල්ඩ් බෝයිස්ලා වර්ග 7ක් ගැන.

 

1. මිතුරු හමු

 Big Match Old Boys

Source – yamu.lk

ඉස්කෝලෙ සුන්දර කාලෙ ගෙවිලා ගිහිල්ලා. රස්සාවල නිමක් නැතුව ඉද්දි, අතරින් පතර ඉස්කෝලෙ ගත්තු ආතල් මතක් වෙද්දි දුකක් වගේම කේන්තියකුත් එනවා. ඒ දුක කේන්තිය තුනී වෙන්න ඉස්කෝලෙ කාලෙ හිටපු යාළුවො මහ ගොඩක් එකම වතාවක හම්බෙන්න පුළුවන් තැන තමයි. ආයෙ ඉතිං දවසම ඕපෙ පාර දාලා ගෙදර ඇවිල්ල තමයි මැච් එකේ ලකුණු ගාන හොයාගන්නෙ. ඉතිං කොහෙද මහත්තයො තව කතාවක්. ඇත්තටම ඉතිං අවුරුද්දකට පාරක් හම්බෙන යාළුවො සෙට් එක එක පොදියට ඉන්න කොට මැච් බලන්න හිතෙන්නෙ කාටද?

 

2. ක්‍රිකට්කරු

 Big Match Old Boys

Source – youtube.com

ක්‍රිකට් කියන්නෙ සිරා ගේම් එකක්. මේ සිරා ගේම් එක දවසම බලාගෙන ඉන්න පුළුවන් වුනත් බිග් මැච් එකකට ආවම ඊට වඩා දේවල් තියෙනවා. සින්දුවක් කියල ආතල් එකක් ගන්න. ඉස්කෝලෙ අනිත් යාලුවො හම්බෙන්න. පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න. ඇවිදින්න. ටීචර්ලව හම්බෙන්න. වගේ සොමි ගොඩක් තියෙන බිග් මැච් එකේ ඇවිල්ලා මැච් එක විතරක් බලාගෙන ඉන්නෙ මොන සතාද හැබෑටම. හැබැයි අපි එහෙම හිතුවට එහෙම මැච් එක විතරක් බලාගෙන ඉන්න සත්තුත් ඉන්නවා.

 

3. ගැහැනු පිරිමි මල් පළතුරු

 Big Match Old Boys<span style="font-size: xx-small;"> Source - facebook.com  </span>

Source – wikihow.com

ගැහැනියයි, මිනිහයි ඇවිල්ල මලක් දීලා පළතුරු කකා ඉන්න තත්ත්වයක් උද්ගත වෙච්ච මිනිස්සුත් ඉන්නවා. ඇත්තටම මේක වෙන්නෙ ප්‍රධාන කාරණා දෙකක් උඩ. එකක් ගර්ල් ෆ්‍රෙන්ඩ් කියනවා මට මැච් එක බලන්න යන්න ඕනමයි, මට ඔයාගෙ යාළුවො හම්බෙන්න ඕනමයි කියල. ඉතිං කොල්ලට ඒ ආශාව ඉෂ්ඨ නොකර බැරි වෙනවා. ඊලඟ සීන් එක තමයි කොල්ලට හිතෙනවා කෙල්ලත් එක්ක ගිහින් ගැම්මට එතනට වෙලා ඉන්න. ඒත් ගොඩක් බුවාලා කෙල්ල එක්ක පුටු දෙකකට වෙලා අඹ කකා ඔහේ දවස් තුනක් ගෙවන්නෙ වෙන කරන්න දෙයක් නැති කමට. හැබැයි කෙල්ලයි කොල්ලයි දෙන්නම ෆුල් සැපේ හැපනිං පිට බිග් මැච් එකේ දවස ගෙවන ඩයලුත් ඉන්නවා.

 

4. ද බෝයි

 Big Match Old Boys

ආයෙ ඉතිං ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු දහයක් ගිහිල්ලත් අස්වීම් සහතිකේ ගන්නෙ නැති, මගේ පාසල් මෑණියෝ සැමදා දිනේවා කියලා උදේට ඇහැරුනාම ඉස්කෝලෙ පැත්ත බලාගෙන වඳින, බිග් මැච් එක දවසට ඇවිල්ල පොඩියට ඩ්‍රින්ක් එකක් දාන පොඩි කොල්ලොන්ට සද්දෙ දාන, පිළිවෙලට වැදගත් මහත්වරු වගේ ඉන්න උත්සාහ කරන බුවාස්ලත් මේ අතරෙ ඉන්නවා. එහෙම අයව නං ගනං නොගෙන ඉන්න තරමට ලේසියි.

 

5. චන්ඩි

 Big Match Old Boys

Source – pintarest.com

ඔන්න ඔය අතරෙ මේ ඩයල් බිග් මැච් එකට එන්නෙ කීයක් හරි හොයාගන්න. පොඩි කොල්ලොන්ව රවට්ටලා මොනව හරි විකුණගන්න. කුඩු සීන් එකේ ඉන්න ඩයල්ස් බොහෝදුරට මේ වැඩේට සෙට් වෙනවා. පොඩි එකෙක් බය කරලා රුපියල් සීයක දෙසීයක කප්පමක් ගන්න වගේ උත්සාහයක් තමයි එයාලගෙ තියෙන්නෙ. ඒ වගේම වෙනිං වාර්ෂික වලි වෙනුවෙනුත් බිග් මැච් එකට එන අය ඉන්නවා. ඒ බුවාලා ඉතිං තමුන්ගෙ කල්ලියත් එක්ක ඇවිල්ල අදාළ ගොදුර තනි වෙනකං ඉඳලා පොරට නෙලලා යනවා. ඕක අවුරුද්දක් පාසා මාරුවෙන් මාරුවට සිද්ධ වෙනවා.

 

6. වෙන වැඩ

 Big Match Old Boys

Source – facebook.com

මේකත් එක නරකම වැඩක්. මේ අයට බිග් මැච් මතක් වෙන්නෙ එයාලගෙ පෞද්ගලික වාසි සිහිපත් වුනාම තමයි. ඡන්ද කාලෙ ලංවුනාම බිග් මැච් එකට ඇවිල්ල හැමෝටම වෙනවෙනම තෙල බෙදන ඩයල්ස් ඉන්නවා. ඒ අය මැච් එකට එන්නෙ ඡන්ද ටිකක් කඩා ගන්න ඕන නිසා. ඒ වගේම බිග් මැච් එකට ඇවිල්ලා තමුන්ගෙ අලුත් බිස්නස් එක ප්‍රමෝට් කරන බුවාස්ලාත් ඉන්නවා. මේ වගේ අය එක්ක තෙලක් අහන් ඉන්න වැටුනම සසර එපා වුනත් ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවා.

 

7. බොහ්

 Big Match Old Boys

Source – time.com

ආයෙ ඉතිං මැච් ගැහුවද? යාලුවො ආවද කියල හොයන්නෙ පටන් ගන්න දවසෙ උදේ 11 වෙනකං විතරක් ඩයල්ස් ඉන්නවා. 12 වෙද්දි වෙරි. දවල් දෙකට පිස්සු නටනවා. හවස 4ට මොකුත් මතක නෑ. මැච් එක ඉවර වෙද්දි ඩෙඩ් බොඩි. ඉතිං යාළුවො හතරදෙනෙක් පෙට්ටිය නැතුව මිනිය කරගහගෙන ගිහිල්ලා වාහනේක දාගෙන දෙහි ගාලා ටුක් එකක දාලා ගෙදරට යවනවා. ආයෙ පහුවදාට හිස්ට්‍රි රිපීට්ස්.

 
Cover Image Source – thepapare.com/ youtube.com /
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *