ඇල්කොහොල් පාවිච්චි කරන, එහෙමත් නැත්තං මත්පැන් බොන, එහෙමත් නැත්තං කෙටියෙම්ම ලංකාවට හරියන විදියට අරක්කු බොන අය ඒ බොන්නෙ ඇයි කියල ඇහුවම කියන හේතු ටිකක් තියෙනවනෙ. ඒ තමයි යාළුවො එක්ක සෙට් වෙන්න ඕන නිසා, කොන් වෙයි කියල බයට, බොන්න බල කළා වගේ හේතු. ඒවා සාධාරණ හේතු නෙමෙයිනෙ. අරක්කු බොන්න තියෙන සාධාරනම හේතුව තමයි මත් වෙන්න සහ රිලැක්ස් වෙන්න තියෙන එක ක්‍රමයක් කියන එක. හැබැයි ඇල්කොහොල්වලින් සිද්ධවෙන්නෙ අපිව රිලැක්ස් වෙන එකද? මේ සටහන ඒ ගැනයි. මේ ඇල්කොහොල්වලින් ඔබේ මනසට සිද්ධ වෙන හානි කිහිපයක්
1. මොළය

Source – medium.com
ඇල්කොහොල්වලින් මොළයට දැඩි බළපෑමක් කරනවා. එය ඔබේ මතකය කෙටි කාලීනව හෝ අමතක කරවන්නට විශාල හේතුවක් වෙනවා. අපි මේ කියන්නෙ කෙටි කාලීන මතකය අහිමි වීමක් ගැන නෙමෙයි. මේ කතාව ඔබට සිදු වුනු දේවල් පිළිබඳ සේයාවක් පමණක් මොළයේ ඉතිරි කරවීම වගේ තත්ත්වයක්. ඒ වගේම ඔබේ මොළයට අලුත් දෑ ඉගෙනගැනීමට ඇති හැකියාව සහ කුහුල ඇල්කොහොල් මගින් බිඳිනවා. එනිසා ඔබ ඇල්කොහොල් ලෝලියෙකු නම් ඔබට නිවු ලර්නර් කෙනෙකු වන්නට අපහසුයි.
2. නින්ද

Source – greatist.com
ඔබේ නින්දට ඔබට සැලකිය යුතු කාල ක්‍රමවේදයක් තියෙන බව සිතමු. ඇල්කොහොල් භාවිතයෙන් මෙය ගිලිහෙනවා. එය සිදුවන්නෙ ඇල්කොහොල් ඇඟ ඇතුළෙ තියෙන ඔරලෝසුවට හානි කරන නිසායි. මේ හානිය ඔබේ නින්ද අහිමි කරවනවා. ඊටපස්සෙ රෑට නිදි වරලා, උදේට නිදි මතේ, දවල්ට නිදාගෙන හවසට ප්‍රබෝධමත්ව සිටිනවා වගේ තත්ත්ව ඇති කරනවා.
3. මධ්‍ය ස්නායු පද්ධතිය

Source – boehringer-ingelheim.us
Central Nervous System එකට ඇල්කොහොල්වලින් සැලකිය යුතු හානියක් සිද්ධ කරනවා. එයින් ඔබේ ප්‍රධාන ස්නායු පද්ධතිය ඩිප්‍රෙස් කරවනවා. හරිහමන් මූඩ් එකක් නැතුව අබ්ලික් පිට ඉන්න එක පසුකාලීනව ඩිප්රෙෂන්වලට ප්‍රධානතම හේතුව බවට පත් වෙනවා.
4. රිලැක්ස්

Source – nerdynaut.com
ඕනම අයෙක් ඇල්කොහොල් භාවිතයට දෙන සාධාරණම හේතුවක් තමයි ඒක මනස රිලැක්ස් කරලා ප්‍රශ්න අමතක කරවනවා කියන එක. මෙතනදි අපි දෙවිධියකට වලේ වැටෙනවා. මුල්ම එක ප්‍රශ්න අමතක වෙන්නෙ ටික වෙලාවකට විතරයි. ඒකෙන් පස්සෙ ප්‍රශ්නෙ ඩබල්. දෙවැනි එක ප්‍රශ්නෙ නිසා තියෙන අවුල් ගතිය ඇල්කොහොල් එක්ක පසු කාලීනව ඇන්සයිටිවල මහ එක දක්වා ඔබේ මොළය ගෙනයෑම.
5. වෙවුලිලි

Source – youtube.com
ස්නායු දුර්වල කරවීම ඇල්කොහොල්වල ප්‍රධානම කාරණයක්. මේ නිසා ඔබේ දෑත් වෙව්ලීම ඇති කරවන්නට එයට හැකියාව තියෙනවා. මේක ඔබට එදිනෙදා වැඩකටයුතු කරන්නට විශාල බාධාවක් බව අමුතුවෙන් කිව යුතු නැහැනෙ.
6. මානසික අල්ලස්

Source – youtube.com
ඔබේ මනසින් ඔබව ඇද වැට්ටීම් මනසට වෙනත් නරක දේ භාවිතයට හේතු කරවන්නටත් ඇල්කොහොල්වලට හැකියි. උදාහරණයකට සීනි අධික කාබනේටඩ් බීම වර්ග. දුම් වැටි වගේ දේවල් ඔබේ ඩිප්රෙෂන් මගහරවන බෙහෙත ලෙසින් පෙන්වන්නට එයට හැකියි.
7. බෙහෙත්

Source – theconversation.com
ඔබ ඇල්කොහොල් භාවිතයෙන් ඔබේ මනසට හානි වෙන බව නොදැන ඩිප්රෙෂන් වෙනුවෙන් බෙහෙත් වර්ග ගන්නවා විය හැකියි. තවදුරටත් නොදැන හෝ ඇල්කොහොල් පානය කිරීම නිසා එම බෙහෙත්වලින් පවා නරක ප්‍රතික්‍රියා ඇතවීමේ ඉඩකඩක් ඔබට නරක ලෙසින් බලපාවි.
Cover Image Source – tokohow.com / davientarts.com
Leave a Reply