“කූඹියෝ” කතාව අතිශය ජනප්‍රිය වෙලා තියෙන කාලවකවානුවක ගොඩක් අය කතා වෙනවා Plot Twist Endings තියෙන චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ගැන. මොකක්ද මේ Plot Twist Endings කියන්නේ කියලා අපි මුලින්ම බලමුකෝ. චිත්‍රපටය පුරාවටම ගලා යන ප්‍රධාන කතා ධාරාවට හාත් පසින්ම වෙනස් තැනකින් කතාව ඉවර කරනවානම් අන්න ඒක Plot Twist Ending එකක් තියෙන කතාවක්. මේ කතාන්දර වල තියෙන ලක්ෂණය තමයි මේ කතා හරිම සංකීර්ණයි. සමහර සිද්ධි තේරුම් ගන්න චිත්‍රපටය හෝ ටෙලිනාට්‍යය දෙසැරයක් නැරඹිය යුතු අවස්ථාත් තියෙන්න පුළුවන්. ඉතින් අපි අද අවධානය යොමු කරන්නේ මේ වගේ අවසානයන් සහිත ලෝක සිනමාවේ සිනෙමා පට දිහාට. චිත්‍රපටයේ ප්‍රධාන කතා ධාරාව ගැන පමණක් කියන්නම්. Plot Twist එක බලාගන්න එක ඔබට භාරයි.
1. Fight Club (1999)
මානසිකව කම්පනයට පත් වෙච්ච මිනිහෙක්ට මුණ ගැහෙනවා නාඳුනන සබන් නිෂ්පාදකයෙක්. ඔහුගේ වාසස්ථානය ගිනිගෙන දැවීමෙන් අනතුරුව ඔහු මේ සබන් නිෂ්පාදකයා සමග ඔහුගේ නවාතැනට යනවා. දිනක් මේ දෙදෙනා අහම්බෙන් ගැටුමක් ඇති කරගන්නවා හිතා මතාම. එදා සිට මේ හිතා මතා ගැටුම් ඇති කරගන්නා තැනට තව තවත් අය එකතු වෙනවා විතරක් නෙමෙයි ඔවුන් එකතුව සටන් සංගමයක් පිහිටුවා ගන්නවා. එයට අනන්‍ය නීති රීති පද්ධතියක් ඔවුන් විසින් නිර්මාණය කරගන්නවා. මේ විදිහට කතාව ගලා යන අතරේ අර නාඳුනන මිතුරා රහසේ තවත් කුමක් හෝ ක්‍රියාකාරකමක් කරගෙන යන බව අනිකාට වැටහෙනවා. ඕක තමයි ප්‍රධාන කතා ධාරාව. මේකේ රංගනයේ යෙදෙන්නේ බ්‍රැඩ් පිට් සමගින් එඩ්වර්ඩ් නෝටන්.
අධ්‍යක්ෂණය : ඩේවිඩ් ෆින්චර්
තිර රචනය : ජිම් උහල්ස්
2. Shutter Island (2010)
හමුදාවේ සේවයේ නියුක්ත වෙලා හිටපු නිලධාරියෙක්ට යන්න ලැබෙනවා දූපතකට රාජකාරිමය කටයුත්තක් සඳහා. රාජකාරිය තමයි මේ දූපතේ තිබෙන මානසික රෝගීන් රඳවා සිටින සිර මැදිරියෙන් සිරකාරියක් පැන යාම පිලිබඳ වාර්තාවක් සකස් කිරීම. මේ නිලධාරියා සමගින් සහයකයෙකුත් පැමිණෙනවා මේ කාරණය සඳහා. මේ පැනයන සිරකාරිය සිය දරුවන් හතර දෙනාම දියේ ගිල්වා මැරූ, එහෙත් එලෙස මැරූ බව පිළිනොගන්නා කාන්තාවක්. සිරකඳවුර බාර වෛද්‍ය වරයා යම් දෙයක් සඟවන බව පෙනෙන නිසා තනිවම රහසිගතව පරීක්ෂණය සිදු කිරීමට මේ දෙදෙනා පෙළඹෙනවා. මේ හමුදා නිලධාරියාගේ බිරිඳගේ මරණයට වග කිව යුතු තැනැත්තාද මේ සිරගෙදර සිටින බව ඔහු විශ්වාස කරනවා. මේ අන්දමට කතාව ගලා යද්දී සහයකයා අතුරුදහන් වෙනවා. කතාවේ ඉදිරිය ඔබම බලා රසවිඳින්න ආරාධනා කරනවා. චිත්‍රපටයේ දී රංගනයේ උපරිමය පෙන්වන රංගනයක යෙදෙන්නේ ලියනාඩෝ ඩි කැප්රියෝ.
අධ්‍යක්ෂණය : මාටින් ස්කෝසෙස්
තිර රචනය : ලීටා කාලෝග්රිඩිස්
3. American Hustle (2013)
අයථා ලෙස මුදල් සොයන්නෙක් සහ ඔහුගේ අනියම් භාර්යාව දිනක් පොලීසියේ අත්අඩංගුවට පත් වෙනවා. විමර්ශනය භාරව ඉන්නේ තරුණ පොලිස් නිලධාරියෙක්. ඔහු අර වංචා කරුගේ අනියම් බිරිය සමග ප්‍රේම සබඳතාවයක පැටලෙනවා. කෙසේ හෝ තවත් මුදල් වංචා කරුවන් අල්ලා දෙන බවට වන පොරොන්දුවක් මත අර වංචාකරුව එලියට දානවා. නගරයේ නගරාධිපති සිදු කරනු ලබන වංචාවක් හෙලිකිරීම සඳහා ඔවුන් සියලු දෙනා එකතුව සැලසුම් කරනවා. අවසානයේ කුමක් සිදුවෙයිද..? තීරණය ඔබට භාරයි. රඟපෑමෙන් සිනේරුව හැඩ කරන්නේ ඇමි ඇඩම්ස්, ක්‍රිස්ටියන් බේල්ස් සමගින් බ්රැඩ්ලි කූපර්.
අධ්‍යක්ෂණය : ඩේවිඩ් ඕ රසල්
තිර රචනය : ඩේවිඩ් ඕ රසල්/ එරික් සිංගර්
4. The Village (2004)
කතාව ගොඩනැගෙන්නේ 19 වැනි ශතවර්ෂයේ එක්තරා ගම්මානයක වන සිදුවීමක් ආශ්රයෙන්. මේ ගම්මානය වටා දැඩි ඝන කැලයක් තියෙනවා. මේ කැලය තුල විවිධ අත්භූත ජීවින් ඉන්න බව ගම්වැසියන් විශ්වාස කරන්නේ අහේතුකව නෙමෙයි. විවිධ කරදර වලට ගම්වැසියන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ගම ආරක්ෂා කරන්න ඔවුන්ට රාත්‍රියේ නිදිවරාගෙන ඉන්න සිද්ධ වෙනවා. මේවාට ඇත්තටම හේතුව කුමක්ද..? අත්භූත ජීවින් කැලයේ ජිවත් වෙනවාද..? එය දැනගන්නනම් ඔබට මේ සිනේරුව බලන්නම වෙනවා. ජෝකින් ෆීනික්ස්, බ්‍රයිස් ඩලස් හොවර්ඩ් ඇතුළු රංගන ශිල්පින් මෙහි රංගනයේ යෙදෙනවා.
අධ්‍යක්ෂණය : එම් නයිට් ශ්‍යාමලන්
තිර රචනය : එම් නයිට් ශ්‍යාමලන්
5. High Tension (2003)
ඇලෙක්ස් කියන තරුණ ගැහැණු ළමයා ඇයගේ පවුල බලන්න එනවා. එන්නේ ඇයගේ යහළුවත් එක්ක. ඔවුන් දෙදෙනා නිවසට විත් ඉඳුම් හිටුම් සුදානම් කරගෙන සිටින විට රාත්‍රියේ පැමිණෙන ට්‍රක් රථ රියදුරෙක් ඇයගේ දෙමවුපියන් ඝාතනය කරන අයුරු ඇය අහම්බෙන් දකිනවා. නිවසේ සිය කාමරය තුල කෙසේ හෝ හැංගෙන ඇය අවසානයේ ට්‍රක් රියදුරාට හසුවෙනවා. ට්‍රක් රියදුරා ඇයව පැහැරගනිද්දී ඇයගේ මිතුරිය ට්‍රක් එක පසුපස සැඟවෙන්නේ තම මිතුරිය ගලවා ගැනීමට. කතාවේ අවසානය කුමක් වෙයිද..? පිලිප් නැහොන්, මයිවෙන් සහ සිසිලි ඩි ෆ්රාන්ස් මෙහි රංගනයේ යෙදෙනවා.
අධ්‍යක්ෂණය : ඇලෙක්සැන්ඩර් අජා
තිර රචනය : ඇලෙක්සැන්ඩර් අජා / ග්‍රෙගරි ලිවැසියර්
මේ Plot Twist Endings තියෙන තවත් චිත්‍රපට කිහිපයක්.
- The Usual Suspects (1995)
- Oldboy (2003)
- The Prestige (2006)
- The Game (1997)
- Secret Window (2004)
ඉතින් ඔබත් මේ ලිපිය කියවලා අනිත් අයටත් දැනගන්න SHARE කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ චිත්‍රපට බලලා ගුණ අගුණ අපටත් කියන්න.
Cover Image Source – indiannerve.com / imdb.com / twitter.com / blogger.com / facebook.com
Leave a Reply