ඔෆිස්වලට අපිව හොඳටම වටින්නෙ කොයි වෙලාවටද කියල හිතුවද?

When you valued by office

ඔන්න මහත්තයො ප්‍රශ්නයක්. ඔෆිස් එකට අපිව හොඳටම වටින්නෙ මොන වෙලාවටද? ඇත්තටම ඔෆිස් එකක් අපෙන් වැඩ ගන්නෙ අපිට පඩියක් ගෙවලනෙ. ඒත් ඒ ගෙවන පඩියට අපි කරන වැඩ ප්‍රමාණය අනුපාතයක් විදියට අරන් බැලුවම සමහර ඔෆිස් ඇතුළෙ අපිව අවභාවිතා වෙනවා කියල හි‍තෙන්නත් පුළුවන්. අන්න ඒ නිසායි අපි ඔයාගෙ ඔෆිස් එකට ඔයාව වැඩිපුරම වටින්නෙ මොන වෙලාවටද කියල ලියන්න හිතුවෙ.

 

1. ලීවු

When you valued by office

Source – cebca.wordpress.com

ෂෝට් ලීවු, හාෆ් ඩේ, ඇනුවල් ලීවු අරගෙන ලොක්කා ගාවට ගියොත් ඔයාට වැටහේවි ඔයාගෙ වටිනාකම. ඇය ඔයා නිවාඩු යන්නෙ? ඔයා ගියාම කවුද මේවා කරන්නෙ? ඔක්කොම මෙච්චර කල් ඇද්දෙ ඔයා නේද? මම ලබන මාසෙ පඩි වැඩි කරන්නත් කියල හිතාගෙන හිටියෙ. මෙහෙම නිවාඩු ගන්නකොට මම කොහොමද එච්ආර් එකට කතා කරන්නෙවත් ඔයා ගැන?

 

2. ඔන් ලීවු

When you valued by office

Source – marketing-for-business.com

ඔන්න කොහොම හරි ඔයා නිවාඩුවක් දැම්ම කියල හිතන්නකො. ඔන්න එදා දවසම ඉතිං ෆෝන් එකට නිවනක් නෑ. අරක කොහෙද? මේක මැකුවද? පාස්වර්ඩ් එක මොකද්ද? උඹ නැතුව වැඩක් කරගන්න බෑ කියල ලොක්කා අපිට බැන්නා. හෙට එනවා නේද? ව‍ගේ ප්‍රශ්න ගොඩයි.

 

3. එක්ස්ට්‍රීම්

When you valued by office

Source – thought.co

තත්ත්වය උච්ඡ ස්ථානයට එළැඹුනාම ප්‍රශ්නෙ පළල වැඩි වෙනවා. ඊටපස්සෙ අහන්නෙ මෙහෙම දේවල්. මම මේල් එකක් එවුවා. ඒක ටක් ගාලා ට්‍රාන්ස්ලේට් කරලා එවනවද? එහෙමත් නැත්තං බොස් කතා කරලා, මට අද රට යන්න වෙලා. ඒ හින්දා ඔයාගෙ නිවාඩු කැන්සල්. ඇවිල්ල ඔෆිස් එක බලාගන්න කියල කෙලින්ම කියන වෙලාවලුත් තියෙනවා.

 

4. ටීම් චේන්ජ්

When you valued by office

Source – vivente.com.au

ඇයි ඔයා මේ ඩිපාර්ට්මන්ට් එක මාරු කරන්න හදන්නෙ? ඔයාට කාත් එක්කද වැඩ කරන්න අමාරු කියලා කියන්න. මම එයාව මාරු කරලා දෙන්නං වෙනිං එකකට. හැමදාම එක එක ඒවයෙ එක්ස්පීරියන්ස් අරගෙන වැඩක් නෑ. එකම තැනක හිටියොත් උඩට යන්න පුළුවන්. මං ඔයාගෙ හොඳටයි කියන්නෙ.

 

5. ට්‍රිප්

When you valued by office

Source – thoughtco.com

අපේ ඩිපාට්මන්ට් ට්‍රිප් එක අපි මේ මාසෙ නොගිහින් ඉමු. මම ඔයාලගෙ වැඩ හොඳයි කියලා පඩි වැඩි කරවගන්නයි හදන්නෙ. එතකොට මට මේකත් ප්ලස් පොයින්ට් එකක් විදියට පෙන්නන්න පුළුවන්. මොකද කියන්නෙ කට්ටිය රෑ දෙකක් එක දිගට ඇදලා මේ ‍වැඩ ටික ඔක්කොම ඉවර කරලා දාමුද?

 

6. මේ අවුරුදු කාලෙ

When you valued by office

Source – fortunedotcom. wordpress.com

ඔන්න මේ පාර අවුරුද්දට ගෙදර එන්න වෙන්නෙ නෑ කියල අම්මලට කලින්ම කියන්න හො‍ඳේ. වැඩ ගොඩ ගැහිලා. කට්ටියට අවුරුදු නිවාඩු ගන්න සිද්ධ වෙන එකක් නෑ, කොහොමත් ඉතිං දැන් අවුරුදු කියල මහ දෙයක් කෙරෙන්නෙ නැහැනෙ. අනික ඔයාලගෙ වැඩ ඉක්මන් නිසා මේ අවුරුදු දවස් ටික මහන්සි වුනොත් අපිට අප්‍රේල් මාසෙ ඉතුරු ටිකම නිදහසෙ ඉඳිතෑකි. ඕනනං අර යන්න ප්ලෑන් කරපු ට්‍රිප් එකත් යන්න බැරියෑ.

 

7. කැෂුවල් ලීවු

When you valued by office

Source – isaiahhankel.com

මොකද ඔයා ඊයෙ ආවෙ නැත්තෙ? කිවුවෙත් නෑ. ෆෝන් එකත් ඕෆ්. අපි හොඳටම බය වෙලා හෙවුවා අසනීපයක්වත්ද කියල. මීටපස්සෙ ෆෝන් ඕෆ් කරනවනං මට විතරක්වත් ඔයාගෙ වෙනිං ෆෝන් නම්බර් එකක් දීලා තියන්න. ඔෆිස් එකේ වැඩත් ඔක්කොම අවුල් වෙලා. හොඳටම අප්සට් වෙලා තිබ්බෙ.

Cover Image Source – bandt.com.au

Leave a Reply

Your email address will not be published. Required fields are marked *