මෙන්න කට්ටිය පදමට වැදුනම කියන බොරු

Drunk table lies

බෙබ්ස් බෝයිස්ලා බොද්දි සිද්ධ වෙච්ච දේවල් හරි උජාරුවට වෙරි නැති වෙලාවට කිවුවට මොකද, බොනකොට තියෙන චාටර් ගති බලන්න බොන තැනක නොබී ඉන්නම වෙනවා. ඉතිං මේ එහෙම ඉඳලා හොයාගත්තු අමුතු ටෙක්නිකල්ෆෝල්ට්ස් ටිකක් ගැනයි ලියන්නෙ. බොද්දි කට්ටියට සිද්ධ වෙන ප්‍රධානම දෙයක් තමයි පදමට වැදුනට පස්සෙ බොරු කියන්න පටන් ගන්න එක. තමන්ගෙ ඔලුව ඇතුළෙ හීන වගේ තියෙන සමහර දේවල තමුන්ගෙ ජීවිතේට ඇප්ලයි කරලා කියන්න පුළුවන් වීමේ විශේෂ හැකියාවක් ඒ අයට ඒ වෙලාවට එනවා. මේ ඒ ගැනයි.

 

1. මමයි ලොක්කා

Drunk table lies

Source – bbc.co.uk

ඔෆිස් එකේ වැඩ බං නිදහසේ අඩියක් ගහන්නවත් විදියක් නෑ. එහෙන් කෝල්. මෙහෙන් කෝල්. අද හොඳ වෙලාවට නිදහසේ බොන්න පුළුවන් කට්ටියම නිවාඩු නිසා. අලුතෙන් වැඩ පුරුදු වෙන්න දාපු දෙන්නත් නිවනක් නෑ, කොච්චර පුරුදු වුනත් වැඩත් බෑ, හැම එකම මගේ කරට වැටෙන්නෙ බං. කොච්චර ගෙවුවත් වැඩක් තියෙනවයැ මෙහෙම මැරිලා. ෂික්!

 

2. කෙල්ලෙක් සෙට්

Drunk table lies

Source – pexels.com

අද වෙහිකල් එක කැඩුන නිසා බස් එකේ ආවෙ. වාඩි වුනා විතරයි කෙල්ලෙක් හිනාවක් දැම්ම ඇඹරිලා යන්න. මාත් ඉතිං ෂේප් බැල්මක් දාලා හිටියා. මෙන්න බොලේ ලඟින් වාඩි වෙලා හිනාවක් දාලා මගේ දිහාට ෆෝන් එක හරවගෙන ටයිප් කරා නම්බර් එක. මං මතක තියාගන්න හැදුවා මතක හිටින්නෙ නෑ. ෆෝන් එක එළියට අරං මාත් නම්බර් එක දාගත්තා පස්සෙ. හෙට විතර කෝල් එකක් දෙන්නෝන.

 

3. ෂල්ලි

Drunk table lies

Source – pexels.com

සල්ලි හම්බුකරල ඉවරෙකුත් නෑ. වියදං කරල ඉවරෙකුත් නෑ. මොනව කරන්නද මන්දා බං. මෙහෙම හම්බුකරලා වැඩකුත් නෑ, ඊයෙත් බීලා ඉවරවෙද්දි විසිදෙදාහක් ඉවරයි. මොකෝ ඕවා ගෙදර ගෙනිච්චත් වැඩක් තියෙනවයැ. කාට දෙන්නද මං. අනික මට ඔය නිකං ගෑනුන්ට වියදං කරන්න හිතෙන්නෙත් නෑ බං.

 

4. ගංජා හේන්

Drunk table lies

Source – ireggaenation.com

හම්මො මාත් මේ අරක්කු බොන්නෙ නැතිම වුනොත් තමයි බං. නැත්තං මගෙත් ෆේවරිට් ගංජා. ගෙදර පිටිපස්සෙ පැළ දෙකක් වැවුවා මේං උස. පොලිසියට ඉව වැටිලද මන්දා ඉන්නෙ. මොකෝ ඉතිං ඕපදූප කාරයො ඉන්නවනෙ හැමතැනම. මං අම්මට මල් ගස් වගයක් කියලා බොරු කියලයි ඉන්දුවෙ බං. අම්මටත් ඉව වැටීගෙන එනවද මන්දා. පොලිසියට හපං එහෙම වුනොත්. කපලා දාන්න ඕන. ලබන සතියෙ මං ගේන්නම්.

 

5. ගින්නක් නැතුව ගහතෑකි බෝතලයක්

Drunk table lies

Source – mediad.publicbroadcasting.net

හප්පා මොකෝ උඹලට වෙරිද බං. මට නං කිසි ගින්නක් නෑ. ගහතෑකි තව බෝතලයක් වුණත්. මොකෝ කියන්නෙ ගේමුද? මොනාද බං මොනාද? ගේමුකො තව එකක්.

 

6. අද මෙහෙම වුනාට එදා බිවුවෙ ගුදම්

Drunk table lies

Source – huffpost.com

අඩේ චුට්ටක් වැඩිද මන්දා බං. කොහෙද ඉතිං. අද උදේට කෑවෙත් නෑ, ඊයෙ රෑට නිදියගත්තෙත් නෑ, පොඩි එකාගෙ වැඩයි ඔක්කොම ගොඩ ගැහිලා. අද මෙහෙම වුනාට වෙනදට අපි කටේ තියං ගැහුවෙ බං. අනික අද මේ බ්‍රෑන්ඩ් එකත් හරි නෑ. හොර පොට් එහෙකිංද ගත්තෙ. කලවංද කොහෙද?

 

7. මට වැඩි නෑ

Drunk table lies

Source – huffpost.com

අඩෝ අඩෝ අල්ලන්න හදන්නෙපා. මට වැඩි නෑ. මොකෝ බං උඹල හිතුවද මං පුරුදු වෙන්න බොනව කියල. ඊයෙත් එකහමාරක් ගහල ඉන්නෙ!

 
Cover Image Source – thepennyhoarder.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *