දැන් ඔය ළමයි හැදිල්ල ගැන පොර ටෝක් දෙන්න අයිතිය තියෙන්නෙ කාටද? ඒ අයිතිය තියෙන්නෙ තනියෙන් ළමයෙක්ව ගොඩදාපු ජෝඩුවකට විතරයි. බැඳපු නැති අයට පොර ටෝක් දෙන්න බෑ. බැඳලා ළමයි නොහදපු අයත් එපා. බැඳලා ළමයෙක් හැදුවට වැදුවෙ වෙන වැඩිහිටියො නං ඒ අයත් එපා. බැඳලා ළමයෙක් හැදුවට වැදුවෙ දවසෙ කුළියට වැඩට ගත්තු කෙනෙක් නං ඒත් එපා. තමුන්ම හදපු ළමයව තමුන් විහින්ම බැරි අමාරුවෙන් ගොඩ දාගත්තු මිනිස්සුන්ට විතරයි ළමයි හැදිල්ල ගැන පොර ටෝක් දෙන්න පුළුවන්. අපි අද කියන්නෙ එහෙම අය ළමයි නිදියගන්නකං කරන්න බලං හිටපු දේවල් ටිකක් ගැන. මේක ඒ විදිහෙ අමාරුවෙන් වැඩේ ගොඩ දාපු සහ දාමින් සිටින දෙමවුපියන්ට උපහාරයක් වේවා.
1. කටට රසට

Source – fluentu.com
හැමදාම කටට රසට කන්න වෙන්නෙ නෑ. පොඩි එකාට ටොයිලට් යන්න, කවන්න, පොවන්න, නාවන්න, රෙදි හෝදන්න, හැඩි කරපුවා අස් කරන්න, පොඩි එකාට උයන්න, පොඩි එකා එක්ක සෙල්ලං කරන්න, පොඩි එකාට කතන්දර කියන්න වගේ දේවල් කරාම උයන්න වෙලාවක් නෑ. මොකද ඒ අස්සෙ දෙන්නගෙන් එක්කෙනෙක් සල්ලි හොයන්නත් එපැයි. අන්න ඒ නිසා කටට රසට කෑම ටිකක් කන්න ප්ලෑන් කරන්නෙ පොඩි එකා නිදාගත්තු වෙලාවට තමයි. සාමාන්‍යයෙන් රෑ වෙලා නිදියන පොඩ්ඩෙක් මාසෙකට විතර දවසක් කලින් නිදියනවා. අන්න එදාට ඒ දෙමවුපියන්ට රජ මගුල්. ආසා දේවල් උයලා මගුල් ගෙදර වගේ කන්නෙ.
2. සනීපෙට නානවා

Source – socialnewsdaily.com
පොඩි එකාව යාන්තං ෂේප් කරලා ගිහින් ඇඟට වතුර එකක් හලාගන්න, සතියකට පාරක් විතර ටක් ගාලා පොඩි එකාගෙ අතට බිස්කට් එකක් දීලා ගිහින් ඒක කාලා ඉවර වෙනකං නාලා එන දෙමවුපියො මෙහෙම දවසක් ආපු ගමන් හිතේ හැටියට බාත්රූම්වලට වැදිලා නාගන්නවා. ආයෙ ඉතිං ෂවර් එකෙන් වැටෙන හැම වතුර බින්දුවක්ම මුළු ඇඟම තෙමලා යන දිහා ආසාවෙන් විඳගෙන නාන ඒ නෑම අස්සෙ තවත් සියුම් දුකක් තියෙනවා. ඒ ආයෙත් මේ වගේ නෑමක් සිද්ධ වෙන්නෙ තවත් කාලෙකින් කියල ඔලුව දන්න නිසායි.
3. ෆිල්ම් එකක් බලනවා

Source – youtube.com
ඉස්සර වේල් තුනට ෆිල්ම් තුනක් බලලා නිදියන්න කලින් එක ෆිල්ම් එකක් බලපු අතීතෙ යම් තරමකට සීමා වුනා. ඒ රෑට විතරක් ෆිල්ම් එකක් බලලා, සති අන්තෙට ඉතුරු ඔක්කොම ඇරියස් කවර් කරන විදියට. ඒක එහෙම වුනේ ජොබ් එක නිසායි. කොහොමින් කොහොමහරි දරුවෙක් ඉපදුනාට පස්සෙ දැන් ෆිල්ම් එකක් බලන්න හිතාගෙන ඉන්නෙ පොඩි එකා දෙක වසරෙදි යන ට්‍රිප් එක ගියාට පස්සෙ. ඒකට තව අවුරුදු හයක් විතර තියෙනවා. ඒ කොහොම වුනත් අතරින් පතර පොඩි එකාට නින්ද ගිහිල්ලා ටයිම් එකක් සෙට් වුනොත් කොහොමහරි පැය දෙකක් ෆිල්ම් එකක් වෙනුවෙන් තියාගන්නවා.
4. රිලැක්ස්

Source – pintarest.com
මේ දුක හොඳටම දැනෙන්නෙ වයිෆ් සහ හස්බන්ඩ් හීනියට ෂොට් එකක් දාලා රිලැක්ස් එකේ හිටපු කට්ටියටයි. දෙන්න අතරෙ ඇස් විතරක් කතා කරන හීනි මත් ගතියක් ඔලුවට ගහන ආතල් කාලයක් වෙනුවෙන් පොඩි එකාට නින්ද යන පැය හය හතක් හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා කොහොමහරි හවස් කාලෙ පොඩි එකා නිදාගත්තොත් වයිෆ් ගෙන් එන කෝල් එක ඉවර වෙන්නෙ හස්බන්ඩ් බාර් එකක් ගාවින් බැස්සම. ඊට පස්සෙ වෙලාවෙ වෙන්වෙන්නෙ දෙන්නට සැපට අඩියක් ගහන්න. හැබැයි මේක හැමෝටම සෙට් වෙන්නෙ නැති ආතල් කාරණාවක්.
5. හෙට ප්ලෑන්ස්

Source – videoblock.com
ඔය ඔක්කොම අතරෙ දරුවා නිදි වුනත් කල්පනා වෙන දෙයක් තමයි හෙටත් දරුවා ඇහැරෙනවා කියන එක. හෙටත් ආයෙ වැඩේ පත්තු වෙන නිසා කෑම ලෑස්ති කරලා, ඇඳුම් මැදලා, රෙදි හෝදලා තියන්න පෙළඹෙන දෙමවුපියොත් ඉන්නවා. මොකද අද ආතල් එක වගේ නෙමෙයි හෙට දුක් විඳින්න වෙද්දි.
6. ආගිය තොරතුරු කතා කරනවා

Source – videoblock.com
ඇත්තටම කසාදයක් බැන්දට ආයෙ දෙන්න අතරෙ කතාබහක් සිද්ධ වෙන්නෙ දරුවා ගැනම විතරද කොහෙද? කෝල් කළත් පොඩි එකා ඒකට පනිනවා, දෙන්න කතා කරන්නෙත් දරුවා ගැන, දරුවට කන්න දෙන දේවල් ගැන, දරුවා තුවාල කරගත්තු එක ගැන. ඔන්න ඒ නිසා පොඩි එකාට නින්ද ගිය වාසනාවන්ත දවසක ඒ දෙන්නට ඒ දෙන්නගෙ ආතල් එකේ කතා කරන්න වෙලාවක් ලැබෙනවා. ඔෆිස්වල ඕපදූප එක්ක රට තොට විස්තර.
7. අන්තිම එක

Source – glamour.com
ඔයාලා බලාගෙනම හිටියෙ මේකට වෙන්‍නැති. දුක තමයි අපි කියන්න ගියේ අඩල්ට්ස් ඔන්ලි දෙයක් නෙමෙයි. මේ තමයි අන්තිම එක. කවදාවත් හරියට නොලැබෙන නින්දක වටිනාකම දැනෙන්න ඒක දිගු කාලයක් නොලැබී තියෙන්න ඕන. මෙන්න මේ විදියට ඉඩක් ලැබුනම දෙන්න දෙමාල්ලො නින්දක් ගහන්න වැඩි කාලයක් වෙන් කරන්නෙ ඒකයි. ඒක ඔය මහා ලොකු සෙක්ස්වලට වඩා රමණීයයි.
Cover Image Source – gettyimages.com
Leave a Reply