රටේ අද අපි මුහුණදෙන බරපතල ප්‍රශ්නයක් බවට ජාතිවාදය පත් වෙලා තියෙනවා. දේශපාලකයෝ මේකේ පිහිටෙන් තමන්ගේ ගොඩ වැඩි කරගන්න උත්සාහ කරද්දී අහිංසක මිනිස්සු ටිකක් මේ නිසා පීඩාවට පත්වෙනවා. ඉතින් මේ ගැන හිතන්න කාලය එළඹිලා තියෙනවා. අපි බලමු මොනවද මේ අපට ඇහෙන්න බලන්න ලැබෙන දේවල් වල ඇතුලාන්තය මොකක්ද කියලා.
1. වඳ බෙහෙත්, වඳ පෙති, තුවක්කු

Source – tummytuckhipo.com / cloudfront.net
මෑතකදී අහන්න ලැබුණු සිද්ධියක් තමයි මේ වඳ පෙති (ඒ පෙති මොනවද කියලා අපි දන්නේ නෑ) සිද්ධිය. ඒත් ඒ සැකයන් හරිද වැරදිද කියලා බලන්න මීට වඩා විස්තරාත්මක පරීක්ෂණයක් අවශ්‍ය බවයි අපේ මතය වෙන්නේ. 2009 වසරේ අවසන් වුණේ ජාතිවාදය මත පදනම් උනු යුද්ධයක්. ත්‍රස්තවාදීන් සටන් කලේ දෙමල ජාතිය වෙනුවෙන් වෙනම බිමක් ඉල්ලලා. හමුදාව සටන් කළේ ඒකීය රටක් වෙනුවෙන්. ඉතින් පැහැදිලිවම පේන කාරණය තමයි එක එක කාලෙට ජාතිවාදය ගැන කියද්දී එක එක මාතෘකා උඩට එනවා. ඒ හැමදේම යටින් හැම ජාතියකටම අනිත් ජාතීන් ගැන ලොකු සැකයක් තියෙනවා.
2. ජාතිවාදය

Source –
Image 2 – tamilguardian.com
ජාතිවාදය කියන්නේ තමන්ගේ ජාතිය කෙරෙහි දක්වන අන්තවාදී බැඳීම. ඕනෑම කෙනෙක්ට තමන්ගේ ජාතිය ගැන ආදරයක් තියෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක් නේ. ඒත් තමන්ගේ ජාතියට තමන් දක්වන ආදරය හන්දා තව ජාතියකට, තවත් ජතිකයෙක්ට අපහාසයක් කරනවානම්, පහර දෙනවනම්, ඝාතන සිද්ධ කරනවානම් අන්න එතන පැහැදිලිවම තියෙන්නේ ජාතිවාදය. ඝාතන සිදු නොවුණත් ලංකාවේ අද තියෙන බොහෝ තත්ත්ව ක්‍රියාත්මක වෙන්නේ ජාතිවාදය මත කියන එක ඔබට පැහැදිලි ඇති. ඕනෑම රටක අපි පිළිගත්තත් නොගත්තත් මහා ජාතියක් සහ සුළු ජාතීන් ඉන්නවා. ගොඩක් දුරට ඒ රටවල් වල නීති රීති හැදෙන්නේ ඒ මහා ජාතියේ උවමනා එපාකම් වලට අනුව. අපි මහා ප්‍රජාතන්ත්‍ර වාදී රටවල් විදිහට කතා කරන ප්‍රංශය, නෝර්වේ වගේ රාජ්‍ය වල බුර්කාව තහනම්. ඒත් මේ පුංචි රට ඇතුලේ සුළු ජාතීන්ට ඔවුන්ගේ නීති යටතේ ඔවුන්ට කැමති විදිහට ජිවත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ මේ රටේ මහා ජාතිය ලෙස හැඳින්වෙන සිංහල මිනිස්සු බෞද්ධ නැමියාවක් එක්ක හැදුනු වැඩුණු යහපත් මිනිසුන් පිරිසක් වීම. ඉතින් මේ නිදහස මේ හිත මිතුරුකම අයථා ලෙස ප්‍රයෝජනයට ගන්න අනිත් ජාතීන් කටයුතු නොකළ යුතුයි වගේම, තමන්ගේ මිත්‍රශිලිත්වය තවත් අර්ථ ගන්වගන්න සිංහල මිනිස්සුත් කටයුතු කරන්න ඕන.
3. සංහිඳියාව

Source – amazonaws.com
අර මම අන්තිමට කියපු දේ නිවැරදිව සිද්ධ වෙනවනම් එතන සංහිඳියාව තියෙන තැනක් බවට නිතැතින් පත්වෙනවා. සංහිඳියාවට අවශ්‍ය ප්‍රධානම දේ තමයි අවබෝධය කියන්නේ. මේ ජාතීන් එක එකා නිවැරදිව හඳුනා ගත යුතුයි. එකෙක් ජාතීන්ට වෛර නොකර ඒ ඒ මිනිසුන්ගේ වටිනාකම් හඳුනාගන්නා තැනකට අපි රටක් විදිහට ආ යුතුයි. ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න තමයි ආණ්ඩුවක් අපි පත් කරගන්නේ. ඒක කරන්න සංහිඳියා අමාත්‍යංශයක් දාලවත්, ජනාධිපති කාර්ය සාධක බලකායක් දාලවත් පුළුවන් වේවි කියලා හිතෙන්නේ නෑ. සංහිඳියාව හදන්න කියලා වෙනම ආයතන පත් කිරිමේම තියෙනවා දුරස්ථ ගතියක්. කරන්න ඕන දේ ඒක නෙමෙයි. මේ මිනිසුන්ට මුහුවෙන්න යාන්ත්‍රණයක් හදන එක. මේ මිනිස්සු ජාතිවාදී හැඟීම් වලින් මුක්ත කරලා එකමුතු කමින් රට නගන්න එකතුවෙන තැනකට යාන්ත්‍රණයක් හදන එක.
4. ජාතිකවාදය

Source – pinterest.com
සංහිඳියාව ඇති කරන්න තියෙන හොඳම දේ තමයි ජාතික වාදය ඇති කරන එක. මොකක්ද මේ ජාතිකවාදය කියන්නේ. ඊට කලින් අපි බලමු ජාතිකත්වය කියන්නේ කියලා. ජාතිකත්වය කියන්නේ තමන්ගෙන් රටත් එක්ක තමන්ට ලැබෙන හිමිකම. උදාහරණයක් විදිහට මෙහෙම කියමුකෝ. ඉංග්‍රීසි, දමිල, සිංහල, රතු ඉන්දියානු වගේ ජාතීන් ගොඩක් ඉන්න රටක් වෙන ඇමරිකාවේ පුරවසියෙක්ගේ ජාතිකත්වය වෙන්නේ ඇමරිකානු බව. ඉන්දියානුවන්, පකිස්ථානුවන්, ඕස්ට්‍රේලියානුවන් ලෙස අපට එක එක රටවල ජාතිකත්වයන් කියාගෙන යන්න පුළුවන්. ලංකාවේ ජාතිකත්වය වෙන්නේ ශ්‍රී ලාංකික කියන එක. ඉතින් රටක් විදිහට අපිට පුලුවන්නම් “මොන ජාතියේ උනත්, මොන ආගමේ උනත්, මොන කුලයේ උනත්, මොන ප්‍රදේශයේ උනත්, දුප්පත් උනත්. පොහොසත් උනත් අපි හැමෝම ශ්‍රී ලංකික” කියන තැනට රටේ හැමෝම අරන් එන්න අන්න එතන තමයි සංහිඳියාවේ උපරිමය තියෙන්නේ.
ඔබ බලල තියේනම් “චක්දේ ඉන්දියා” චිත්‍රපටය එහි එක තැනක මෙහෙම තියෙනවා. පුහුණුව ආරම්භයේදී මේ එන හොකී ක්‍රීඩිකාවන්ගෙන් තමන් ආවේ කොහේ ඉඳලද කියලා ඇහුවම ඔවුන් කියනවා “මම තමිල්නාඩු, මම කේරල, මම අන්ද්‍රා” ආදී වශයෙන්. ඔවුන් සියලු දෙනාම පුහුණු කරු විසින් පුහුණුවෙන් මඳකට ඉවත් කරනවා. අන්තිමට ඔවුන්ට පුහුණු කරු දෙන උපදේශය තමයි “අපි හැමදෙනාම කොහේ ඉපදුනත් ඉන්දියානුවෝ” කියන එක. ඇත්තටම ඉන්දියාව කියන්නේ මේ ජාතිකත්ව සංකල්පයෙන් හොඳටම ප්‍රයෝජන ලබා ගත්තු ජාතියක්. අපි වගේ 60 ගුණයක් ලොකු රටකට ඒ දේ කරන්න පුලුවන්නම් ඇයි අපට බැරි..?
මේකට එකතු වෙන්න ඕන රජය විතරක් නෙමෙයි. දැනුම් තේරුම් තියෙන රටේ හැම පුරවැසියම දායකත්වය ලබා දිය යුතු කාරණයක් මේක. “එකම රටක් එකම ජාතිකත්වයක්” ලෙස අපේ රට ඉදිරියට ගෙනියන්න හැමදෙනාම එකතුවෙන දවස වැඩි ඈතක නොවේවායි Lifie අපි හිතනවා.
Cover Image Source – time.com / tamilguardian.com
Leave a Reply