අපි ක්‍රිකට් මැච් එකක් බලද්දි අපි නං ඉතිං බලල ගෙදර යයි අරුන් ලක්ෂ ගනං සාක්කුවෙ දාගෙන යන්නෙ කියල කියන අය කීයක් ඉන්නවද? ෆිල්ම් එකක් බලද්දි, අපි ඉතිං උඩ දාගෙන පැය දෙකක් ෆිල්ම් බැලුවට මොකද රඟපාන එක මිලියන් විස්සක් විතර අරං සැපේ ඇති කියල හිතන අය කීයක් ඉන්නවද? ආසාවට ෆුට්බෝල් සෙල්ලං කරල තුවාලයක් වුනොත් අරුන්නටනං තුවාල වුනත් කෝටි ගනං සල්ලි කියල හිතන අය ඉන්නවද? අසනීපයක් හැදුනම ඔන්න එහෙනං යමං දොස්තරලා පෝසත් කරන්න කියල හිතාගෙන බෙහෙත් ගන්න යනවද? එහෙනං මේ අයට ඉරිසියා කරන්න කලින්, ඔවුන් අපිට වඩා ආතල් එකේ සල්ලි හොයනව කියල හිතෙන්න කලින් මේ කියවන්න.
1. දොස්තරවරු
මොලේට ලේ බහිනකං ඔලුවෙන් හිටගෙන පාඩං කරලා අමාරුවෙන් තමයි මෙඩිකල් කොලේජ් යන්න වෙන්නෙ. එතනදි පොත දිහා විතරක්ම බලලා තමයි දොස්තර කෙනෙක් විදියට ඉස්පිරිතාලයක් ඇතුළට යන්නෙ. එතනදි සැළකිය යුතු කාලයක් කට්ට කාලා තමයි සාමාන්‍ය සැපවත් ජීවිතයකට එළැඹෙන්නෙ. ඊටපස්සෙ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න ඕන හොස්පිට්ල් එකේන් කෝල් කරපු ගමන් යන්න ඕන, නිදාගෙන හිටියත් කපන නහරයක් පවා සියුම් වරදක්වත් නොවී කපන්න ඕන. තමන්ගෙ අතින් නරකක් සිද්ධ වුනොත් බනින් එන ලෙඩ්ඩු තමන්ගෙ අතින් හොඳක් සිද්ධ වුනාම පූජා පවත්වන්නෙ දෙවියන්ට. ඒක දැන දැන කරන සේවයට වැඩිපුර ගෙවන්න ඕන නැද්ද?
2. ක්‍රිස්ටියන් බේල්
නළුවෙක්. විශිෂ්ඨයෙක්. චිත්‍රපටයෙන් චිත්‍රපටයට සිය රංගනයට වගේම බාහිර පෙණුමත් ලොකු කැපකිරීමකින් වෙනස් කරන කෙනෙක්. මාස තුනක්ම ඇපල් ගෙඩියකුත් සොසේජස් එකකුත් බැගින් දවසට කාලා ඇඟ කෙට්ටු කරගන්න තරමෙ ඝඨක් කාටද තියෙන්නෙ? සිරුරට දැඩි දුක් දීලා, චරිත ඇතුළෙ කිඳා බැහැගෙන මොළේට දහ දුක් දීලා, තමන්ගේ යාළුවො මේ හානියේ පීඩනය දරාගන්න බැරුව මැරෙනවා දැක දැකත් රංගනය විඳින රංගධරයින් අතලොස්සකට හොඳට ගෙවුවම මොකක් වෙනවද?
3. ධම්මික පෙරේරා
ආ ඒ බිල්ඩිමත් ධම්මික පෙරේරගෙද? කියල අහල ඉරිසියා කරන්න කලින්, ඒ මනුස්සයා අමාරුවෙන් ගොඩ ආපු හැටි දැනගන්න. ධම්මික පෙරේරා ගෙනාපු කාර් එක දිහා බලාගෙන හූල්ලන්න කලින් ඔබ වැඩි පොළියක් ලැබෙන්න හිතාගෙන සල්ලි දාපු බැංකුවේ අයිතිකාරයගෙ ජීවිත කතාව කියවන්න. ඒ දුක් තැවුල් දැනගන්න. ඒ තුළින් නැගිටපු කතාව කියවන්න. ඒ කරපු කැපකිරීම් ගැන කල්පනා කරලා බලන්න. ඊට පස්සෙ ධම්මික පෙරේරාට ඉරිසියා කරනන් පුළුවන්ද කියලා හිතන්න.
4. ලයනල් මෙසී
ගෙවෙන එක් තත්පරයකට යුරෝ 9.72ක් හොයන පාපන්දු ක්‍රීඩකයාට ඔබ ඉරිසියා කරනවාද? මේ වෙනුවෙන් කොතරම් පුහුණුවක් අවශ්‍යයිද කියා දැනගන්නට ඔබ එක් වරක් පාපන්දුවක් ගෝලයට එල්ල කර බලන්න. එය වේගයෙන් දිවයන අතර තවත් ලොව දක්ෂ ක්‍රීඩකයන් තමන් පසුපස හඹා එද්දී, මහා ජනකායක් ඒ දෙස බලා සිටියදී කරන්නට පහසුදැයි සිතන්න. මෙලොව කරන්නට අපහසු අතිශය තාක්ෂණික පා හැසරිවීම් කරන්නට, සෑම තරගයකම ගෝල වාර්තා කරමින් අනෙකුන්ටද ගෝල වාර්තා කිරීමේ උදවුවක් වන්නට, මොලය දෙපා මුළ තබා සිතන්නට හැකිද? ඉන්පසු ඔබට පාපන්දු පිටියක් බඳු ගෙයක් ඉදිකළ හැකි බව වැටහේවි. අද ස්පාඤ්ඤයේ, හෙට ආජන්ටිනාවේ, පසුදින බ්‍රසීලයේ ක්‍රීඩාකරන්නට තරග පිටි කරා ගොස් තුවාල අමතක කර, වැස්ස ගණනකට නොගෙන ක්‍රීඩා කරන මිනිසුන් හා රාත්‍රියේ පවුලේ අය සමග නිදන ඔබ සම කළ හැකිද?
5. ඉලෝන් මස්ක්
එක් මිනිසෙකු මේ වෙද්දි පොලොවෙ තියෙන බලගතුම රොකට්ටුව හදලා සාර්ථක ටෙස්ට් රන් එකක් කරලා ටික කාලයයි. දැනටත් බොහෝ පිරිසක් ගන්නට පෙරුම් පුරනා මනරම් ඉලෙක්ට්‍රික් කාරය ඔහු සාදා අවසානයි. ලෝකයේ මිනිසුන් සිය ගමනාගමනය ඉක්මන් කරමින් පොලොව යටින් ගමනාන්තයට යා හැකි හයිපර් ලූප් එකක් නිමවෙන තුරු මිනිසුන් ඔහු දෙස බලා සිටිනවා. අනාගතයේ ලෝකයම බලගන්වන්නට තරම් බල ශක්තිය සපයන්නට අදහසක් ඔහු සතුයි. මිනිසුන්ට හඳ වඩා ලංව පෙන්වන්නට, අඟහරු වෙත ගොඩ බස්වන්නට සැළසුම් ඔහු සතුයි. එවන් චින්තනයක් සහ කැපවීමක් ඇත්තෙකුගේ ධනයට අට-පහ රැකියාවක් කරන්නෙකු ඉරිසියා කළ යුත්තේ ඇයි? ඔහුගේ හැකියාවට ඉරිසියා කරන්න.
6. කුමාර සංගක්කාර
දැක්කොත් ඇත්තං ඇඩ්වල. රටට සෙල්ලං කරලා ඉවර වෙලත් තාම ඉන්නව වෙනිං ටීම්වල. කෑම කඩත් තියෙනවා. ලස්සන වාහන. එක එක රටවල සංචාර. ලෝයර් කෙනෙක් වෙන්න ඉගෙන ගෙන, ටෙනිසුත් හොඳට සෙල්ලං කරන්න පුළුවන්, මනුස්සයා ඉස්සරහට යන්නෙ ක්‍රිකට්වලින්. ඔහු සතු මුදල්වලට ඉරිසියා කරන මිනිසුන් ඒ මනරම් කවර් ඩ්‍රයිවු එක වෙනුවෙන් අවුරුදු දහයේ සිටි දවසට කීවරක් කවර් ඩ්‍රයිවු එක ඔහු පුහුණු වන්නට ඇතිද කියා සිතන්නෙ නෑ. තුවාල, ආබාධ අමතක කර පුහුණු වූ ඒ සෙවූ මුදල වෙනුවෙන් පවුලක් ගැන නොසිතා ලෝකයේ විවිධ තැන්වල විවිධ වේලාවන්වල නොනවත්වා සිය හැකියාවන් දක්වන්නට ඇත්ද? හැකියාවන් බිඳී යන කළ තමන්ගේ තැන ගන්නට කී දෙනෙකු සිටිනවාද?
7. එමිනෙම්
ජීවිතයේ බිඳීම් හැලහැප්පීම් වචන කරන, ඒ වචන තුළ රිද්මය ගොඩ නගන මිනිසෙකුට සිරුරින්ම නැගෙන රිද්මය වගේම හොඳ වාග් කෝෂයක් තිබිය යුතුය. එම වාග් කෝෂය අසුරු සැනකට ගොනු කරන්නට ඔහුගේ රැප් ශෛලිය තුළ හැකි විය යුතුයි. නැතිනම් ඔහු ජනතාවගෙන් කොන්වී නොවටිනා මිනිසෙකු වෙනවා. ඔහු සතු මුදල්, යාන වාහන, ගේ දොර වෙනත් නාලිකා වල පෙන්වද්දී ඉරිසියා කරන්නට පෙරාතුව ඔහුට වූ දුක ඔබ අත්වින්දා නම් ඔබ ඔතැනට ඒවිද කියා මොහොතක් සිතන්න. අනෙකාගේ දියුණුව සිතට සුබවාදී බලපෑමක් කරගන්න.
Cover Image Source – healthline.com/ the-talks.com/ cnn.com/ medium.com/ ibitimes.co.uk
Leave a Reply