ඉලෙක්ට්‍රොනික බඩු නිතර අතට දීමෙන් අහිමිවන නූතන ළමා කාලය

Modern children and gadget

අපි පුංචි කාලයේ විවිධ ආකාරයේ සෙල්ලම් කළා, කට්ටි පැන්නා, ගුටි කෑවා. ඒත් අද කාලේ ළමයින් ලබන ඊට වඩා හාත්පසින්ම වෙනස්. මේ දෙකේ වාසි සහ අවාසි ලෙස විවිධ පැතිකඩ තිබෙනවා. ඒ ගැන අපි මේ ලිපියෙන් සලකා බලමු.

1. ව්‍යායාමය

Modern children and gadget

Source – pintarest.com

දරුවන්ගේ වර්ධනයට ව්‍යායාම අත්‍යාවශ්‍ය ම දෙයකි. දුව පැන ඇවිදින පනින දරුවන්ගේ විසේ දාංගලේ දෙමාපියන්ට වදයක් වූ කල අද කාලේ රූපවාහිනියට, කොම්පියුටර ගේමට, ෆෝන් එකට ටැබ් එකට දරුවන් යොමුකිරීම ඇතැම් දෙමාපියන්ගේ සිරිතකි. එහෙත් එය දරුවන්ගේ වර්ධනය කෙරෙහි ඇතිකරන්නෙ අනිසි බලපෑමකි. එකතැන සිට ව්‍යායාම නොකිරීමෙන් දරුවන් අතර දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි තත්වයන්ද ඇතිවීමේ අවධානම පවතී. කලකට පෙර එවැනි රෝග ඇතිවිය හැක්කේ වයස 40 ගනන් වලදී යැයි මතයක් තිබුනද අද කාලේ ජීවන රටාව සමග ඇතැම් අවස්ථාවල දරුවන්ටද එවැනි එකතැන සිටීමෙන් වර්ධනය වන රෝග ආබාධ සුලභ වෙමින් පවතී.

 

2. පරිසරය පිළිබඳ ආකල්ප

Modern children and gadget

Source – getbackoutside.ca

“අයියේ දන්නවැයි? වැඩක්? අපේ පිටිපස්සේ පේර ගහේ ලස්සන කුරුල්ලෙක් කූඩුවක් හදනවා. ඒක හදන්න චූටි කුරුල්ලෝ ජෝඩුවක්ම එනවා. ඔන්න අයියල බෝල  ගහද්දි ඒකට එහෙම ගහනවා නෙවෙ . “ යැයි එකල ගැමි ගෙවල දරුවෝ කතා වූහ. දරුවෝ එකල පරිසරයට නිතැතින්ම සංවේදී පුද්ගලයෝ විය. මලක් පිපීම, මී වදයක් බැඳීම පමණක් නොව නිවසේ වහලේ කටුස්සෙක් යෑම කුඹලෙක් ගෙවල් තැනීම ආදියත් දරුවන්ට අව ට ස්වභාවික පරිසරය මුසු කරන අත්දැකීම් විය. තාක්ෂණික ලෝකයේ දරුවා ඈත අප්‍රිකාවේ කුළු හරකුන් සහ සිංහයින් අතර ෆයිට් රූපවාහිනියෙන් නරඹන නමුත් ගෙදර අවට පරිසරයේ දේ ගන්නේ දන්නෙ අඩුවෙනි. එහි ඇති සංවේදී වෙනස්කම් ඔවුනට හසුවන්නේ අඩුවෙනි. දරුවන් ගේ පරිසරය ගැන වූ ඇල්ම බැල්ම ලැදියාව පිණිස ගැජට් මඳකට ඈත් කොට අඩුගණනේ හඩින් හෝ එක් කුරුල්ලකුවත් හඳුනාගැනීමට හුරු කිරීම වැදගත් කාර්යයකි.

 

3. සමාජීය කුසලතා

Modern children and gadget

Source – nspcc.org.uk

සමාජයේ එකිනෙකා හා ගනුදෙනු කිරිම කටපාඩම් කොට හුරුකළ හැකි දෙයක් නොවේ. එය අත්දැකීමෙන්ම වර්ධනය කරගතයුතු එකිනෙකාට ආවේණික වූ කුසලතාවයකි. එක් අයෙකු අනෙක් අය හා ගනුදෙනු කරන ආකාරයට වඩා තවත් අයෙකු ගනුදෙනු කරන ආකාරය වෙනස්ය. එකල නම් ගමේ දරුවෝ හැන්දෑ වන්නට එකතු වී වෙල් එලියේ එල්ලේ ගසති, කල්ලි ගසති. මෑත කාලයේ නම් අඩුතරමේ විකට් කූරු ටිකක් පාරේ තබාගෙන ක්‍රිකට් ගැසුවෝය, බයිසිකල් පැද්දෝය. ගැහැණු ළමුන්ද සිය පවුලේ සාමාජිකයන් සහ අනෙක් අය සමග නිරන්තර ආශ්‍රයක් තිබුණි. තාක්ෂණික නිවසක දරුවා සුපර්මැන්, ස්පයිඩර් මෑන් ආදි වීර චරිත මෙන්ම ඇතැම්විට ගේම් ඔෆ්ද ත්‍රෝන්හි සියලුම චරිත හොඳින්ම දනී. එහෙත් අල්ලපු ගෙදර සිටින සුනඛයාගේ නමවත් ඔහු දන්නේ නැත. එය ඔහුට අදාල නැති කරුණකි. සමාජීයව දරුවා ඉදිරිගාමී කරවීම සමාජ ජාලා වලට දරුවන් එබ්බවීමෙන් කළ නොහැකිය. තාක්ෂණික කෑලි බැලි වලින් මඳකට හෝ ඈත්කර සමාජ ආශ්‍රයට දරුවා යොමුකිරීම දෙමාපියන්ගේ වගකීමකි.

 

4. ක්‍රියාකාරී බව

Modern children and gadget

Source – sites.psu.edu

ළමයා  රූපවාහිනියක්, ලැප්ටොප් එකක්, ටැබ් එකක්, ෆෝන් එකක් ඉදිරිපිට තැබූ විට කුඩා කූඩුවක ලෙස උස්මහත් වන බ්‍රොයිලර් කුකුලකු මෙන් ඒ අවකාශයේම දවසම වුවද තැපීමට කැමතිය. එය දරුවාගේ ක්‍රියාකාරී බවට බාධාවකි. දරුවාගේ කායික ක්‍රියාකාරී බව මෙන්ම මානසික ක්‍රියාකාරී බවද ඔහුගේ මොලයේ දියුණුවට වැදගත් සාධකයකි. සාමාන්‍ය පරිසරයේ නොව සයිබරයේ හෝ ගේම් එකක් තුල හෝ චිත්‍රපටයක ජීවත් වන දරුවා සාමාන්‍ය ලෝකයේ ඒ දෙස බලාසිටින නිරීක්ෂකයෙක් පමණි. ඒ සයිබර් ලෝකය වෙනස් කරන්නට ඔහු දන්නේ තිරය මත ඇති බොත්තම් කිහිපයක් එබීම පමණි. දරුවන්ගේ ක්‍රියාකාරීත්වය ඔවුනගේ අධ්‍යාපනයටද මනා පිටුවහලකි. මොලය යනු චිපයක් මෙන් එකතැන තබා එයට කේතයන් ඇතුල්කර විදුලිය බලය සැපයෙන තාක්කල් එකසේ වැඩගත හැකි දෙයක් නොවේ. මොලය විවිධ කාර්යයන්ට ප්‍රායෝගිකවම භාවිතා කරන විට ඒ ඒ කාර්යයනට මොලය සිය සැකසුම් සකසා ගනී. එකම දේ කිහිප විටක් කෙරෙන විට මොලය ඒ මතක තබා ගනී. ඒ ආකාරයට ක්‍රියාකාරීත්වයෙන්ම කාර්යක්ෂමතාවය වර්ධනය වන මොලය වැනි ඉන්ද්‍රියකට ගැජට්ස් වැඩිමනක් භාවිතය සුදුසු නොවේ. විශේෂයෙන් කුඩා දරුවන්ගේ වර්ධනය වෙමින් පවතින මොලයට ගැජට්ස් මතින් වෙන බලපෑම විද්‍යානුකූලවද විශ්ව විද්‍යාල වලින් යම්තාක් දුරට සොයාගෙන තිබේ.

 

5. සම්බන්ධතා ගොඩනගාගැනීම

 

Modern children and gadget

Source – youtube.com

සිංගප්පූරුව දියුණු රටක් වුවද එහි උස්මහත් වූ තරුණ පරපුරෙන් කොටසක් එකිනෙකා කෙරෙහි ප්‍රේමයෙන් වෙලීමක් ආදරෙන් බැඳීමක් නොමැතිව බැඳිම් ප්‍රතික්ෂේප කරන තත්වයකට වරක් පත් විය. එය නූතන තාක්ෂණය මගින් ලෝකයේ ඇතිකර ඇති තවත් ව්‍යාධියකි. මානව බැඳීම් වලින් සවිමත් වී ඒ තුලින් තෘප්තිමත් වනවාට වඩා සතුටු විය හැකි ක්‍රම ගණනාවක් සයිබරය තුලින් යෞවනයින්ට සැපයේ. ඔවුන් නව ගැහැණු ළමයෙකු සොයාගැනීමට තැත්කරනවාට වඩා ගැහැණු ළමයෙකු නැතැයි පෝස්ට් ෂෙයාකරමින් එයට ලැබෙන ලයික් ගාන බලා සතුටු වෙති.

කුඩා කල සිටම ආසියාතිකයින් වශයෙන් අම්මාය, තාත්තාය, සහෝදර සහෝදරියෝය, ආච්චීය සීයාය මාමාය, නැන්දාය වශයෙන් අපි අප වටා නෑදෑ කවයක ජීවත් වෙමු. එය වර්ෂ දහස් ගණනක් තිස්සේ අප හුරු වූ සංස්කෘතික සමාජීය උරුමයකි. ගැජට්ස් වැඩිපුර භාවිතා කරන දරුවන් තුල මානව සබඳතා වලට එතරම් නැඹුරුවක් නැත. පසෙකින් ඔවුන්ට ඒ සඳහා වෙලාවක් නැත. අනෙක් පසින් ඔවුන්ට සබඳතා ගොඩනගාගැනිමෙන් සතුටුවීම ඒවා තුලින් අත්දැකිම් ලබාගැනීමට හුරුවක් නැත.

 

6. ගැජට්ස් එපාම ද?

Modern children and gadget

Source – huffpost.com

දරුවා උස් මහත්වන මේ තාක්ෂණික ලෝකයේ ගැජට්ස් වලින් ඇත් කර දරුවා සියවස් දෙකතුනක් පසුපසට යැවීමට තැත්කිරීම වරදකි. අද වනවිට ලොව ඉන්දියාව වැනි දුප්පත් රටවල් පවා ටැබ්ලට් හරහා දරුවන්ට ඉගැනීමේ කටයුතුද කිරීමට පටන් අරගෙන තිබේ. එහෙත් ගැජට්ස් වලට සීමාවක් පැනවීම අවශ්‍යය. වැඩෙන දරුවන් තිර හරහා පමණක් නොව සැබෑ ලෝකය සමගද ගනුදෙනු කිරීමට හුරු කල යුතුය. ගැජට්ස් එපාම යැයි දැඩිමතධාරි වීමට වඩා දිනකට ගැජට්ස් මගින් දරුවන් සතුටුවන කාලය සිමා කිරීම කල හැකි වැඩකි. එය දරුවාගේ නම් අසතුටට හේතුවවද අනාගතයේ දරුවාගේ දියුණුවට තබන වැදගත් පියවරක් වෙනු ඇත.

 
Cover Image Source – incimages.com / independent.co.uk
 

zvr
Your Reaction

Comments