තරුණ ප්‍රජාවේ හිත ගිය ආහාරය මොකද්ද කියල ඇහුවොත් බාගෙට බාගයක් බුවාලා කියන්නෙ කොත්තු කියල තමයි. පස්සෙ ඉතිං ඕකට අනුපාන විදියට චීස්, බීෆ්, පලන්දි, ඉඳිආප්ප හෝ කිරි හොදි කොත්තුවක් කියල කියාවි. ඒත් අපි මේ කියන කතාවෙ කොත්තු වෙන්වෙන්නෙ ඒ විදියට නෙමෙයි. මේ කොත්තු ජොයින්ට් එක සහ කොත්තුවේ ස්වභාවය අනුව කොල්ලො ඒ කොත්තු බෙදාගන්න තැන් ගැන විස්තරයක්.
1. ආෆ්ටර් ඩ්‍රන්ක් කොත්තුව
මේ කොත්තුව එච්චර දැවිල්ල නෑ. මේ වෙනුවෙන් තෝරගන්න කොත්තු ජොයින්ට් එක අනිවාර්යෙන්ම ෆ්‍රෙන්ඩ්ලි ජොයින්ට් එකක් වෙන්න ඕන. මොකද නැත්තං බීපු එවුංගෙ හිතට අල්ලන්නෙ නෑ. ටක් ටක් ගාලා සර්විස් එක තියෙන්න ඕන. දැවිල්ල නැති වුනාට, කුස පිරිලා මොළේ පිරිලා තියෙන වෙරි මතට බ්ලෙන්ඩ් වෙන රසක් කොත්තුවෙන් ජනිත කරවන්න ඕන. කොටිම්ම නිකං ෆීලින්ස් අවුස්සන කොත්තුවක් වෙන්න ඕන. එහෙම තැනක් තියෙනවනං කොල්ලො කිලෝමීටර් විස්සක් හෝ දුරක් ඒ කොත්තුව වෙනුවෙන් අඩියක් ගැහුවට පස්සෙ යනවා.
2. සිකුරාදා කොත්තුව
සිකුරාදා කොත්තුව කියන්නෙත් කොල්ලොන්ගෙ ජීවිතේ වැදගත්ම කොත්තුවක්. දවස පුරා කඩවල්වලින් කාලා කාලා බෝල්ට් ඇණ වුනත් දිරවන මට්ටමක් තමයි තියෙන්නෙ. හැබැයි පුතෝ දවස් එකහමාරක් විතර හොඳට බඩ සුද්ධ වෙන්න සිකුරාදාට කන්න වටින කොත්තු තියෙනව. ඕන හයිරං කාරයෙක් පැය විස්සක් පන්නලා ටොයිලට් ගත කරවන්න පුළුවන් කොත්තු තියෙනවා. අන්න ඒ නිසාම ගස්ලබු වෙනුවට හොඳ ආදේශකයක් විදියට සිකුරාදා හවසට කන්න වටිනම කොත්තුවක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.
3. බයිට් කොත්තුව
අඩියක් ගහද්දි සමහර බුවාලට මස් හෝ මාළුම ඕන වෙනවා. තව එවුන්ට බයිට් තියෙනවද කියල ගානක්වත් නෑ. අන්න ඒ අතරෙ සමහර බුවාලා ඉන්නව බඩ පිරෙන්න දේවල් කන්න බොන්න ඕන අය. ඒ අයට හරියන කොත්තු හැම තැනම නෑ. ටිකක් දැවිල්ලට හදපු. රොටි අඩුවෙන් එළවළු සහ මස් වැඩියෙන් දාපු, කාපු ගමන් බීමත් එක්ක මික්ස් වෙලා මධු ලෝලය වඩවන කොත්තුවක් අඩියක් ගහන්න ජාති.
4. ගර්ලි කොත්තුව
කොල්ලොත් එක්ක ගිහිල්ලා මොන ජරාවෙන් කොත්තු කෑවත් කෙල්ල එක්ක ගිහින් ඔය කෙලි කරන්න බෑ. ගොඩක් කෙල්ලො කොත්තු කන්න ආස නෑ. ඒ නිසා ෂේප් ඇට්මොස්ෆියර් එකක් තියෙන ඩීස්න්ට් ප්ලේස් එකකට එක්කගෙන ගිහින්, කෙල්ලටත් චීස් බේරෙන කොත්තුවක් අරන් දීලා, තමුනුත් කැමති පරිදි කොත්තුවක් දාගන්න කොල්ලො ප්ලෑන් කරගෙන ඉන්නවා. හැබැයි ඒක ලේසි වැඩක් නෙමෙයි.
5. පවුල් කොත්තුව
මේ කියන්නෙ රස ගැන කිසිම තැකීමක් නොකරන ප්‍රජා කොත්තුව ගැන. බෝඩිංකාරයො මේ කොත්තුව ගැන හොඳ ට දන්නවා. මේ කොත්තුවෙන් බලාපොරොත්තු වෙන්නෙ බඩ පිරෙන එක විතරයි. රස වැඩක් නෑ, පිරිසිදුකම වැඩක් නෑ. අඩු ගානකට තුන්දෙනාගෙ බඩ පිරෙනවනං මේ කොත්තුවෙන් සිද්ධ වෙන්න ඕන එච්චරයි. සමහර විට මේ විදිය කොත්තු කඩවලින් ඩිෆෝල්ට් දෙන්න පුළුවන් වගේම, සමහරු යාළු කමට දෙනවා. කොහොම වුනත් දෙයියනේ කියල කොල දෙකකින් ඔතාගෙන යන්න වැඩේ සිද්ධ වෙනවා.
6. හීනි කොත්තුව
දැන් ගොඩක් කොත්තු තාච්චියෙ ගහන්නෙ. ඒ හින්දා කොත්තුව හොඳට කෙටෙන්නෙ නෑ. ඒ වගේම කොත්තුවක් කෙටුනම තියෙන රස මහතට මහතෙ ගෝදම්බා රොටි කෑලි හැපෙන කොත්තුවකින් දැනෙන්නෙ නෑ. ෆුල් රිලැක්ස් පිට කොත්තුවක් කන්න මෙහෙම ප්ලේස් එකක් හොයාගෙන තියෙන එක හොඳයි. හැබැයි පුතෝ මේ කොත්තු හම්බෙන්නෙ පෝඩ්ඩයි. මොකද හොඳට කොටද්දි වැඩි ප්‍රමාණයක් අපතෙ යනවා වගේම කොත්තුවෙන් පුරවන ඉඩ අඩු වෙනවා. හැබැයි රසයි.
7. කස්ටමයිස් කොත්තුව
මේකත් අඳුරන ප්ලේස්වලින් ලැබෙන වරප්‍රසාදයක්. සමහරු කොත්තුවට එළවළු නොදා ගස්සගන්නව. සමහරු බිත්තර දෙකක් වැඩිපුර දාන්න කියනව, සමහරු මිරිස් හොදියි කිරි හොදියි කවලමේ දම්මනවා. ඔන්න ඔය වගේ විකාර එක්ක අපි කැමති විදියට කොත්තුවක් වගේ එකක් ගහල දෙන ප්ලේස්වලටත් කොල්ලො වැඩිපුර යනවා.
Cover Image Source – yamu.lk
[…] වගේම බයිට් එකට කන්නත් පුළුවන් නිසා ඒ ආසාව එන්න එන්නම වැඩි වෙනවා. ඒ වගේම රොටි […]