චිත්‍රපට කියන්නේ කලා මාධ්‍යයක්. කලා මාධ්‍යයක වගකීම තමයි රසවින්දනය උත්පාදනය කිරීම. ඉතින් ප්‍රේමය, විරහව වගේ සංවේදී කාරණා අපූරුවට ඉදිරිපත් කරන්න සමහර චිත්‍රපට වලට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ චිත්‍රපට බැලුවම රසවින්දනය විතරක් නෙමෙයි සැබෑ ආදරය කියන්නේ මොකක්ද කියලත් අපට දැනගන්න පුළුවන්. ඒ හන්ද පෙම් කරන අයට බලන්න කියලා අපි මේ චිත්‍රපට ලැයිස්තුව යෝජනා කරනවා.
1. ටයිටැනික් (1997)
ටයිටැනික් නැවේ විනාශය කියන්නේ 20 වැනි සියවසේ සිද්ධ වුණු මහා ඛේදවාචකයක්. මේ කතාව අලලා අභ්‍යන්තරයේ හැංගිලා තිබ්බ ලස්සන ආදර කතාවකුත් මුහු කරලා චිත්‍රපටයක් විදිහට අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ හොලිවුඩ් අධ්‍යක්ෂක ජේම්ස් කැමරන්. මේ අධ්‍යක්ෂණය කැමරන් ගේ ජිවිතයේ විතරක් නෙමෙයි හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයේම විශිෂ්ටම අධ්‍යක්ෂණය බවට අවිවාදයෙන්ම අදටත් බොහෝ දෙනෙක් පිලිගන්නවා. කතාව සාරාංශයක් විදිහට කිවුවොත් මෙහෙමයි. කතාව කියන්නේ එවක තරුණියක් ලෙස නැවේ අනතුරින් බේරිලා වර්තමානයේ (චිත්‍රපටය නිෂ්පාදනය කළ අවධියේ) මහලු වයසේ පසු වන කාන්තාවක් විසින්. සුඛෝපාභෝගී පන්තියේ යන ඇය සමග ප්‍රේමයෙන් බැඳුණු නැවේ සේවක පංතියේ යන තරුණයෙක් ගැන කතාව කියවෙනවා. විවිධ ගැටළු මධ්‍යයේ මේ ආදරය ගලා යන අපූරුව, ඔවුන්ගේ ආදරයේ රසවත් තැන් සහ ඒ සියල්ල දියට යට කරමින් නැව මුහුදේ ගිලෙන අයුරුත් සිනේරුවේ ඉතාමත් තාත්වික ලෙසත්, අලංකාරවත් ලෙසත් පෙන්නනවා. අවසානයේ චිත්‍රපටය නිමවෙන්නේ පරිත්‍යාගශීලි ප්‍රේමය ගැන මහා කතාවක් අපට කියදිලා. ලියනාඩෝ ඩි කැප්රියෝ සහ කේට් වින්ස්ලට් මෙහි පෙම් යුවල ලෙස රංගනයේ යෙදෙනවා.
2. නෝට්බුක් (2004)
ආදරය කියන්නේ මහා අහඹුවක්. අහම්බෙන් දකින කෙල්ලෙක් ගැන ආදරයක් ඇති කරගන්න තරුණයෙක්. දුප්පත් කොල්ලෙක් සමග ප්‍රේමයෙන් බැඳෙන පොහොසත් තරුණියක්. කතාව ගලාගෙන යන්නේ මේ දෙදෙනා වටා. සුපුරුදු ලෙස මේ ප්‍රේමයට තරුණියගේ ගෙදරින් විවිධ බාධක පැමිණෙනවා. ඒත් මේ ආදර ගඟේ ගැලීම නම් නතර උනේ නෑ. එහෙත් අවාසනාවකට තරුණයාට රට වෙනුවෙන් සේවය කරන්නට දෙවැනි ලෝක යුද්ධයට යන්න වෙනවා. තරුණයා ගිහින් එද්දී තරුණිය විවාහ වෙලා. ඒත් තහනම් ආදරයක නැවතත් මේ දෙදෙනා පැටලෙනවා. කතාව ඉදිරියට ගලාගෙන යනවා. පරිත්‍යාගය, ඉවසීම වැනි ආදරණිය ගුණාංග ගැන කියවෙන සිනේරුවක් NOTEBOOK කියන්නේ. රයන් ගොස්ලින් සහ රේචල් මැක් ඇඩම්ස් මෙහි ප්‍රධාන නළු නිලියන් ලෙස රංගන දායකත්වය ලබා දෙනවා.
3. වෝක් ටු රිමෙම්බර් (2002)
එක පැත්තකින් මහා දඩබ්බර කොල්ලෙක්. අනෙක් පැත්තෙන් තමන්ගේ පාඩුවේ වැදගත් විදිහට ඉන්න අහිංසක කෙල්ලෙක්. සිදුවීම් දාමයක් අවසානයේ මේ දෙදෙනා පෙමින් බැඳෙනවා. විවිධාකාර බාධක මැද මේ පෙමත් ගලාගෙන යනවා. කොල්ලගේ දඩබ්බර කම් ටිකෙන් ටික අඩු වෙනවා. ඒත් අවාසනාවන්ත ලෙස මේ යුවතියට දරුණු නිධන්ගත රෝගයක් තියෙන බව හෙළිවෙනවා. කතාව ගලාගෙන යන්නේ මේ සිදුවීම් දාමයත් එක්ක. ආදරයේ තිබෙන බලවත්කම සහ සංවේදීතාවය මනාව කියාදෙන සිනේරුවක් WALK TO REMEMBER. මැන්ඩි මෝර් සහ ශේන් වෙස්ට් මෙහි රංගනයෙන් දායක වෙනවා.
4. අලෙයිපායුතෙයි (2000)
පරිගණක විශේෂඥයෙක් වෛද්‍ය සිසුවියක් සමග ප්‍රේමයෙන් බැඳෙනවා. කොල්ලා තරමක් දඩබ්බරයෙක්. සෙල්ලක්කාරයෙක්. කෙල්ලත් කටකාරියක්. කොහොම උනත් ඉන්දියාවේ තියෙන විවිධ සාම්ප්‍රදායික හේතු නිසා ගෑණු ළමයාගේ ගෙදරින් මේ ආදරයට කැමැත්ත ලැබෙන්නේ නෑ. ඒ හන්ද මේ දෙන්නා රහසේම විවාහ වෙලා ඔවුන්ගේම තැනකට යනවා. ප්‍රශ්න එන්න පටන් ගන්නේ එතැන ඉඳලයි. ඔබට බලන්න අරාධනා කරලා චිත්‍රපටය ගැන විස්තරය මෙතනින් අත්හිටුවන්නම්. චිත්‍රපටය හරිම ලස්සනයි. රහමාන් ගේ සංගීතය ඉතාම මියුරුයි. ප්‍රේමයේ තිබෙන සංවේදී බව මැනවින් කියා දෙන සිනේරුවක්. මනිරත්නම් ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි R. මාධවන් සහ ශලිනි ඉතා විශිෂ්ට රංගනයක යෙදෙන බවත් කිව යුතුමයි.
5. වීර් සාරා (2004)
මේ ගැනනම් ගොඩක් ප්‍රේක්ෂකයෝ දන්නවා ඇති. ඉන්දියානු ගුවන් හමුදා සෙබළෙකුට අහම්බෙන් පකිස්ථාන තරුණියක් මුණ ගැහෙනවා. මේ තරුණයා තරුණියව තමන්ගේ නිවසට කැටුව යනවා දින කිහිපයකට නවාතැන් දෙන්න. අප්රකාශිත ආදරයක් දෙන්නගෙම හිතේ තියාගෙන දෙන්න වෙන් වෙලා තම තමන්ගේ රටවල් වලට යනවා. කතාව ඇත්තටම පටන් ගන්නේ මෙතැනින් පස්සෙයි. රටවල් අතර ගැටළු, පවුල් අතර ගැටළු සහ සැබෑ ආදරය අතර දෝලනය වන මේ දෙදෙනාගේ ආදර කතාව VEER ZARA. යශ් චොප්රාගේ සුරම්‍ය සිනෙමා වියමනක් වන මේ සිනෙරුව රංගනයෙන් හැඩගන්වන්නේ ශාරුක් ඛාන්, ප්‍රීති සින්ටා සමගින් රාණි මුඛර්ජි.
6. ප්‍රේමම් (2015)
මේක වැඩිය කාගෙවත් ඇස නොගැටෙන මලයාලම් සිනෙමාවේ නිමැවුමක්. ලස්සන ආදර කතා තුනක් වටා කතාව දිගහැරෙනවා. ආදර කතා තුනම එක තරුණයෙක්ගේ ජිවිතයේ විවිධ අවධි වල සිදුවෙන සිදුවීම්. පාසල් කාලය, උසස් අධ්‍යාපනයේ යෙදෙන කාලය, රැකියාවක් කරන අවධිය විදිහට මම මේ අවධි තුන හඳුවන්නම්. ආදරය, විරහව, සිනහව සහ තාරුණ්‍යයේ හැඟීම් ගැන කියවෙන අපුර්ව වියමනක් විදිහට මේ සිනේරුව හඳුන්වන්න පුළුවන්. සංගීතයත් ඉතාමත් මියුරු ලෙස භාවිතා කරලා තියෙනවා. නිවින් පෝලි සමගින් සායි පල්ලවී, මැඩෝනා සෙබස්තියන් සහ අනුපමා පරමේශ්වරන් මෙහි රංගනයේ යෙදෙනවා.
ඉතින් මේ චිත්‍රපට බලලා නැත්නම් අදම රසවිඳින්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා ඔබට. ඔබ බලපු ලස්සනම ආදරණීය සිනේමාපටය පහතින් COMMENT කරන්න අමතක කරන්න එපා.
Cover Image Source – youtube.com/Mage Sudu Banandita
Leave a Reply