ලොවෙන් උසම හිමාලයේ මුදුන් දහය

Worlds highest mountains

ලොව උසම කන්ද ලෙස සැලකෙන්නේ එවරස්ට් කන්දයි. මුහුදු මට්ටම අනුව බැලූකල ලොව උසම කන්ද එවරස්ට් වුවත් පෘථිවිය යනු ගෝලයක් නම් එහි මධ්‍ය ලක්ෂයේ සිට වැඩිම දුරක් ඇත්තේ එවරස්ට් ට නොවේ. සමකාසන්නයේ විශ්කම්භය වැඩි පෘථිවි ගෝලයේ සමකයේ පිහිටි ඉක්වදොරයේ කිම්බෝරාසෝ Chimborazo ගිනි කන්ද පෘථිවි මධ්‍යයේ සිට වැඩිම දුරක් පිහිටි ස්ථානය වේ. පෘථිවි පෘෂ්ඨයේ සිට උස ගණනය කරන්නේ නම් පැසිපික් සාගරයේ පිහිටි මවුනා කියා Mauna Kea නැමැති පුරාතන ගිනිකන්ද සාගර පතුලේ සිට මීටර 10,000කට වඩා උසය. එහෙත් ලොව වැඩි වශයෙන්ම පිලිගැනෙන මුුදු මට්ටමේ සිට උස ගනනය කරන ක්‍රමය අනුව වැඩිම උස කන්ද ලෙස එවරස්ට් කන්ද බොහෝවිට සැලකේ.

 

1. එවරස්ට් කන්ද

Worlds highest mountains

Source – highhimalayan.com

මීටර 8,848 ක් උස එවරස්ට් ලොව උසම කන්ද වේ. 1953 දී තාක්ෂණය අතින් මෙතරම් දියුණු සමයක ප්‍රාථමික මට්ටමේ මෙවලම් යොදාගෙන මෙය තරණය කළ නවසීලන්ත ජාතික එඩමන්ඩ් හිලරි සහ ටෙනසි නෝගේ එවරස්ට තරණය කොට යහතින් නැවත පැමිණි පළමු දෙදෙනා වෙති. ඊට පෙර තරණය කිරීමට උත්සාහ ගත්තද ඒවා සාර්ථක නොවීය. යට කලිසමක් මෙන් පෙනෙන ඉන්දීය උප මහද්වීපය මහා ආසියානු මහද්වීපයේ වසර දස දහස් ගණනකට පෙර ගැටීමෙන් මෙම එවරස්ට් කන්ද ඇතුලු හිමාලය බිහිවී ඇත.

 

2. K2

Worlds highest mountains

Source – madisonmountaineering.com

හඳට ගිය පලමුවැන්නා ආම්ස්ට්‍රෝන් බව බොහෝ දෙනා දැනසිටියත් දෙවැනිවරට හඳට යානාවකින් ගියේ කවුරුදැයි කිසිවකු වැඩිමනක් නොදනී. ඒ වැනිව එවරස්ට් පියස්සට මීටර දෙසීය පනහක් තරම් අඩු පමණකින් උස අඩු කේ2 කන්ද ගැන වැඩිපිරිසක් දන්නේ නැත. කේ2 පිහිටා ඇත්තේ පාකිස්ථාන චීන බෝඩරයේය. අන්නපූර්ණා සහ කේ2 යන කඳු දෙක හිමාල කඳුසීමාවේ පිහිටි මරණීයම කඳු දෙක වේ. මුදුන තරණයට සැරසුනු සෑම කඳුනගින්නන් 4 දෙනෙකුගෙන් එක් අයකුම මිය පරලොව ගොස් තිබේ. ශීතකාලයේ කේ2 තරණය කිරීමට සමතෙක් මෙතෙක් ලොව බිහිවී නොමැත.

 

3. කන්ග්චෙන්ජුන්ගා

Worlds highest mountains

Source – highhimalayan.com

එඩ්මන් හිලරි සමග කඳුනැගි ටෙනසි නෝගේ ගේ අවසාන කාලය ගෙවුනේ කන්චන්ජුන්ගා කඳු අසබඩ දාර්ජිලින් කලාපයේය. ඉන්දියානු නේපාල බෝඩරයේ පිහිටි කන්චන්ජුන්ගා ඉන්දියාවේ සිකිම් පලාතට දර්ශනීයව දිස් වෙන කන්දකි. 1852 දක්වා ලෝකයා කන්චන්ජුන්ගා යනු ලොව උසම කන්ද යැයි පිලිගැණුනි. මෙය එවරස්ට් සිට කිලෝමීටර 125ක් ඈතින් පිහිටා තිබේ. ඉන්දියාවට සම්පූර්ණයෙන්ම අයිති නොවුණත් කන්චන්ජුන්ගා ඉන්දියාවේ යැයි කීමට පුරසාරමට කැමති ඉන්දියානුවෝ වඩාත් ආශා කරති.

 

4. ලෝත්සේ

Worlds highest mountains

Source – wikipedia.org

මීටර 8516ක් උස ලෝත්සේ නේපාල ටිබෙට් සීමාවේ පිහිටා තිබේ. ලොව උසම කඳු සැලකූ විට නේපාලය එයින් 8කටම සෘජුවම දායක වී තිබේ. 1956දී ස්විස් ජාතිකයින් දෙදෙනකු මෙම කඳු මුදුන මුලින්ම තරණය කොට තිබේ. පිරමිඩාකාර දල බෑවමුක් ඇති ලෝත්සේද මුදුනටම නැගීමට අපහසු කන්දක් ලෙස ප්‍රකට වී තිබේ.

 

5. මකාලු

Worlds highest mountains

Source – summitpost.org

මීටර 8485ක් උස මකාලු එවරස්ට් සිට ගිනිකොණ දිගට කිලෝමීටර 19ක් ඈතින් නේපාල චීන බෝඩරයේ පිහිටා තිබේ. 1955 දී මකාලු කන්ද ප්‍රංශජාතිකයින් දෙදෙනකු විසින් තරණය කොට තිබේ. මෙයද දල බෑවුම් සහිත කඳු කොටස් සහිත හිම මත ඉතාම අසීරුවෙන් යා යුතු කඳු තරණයක් වේ.

 

6. චෝ ඔයු Cho Oyu

Worlds highest mountains

Source – alpineascents.com

මීටර 8000ට වඩා උසැති කඳු වලින් නැගගන්නට වඩාත් පහසු කඳුමුදුන ලෙස චෝ ඔයු දැක්වේ. එහි උස මීටර 8188කි. චීන නේපාල බෝඩරයේ පිහිටා තිබේ. ප්‍රථම වරට ඔස්ත්‍රියානු සහ නේපාල ජාතිකයින් දෙදෙනකු විසින් චෝ ඔයු කන්ද තරණය කොට තිබේ.

 

7. ධවුලගිරි

Worlds highest mountains

Source – thoughtco.com

නේපාලය තුල පිහිටි මෙම ධවුලගිරි ස්විස්/ඔස්ට්‍රියානු සහ නේපාල ජාතිකයින් පිරිසක් විස්න් 1960 දී සමගියෙන් තරණය කොට තිබේ.

1808 දී ලෝක වාර්තා පොත් වල වූ උසම කන්ද ධවුලගිරි විය. පසුව 1838 දී එය කන්චන්ජුන්ගා ලෙස වෙනස් වූ අතර 1858 දී වර්තමාන එවරස්ට් ලෙසට සොයාගන්නා ලදී.  ලොව මිනිසා පහල වී වසර දහස් ගණනක් ගත වුවද ඔවුන් සිය පෘථිවියේ උසම තැන් සොයාගත්තේ මීට අවුරුදු 200කටත් අඩු කාලයකදීය. ඒ උස් මුදුන් කරා පිවිසෙන්නට මිනිසාට හැකිවන්නේ ඊටත් ශතවර්ශයකට පසුව 1950 ගණන් වලදීය.

 

8. මනස්ලු

Worlds highest mountains

Source – wikipedia.org

මීටර 8,163ක් උස බටහිර මධ්‍ය නේපාලයේ පිහිටි මනස්ලූ කන්ද මුලින්ම තරණය කර ඇත්තේ ජපාන නේපාල සහයෝගයෙන් 1956 දීය. ආසියානු ජාතිකයින් විසින්ම පමණක් පළමු වරට තරණය කළ මීටර 8000ට වැඩි කන්ද ලෙස මනස්ලු ඉතිහාසයට එකතු වේ.

 

9. නන්ගා පරබට්

Worlds highest mountains

Source – twitter.com

මීටර 8126ක් උස නන්ගා පරබට් ගිල්ගිට්-බල්ටිස්ටාන් පලාතේ පාකිස්ථානයේ පිහිටා තිබේ. එය හිමාලයේ බටහිර දිශාවේ කෙළවරම පිහාට ඇති මහා කන්දකි. එය එවරස්ට් හැරුනු කල බටහිර දිශාවේ පිහිටි උසම කන්ද ලෙස සැලකේ.

1953 දී ජර්මන්/ඔස්ට්‍රියානු සහයෝගීතාවයකින් මෙම කන්ද තරණය කොට ඇත. මෙහි පතුලේ සිට උසම තැනට නැගීමට මීටර 4600ක් යා යුතුය. සමස්ත කන්ද සැලකූ කල එකවර කන්දේ විශාලතම පදාසයක් නෙතට හසුකරගත හැක්කේ මෙම කන්දේදීය. එනම් පහල පිහිටි යාන්තම්  කොල පැහැති සීමාවේ පයිනස් ගස් වල සිට ගිරි මුදුනත පිහිටි හිම තට්ටුව දක්වාම සේයාරුවට සහ නෙතට හසුකරගැනීමේ හැකියාව නන්ගා පරබත් කන්දේදී උදා වේ.

 

10. අන්නාපූර්ණා

Worlds highest mountains

Source – corporatetravelsnepal.com

කඳුනැගීමේ පළපුරුද්ද නැති අය අතර අන්නපූර්ණා කඳු අවට පලාත  වඩාත් ප්‍රචලිතය. නේපාලයේ පොකරා අසබඩ අන්නපූර්ණා කලාපයේ, පූන් හිල්, මාර්ඩි හිමාල්, අන්නපූර්ණා බංගලාව, අන්නපූර්ණා රවුම ආදී ලෙස සලකුණු කරන ලද ට්‍රැකින් ගණනාවක් තිබේ. ඒවා සාමාන්‍ය කඳු තරණයට ආශා කරන වැඩි මහන්සියකින් තොරව යා හැකි තරණයෝ වෙති.

එහෙත් අන්නාපූර්ණා කන්දේ මුදුන බලා යාමට පටන් ගන්නා බේස් කෑම්ප් එකට දින 10-12කින් ලගාවිය හැකි වුවද අන්නපූර්ණා කන්ද තරණය නම් පහසු කටයුත්තක් නොවේ. එහි පිහිටීම අනුව එය නැගීම මහත් අපහසුය. එය නැගීමට තැත් කරන අයගෙන් 32%ක්ම අකාලයේ මරු වැළඳගනී. මෙය 1950 දී පමණ ප්‍රංශ ජාතිකයින් විසින් තරණය කර තිබේ. මීටර 8091ක් උස අන්නපූර්ණා කන්ද නේපාලයේ මධ්‍ය පලාතේ පිහිටා තිබේ.

ලොව පිහිටි උසම කඳු 10න් සියල්ලක්ම පාහේ හිමාලයට අයිති වේ. හිමාලය යනු තවමත් අස්ථායී භූ තැටියක් බවත් එය ගැස්සීමෙන් සමස්ත කත්මන්ඩු නගරයම ගිලී යා හැකි බවත් භූවිද්‍යාඥයින් මත පල කොට තිබේ. 2014 දි සිදු වූ භූමිකම්පාව ආදී භූමි කම්පා ඇතිවීමටද මෙම අස්ථාවර බව හේතු වී තිබේ.

මේ කඳු සියල්ලේම මුදුනත වසා හිම ඇති අතර ඒවා තරණය කිරීම විශාල කාලයක් සහ මුදලක් වැය කොට විශේෂයෙන් පුරුදු පුහුණු විය යුතු කාර්යයකි. කඳු නැගීම විනෝදාංශයක් කරගත් අය ජීවිත අවදානමද නොතකා මෙවන් වූ උස් කඳු මුදුන් සලකුණු කිරීමට ඒවා වෙත ඇදෙති.

 
Cover Image Source – oregonstate.edu/ bhmpicsm/ facebook.com.co
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *