හිමගිර සමග එකතුවන්නට නේපාලය තෝරාගන්න හේතු

Reasons to visit Nepal

හිම කියන්නේ ලාංකික අපිට ආගන්තුක දෙයක්. සීත හිම ගිරි හිස කියන්නේ කටුක අත්දැකීමක්. එහෙත් ජීවිතයෙ වරක් හෝ හිම කන්දක් මතට නැග එහි ආශ්වාදය විඳ දරාගන්න අපි හැමෝම ආසයි. අපි ඒ විදියට හිම අල්ලන්න නේපාලය කියන්නේ හොඳ අවස්ථාවක්. ලොව උසම කඳු 10න් 8ක්ම නේපාල සීමාවේ හිමාලයේ පිහිටා තිබෙනවා.

 

1. සංචාරකයින්ට පහසුකම් තිබීම

Reasons to visit Nepal

Source – Amila chathuranga

අඩුමිල බැක්පැකින් ආදී සංචාරකයින්ට නේපාලය යනු තෝතැන්නකි. ඒ අඩුමිල සංචාරකයින්ටම සැදුණු නවාතැන් ප්‍රවාහන පහසුකම් සහ සංචාරක ක්‍රියාකාරකම් නේපාලයේ තිබේ. එකම ක්‍රීඩා කටයුත්ත වුවද වෙනත් රටවලට වඩා නේපාලයේදී ලාබදායිය. හිම මිදී එන සීතල වතුරේ වෝටර් රාෆ්ටින් යන නේපාල වෝටර් රාෆ්ටින් පැය දෙක තුනක් ගල් කුළු මතින් ඇදී යයි. පොකරා සීමාවේ තිබෙන වෝටර් රාෆ්ටින් හි මිල නේපාල රුපියල් 4000කි. බෝට්ටුවකට 4ක් පමණක් ඇතුලත් ඒ වෝටර් රාෆ්ටින් හි සැලකිය යුතු ආරක්ෂක විධිවිධානද සංචාරකයා වෙත සැපයේ. ලංකාවෙ මුදලින් රු 6,000 ට එවැනි අත්දැකීමක් සැබැවින්ම ලාබදායි වේ. ගුවන් සවාරි, කඳු මතින් පැනීම්, දිය ඇලි වලින් බැසීම්, කන්දකින් පියාඹන ලෙස පහලට පැනීම්, ආදී කඳුකර සහ සංචාරක ක්‍රියාකාරකම් රැසක් නේපාලයේ තිබේ. ඒවා අනෙක් රටවලට වඩා බොහෝවිට නේපාලයේදී ලාබදායීය.

 

2. හිම ගිරි බලන හයිකින් ට්‍රැකින්

Reasons to visit Nepal

Source – Amila chathuranga

කඳු මතින් ඉහලට නැගීම හයිකින් ලෙසත් වන මාර්ගයන්හි ඇවිදීම ට්‍රැකින් ලෙසත් හැදින්වේ. නේපාලය යනු තවමත් ඇතැම් දුෂ්කර පලාත්වලට මාර්ග පහසුව නැති රටකි. ඒ ඈත කඳුකර ගම් වල ජනයා යන්නේ බඩු මලු කර තබාගෙන අපේ ජනයා මීට සියවසකට දෙකකට පෙර ගමකින් ගමකට ගිය ආකාරයට පයින්ම ය.  ගම්මාන ඇල දොල ගංගා, වනාන්තර, කඳුවැටි පසුකර ඇදෙන එසේ වූ චාරිකාද කඳු මුදුන් කරා ඇදෙන චාරිකාද නේපාලයේ සුලභය. ලංකාවේ සිරිපා තරණය මෙන් පටන් ගත් තැන් සිට පැය හත අටක් නොනැවතී නැගගෙන ගොස් මුදුන බැලීමේ හැකියාවක් නේපාලයේ උස් කඳුකරයන්හි නොමැත.

ඇතැම් කඳුකර පලාත්වල දින 14-30ආදී දීර්ඝතර චාරිකාවෝද වෙති. දින තුන හතර වැයවන චාරිකාවන් සංචාරකයන් අතර වඩාත් ජනප්‍රියය. එවන් පා ගමන් වලදී මීටර 5000 සීමාවේ කඳුමුදුන් ආසන්නට පිවිසීමට මෙන්ම නේපාලය නැමති අලංකාර රට දැකබලා ගැනීමට අවස්ථා ලැබේ. පාගමන් වලදී මග නැවතීමට ජනප්‍රිය සංචාරක මාර්ගයන්හි නවාතැන් තිබේ. කිලෝමීටර 8-10ක් නිවිහැනහිල්ලේ ඇවිද ඉන් පසු නවාතැනක නැවතී එතැනින්ම ආහාර පානද ලබා ගැනීමෙ හැකියාව නේපාලයේදි තිබේ.

 

3. මිත්‍රශීලි ජනතාව

Reasons to visit Nepal

Source – Amila chathuranga

නේපාල ජනතාව බොහෝ තැන්හිදී ඉන්දියානුවන්ට සාපේක්ෂව බොහෝම මිත්‍රශිලි ජනතාවකි. ඔවුන් සංචාරකයින් කෙරහි ප්‍රචණ්ඩ වූ වාර්තාවන් ඉතාම අඩුය. දකුණු ආසියානු කලාපයේ යුරෝපා ජාතියකට යටත් නොවූ එකම ජාතිය නේපාල ජාතිකයෝය. ඔවුහු බහුතරය මුදල්ම හඹායන මානසිකත්වයෙන් තොරව යම්කිසි පැරණි ගතිසිරිත් ඔස්සේ දිවි ගෙවීමට කැමති ජනකායකි. නොදන්නා දේශයකට අලුතෙන්ම යන අපිට අපේ මිල මුදල් පැහැර ගනීද? අපව වංචාරකාරයන්ට හසුවේද ආදී බයක් නිතැතින්ම හදවතට දැනේ. එහෙත් තමුන්ගේ පලමු සංචාරය ලෙස වුවද නේපාලය තෝරාගැනීම වරදක් නැත්තේ නේපාල ජාතිකයෝ සැබැවින්ම මිත්‍රශිලි කලබල අඩු ජාතියක් ම වන බැවිනි.

 

4. වීසා පහසුව සහ සිද්ධස්ථාන

Reasons to visit Nepal

Source – Amila chathuranga

අප අමාමෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උප්පත්තිය සිදුවූ පුණ්‍යභූමිය නේපාලයයි. බුදුන් වහන්සේ යනු නේපාල ගති ලක්ෂණ තිබූ අයෙකු යැයි නේපාල ජාතිකයෝ විශ්වාස කරති. ලොව වටා වන්දනාකරුවන් යන එන මහත් සුවිසල් පුද බිමක් වුවද එහිද ඉන්දියානු පුදබිම් වල මෙන් නොනවත්වා පැමිණෙන සිඟනුන්, අතිශය දුප්පත් දරුවන් ආදී දර්ශන නොමැත. යම්තාක් දුරකට නේපාල ලුම්බිණි පුදබිම පිරිසිදුය.

 

5. පිවිසීම සහ ස්ථාන වලට පිවිසීම පහසු වීම

Reasons to visit Nepal

Source – Amila chathuranga

ඉන්දියාවෙන් නේපාලයට ගොඩබිමින් ඇතුලු විය හැකි අතරම ගුවනින් වුව කෙලින්ම නේපාලයට පිවිසිය හැකිය. ලාංකිකයින්ට නිරතුරු සලකන නේපාලය දින 28ක් අමතර වීසා ලබාගැනීමකින් තොරව නේපාලයේ නැවතීමට ඉඩ කඩ ලබා දේ.

නේපාලය කුඩා රටකි. එහි තැනකින් තැනකට යෑමට ගමන් පහසුව ඇතැම් කලාප වල බොහෝ සවුත්තු වුවද ප්‍රධාන සංචාරක ස්ථාන කරා පිවිසීමට අභ්‍යන්තර ගුවන් ගමන් හෙලිකොප්ටර් සේවා පවා ලාබදායී ලෙස නේපාලයේ ක්‍රියාත්මක වේ. ලංකාවේ සිට වර්තමානයේ දි නම් කෙලින්ම ගුවන් ගමන් ක්‍රියාත්මක වන්නේ නැති වුවද පැය 7-8කින් ඉන්දියාව හරහා නේපාලයට පිවිසීමෙ අවස්ථාව ලාංකිකයන්ට ලැබේ.

 

6. ආාහාරපාන හා සංස්කෘතිය මඳක් සමාන වීම

Reasons to visit Nepal

Source – insidehimalayas.com

ආහාර රටාව ගත්විට පොල් තෙල් භාවිතයක් නොමැති මුත් නේපාල ජාතිකයෝද බත් අනුභවයට රුසියෝය. ඔවුහුද අප මෙන් බත් ගොඩක්  එලවලු ටිකක් සමග ආහාර ගනිති. එහෙත් එලවලු ආදියේ පෙනුම සහ උයන ආකාරය මඳක් වෙනස්ය. නේපාල ආහාර අප දිවට ගැලපෙන මිරිස් ලුණු රසවලින් යුක්තය. බටහිර හෝ වෙනත් රටකට ගිය කල අපිට ආහාරයට ලැබෙන සහමුලින්ම ආගන්තුක ආහාරවලට වඩා අපේ දිවට නේපාල ආහාර පහසුවෙන්ම හුරුකරගත හැකිය.

මත්පැන් සම්බන්ධ කිසිදු නීතියක් රීතියක් නැති රටකි නේපාලය. එහි කුඩා තේ කඩ වල පවා  රාක්ක වල බියර් අරක්කු විකිණීමට තිබේ. ඒ වැඩිපුර තිබෙනවාය කියා මිනිසුන් හැම වේලාවේම මත් වී සිටීමක්ද නොපෙනේ. දේවාල සහ දේව ආගමික සම්ප්‍රදායයන් නේපාලයේද තිබේ. නේපාල ජාතිකයෝ බොහොමයක් ඉන්දියාවෙන් කෙරෙන අනවශ්‍ය අතපෙවීම් ගැන මඳක් ද්වේශයෙන් කතා කරති. ක්‍රිකට් තරගයකින් වුව ලංකාව විසින් ඉන්දියාව පැරදවීම නේපාලයේ බහුතර ජනයාට අපිට මෙන්ම මහත් සතුටකි.

නේපාලය යනු අයිස් කඳු පමණක්ම නොවේ. එහි බලාකියාගන්නට රිසි වූ දේ මෙන්ම අත්දැකීම් ලෙස අපේ මතක පොතට එකතුකරගත හැකි ක්‍රියාකාරකම්ද රැසක් නේපාලයේ දී සංචාරකයින්ට ලැබේ.

 
Cover Image Source – Fbradl3yrob16. wordpress.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *