බොන අය පොරවල් වෙන්නෙ හෝ නොබොන අය නොපොරවල් වෙන්නෙ කියල බෙදන ගොබ්බ ලෝකෙක ජීවත් වෙන අපි බීල බීලම මළත් පාඩු නෑ. හැබැයි අවංකවම තමුන් බොන දේට ආදරය කරන, බීම ගැන අනෙකාගෙ මතයටත් ගරු කරන, හෙමිහිට තමුන්ගේ වින්දනය ලබන්න බොන පිරිසකුත් මේ රටේ ඉන්නවා. එහෙම නැතුව වැට උඩ ඉන්න ඈයොන්ටයි මේ කතාව කියන්නෙ . මේ තමන්ගේ බීමේ ආතල් එක වෙනුවෙන් අනුන්ගේ ආතල් නොකඩන්න කියලා කරන ආයාචනාත්මක ඉල්ලීමක්.
1. ලිමිට්

Source – unfunk.com
තමුන්ගේ ලිමිට් කියා ගැනීම ඉතා වැදගත්. බීමේදී ඔලුවට එන මත් ගතියෙ ආතල් එක රඳා පවතින්නෙ තමුන් මත් බවයි සිහියයි අතරෙ දෝලනය වීම තුළ මිසක් පුටු පෙරලලා පස් කන එකේ නෙමෙයි. ඒ වගේම බොරුවට බොනව කියල පෙන්නන්න සෝෂල් වෙන්න තොලේ ගාගෙන ඉඳල වැඩකුත් නෑ, නොබී සෝෂල් වෙන උනුයි බීලා ක්‍රිමිනල් වෙන උනුයි මේ ලෝකෙ පිරිලා ඉන්නවා. ඒ නිසා තමුන්ගෙ ලිමිට් දැනගෙන බොන්න. ඒක ෂොට්ස් ප්‍රමාණයකින් මුලින් මීටර් එකට දාගන්න පුළුවන්. එහෙමත් නැත්තං කාලයක් යද්දි බීමේ ප්‍රවීණත්වයට පැමිණීමත් සමග ඔලුවෙ මීටර් එහා මෙහා වීමත් සමග ඒ ගැන දැනගන්නත් පුළුවන්.
2. පරාර්ථකාමී

Source – 9coach.com
හැම තිස්සෙම කණ්ඩායමක් එක්ක බොනවනං තමුන් ගැනම විතරක් හිතන්න එපා. මස් ගොඩ බදාගන්න එපා. නොහිතා නොබලා ෂැන්ඩි පුරවගන්න එපා. පෙරේතකමට අරක්කු බොන්න එපා. අනිත් මිනිස්සු සල්ලි දාද්දි අඩුවෙන් සල්ලි දාන්න එපා. පරාර්ථකාමී වෙන්න. අනිකා ගැනත් හිතන්න. උනුත් ඉන්නෙ මාත් එක්කම බොන්න සහ අපි හැමෝම එකට මත්වෙමු කියන සුන්දර හැඟීමට එන්න. ගානට බීගෙන එද්දි මුළු ලෝකය ගැනම අමුතු ආදරයක් එනවා. ඒ ආදරය විඳින්න. ඒ ආදරය බෙදාගන්න. බොන මේසෙදි දේශපාලකයෙක් වෙන්න හදන්නෙපා.
3. අනුන්

Source – vitaminha.com
අනුන්ගෙ බීපු ප්‍රමාණ ගැන හොයන්න එපා. ඔයාට වදින්න බෝතල් බාගයක් බොන්න ඕන වුනාට සමහරුන්ට ෂොට් දෙකෙන් වදිනවා. ඒ පින් කරපු වාසනාවන්ත මිනිස්සු. ඒ අයට ඒ අයගෙ ආතල් එකට එන්න මහ ගොඩක් බොන්න ඕන නැහැ. ඒ වගේම සමහරු ඉන්නවා ඔයා බොනව වගේ දෙගුණයක් බිවුවම පීක් එකට එන මිනිස්සු. ඒ නිසා ඔයා පොරක් කියල හිතාගෙන බොන නොබොන මට්ටම් අනුව අනිත් අයව පාච්චල් කරන්න එපා.
4. හැසිරීම

Source – youtube.com
මේක මෙතන කියන හැම කාරණයකටම අදාළයි. ඔයා බොබසෙ හෝ උලමා සංවිධානෙ අයෙක් වුනා කියලා ඔයත් එක්ක ඩ්‍රින්ක් එක දාන අයව මේ ආගම්වාද තර්කවලට පටලවගන්න හදන්න එපා. ඔයා එජාපෙ පොජපෙ හෝ එජනිසේ කියලා බොන මේසෙක පාර්ලිමේන්තුවට සීට් වෙන්කරන්නෙපා. ඔයාගෙ හැසිරීම අතිශය වැදගත්. ඔයා ආසකරන්නෙ බයිලාවලට නිසා දිගටම බයිලා නොකියා ක්ලැසිකල් සින්දු කැමති අයටත් ඉඩ දෙන්න. වමනෙ යන්න එනවනං අනුන්ට කරදරනොකර පැත්තකට ගිහින් හිස් කරගන්න.
5. ප්රිකෝෂනරි ඇක්ට්ස්

Source – humour.xgianxia.com
බොන්න කලින් කළ යුතු දේ කිහිපයක් තියෙනවා. මුලින්ම හිතේ ප්‍රශ්න නැත්තං විතරක් බොන්න වගබලාගන්න. අතේ සල්ලි ඇතිනං බොන්න විතරක් වගබලාගන්න. පසුදින උදෑසන හෝ බීමට යොදවන කාලය තුළ කරන්නට අත්‍යවශ්‍ය වැඩ නැතිනම් පමණක් බොන්නට වගබලාගන්න. මුලින්ම අම්මාට/බිරිඳට/පෙම්වතියට තත්ත්වය දැනුම් දීලා වැළමිට වැදුණත් බිඳෙන නවීන ස්මාට්ෆෝන් සාක්කුවේ තබාගන්න.
6. තමන්ට

Source – rd.com
තමන්ට ගැලපෙනම බීම හොයාගන්න. ඒ ඇතුළෙ පොඩි එක්ස්පෙරිමන්ට්ස් කරන්න. ඒක විඳින්න. ඒකට හරියන ෂැන්ඩි. සාමාන්‍ය වීදුරුවක චේසර්ස් සහ ඇල්කොහොල් බෙදෙන අනුපාතය. අයිස් කැට කීයක්ද? අයිස් කැට පමණක්ද? ගැලපෙනම බයිට් එක. නොබිය යුතුම ඇල්කොහොල් වර්ගය? කණ්ඩායම තුළ සිත් නොරිදෙන ලෙස එය ප්‍රතික්ෂේප කරන ආකාරය, කියන තමන්ගෙ පදම හදාගන්න. එතකොටයි බීමක් ආතල් වෙන්නෙ.
7. ප්‍රතිකාර

Source – metro.com
හිතේ ආතල් එක වෙනුවෙන් බිවුවට පහුවදාට තරමක ශාරීරිකාංගවල විකෘතිමය තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒකෙදි තමුන්ට ගැලපෙනම හැන්ග්ඕවර් කියෝ එක දැනගන්න. රෙඩ්බුල්, තැඹිලි, සවු කොප්පයක්, ෆෘට් ජූස් වගේ විවිධ වූ දේ පිහිටට එනවා වගේම කොහොම හරි පසුදින උදෑසනට හොඳ ආහාර වේලක් ගන්නට වග බලාගන්න.
Cover Image Source – nbcnews.com
Leave a Reply