ඔෆිස් එකේදි එන විවේචන වලට මුහුණ දෙන හැටි

How to face criticism at work

ඔෆිස්වල වැඩ කරන එක ලේසි වැඩක් නෙවෙයි. උඩින් ඉන්න එකා හැම තිස්සෙම බලාගෙන ඉන්නේ එයාටත් උඩින් ඉන්න කෙනාගෙන් හෝ ක්ලයන්ට්ගෙන් එන ප්‍රෙශර් එක එයාට පහතින් ඉන්න කෙනා මතින් යවලා එයා නිදහස් වෙන්නයි. අන්තිමට ඒක ඉවරවෙන්නේ පහතින්ම ඉන්න ඔබේ ගෙදර අයගෙන් වෙන්න පුළුවන්. ඒ නිසා උඩින් එක කොයි පීඩනයත් දරාගෙන ඒක ඔෆිස් එකෙන්ම ඉවර කරගන්න ඔබට මේ දේවල් උපකාර වේවි.

 

1. හැඟීම්වලට ඉඩ දෙන්න එපා

How to face criticism at work

Source – trainerbubble.com

ලොක්කා ඔබ අමාරුවෙන් කරපු වැඩේ විවේචනය කළාම ඒක දරාගන්න එක බොහොම අමාරු වැඩක්. ඒත් එහෙම දෙයක් කියපු ගමන්ම හැඟීම්වලට උඩට එන්න ඉඩ නොදී පෙන්වාදෙන දේවල් ගැන කල්පනාවෙන් අහගෙන ඉන්න. නැත්නම් ආයෙ අහගන්න වෙන්නේ “මම මෙච්චර කියලත් කණ ඇහෙන්නේ නැද්ද? ආයෙ වරද්දලා” කියලා තමයි. තරහ අරගෙන අපි ආපිට බණිනවාට හෝ අඬනවා වෙනුවට මොනවද මේ යකා මේ කියන්නේ කියලා ටිකක් කන් දෙන එක බොහොම වැදගත්.

 

2. කට පරිස්සමෙන්

How to face criticism at work

Source – themarysue.com

කියන දේවල් අහගෙන ඉඳලා හිතේ ඇතිවන පීඩනය ලොක්කා පිටින්ම අරින්න ගියොත් පුතේ ජොබ් එකට ගොක්කොළ එල්ලන්න තමයි වෙන්නේ. කොච්චර දේවල් සිද්ධ වුණත් කාලා ඇඳලා ඉන්න ජොබ් එක ටික කාලෙකට ආපු ඉදිමිච්ච ලොක්කෙක් නිසා නැති කරගන්නේ මොකටද! අන්තිමට ඒකෙන් විඳවන්න වෙන්නෙත් ගෙදර දරුවන්ටම තමා. ඒ නිසා කොච්චර දේවල් කිව්වත් හ්ම් සද්දයක් නැතුව අහගෙන ඉන්න එක තමයි හොඳ. පුළුවන් නම් “මම මේ ටික ආයෙ චෙක් කරලා සර්ට කියන්නම්” කියලා මාරු වෙන්න. ඊට පස්සෙ එකින් එක බලලා, වැරදි තියෙනම් ඒවා හදලා හදන්න බැරි තැන් ගැන ආයෙ ලොක්කයි, ඔයයි දෙන්නම කූල් ඩවුන් වුණාට පස්සේ ගිහින් ෂේප් එකේ කතා කරගන්න.

 

3. පෙන්වාදෙන දේවල් ටික ලියාගන්න

How to face criticism at work

Source – shutterstock.com

බොසා නිතරම වැරදි හොයන කෙනෙක් නම් ඔබ පොඩි පොතක් තියාගන්න. දිනපොතක් වගේ නම් වැඩිය හොඳයි. දිනපතා එයා බනින්නේ මොන වගේ දේවල්වලටද කියලා හොඳට අහගෙන ඉඳලා මතක තියාගෙන එයා ගියාට පස්සෙ ඒ පොතේ දිනයත් එක්ක කියපු දේවල් ටික ලියාගන්න. මෙහෙම සතියක් කරද්දි උන්දැ වැඩිපුරම බණින්නේ මොනවගේ දේවල් වලට ද කියලා ඔබට රටාවක් පෙනේවි. දැන් ඒ අඩුපාඩුවලට මුක්කු ගහලා එයාට කියන්න දෙයක් නැති වෙන්න ඊළඟ පාර වැඩේ කරන්න ඔබට හැකිවේවි.

 

4. ප්‍රශ්න අහන්න

How to face criticism at work

Source – officespacesoftware.com

ලොක්කා නිතරම ඔබේ වැඩ ගැන අකමැත්තෙන් නම් ඉන්නේ ලොක්කාට ඕනෑ විධියට වැඩේ කෙරෙන්නේ කොහොමද කියලා හරියට දැනගන්න වෙනවා. මේකට ඔෆිස් එකේ ඉන්න, ඉරිසියා නැති පරණ කෙනෙක්ගෙන් අහලා මිනිහාගේ හැටි දැනගන්න පුළුවන්. අලුතින් ආපු බොසෙක් නම් ඔබට එයාගෙන් ශේප් එකේ අහන්න වෙනවා සර් මේක මොන විධියට කෙරුණොත් ද හොඳ කියලා. ඊට පස්සේ මිනිහාගෙන්ම වැඩේ කෙරෙන්න ඕන හැටි අහගෙන ලුණු ඇඹුල් නොදා ඒ විධියටම කරලා පෙන්වන්න. ආයෙ ඒකෙම වැරැද්දක් කිව්වොත් ඉතින්: “සර් කියපු විධියටම තමා ඉතින් කළේ”

 

5. තංකුයි කියන්න

How to face criticism at work

Source – thespruse.com

විවේචනය කරලා කරලා ලොක්කා ඇඟට ගොඩ වුණාට පස්සෙත් ඔබ බොහොම සාමකාමීව ඔක්කොම අහගෙන ඉඳලා “තෑන්ක්ස්” කියන්න. මූ මාවම කන්න ආපු එකෙක් කියලා හිතනවාට වඩා දැනට ඔබේ තිබෙන හැකියාවන් ඕනම යකෙක්ට හරියන විධියට හදාගන්න පුළුවන් වෙන්න මේ ඉන්නේ දෙවියො දීපු තෑග්ගක් කියලා හිතාගත්තාම එයා ඕන තරම් කියවද්දි ඒ ප්‍රෙශර් එක හිතට නොගෙන ඉන්න පුළුවන්. ඒ මොහොතෙදි කටින් තෑන්ක්ස් කිව්වත් හිතෙන් අනේ පලයං යකෝ යන්න කියලා හිතෙනවානේ. ඒත් පස්සෙ දවසක් එනවා එදා තෑන්ක්ස් කියලා ෂේප් වෙච්ච එක කොච්චර දෙයක්ද කියලා හිතෙන.

 
Cover Image Source – shutterstock.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *