වැලන්ටයින් ඉවර උනාම කරන්න තියෙන දේවල්

Things to do after Valentines day

වැලන්ටයින් කියන්නේ ප්‍රේමවන්තයන්ගේ දවසනේ. ප්‍රේමවන්තියන්ගේ දවසත් ඉතින් ඒක තමයි. කොහොමින් කොහොම හරි වැලන්ටයින් දවස ආව ගියා. පෙබරවාරි 14 තමයි ශාන්ත වැලන්ටයින් දිනය යෙදිලා තිබුණේ.  ඒ කියන්නේ ඊයේ. දැන් අපි මේ කියන්න හදන්නේ වැලන්ටයින් ඉවර වුණාම ඔබට කරන්න තියෙන දේවල්.

 

1. තෑග්ග හෝ තෑගී බැලීම

Things to do after Valentines day

Source – yululate.com

ඔබට වැලන්ටයින් එක දවසට එක තෑග්ගනම් හම්බ වුණේ. ඒක අවුලක් නෑ. වැලන්ටයින් දවසෙම ඕක මොකක්ද කියලා බලාගන්න බැරිය. ඒත් ඉතින් දවසෙම වෙලාවක් තිබුණේ නැත්නම් ඔබට ඒක බලන්න වෙන්නේ අද තමයි. තවත් සමහර ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ ඉන්නවා ආදරේ ගොඩාක් තියෙන හන්දා තෑගි ගොඩාක් ලැබෙන. ඒ කට්ටියට ඉතින් වැලන්ටයින් දවසෙම වැඩ තියෙන්න ඇතිනේ. හරියට වෙලාව කළමනාකරණය කරන්නම හෙන වෙලාවක් යන්න ඇති දවසෙන්. ඉතින්  ඒ අයට අද පුළුවන් ඔන්න සත්‍ය ආදරයේ නාමයෙන් ඊයේ ලැබුණු තෑගී මොනවද කියලා බලන්න.

 

2. තෑගි වලට බැනවැදීම හෝ මාරු කිරීම

Things to do after Valentines day

Source – femalefirst.com

හම්බවෙච්ච තෑග්ග කිසිම වැදගැම්මකට නැති එකක්නම් කෝල් එකක් දීලා “මොකක්ද අනේ ඔයා මේ දීල තියෙන්නේ..?”කියලා අහන්න ගෑණු පාර්ශවය අමතක කරන්නේ නෑ. හැබැයි ඉතින් කොල්ලොනම් මොකුත් කියන්නේ නෑ. තෑග්ග දීපු කෙනාගෙන් බිල ඉල්ලගෙන කඩේට ගිහින් මාරු කරගන්නවා. අවුරුදු හතරක් පහක් එකට හිටපු පෙම්වතුන්, පෙම්වතියන්ට තෑගි විදිහට ඇඳුම්, පැළඳුම් දුන්නම ඒවා ශරීරයට වඩා ලොකු වෙන අවස්ථා, ශරීරයට වඩා පොඩි වෙන අවස්ථා එමටයි. ඉතින් ඕව කියල කෙල්ලෝ කෝල් කරද්දී කොල්ලෝ කියන්නේ “ඔයා එහෙනම් ලොකු වෙලා ඇති” එහෙම නැත්නම් ” ඔයා දැන් පොඩි වෙලා ඇති” කියලා. ඉතින් අද ඒ වෙනුවෙන් වෙන්වූ දවස.

 

3. දවසෙම නිදාගැනීම

Things to do after Valentines day

Source – dogexpress.cm

ඔබට දිනපතා කරන්න රාජකාරියක් නැත්නම්, වැලන්ටයින් දවස වෙනුවෙන් අසීමිතව කැපවුණානම් ඔබට අද දවස තියෙන්නේ නිදාගන්න. ෆෝන් ඕෆ් කරලා නිදගත්තනම් ඔක්කොටම වඩා හොඳයි. එතකොට කාගෙන්වත් කරදරයක් නෑ. වැලන්ටයින් දවසේ වෙච්ච දේවල් සියල්ල නිදාගෙන අවදි වෙද්දී අමතක වී තිබේවා වැනි ප්‍රාර්ථනයකින් යුක්තව නිදාගන්න. ඔබට හොඳ ප්‍රතිඵල අත්වේවි.

 

4. රස්සාවට යන්න

Things to do after Valentines day

Source – Medium.com

වැලන්ටයින් එකට ඉතින් රජයේ නිවාඩුවක් ලැබෙන්නේ නෑනේ. ඒ හන්දා ඔබ රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවකයෙක්නම් වැලන්ටයින් එකට නිවාඩු ගත්තනම් ඊළඟ දවසේ සේවයට යා යුතුයි. අන්න ඒ අයට අද සුපුරුදු පරිදි රස්සාවට යන්න වෙනවා. රස්සාවට ගියත් ඉතින් එක එක අය අහන ප්‍රශ්න වලට ලැජ්ජාවෙන් හිනා වෙලා උත්තරත් දෙන්න ඕන. මොකද අහන්නේ ලේසි ප්‍රශ්න නෙමෙයිනේ. “වැලන්ටයින් එකට නිවාඩු ගත්තනේ. ආවු ආවු මොනවද කළේ කෙල්ල එක්ක” ඌට මොකටද ඒක..?

 

5. ණය තුරුස් ගෙවන්න, ගත්තු ඇඳුම් දෙන්න

Things to do after Valentines day

Source – youtube.com

තමන්ගේ පෙම්වතාට පෙම්වතියට තෑගි ගන්න රස්සාවල් නොකරන කෙනෙක්නම් ඔබට පොඩි ණයක් ගන්න වෙනවා. ණය විතරක් නෙමෙයි එයා අඳින පාටට මැච් වෙන්න ඇඳුමක් නැත්නම් ඇඳුමකුත් යාළුවෙක්ගෙන් ඉල්ලන්න වෙනවා. ඉතින් වැලන්ටයින් එකට පස්සේ දවසේ ඉඳලා ඒ ගත්තු ණය ගෙවන්න සල්ලි එකතු කරන්න ඔබට වෙනවා. ඇඳුම් ගිහිනුත් දෙන්න එපාය. වැඩ කෝටියයි ඉතින්.

 

6. අවුරුද්දට තෑගි

Things to do after Valentines day

Source – bi.com

වැලන්ටයින් එකෙන් පස්සේ උත්සවේකට එන්නේ අලුත් අවුරුද්ද. ඕකටත් ඉතින් මොනවහරි තෑග්ගක් දෙන්න එපාය එයාට. එදාට නම් එක එකාට ණය වෙන්න හොඳ නෑ කියලා අදම සල්ලි ටිකක් එකතු කරන්න පටන් ගන්නවා. එයාගේ උපන්දිනේ, ඇනිවසරි එක වගේ එකක් මාර්තු වලට වගේ වැටිලා තිබුණොත් කාල හමාරයි. මාස තුනම රීම් එකෙන් යන්න තමා වෙන්නේ. ඒ වගේ වෙලාවටනම් ණයක් ගන්න එක වටිනවා කියල හිතලා අදම කාට හරි කෝල් එකක් දීල දැන්ම කියලා තියන එකත් නරක නෑ.

ඉතින් මේවා තමයි වැලන්ටයින් එකෙන් පස්සේ දවසේ ඔබට කරන්න වෙන දේවල්. තව ඔබට මීට අමතරව දේවල් මතක් උනානම් ඒවත් සඳහන් කරලා මේ ලිපිය SHARE කරන්න අමතක කරන්න එපා.

 
Cover Image Source – medium.com / gettyimages.com / 123rf.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *