ඡන්ද කාලෙට අපේ රටේ සමහර අයට අමුතු කික් එකක් එනවා. තවත් අය තියන කික් එකත් බස්සගන්නවා. මේ හැම දේටම කියන්න මොකක් ම හරි හේතුවකුත් මේ හැමෝට ම තියෙනවා. නිවැරදි පාලකයන් පත්කරගන්න අපිට දීපු වරමක් තමයි ඡන්දය කියලා කියන්නේ. ඒක අපිට හිමි බලයක් නිසා ඒ ගැන ඕන ම විදියට කතා කරන බලයත් ලැබෙනවා.
1. ඊළඟ පාර ඡන්දේ දෙන්නේ නෑ

Source – faithmirror.com
උගත්, බුද්ධිමත් තරුණ ප්‍රජාව ඡන්දයක් දෙකක් දුන්නට පස්සේ මෙහෙම කියනවා. දෙන්න කෙනෙක් නෑ, දුන්නොත් අපිට මොකද වෙන්නේ වගේ හේතු මෙයාලා ගාව තියනවා. හැබැයි ඡන්දය භාවිත කරන එක වගකීමක්. රට කරවන මිනිස්සු තෝරාගැනීමක්. අපි හැමෝටම ගිහින් රට පාලනය කරන්න බැරි නිසා කීප දෙනෙක්ව යවනවා. ඒකට පාර තමයි අපේ ඡන්දය. මෙලෝ රහක් නැති මිනිස්සුන්ට ඡන්දේ දීලා බොරුවට කියවන් නැතුව පැරදුණත් කමක් නෑ දැක්මක් තියන මනුස්සයෙක්ට ඡන්දේ දෙන්න. දැන් ඔය ඡන්දේ දුන්නෑ කියලා තමන් බලාපොරොත්තු වෙන ප්‍රජාතන්ත්‍රවාදය සෙනික පහළ වෙන්නේ නැහැනේ.
2. කම්බ හොරු විලිලැජ්ජා නැතුව ඡන්දේ ඉල්ලනවා

Source – dystopia.com
මේ මොඩල් එකේදී උතුරු සළුව දාගෙන ඡන්දේ ඉල්ලන්න කවුරුහරි එනවා කියලා හිතන් ඉන්නවා නම් ඒක බොරුවක්. අඩු වැඩි වශයෙන් මිනිස්සු හොරු. ඒකට දේශපාලනඥයෙක් වෙන්න ඕනිත් නෑ. නමුත් දේශපාලනඥයන් අතරින් ඉතාම හොඳ මිනිස්සු ඉන්නවා. කැන්වසින් යන්න ආපු ගමන් අපෝ මුන් ඔක්කොම හොරු ගෙදර දොරවත් අරින්න හොඳ නෑ කියලා ඒ මනුස්සයාට චරිත සහතිකෙත් දීලා ඉවරයි. හැම දේශපාලනඥයාම මගෝඩිස්තුමෙක් ගානට කතා කිරීම වැරදීයි.
3. උඹලට සොරි ම තමයි

Source – timandjoydawns.com
ඡන්දයක් තියෙනවා කියලා ඒකේ ඌෂ්ණේ වැදෙන්නත් කලින් දිනන්නේ කවුද කියලා මිනිස්සු කතා වෙනවා. නිකන් ම කතාබහකට වඩා විරුද්ධ මතයක් දරන මනුස්සයාට කිසිම විධියකින් ගරු නොකර නිකන් ගේම ඉල්ලන සයිස් එකෙන් තමන්ගේ පක්ෂය දිනවලා ඉවරයි. බබාලා හම්බවෙන්න කලින් උප්පැන්න හදනවා කියන්නේ මේකට.
4. ගමේ එක්කෙනා තරහා කරගෙන බෑනේ

Source – tribune.co.pk
ගමේ ගැට්ට නිසා පක්ෂ පාට බලන්නේ නැතුව එක පුද්ගලයෙකු වෙනුවෙන් එයා නියෝජනය කරන පක්ෂෙට කතිරය ගැහුවා. ඒක හොඳ වගේ ම නරක වෙන්නත් පුළුවන්. කිසිම දැක්මක් නැති කෙනෙකුත් ගම ගැන හොඳ අවබෝධයක් සහ දේශපාලන දැනුමක් තියන මනුස්සයෙකුත් එළිබහින්න මේ ගමේ ගැට්ට වැදගත් වෙනවා.
5. රට වෙනුවෙන් කතිරේ ගැහුවේ

Source – usaidcompact.com
ලංකාවේ මෑත කාලේ වෙච්ච ලොකු පෙරළියක් මේක. ඒ වගේම හරිම සාධනීයයි. ඉස්සර පක්ෂ බදන් හිටපු අයත් පක්ෂෙට නැතුව වැඩ කරන මිනිහට කතිරේ ගහලා රට ගැන හැඟීමෙන් කටයුතු කරන්න පටන් අරගෙන. මිනිස්සුන්ට තමන්ගේ ඡන්ද බලය ගැන විශ්වාසයක් දැන් තියෙනවා. එහෙන් මෙහෙන් ඔලු කුරුවල් කරවන කතන්දර ඇහුණත් ඡන්දය භාවිත කිරීම බුද්ධිමත්ව කරන්න ලංකාවේ මිනිස්සු දැන් දන්නවා.
6. තොපිලට කරයි දැන්

Source – srilankamirror.com
ඡන්දෙත් ඉවරයි. ප්‍රතිඵලත් ඇවිල්ලා. දිනපු පක්ෂේ ඈයොන්ට පැරදුණ පක්ෂෙන් කියන සාම්ප්‍රදායික වාක්‍යයක් මේක. මේකේ සාම්ප්‍රදායික ගතිය කොච්චර වැඩි ද ලියනවා නම් ගණන් ගන්න තරම් දෙයකුත් නෙවෙයි. මොකද දේශපාලනඥයෝ දන්නවා දැන් රටේ ඉන්නේ රට එළුවෝ නෙවෙයි වැඩ කරේ නැත්තම් අපිව දොට්ට දාන සයිස් එකේ මිනිස්සු කියලා. ඒ නිසා කවුරු හරි හීන් නූලෙන් මෙහෙම හින්ට් පාස් කරනකොට “අනිවාර්‍යයෙන් ම කරන්න වෙනවා” කියලා කිව්වම ඇති.
7. මරාගන්නේ නැතුව ඉඳහල්ලා

Source – clipartworld.com
මළ ගෙදරට මගුල් ගෙදරට උදව් කරන්න ඉන්න උන් එක්ක දේශපාලන පක්ෂයක් නිසා බැනගන්න යන්න එපා කියලා සුජාත දේශපාලන ඔවදන් ඕසෙට අහන්න පුළුවන්. මේක යම් තාක් දුරට ඇත්ත. ඒත් අර කවුදෝ කිව්වා වගේ දහසක් මත ගැටුණොත් තමයි දහසක් මල් පිපෙන්නේ. මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී කියන රජයේ තමන්ගේ දේශපාලන මතය වෙනුවෙන් වචන දෙක තුනක් කියන්න බැරි නම් ඉඳලා වැඩකුත් නෑනේ.
Cover Image Source – roar.lk / flickr.com / gossiplankanews.com / freepik.com
Leave a Reply