තාක්ෂණය මගින් වෙනස් කරන අනාගත සංග්‍රාමවල හැඩය

Use of technology for wars

යුද්ධ යනු විනාශකාරී යෙදීමක් වුවද යුද්ධ මගින් අපේ ලෝකය වෙනස් කරන ලදී. හිරු නොබසින අධිරාජ්‍යය ලෙස ලොව සෑම දෙසකම අධිරාජ්‍යයන් පවත්වාගෙන මහාබ්‍රිතාන්‍ය ඇතුළු යටත්විජිත සහිත යුරෝපීය ධනවත් රටවලට සිය යටත් විජිතයන්ට දේශපාලනික නිදහස ලබාදෙන්නට සිදුවූයේ දෙවන ලෝක යුද්ධය නිසාය. සීතලයුද්ධ කාලයේදී සෝවියට් දේශය අතර ඇති වූ අභ්‍යාවකාශ තරගය හේතුවෙන් අභ්‍යාවකාශය ජයගෙන සඳට මිනිසෙකුෙග් පාසටහන් තබන්නටද හැකිවිය. දෙවන ලෝක යුද්ධයෙන් පමණක් මිලියන 60 ලෝක ජනගහනයක් හෙවත් එවකට ලෝක ජනගහනයෙන් සියයට 3ක් ලොවෙන් තුරන් වුණි. යුද්ධය බිහිසුණු අත්දැකීමකි. එහි කිසිදු විවාදයක් නොමැත. යුද්ධයක් ඇතිවූ කල පවතින තාක්ෂණයන් හමුදාවෝ අතින් දියුණුවට පත් වන අතර හමුදාවන් භාවිතා කර දියුණු කල තාක්ෂණික අංග පසුකාලීනව සාමාන්‍ය ජනයාට වඩාත් වැදගත් යෙදවුම් පිණිස යොදාගනු ලැබේ.

 

1. ඩ්‍රෝන යානා

Use of technology for wars

Source – storiesbywilliams.com

සබ්මැරීන, යුද්ධ ටැංකි, සහ ගුවන් යානා මගින් දෙවන මහා ලෝක සංග්‍රාමය වඩාත් බිහිසුණු එකක් බවට පත් කළේය. ඩ්‍රෝන යානාද විසිවන ශතවර්ෂයේ අගභාගයේදීත් යුද්ධ කටයුතු පිණිස ඊශ්‍රායලය ඇතුළු රටවල් විසින් භාවිතා කළ ද පසුගිය වර්ෂ කිහිපයේදී ඩ්‍රෝන තාක්ෂණය විශේෂ ඉදිරි පිම්මක් අත්පත් කරගෙන සිටී. ඒ හරහා සාමාන්‍ය කාලගුණ දත්ත ලබාගැනීම, ගුවන් සේයාරූ ලබාගැනීම ආදී කටයුතු වලට ඩ්‍රෝන වර්තමානයේ යොදාගනු ලැබේ. ඉදිරි කාලයේදී මිනිසුන් රහිතව හෙලිකොප්ටරයකටත් වඩා අඩුමිලයකින් නිපදවිය හැකි ඩ්‍රෝන යානා යුද්ධබිම් වල සැරිසරනු ඇත. එමගින් සතුරු ඉලක්ක කරා ලඟා වී ඒවායේ ඔත්තු බැලීම මෙන්ම ප්‍රහාර දියත් කිරීම බෝම්බ හෙලීම වැනි කටයුතු සඳහාද මිනිසුන් රහිත ඩ්‍රෝන යානා භාවිතා වෙනු ඇත.

 

2. සිතියම්කරණ දත්ත

Use of technology for wars

Source – gtricks.com

ගූගල් මැප්ස් යන පොදු යෙදවුම හරහා සැටලයිට් මගින් සහ ගූගල් ස්ට්‍රිට් වීව් ආශ්‍රයෙන් ගත් දත්ත ආධාරයෙන් අපගේ නිවස අහසින්ද, නිවසට එන මාර්ගය ස්ට්‍රිට් වීව් හරහාද දැකගන්නට අවකාශ ලැබී තිබේ. ගූගල් මැප් යන පොදු යෙදුම එසේ සාර්ථක නම් සිතියම්කරණය පිණිස යුද්ධමය කාර්යයන්ට යොදාගන්නා චන්ද්‍රිකා ඔත්තු බැලීම් සේවාවන් වලින් වඩාත් සාර්ථක සිතියම් දත්ත අදවනවිට යොදාගන්නවා ඇත. එතුලින් සතුරු ඉලක්ක හඳුනාගැනිම හා ඒවා කරා ලඟාවීමට ඇති මාර්ග පහසුවෙන් ම සොයාගත හැකිය.

 

3. හැකිං ප්‍රහාර

Use of technology for wars

Source – cnn.com

ලොව සෑම ප්‍රබල රටකම පාහේ රාජ්‍ය බුද්ධ අංශයට අනුබද්ධ රාජ්‍ය බුද්ධි තොරතුරු සේවාවක් පවතී. මේ හරහා තමුනගේ රට තුල සිදුවන යම් යම් කාරණා නිරීක්ෂණය කිරීම් මෙන්ම විදෙස් රටවල් ගැනද නිරීක්ෂණයන් සිදුකරනු ලැබේ. එඩ්වඩ් ස්නෝඩන් විසින් හෙලිදරව් කර තිබූ පරිදි ඇමරිකානු සාමාන්‍ය ජනයා ගැන විස්තර සෙවීම සඳහා ද ජාතික වශයෙන් ස්ථාපනය කරන ලද ඒකකයක් තිබී ඇත. 2017 වර්ෂයේ යුක්‍රේනයේ රාජ්‍යදේහයේ මූල්‍ය ක්ෂේත්‍රය දෙදරවාලන්නට සයිබර් ප්‍රහාරයක් එල්ල විය. කිම් ජොං අන් ගැන වූ චිත්‍රපටයක් නිකුත් කළ නිසා දෝ හෝ සෝනි සමාගමට උතරු කොරියාවෙන් සයිබර් ප්‍රහාරයක් එල්ල විය. මේ ආකාරයේ හැකිං ප්‍රහාර මගින් වර්තමානයේ සංකීර්ණව සන්නිවේදනයෙන් එකිනෙකා බැඳී ඇති බැමි සිඳී යෑමෙන් ලොවටම දරුණු ප්‍රතිඵල අත්විය හැකිය.

උදාහරණ ලෙස ගුවන් යානා පාලනය කිරීම, මූල්‍ය වෙලඳපොල පාලනය කිරීම, විදුලිබල පද්ධති, රථවාහන පාලනය, ආරක්ෂක සේවාවන් ආදී එකී මෙකී නොකී සෑම සේවාවක්ම පාහේ අද පරිගණක ජාල හරහා කෙරේ එවන් වටපිටාවක අනාගතයේ සයිබර් ඇටෑක් යනු සාමාන්‍ය ජීවිතය අඩපන කරන රටක පාලනය එහෙම් පිටින්ම බිඳ වට්ටන මහා ක්‍රමෝපායකි. මීළඟට ඇතිවිය හැකි යුද්ධ සහ යුද්ධයට තුඩුදෙන මතිමතාන්තර වලදී සයිබර් ඇටෑක් යනු බහුල කොටම යෙදෙන වදනක් විය හැකිය.

 

4. පරාමාණුක සහ හයිඩ්‍රජන් බෝම්බ

 

පරමාණුක තාක්ෂණය ගැන කියද්දී අනාගතයේ පරමාණුක අවි තිබෙන අයගෙන් අපිට බියවීමට තිබෙන්නේ උතුරු කොරියාව සහ ඉරානයෙන් පමණක් නොවේ. අනෙක් පරමාණුක රටවල් වලට වඩා සාපෙක්ෂව දුප්පත් නිතර එකිනෙකා කුලල් කාගන්නට මාන බලන ඉන්දියාව සහ පාකිස්තානයද පරමාණුක අවි සහිත ජාතින්  දෙකකි. මේ දෙපල අතර යම් විශාල මට්ටමේ ගැටුමක් ඇතිවුවහොත් එහි බලපෑම ඉන්දියාවට යාබද රටවන ලංකාවේ අපිටත් යම් තරමකින් හෝ බලපානු ඇත. පරමාණුක බලය යනු සැබැවින්ම ජීවය නසන මහා අවියක් විනා එය ඉලක්කගත අවියක් නොවේ. දෙවන ලෝක යුද්ධයේදී ජපානයට බෝම්බ හෙලීමෙන් හිරෝෂිමා නාගසාකි හි සාමාන්‍ය ජනයා බුරුතු පිටින් මියැදෙන්නට විය.

 

5. අධිතාක්ෂණික අවි

Use of technology for wars

Source – youtube.com

අද අපි භාවිතා කරන ස්මාට්ෆෝනය මීට වසර 10කට පෙර සාමාන්‍ය නිවසක භාවිතා කරන ලද පරිගණකයකටත් වඩා පරිගණක බලයෙන් අනූන එකකි. එනම් තාක්ෂණය මගින් බලයෙන් වැඩි එහෙත් කුඩා තාක්ෂණික උපාංග වඩ වඩාත් බලාත්මක කරමින් පවතී. අනාගතයේ මෙම කුඩා උපාංග යුද්ධ බිම් වල ඇති කටුක පරිසරයට සරිලන ලෙසින් නිමවී යුද්ධ සඳහාද දායක වෙනු ඇත. දැනටම මනුෂ්‍යයින් රහිතව රොබෝ වැනි යන්ත්‍රානුසාරයෙන් යුද්ධ කටයුතු කරන තාක්ෂණයන් රුසියාව, ඊශ්‍රායලය, ඇමරිකාව වැනි යුද්ධ තාක්ෂණ අතින් දියුණු රටවල් විසින් අත්හදා බලමින් පවතී. මනුෂ්‍යයන් රහිත හෝ අඩු ගැජට්ස් හමුදාවෝ මනුෂ්‍ය හමුදාවකට අභියෝගයකි. එහෙත් එවැනි රොබෝ හමුදාවකට හමුවන්නේ තවත් රොබෝ හමුදාවක් නම්? එතැනදී සිදුවන්නේ හොලිවුඩ් චිත්‍රපටිවල මෙන් රොබෝ යන්ත්‍ර සහ එවන් වූ  තාක්ෂණික උපාංග අතර ගැටුමකි.

 

6. යුද්ධයෙහි හැඩය

Use of technology for wars

Source – independent.co.uk / wordpress.com

සයිබර් යුද්ධය, ඩ්‍රෝන යුද්ධය, අධිතාක්ෂණික අවි යුද්ධය ආදී විවිධ ආකාරයේ යුද්ධ උපක්‍රම හේතුවෙන් අනාගතයේ බැටල්ෆ්ල්ඩ් යනුවෙන් අභීමානයෙන් හඳුන්වන යුද්ධබිමේ හැඩය පවා වෙනස් විය හැකිය. නවසිය 60-70 දශක වල සිට කාලාන්තරයක් යන තෙක් රම්බෝ ආදි ලෙස විශාල මැෂීන් ගන් වැනි අවි ආයුද දරා සතුරන් සිය ගණන් එක පෙළට මරුමුවට පත් කරන හොලිවුඩ් වීර චිත්‍රපට වෙනුවට මෙම කාලයේ වැඩිපුර පැමිණෙන්නේ තාක්ෂණය මූලික කොටගෙන එකිනෙකා අතර යුද්ධ වදින චිත්‍රපටයන් ය. එනම් යුද්ධ භූමිය කෙමෙන් කෙමෙන් තාක්ෂණය  විසින් වෙනස් කිරීමේ ප්‍රතිඵලය යුද්ධ සිනමාවටද දැන් දැන් කඩාවදිමින් තිබේ. අනාගතයේදී යුද්ධ බිම සෙබලා ආරෝහ පරිණාහ දේහයෙන් සවිමත් කිලෝ ගණන් බරැති අවි ආයුධ කරේ ඔඩොක්කුවේ දාගෙන යන ඇඟේ හයියෙන් වැඩ දෙන විශාල චරිතයකට වඩා බර අඩු කුඩා අවි ආයුධ වලින් වැඩගන්නා බුද්ධියෙන් වැඩ ගන්නා චරිතයක් වෙනු ඇත.

 
Cover Image Source – 1zoom.net / youtube.com / warmovieblog.com
 

zvr
Your Reaction

Comments