ශ්‍රී ලංකන් ක්‍රිකට් ෆෑන්ස්ලා වර්ග හතක්

SL Cric Fans

හරි ලංකාව මේ වෙද්දි ක්‍රිකට්වල ටිකක් විතර අජපල් මූඩ් එහෙක තමයි යන්නෙ. ඒ නිසා අපි දැන් නේපාලෙට ගැහුවත් ආචාර වෙඩිමුර වදින ‍සීන් එකක තමයි රටක් විදියට ඉන්නෙ. අපිත් ඉතිං ඒ ගැන විලි ලැජ්ජා නැතුව ආඩම්බර වෙනවා. සාමාන්‍යයෙන් ලංකාවෙ ක්‍රිකට් ගැන කතා කරනකොට අර්ජුන, සනත්, අරවින්ද, මුරලි, සංගා, මහේල වගේ බුවාස්ලා අතරේ කියැවෙන තවත් නමක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකන් ෆෑන්ස්. කතාවෙ හැටියටනං ඉස්සර හිටියේ බාලිකා පාසලකින් කාලා ආවත් මල්මාල දාන ෆෑන්ස්ලා ටිකක් වුනාට මේ වෙද්දි ඒ අය ටිකක් විතර කැටගරයිස්ඩ් වෙලා. අන්න ඒ නිසායි ඒ කැටගරි ටික මෙහෙම දාන්නෙ.

 

1. ඩයි‍හාඩ්

SL Cric Fans

Source – playbuzz.com

ඔන්න ඉතිං මේ අය තමයි අඩුම. මැච් එකේ ෆැක්ට්ස් බලලා, ප්‍රීවීවු එකක් අරගෙන, ඒ ප්‍රීවිවු එක වරදිද්දි පවා තමුන්ගෙ ටීම් එක ඩිෆෙන්ඩ් කරලා, තමුන්ගෙ කණ්ඩායමේ අනාගතය ගැන හිතලා සතුටු වෙලා, අතීතකාමය ගැන කල්පනා කරලා සතුටු වෙලා, කිසිම මැච් එකක් මග නොහැර, හැකි හැම මොහොතක්ම ෆුල් පොසිටිවු විදියට දකින, පුංචි හතරකිනුත් වර්ල්ඩ් කප් සතුටක් විඳින බුවෙක්.

 

2. දිනන දාට

SL Cric Fans

Source – indiantimes.com

මේ අයනං ඉන්නව ඇති පදං. දිනනකොට ඉතිං ෆුල් භක්තිය. කන්න තියෙන බත් එක දීලා, ගෙදර පහනට දාන තෙල් දාලා කකුල් මසාජ් කරන්න තරං වුනත් භක්තියකින් තමයි ඉන්නෙ. හැබැයි පැරදුනාම තමයි බලන්න ඕන. ලිප්ස්ටික් තලියක් එක්ක මිනිහා ගෙදර ආවම ගෑනි පරල වුණා වගේ තමයි. හැබැයි ඉතිං ආයෙ හෙට සාරියක් අරගෙන බලන්න ආවනං ඇති බදාගෙන වටේ නටන්න.

 

3. නන්දිවීර

SL Cric Fans

Source – skysports.com

කාලා ඉන්න බැරි මේ වගේ උන් ඉද්දි තමයි. ඒ අයට දෙන්න ඕන ඒ අයගෙ පොර ටෝක්. අද හුලං තියෙන්නෙ වමට නිසා දකුණෙන් ගහන උන්ට වාසියි. කියල පොර විශ්ලේෂණය කරනවා. පොරට කලින් බෝලිං ටීම් එකේ උනුත් ඕක හොයාගන්න නිසා පොර නම් සඳහන් කරන බුවාලගෙන් විශේෂයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔන්න ඉතිං පරල වෙනවා. මේ ගෲප් එකට මේ නම දැම්මෙත් එහෙම අංකල් කෙනෙක් විශේෂඥ විස්තර විචාරකයෙක් විදියට කාලාන්තරයක් තිස්සෙ අපේ ක්‍රිකට් ෆෑන්ස්ලගෙ මොළ කන නිසා තමයි.

 

4. චවුචවු

SL Cric Fans

Source – bi.com

ආ‍පෝ ඕක හරියන්නෙ නෑ කියල ගත්තු කටටම කියන ඩයල් එකක් මේ කියන ෆෑන් බේස් එක ඇතුළෙ ඉන්නව. කුසල් ජනිත් එකොළහ ඇතුළට දාලා නං දාපු එකට බයිනව. හලලා නං හලපු එකට බයිනව. ඉන්ජර්ඩ්නං කුසල්ට බනිනවා. පෆෝම් නොකළොත් නොකලට බයිනව. කළොත් ටීම් ගේම් එකේ අනිත් උන්ට චාන්ස් දුන්නෑ කියල බයිනවා. ඕකා ඉතිං නොබනින දවසක් නැති නිසා මැච් නැති දවසට ස්පෝට්ස් කැලැන්ඩරේ හදපු විදිය අවුල් කියල අමාත්‍යංසෙට හරි බනිනවා.

 

5. තූහ්

SL Cric Fans

Source – reuters.com

මේ ජාතියත් වාත ජාතියක්. හැමදාම හැම තැනදිම ක්‍රීඩකයො වැරදි. අරූට තියෙන්නෙ මොන්ටෙරෝ ස්පෝට්ස් එකක්, අපේ ඉස්සර ශූරයො ඔහොම සැප වින්දෙ නෑ. මුං බනිස් කන නිසයි කෙල වුනේ. අරූගෙ ගෑනිව රටවල් ගානෙ එක්ක ගියාම ඌට ක්‍රිකට් ගහන්න සිහියක් නෑ.

 

6. පාසල් ජීවිත

SL Cric Fans

Source – twitter.com

මේ විදියෙ අය කොයි ෆීල්ඩ් එකෙත් ඉන්නවා. තමුන්ගෙ ඉස්කෝලෙ ගායකයා හූවක් තිවුවත් රිඟින්ටෝන් එකට දාගන්න බුවාලා ඉන්නවා. එවගේම තමයි මේකෙ. ඔන්න ඉස්කෝලෙ එකා ටීම් එකට ගහනකංම ඇයි මේ අපේ එකාව නොගස්සන්නෙ, උට කැපිල්ල, මැනේජ්මන්ට් එක බයේ වගේ ටෝක්ස් දෙනව. ප්ලේස් දීලා කොල්ල ෆේල් වුනාම ඔහොම ආපු ගමං ගහන්න බෑ, අරූටත් බැරිවුනා, ඊට එහා එකාටත් බැරි වුණා, වැස්ස වැඩියි, පිච් එක අවුල්, අම්පයර් හොරා, ටීම් ප්ලේ නෑ වගේ ටෝක්ස් දෙනවා. ෆේල් නිසා කැපුවම ඔය දැන් කොලාද? ඇයි එහෙනං මූ ගහන්නෙ? අරූට දැන් සතුටු ඇති වගේ ටෝක්ස් දෙනවා. ඉතිං හැදෙන්නෙ නෑ මිත්‍රවරුණි. අපිට එහෙම අයට කියන්න තියෙන්නෙ 19න් පස්සෙ ඉස්කෝලෙන් අවුට් වෙන්න කියල විතරයි.

 

7. ලාන්තරස්

SL Cric Fans

Source – disney.com / playbuzz.com

මේ අය තමයි සාමකාමීම අය. මැච් හැමදාම බලනව. දුක් වෙන්නෙත් නෑ. මහා සතුටකුත් නෑ. කියවන්නෙත් නෑ.

 
Cover Image Source – cricinfo.com / bi.com/ time.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *