ත්‍රීවීල් අංකල් ටයිප්ස් 7ක්

Trishaw Drivers

බස් මගීන්, කෝච්චි මගීන්, පෞද්ගලික වාහන ඇත්තවුන් විදියට අපේ ප්‍රවාහන සේවා අනුව අපිව කොච්චර වෙන් වුනත් අපි හැමෝටම හදිස්සියට ඕනවෙන වාහනයක් තියෙනව. ඒ තමයි තෙසක්රිය. ඉතිං මේ තෙසක්රියේ රථාචාරී විශේෂය ‍නොහොත් ත්‍රීවීල් බුවාස්ලා එක එක විදිවලින් ඉන්නවා. මොකද ඒ අයත් මේ සමාජෙම මිනිස්සුනෙ. කොහොමින් කොහොමහරි මේ අයියලාව ඒ ඒ විදියට අපිට අඳුනගන්න පුළුවන් විදියට එයාලගෙ පබ්ලික් රිලේෂන්ස් සිස්ටම් එක වෙනස් වෙලා තියෙනවා.

 

1. කොහොමද පුතා?

Trishaw Drivers

Source – lapointcamps.com

මේ අංකල්ලා අහන්නෙ කතාකරන්නෙ ආගිය තොරතුරු. දේශපාලනික කතා, රටතොට විස්තර, මැච් එකේ කතා වගේ දේවල් තමයි එයාලා එක්ක කතා කරන්න වෙන්නෙ. හැබැයි ඉතිං මේ වෙලාවට අපිටත් ඩිප්ලොමැටික් විදියට උත්තර දෙන්න වෙනවා. මොකද ඔය දේශපාලනික කේස් කතා කරද්දි මේ අය මොන මොන පක්ෂෙ මත ඔලුවෙ දරාගෙන ඉන්නවද අපි දන්නෙ නැහැනෙ.

 

2. සයිලන්ට් ට්‍රීට්මන්ට්

Trishaw Drivers

Source – travelmesrilanka.com

හප්පේ මෙහෙම ඩ්‍රයිවර් අයියලාවනම් හොයාගන්නම අමාරු වුනත් ඉඳලා හිටලා මෙහෙම අයත් නැතුවම නෙමෙයි. මේ අය ඉතිං හෙන ගැහිලා ගියත්, පිටිපස්සෙ යන අපි පපුවෙ අමාරුවක් හැදිලා මැරෙන්න දැඟලුවත් කතා කරන ඩයල් නෙමෙයි. මෙහෙම අය තමයි ඉන්න ඕන. ඒ වුනත් අපිට මේ අය එක්ක ටිකක් යන්න අපහසුතාවයක් දැනෙන්නේ අපි මේ රටේ සාම්ප්‍රදායික ටුක් ටුක් අයියලාට හුරු වෙලා නිසායි.

 

3. සින්දු

 

Source – youtube.com

මේ අයියලත් ඉතිං ටිකක් විතර අවුල්. අපි වාඩි වෙන්නෙම එයාල‍ගෙ සබ්වූෆර්, බෆල් හෝ ස්පීකර් උඩ. වාඩි වෙලා යන තැන කියපු ගමන්ම එයාලා දානව සින්දුව කෙලින්ම සද්දෙ පස්සෙන් ඇතුළු වෙලා කන්වලින් පිටවෙන්න. ඉතිං එතනින් එහාට අපි මොනව කතා කළත් එයාලා මොනව කතා කළත් රූපවාහිනියේ ශ්‍රවනාබාධිත පුවත් අහනව වගේ අත පය හෙලවෙනවා විතරයි පේන්නෙ.

 

4. ෆෝන්

Trishaw Drivers

Source – digitaltrends.com

මේ විදියෙ අයියල එක්ක ගමනක් බිමනක් යන එක තමයි භයානකම. මොකද මෙයාලා කොයි වෙලෙත් යන්නෙ ෆෝන් එකේම එල්ලිලා. සමහර වෙලාවට වයිෆ් එක්ක වලියක්. නැත්තං ළමයින්ව නළවනවා. එහෙමත් නැත්තං වෙනිං හයර් එකක් ගැන කතාවක්.‍ කොහොම වුනත් එයාලගේ ෆෝන් එකනං බිමට වැටෙන්නෙම නෑ.

 

5. පැත්තෙ කතා

Trishaw Drivers

Source – youtube.com

මේ අයියලත් අපි ඉස්සල්ලා කිවුව ඕපාදූප අයියලම තමයි. හැබැයි මෙයාලා කතාකරන්නෙ රට තොට විස්තර නෙමෙයි. මෙයාලා කියන්නෙ ප්‍රාදේශීය පුවත්. ඒ කියන්නෙ ඔයාලා දැන් යන එන පළාතේ දේශගුණික තොරතුරු, අලුත්ම පොකට් ගැසීම, ඉස්සරහින් යන ඩ්‍රයිවර්ගේ වැරදි වගේ දේවල් තමයි මෙයාලා කියන්නෙ.

 

6. පෞද්ගලික තොරතුරු

Trishaw Drivers

Source – simplediscoveries.com

ඔන්න ඔය අතරෙ මේ වගේ එපාම කරපු ඩයල්ස් ඉන්නවා. ඒ අය අහන්නෙ ගෙදර කීදෙනෙක් ඉන්නවද? මාසෙකට කන්න කීයක් යනවද? රෑ කීයටද ගෙදර එන්නෙ? කීයටද නිදාගන්නෙ? හොඳට නින්ද යනවද? මීටකලින් හොරු ගෙදරට පැනලා තියෙනවද? කීයක් පඩි ගන්නවද? වගේ දේවල්. ඇහුවම කියන්න බය හිතෙන දේවල් සහ වෙනිං කවුරුවත් නොඅහන දේවල්.

 

7. ජීවන උපදෙස්

Trishaw Drivers

Source – wikimedia commons

මේ විදියෙ ත්‍රීවීල් අංකල්ලා හොඳ වුනාට යම් තරමක වදයක්. පුතා දැන් ඉස්සරහට මොකද කරන්නෙ. අම්මලට බරක් වෙලා ඉන්නද කල්පනාව. ඇයි කොම්පැනියකට බරක් වෙන්නැත්තෙ. එහෙමත් නැත්තං හොඳට සල්ලි ‍තියෙන කෙල්ලෙකුට බරක් වෙන්නැත්තෙ. මම දන්න කෙල්ලෙක් ඉන්නව පුතාට හරියන විදියෙ. මම ඕනනං එන්නං අම්මලව හම්බෙන්න. මේ වගේ තත්තවෙකට ආවම අංකල්ගෙ මූන පුරවලා දමලා අරන්න හිතෙන නිසා මුල ඉඳන්ම සද්ද නැතුව ඉන්න.

 
Cover Image Source – srilanka.org
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *