තාරුණ්‍යය කියන්නේ රටක ජීවනාලිය කියලයි හඳුන්වන්නේ. විශේෂයෙන්ම අලුත් අදහස්, අලුත් මත නිමවෙන්නේ තරුණ තරුණියන්ගේ මොළ ගෙඩි ඇතුලේ. ඒ වගේම මේ මොළ ගෙඩි වලට අද රැකියා ලෝකයේ ඉහල වටිනාකමක් හිමිවෙලා තියෙනවා. ඒ හන්දා තරුණ අපි දකින රැකියා හීන තවදුරටත් හීනයක් නොවෙයි. ඒ ගමන යන්න ඕන කොහොමද කියල කියන කුඩා ගමන් විස්තරයක් මේ. සාමාන්‍ය පෙළ ඉවරවෙලා උසස් පෙළ කරන්න ඉන්න සිසුන්ටත්, උසස් පෙළ ඉවර වෙලා ප්‍රතිඵලය අතේ තියාගෙන ඉදිරි ගමන මොකක්ද කියල හිත හිත ඉන්න යෞවනයින්ටත් මේ ලිපිය ප්‍රයෝජනවත් වේවි.
1. ඉලක්කයක්

Source – booksbinder.com
ඉලක්කය, අරමුණ කියන්නේ ඕනෑම කෙනෙක්ට ජීවිතේට වැදගත් දෙයක්. ඉලක්කයක් නෑ කියන්නේ ගමනකනම් ගමනාන්තය කොහෙද කියල තමන් දන්නේ නෑ වගේ දෙයක්. ඉතින් ඔබ ඔබේ ඉලක්කය මුලින් හඳුනාගන්න. රැකියා හීනයේ ප්‍රධාන ඉලක්කය කුමක්ද? අතුරු ඉලක්ක මොනවද? ඔබට මූලිකවම වැදගත් වෙන්නේ මේ ඉලක්කය කියන එක. ඒ වගේම ඒ ඉලක්කය හඳුනගනිද්දී ඔබ හිතන්න ඕන දේ තමයි ඔබේ තියෙන සුදුසුකම් එක්ක ඉලක්කය සපුරා ගන්න පුලුවන්ද කියන එක. ඒ වගේම ඒ ඉලක්කය වෙත යන්න ඔබට යම් මුදලක් වැය වෙනවනම් ඒ මුදල ඔබට දරා ගන්න පුලුවන්ද කියන එකත් ඔබට හිතන්නම වෙනවා.
2. මාර්ගය තිතට හඳුනාගන්න

Source – leejessup.com
ඔන්න දැන් ගමනාන්තය හරි. දැන් තියෙන්නේ හරි පාර හොයාගන්න එක. හරිම පාර හොයාගන්න එකත් ලේසි නෑ. මොකද අධ්‍යාපනය වෙනුවෙන් අපිට යොමුවෙන්න තියෙන හැම ආයතනයක්ම කියන්නේ අපි තමයි හොඳම කියලනේ. ඉතින් එක පාර හරිම පාර හොයාගන්න අමාරුයි. ඒකට ටික කාලයක් ගන්න. ඒ කාලය තුල ඔබේ සිහින රැකියාවේ නියැලෙන අයගෙන්, විවිධ අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබන ඔබේ මිතුරන්ගෙන් විතරක් නෙමෙයි ඔබ දන්නා කියන මේ ගැන ප්‍රවීණයන්ගෙන් අහන්න ඔබේ හීනයට යන්න ගැලපෙනම මාවත මොකක්ද කියලා. ඔවුන් දෙන පිලිතුරුත් එක්ක කිරලා මැනලා මාවතක් තෝරගන්න. ඉක්මණට, නිවැරදිම තැනට යන්න පුළුවන් ඒ වගේම දරන්න පුළුවන් වියදමක් වැයවෙන පාරක් තෝරාගන්න.
3. ධෛර්යය, අධිෂ්ඨානය

Source – everydayinterviewtips.com
මේවා හැම කෙනාගේම ජීවිතේට අවශ්‍ය වන දේවල්. නමුත් ඉලක්කයක් කරා යන කෙනෙක්ට අත්‍යවශ්‍යම ගුණාංග විදිහට මේවා හඳුන්වන්න පුළුවන්. ඔබේ ඉලක්කය කරා යන තෙක්ම ඒ ඉලක්කය කෙරෙහි ඔබ තුල තියෙන අධිෂ්ඨානය තියාගන්න. ඔබේ හිතේ තියෙන ධෛර්යයත් ඊට එකතු කරලා ඒ කාලය ඒ වෙනුවෙන් කැප කරන්න.
4. බාහිර සාධක වලින් එන බලපෑම්

Source – fthmb.tqn.com
බාහිර සාධක කියන්නේ මොනවද? සමහරවිට ඔබේම අම්මා තාත්තා වෙන්න පුළුවන්. ඔබේ පෙම්වතිය, පෙම්වතා වෙන්න පුළුවන්. ඔවුන් ඔබ යන ගමනට අකමැති වෙන්න පුළුවන්. විවිධ තහංචි දාන්න පුළුවන්. ඒ වගේ වෙලාවට හොඳම මුලික පියවර තමයි ඔබට තියෙන අරමුණ පිළිබඳව නිරවුල්ව ඔවුන්ට පහදා දීම. ඔබේ කැමැත්ත කලා අංශයටනම් ඔබට ඉංජිනේරුවෙක් වෙන්න කියල බලපෑම් කරන එකේ තෙරුමක් නෑ. එක එක අයගේ අරමුණු, හැකියාවන් එකිනෙකට වෙනස්. එය ඔවුන්ට කියා දෙන්න. ඔවුන් එය නොතේරුම් ගත්තත් පසුව ඔබ ආ ගමන නිවැරදි බව ඔවුනුත් පිළිගනීවි.
5. කෙටි හොර ක්‍රම

Source – businesswomanmedia.com
ඔබ ගමනාන්තය දන්නවනම් ඒ ගමනාන්තයට යන්න කෙටි ක්‍රම පාවිච්චි කරන්න එපා. කෙටි ක්‍රම කියන්නේ මෙහෙමයි. ඔබ දන්නවනේ අධ්‍යාපන ආයතන වල, පුහුණු ආයතන වල විභාග වංචා කරන්න, ලොක්කන්ට ගොටු අල්ලලා උඩින් පාස් වෙන්න විවිධ අය උත්සාහ ගන්න අවස්ථා අනන්තයි. එවැනි හොර වැඩ වලින් පෙන්නන්නේ ඒවා කරන්නාගේ තියෙන හැදියාවක්, හික්මීමක් නැති කම. ඉතින් තමන්ට හීනයක් තියෙනවනම්, ඒ වෙනුවෙන් යන්න මාර්ගයක් තියෙනවනම්, හිතේ ධෛර්යයක් තියෙනවනම්, නිවැරදිව වැඩ කරනවානම් කෙටි ක්‍රම වලින් උඩ යන්නේ මොකටද?
6. ඔබ ඔබ වන්න

Source – kamalaya.com
ඕනෑම තැනකදී අධ්‍යාපනය ලබද්දී, පුහුණු වෙද්දී ඔබ ඔබේ අනන්‍යතාවය තියාගන්න. විෂය නිර්දේශයක් ඉගෙන ගන්නවා, ගුරුවරු කියන දේ ඉගෙන ගන්නවා කියන සම්ප්‍රදායික බවෙන් මිදිලා ඊට එහා ගිහින් ඔබම හිතන්න. අලුතින් හිතන්න. ඉගෙන ගන්න දේවල් ප්‍රශ්න කරන්න. ඉගෙන ගත්ත දේ හිඩැසක් තිබුනොත් අන්තර්ජාලය, පොත පත පීරලා හරි ඒ හිඩැස පුරවගන්න.
7. සමාජයීය මිනිසෙක් වන්න

Source – trumarkhomes.com
ඔබ ඉගෙන ගනිද්දී, යම් පුහුණුවක් ලබද්දී විතරක් නෙමෙයි රැකියාවක් කරද්දී උනත් සමාජයීය මිනිහෙක් වෙන්න අමතක කරන්න එපා. යාලුවෝ, නෑදෑයෝ සහ සමාජයේ එදිනෙදා හමුවෙන මිනිස්සු ආශ්‍රය කරන්න. ඒ ලබන සමාජීය අධ්‍යාපනය හැම ඉගෙනීමකටම වඩා වටිනවා. මිනී මරන වෛද්‍යවරු, ඉංජිනේරුවරු බිහිවෙන්නේ ඒ කියන සමාජයීය අධ්‍යාපනය නොමැති වීම නිසා. ඉතින් හැම දේම ඉගෙන ගෙන තමන්ගේ හීන රැකියාව කරා යන අතරේ ටිකක් සමාජයටත් බහින්න.
ඉතින් මේ ක්‍රම අනුගමනය කළොත් ඔබේ සිහින රැකියාව තවදුරටත් සිහිනයක්නම් නොවේවි. ලිපිය කියවලා යාලුවන්ටත් පෙන්න ලිපිය Share කරමුද එහෙනම්.
Cover Image Source – bapu graphics
Leave a Reply