කට්ටිය බොහෝමයක් පිළිගන්න පැකිලෙන කතාවක් තමයි මේ කියන්න යන්නෙ. මේ කතාවෙ තියෙන දෝමනස්සයන් ඔබේ හිතට දැණුනට පස්සෙ ඒ තැවුනු හදින්ම ඔබේ අවංක අදහස විමසා බලන්න. ඔබටත් ඒ ඒ විශේෂතා ප්රමුඛ කර මාකට් වෙන දින වෙනුවෙන් වෙන් කළ පුරුදු ගොන්නක් තිබෙනවාද? එසේනම් රිදෙන සිතෙන් වුව මෙම සටහන කියවන්න.
1. පෝය බිත්තරේ
අපේ කතාව පටන්ගන්නෙ සුලබම සිද්ධියකින්. සාමාන්‍යයෙන් බිත්තර මස් මාළු කන බොහෝ බෞද්ධ නිවෙස් තුළ පොහොය දිනයට ෆාම් බිත්තර නොකඩන පුරුද්දක් ඇති බව කුස්සියට අවධානය දුන්නොත් ඔබට තේරුම්ගන්න පුළුවන්. පළමු දේ පාපය පොහොයට පමණයිද? පුරහඳ අනුව පින් පවු වෙනස් වෙනවාද? දෙවැන්න ෆාම් බිත්තරයක නැතිවන්නට ජීවයක් තිබෙනවාද? පොහොය දිනය නොකපන කරවල කෑල්ල මියගොස් කොපමණ කාලයක් දැඩි අවුකාෂ්ඨකයේ දැවුනු වතක්ද? පොහොයට අකැප වන්නේ ආහාරයද? සැකසීමද? මැරීමද?
2. නත්තල් ප්‍රේමය
මේ සැරේ අපිට වුනත් නත්තල් කියල ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඒක CSR ප්‍රොෙජක්ට් එකක් විදියට පෙන්නලා ඕනම කෙනෙකුට ඒකෙ පානෙන් ටැක්ස් පාලායෑමේ සුබ සිහිනය දකින්න පුළුවන්. නමුත් එයට දායක වන ඔබේ නත්තල් ප්‍රේමය අසරණ මිනිසුන් කෙරෙහි දැවටෙන්නේ නත්තල් කාලයට පමණක් නම් ඒ ආදරයේ මහිමය කුමක්ද? ඔබ තුළ අසරණයින් වෙනුවෙන් වෙන් කරන්නට වැඩිපුරම මුදල් ගැවසෙන්නේ ඔබට වැඩිම වියදම් ඇති කාලයේද? ඒ ඔබව පොළඹවනු ලැබූ දෙයක් මිස අනෙකක් නොවේ. අසරණයෙකුට උදවු කරන්නට ඔබට හැකි ඕනෑම අවස්ථාවක් යොදාගන්න. එය ඔවුන්ට සැබෑ නත්තල වනු ඇත.
3. අවුරුද්දට සෙල්ලං
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මහා මංගල්ලයන් සිදුවෙයි. ගම් රෙන්ට් කර, වෙනදට කොට්ට අඳින ප්‍රසන්ටර් බෝල විසින් බෝරිච්චි හැට්ට ඇඳලා, ඇට මාල පොඩ්ඩ බැඳලා, කම්බාය වටොර හැඩලා යන උජාරු නලවාලා බලං ඉන්න එකට අපි අවුරුදු යැයි කියමු. ප්රශ්නය ඇත්තේ එහි නොවේ. අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙන් කෙරෙන බොහෝ දේ අපට අවුරුද්දක් පුරා ආශ්වාදනය කළ හැකි දේ බව ඔබ නොපිලිගන්නේද? කැවුම්, ඔංචිලි, ආස්මී, ගී සුරල්, කැට දිස්න දෙන්නේ අවුරුද්දට පමණක් නොවේ.
4. වැලන්ටයින් රෝසේ
ලඟලඟම අපිට දැනෙන සුවඳක් තමයි වැලන්ටයින් සුවඳ. ඔබේ සිත කැමති යුවතියගෙන් කැමැත්ත විමසන්නට කදිමම කාලය තීරණය කරන්නට උප සංස්කෘතියකට ඉඩ දෙනවාද? මසක් තුළ පෙම්වතිය මුණගැසෙන වාරයක් පාසා චොකලට් අරන් දෙන්නට තිබූ මුදල්පාට කොලයක තැවරූ චොකලට් වෙනුවෙන් වියදම් කරනවාද? ඇය හා යහන් ගතවන්නට ඔබේ සිතට එඩිය එන්නේ වැලන්ටයින් දිනයේ පමණද? මේ ගැන ඔබෙන්ම ප්‍රශ්න කරන්න.
5. නිදහසේ අභිමානය
නිදහස් දිනය වෙනුවෙන් මහජන මුදලින් තරවූ මිනිසුන් සනසනු පිණිස රට වෙනුවෙන් කැපවූවන් පෙළහර පාන දෙස දෑස් අයා අප බලා සිටින්නෙමු. ආචාර වෙඩිමුර විසි එකක්ම නිකුත් වූවාදැයි ගොබ්බයන් මෙන් ගනන් කරන්නෙමු. එදිනට හෙළ ජාතික අභිමානේ ඇනෙ විට හිරි ගඩු පිපුණ ද වෙනදාක එය බලු නොවටින ගීයකි. නමට කොඩියක් එල්වා කිරිබත් ටිකකින් සමුදෙන අභිමානයක් ඔබේ සිතේ ඇති කරවන රටක ඔබ ජීවත් විය යුතුද?
Cover Image Source – colombogazette.com / freepik.com
Leave a Reply