බිලියනපතියන්ගේ අරුම පුදුම චර්යා ගති

World's unusual billionaires

ඩොලර් මිලියන සිය ගනන් වත්කම් ඇත්තෝ රුපියල් වලින් සැලකුවහොත් ගත හැක්කේ බිලියනපතියන් ලෙසය. කෙතරම් මුදල් හදල් තිබුනත් ඒ බොහෝ බිලියනපතියන්ගේ ජීවිත වලද යම් යම් ආන්දෝලනාත්මක චර්යාවන් සහ ගතිසිරිත් පවතී.

 

1. රෙස්ටොරන්ට් ඉදිරිපිට මලපහ කරන්නා

 

සිඩ්නි හි පතල රෙස්ටොරන්ට් ඉදිරිපිට මහා මලපහගොඩක් තිබෙන පරිද්දෙන් මලපහ කරන්නෙක් විය. ඔහු ටොයිලට් පේපර් රෝලක් රැගෙන සිය නිවෙසින් නික්මී ප්‍රසිද්ධ රෙස්ටොරන්ට් සහ කැෆේ ඉදිරිපිටට ඇවිත් සිය මලපහ කාර්යය වසර 4ක් තිස්සේ කිසිදු පැකිලීමක් නැතිව සිදුකලේය. පොලීසිය මේ ගැන පරීක්ෂණ පවත්වා පුද්ගලයා සොයාගත් අතර ඔහු ඔස්ත්‍රේලියාවේ සිඩ්නි හි ප්‍රකට ධනවතකු වන සැල්වටෝර් සෑම් සැරටෝ Salvatore Sam Cerretoනම් බිලියනපති ධනවත්  අයෙක් විය. සී සී ටීවි කැමරා ආධාරයෙන් අත්අඩංගුවට පත් වුනු සැල්වටෝර් සිරගෙට නියම නොවුනු නමුත් ඔහුට අත්හිටවූ දඩුවම් හිමි විය. පසුකලෙක ඔහු අසූචි තරුව යන අදහස ඇති The Phantom Poopster යන නම හිමිවිය.

 

2. අනාගතයට වටින ශුක්‍රානු බැංකුවක්

 

රොබට් ක්ලාක් ග්‍රැහැම් යනු ඇස් කන්නාඩි නිපදවන්නෙක් සහ දෘෂ්ඨි විශේෂඥයෙක් වී පසුකලෙක බිලියනපතියෙක් වූ අයෙකි. නොබෙල් ත්‍යාග ලාභි ලොව දක්ස පුද්ගලයින්ගෙන් ශුක්‍රානු ලබාගත් ඔහු ඒවා බැංකුගත කොට පසුකලෙක භාවිතා කිරීමට එක් රැස් කළේය. ඒ ශුක්‍රානු මාර්ගයෙන් දරුවන් 270 දෙනෙකු බිහිකර ඇති අතර ඔවුන් සැබැවින්ම දක්ෂයින් වීදැයි සඳහනක් සොයාගන්නට නැත. ඔහුගේ මරණයෙන් පසුව 1997 දී එම ශුක්‍රානු බැංකුව වසා දමන ලදී.

 

3. සාමාන්‍ය ලෙස ජීවත් වූ මිලියනපතියා

 

කෙතරම් ධනය ලැබුනත් සිය දිවි පෙවතේ සමහර අංග වෙනස් කර නොගෙන පැරණි පරිදි ජීවත් වීමට ඇතැම්හු ආශා කරති. සුප්‍රකට IKEA සමාගමේ හිමිකරු ඉන්වා කැම්ප්‍රෙඩ් Ingvar Kampred  එවැන්නෙකි. ඔහුගේ කාලයේ ඔහු පෘථිවියේ සිටි ප්‍රමුඛතම බිලියනපතියෙක් විය. ඔහු සිය වසර 24 ක් පැරණි වොල්වෝ රථය භාවිතා කලේය. ටී බෑග පවා නැවත පාවිච්චි කලේය. එසේම ඉන්වා සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස පොදු බස්රියේද ගමන් කලේ හුදෙක් ආකර්ෂණය පිණිස නොවේ. එය ඔහුගේ ගතිසොබාව විය. ඔහුගේ නිවසද ඒ පලාතේ තිබූ සාමාන්‍ය නිවසක්ම විය.

 

4. බදු පැහැර හැරි ලියෝනා

 

ලංකාව වැනි රටවල නම් කීර්තිමත් ධන කුවේරයන් බදු ගෙවීම පැහැර හැරීම මහත් වූ දෙයක් ලෙස නොසැලකේ. එහෙත් ඇමරිකාව වැනි ධනවත් රටවල බදු නොගෙවිම ක්‍රීඩකයින් නළුවන් වැනි ප්‍රකට තරුවලට පවා සිරබත් කන්නට සිදුවන වරදකි. ලියෝනා හෙල්ම්ස්ලි Leona Helmsley නම් කාන්තාව ” බදු ගෙවිය යුත්තේ අපි නොව දුප්පත් මිනිසුන් ” යැයි ප්‍රසිද්ධියේම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පවා නිකුත් කොට තිබුණි. 1992 දී ලියෝනා සිය දේපල ව්‍යාපාර වල වත්කම් බිලියන ගණනක් තිබුනද සිර ගෙට නියම වූයේ රජයට බදු මුදල් ගෙවීම් පැහර හැරිම නිසාය. ඇය පසුකලෙක ලොව වටිනාම සුරතලා ලඟ තබාගත් කාන්තාව ලෙසද විරුදාවලියට ලක් වූ අත එම සුරතලා ගේ මිල ඩොලර් මිලියන 12ක් විය.

 

5. චිත්‍රපට මහ පොලවේ තනන්නට හැදූ පාමර්

 

ජුරාසික් පාක් චිත්‍රපටයේ ඩයිනෝසෝරයා නැවත ප්‍රතිනිර්මාණය වන්නේ ඉටි කැබැල්ලක සැගවී තිබූ ඩයිනෝසොර ලේ ස්වල්පයක් අධාරයෙනි. එය දැකීම නිසාදෝ ක්ලයිව් පාමර් නැමැති බිලියනපතියාටත් සිය අක්කර දාස් ගණනක් වන ගොල්ෆ් උයනේ සජීවි ඩයිනෝසෝරයන් දකින්නට උවමනා විය. Clive Palmer ඩයිනෝසොරයන් නැවත ඇතිකල හැකිදැයි සොයාබලන්නට ඩොලර් බිලියන ගණනින් පර්යේෂණ වලට ආධාර කලේය. එහෙත් එය කල හැකි දෙයක් නොවීය. එවර ඔහු සැබෑ රුවට සමාන යාන්ත්‍රික ඩයිනෝසෝරයන් සිය ගොල්ෆ් උයනේ සවිකර එයින් සෑහිමකට පත් විය.

ක්ලයිව් පාමර් ඊලගට  ජුරාසික් පාක් වලට පසු ලොව වැඩිම ආකර්ෂණයක් දිනූ ටයිටැනික් නෞකාව නැවත ප්‍රතිනිර්මාණය කිරීමට වෙහෙසුණා. ගල් අගුරු බලයෙන් එන්ජින් ධාවනය වූ එදා තිබූ ටයිටනික් නැවේ ආකාරයට අද එය නිර්මාණය කළ හැකිදැයි ගැටළුවකි. කෙසේ වෙතත් එදා ටයිටනික් හැපුනු අයිස් කන්ද නම් හෙට නිපදවෙන පාමර් ගේ අලුත් ටයිටනික් නැවට හමු නොවනු ඇත. එහෙත් ඩොලර් මිලියන 400 ක මුදලක් වියදම් කිරීමට අපේක්ෂා කරන ඒ ටයිටනික් 2 නැව යනු 2018 දී නිකුත් වීමට නියමිත මහා නිර්මාණයකි.

 

6. ප්ලාස්ටික් සැත්කම් වලට මුදල් වැය කළ ජොසලින්

 

වියපත් වෙත්ම තුරුණු ස්ත්‍රී රුවේ ඇතිවන දොස් වසාලීමට ධනවත් කාන්තාවෝ සුලු ප්ලාස්ටික් සැත්කම් කරන්නේ ඩොලර් ලක්ෂ ගණනක් වියදම් කරමිනි. එහෙත් ජොසලින් Jocelyn Wildenstein ප්ලාස්ටික් සැත්කම් කලේ පූසෙකු මෙන් සිය මුහුණෙහි වෙනස් කරගැනීමක් වෙනුවෙනි. ජොසලින් එක් කලෙක ස්විට්සර්ලන්තයේ කදිම මෝස්තර නිරූපිකාවකි. ඇය බිලියනපතියෙකු වූ ඇලෙක්ස් නම් වූ මෝස්තර ශිල්පියා හා විවාපත් වූ පසු මුහුණ පූසකු මෙන් වෙනස් කැරැගැන්මට ඇගේ සිත යොමු විය.

 

7. සැප හැර අප්‍රිකානු ගැමි දිවිය වැළඳගත් නිකලස්

 

වෙස්සන්තර ජාතකයේ එන පරිදි එම රජතුමා සිය කම් සැප සියල්ල හැරදා වනයට යන්නේ භාවනා කර පෙරුම්දම් පිරීමේ අදහසිනි. මේ යුගයේද එසේ සියලු සැප සම්පත් හැරදා ධනස්කන්ධය පුණ්‍ය වැඩ පිණිස වියදම් කොට අවසන ඔවුන් විකල්ප ජීවිත තෝරාගත් අය සිටී.  ඔවුන් නම් Nicolas Berggeruen සහ Graham Pendrill ය. මෙතැනින් නිකලස් යනු බිලියන 2ක වත්කම් තිබූ අයෙකි. ඔහු සිය නිවස ඇතුලු වත්කම් පුණ්‍ය වැඩවලට යොදවා ඉන් පසු මුදල් නැති සංචාරකයෙකු ලෙස හැසිරීම තෝරාගත්තේය. ඔහු සිය වත්කම් කෙතෙක් අඩුකලේද යත් නිකලස් යනු දැන් ඕනාම අවස්ථාවක සිය සියලුම අඩුම කුඩුම ටික කුඩා බැගයකට දමාගෙන තැන තැන යා හැකි තරමේ සැහැල්ලු චරිතයකි. ග්‍රැහැම් පෙන්ඩ්‍රිල් සිය වත්කම් විකුණා දමා කෙන්යාවට ගියේය. එහි මසායි ආදී ගෝත්‍රිකයින්ට උදව් පදව් කරමින් ගෝත්‍රිකයෙක් ලෙස මැටිගෙයක වාසය කිරීමේ ජීවන රටාව ග්‍රැහැම් පෙන්ඩ්‍රිල් නැමැති බිලියනපතියා සිය ජීවිතය ලෙස තෝරාගත්තේය. එසේ මසායි ගෝත්‍ර වෙනුවෙන් ඔහු කල කැපවීම් උදෙසා කිසිදා සුදුජාතිකයෙකු ලබාගෙන නැති මහත් ගෞරව නාමයක්ද ග්‍රැහැම් පෙන්ඩ්‍රිල් වෙත ලැබී තිබේ.

 

8. කම් සැප ලොවට පෙන්වන අය

 

විශාල මාලිගා වැනි හෝටල වල රූමත් කාන්තාවන් පිරිවරාගෙන ඔවුන් සමග සෙල්ලම් කරමින්, සැපසේ ජීවත්වෙන සැබෑම කුමාර දිවියක් ගෙවන බිලියනපතියෝද වෙති.  වෙඩි තැබීම, අධික වේගයෙන් රිය ධාවනය, අනතුරු දායක ක්‍රියාවල නිරත වීම, මත්ද්‍රව්‍ය මත් පැන් ගැනීම වැනි සියලු දුරාචාරවල නිරත වෙමින් ඒවා සයිබර් අවකාශය ඔස්සේ සමාජ ජාලා වලට නිකුත් කරන ඔවුහු මෙන්න අපි ජීවිතය විඳීන්නේ මෙහෙම යැයි සමාජ ජාලා හරහා ලොවට පෙන්වාලති. එවැනි පිරිස් අතර Tony Toutouni සහ Dan Bilzerian මුල් තැන ගනී.

විටෙක ඔවුන්ගේ මත්ද්‍රව භාවිතය සහ කාන්තාවන් වහලුන් ලෙස සැලකීම ලෝ පුරා ආන්දෝලනයට ලක් වුවත් ඒ බාධක වලින් ඔවුන්ගේ බිලියනපති සුවැති ජීවිත සැලෙන්නේ නැත.

 

9. මුදල් සහ බිලියනපතියන්

 

බිලියනපතියන් සැලකූ කල ඔවුන් බොහොමයක් දෙනා සිය ධනයෙන් විශාල කොටස් විවිධ ආකාරයේ පුණ්‍ය කටයුතු පිණිස යොදවති. බිලියනපතියෝ යනු නව අදහස් මහ පොලව මත වගාකිරීමට ජීවය ලබා දෙන හිරු රැස් වැනි මහා බලයකි. විවිධාකාර පර්යේෂණ, නව නිර්මාණ, අභ්‍යාවකාශ වැඩසටහන්, දුප්පතුන් වෙනුවෙන් ව්‍යාපෘති ආදී ක්ෂේත්‍ර ගණනාවක ලොව පුරා බිලියනපතියෝ සිය ධනය වියදම් කරති. විටෙක ඒ ඇතැම් ව්‍යාපෘති ක්ලයිව් පාමර් ගේ ජුරාසික් සිහිනය වැනිව සම්පූර්ණයෙන්ම වාගේ අසාර්ථක වුවද ඒ පර්යේෂණ ආදියෙන් ලොවට ලැබෙන දායකත්වය සුළුපටු නොවේ.

 
Cover Image Source – thenewsgeeks.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *