හිතේ සතුටින් පවුල් කන අයගෙන් ගත හැකි ආදර්ශ

Best family practices

1. ඉලක්ක තබාගැනීම සහ ඒවා ගැන අදහස් දැක්වීම

Best family practices

Source – Money.usnews.com

දරුවන් ලොකු මහත් වෙද්දි ඉස්සර වගේ හැමදේම ඔවුන්ට මෙසේ විය යුතුය මෙසේ නොවිය යුතුය කියා කියන්නට අමාරුයි. ඔවුන්ට ඉලක්ක හදාගන්නට දි ඒවායේ අඩුපාඩු පෙන්වමින් අනෙක් දරුවන්ගේ අදහස් ගෙන ඉලක්ක වෙත ගමන් කිරීමට ඔවුන් දිරිමත් කල යුතුයි. එසේම වැඩිහිටියන්ගේද ව්‍යාපාරික සහ රැකියා ආදී දේ හි යම් ඉලක්ක තිබේනම් ඒවා තම දරුවන් සමග හැකි පමණ බෙදාහදාගැනිම වැදගත්.

 

2. උරුමය සොයා චාරිකා යෑම

Best family practices

Source – huffingtonpost.com

අපේ රටේ උදවියට නම් අපේ පරම්පරාවල ඉන්න නෑයෝ බලන්නට යෑම කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. අලුතින්ම කෙරී ඇති පර්යේෂණ අනුව මව් සහ පිය පාර්ශවයේ සිටින නෑදෑයින් හිතවතුන් බලන්නට යෑම ඔවුන් සමග කාලය ගතකිරිමත් පවුලක සතුටට ඉතා වැදගත්. අපි අද කාලයේ විදියට කාර් එකේ තුන් හතරදෙනා දාගෙන ට්‍රිප් ගිහින් සතුටු වෙනවා වගේම ආච්චිලා සීයලා, නැන්දලා මාමලා සහ ඒ පරම්පරාවේ පුරුක් සමග හොඳ ගනුදෙනු පවත්වාගෙන යෑම වටිනවා.

 

3. කතාන්දර කීම

Best family practices

Source – writemyjiyrney.com

 

“ පුතාලෑ තාත්තගේ සිය මේ පලාතේ හොඳ වෙද මහත්තයෙක්. නම කිව්වම මේ අහල ගං හතක අටක මිනිස්සු දන්නවා. කොහෙද ඉතිං මට ඒ වෙදකම ආවේ නැහැ නේ.. ඒ කාලේ බලන්න එපායැ..අපේ ගෙදර“. මේ වගේ සීයලාගේ ඉස්සර කතාන්දර දරුවන්ටත් පවුලේ අයටත් අහන්නට සැලසීම තුලින් පවුල් බැදීම වර්ධනය වෙනවා. ඒ තුලින් ඒ ඒ පවුල්වලට තිබෙන පැරණි උරුමයන් නැවත මතක් කිරීමත් පවුල් වල ඇති අභිමානනීය බව ඉස්මතු කිරීමත් සිදු වෙනවා.

 

4. දරුවන් සීයලා ආච්චිලාට කිට්ටු කිරීම

 

Best family practices

Source – theoddesyonline.com

සීයලා ආච්චිලා ගේ සෞඛ්‍යයට මෙන්ම දරුවන්ගේ මානසික සෞඛ්‍යයටත් දරුවන් සහ සීයලා ආච්චිාල අතර තිබෙන හොඳ බැඳීම වැදගත්වෙනවා. දෙමාපියන්ටත් වඩා මෘදු ලෙස දරුවන්ගේ හදවත් වලට සමිපවන්නට අපේ පෙර පරම්පරාවට තිබෙන්නේ පුදුමාකාර හැකියාවක්. දරුවෙක් දඟ වැඩක් කල විට. ඔය“ පුතාලෑ තාත්තා දැන් ඔය ඔහොම හරි නිවුනා වගේ උනාට තාත්තා පුංචි කාලෙ  හරි දඟයා. අම්මෝ මිනිහව මට්ටු කරන්න අපිට තිබුන අමාරුවක්“ . යැයි කියමින් සියලා ආච්චිලා කුඩා දරුවන්ට සමිප වන්නේ ඔවුන්ටත් නොදැනෙන ආකාරයෙන්. දරුවන්ගේ සහ පවුලේ යහපැවැත්මට වැඩිහිටි පෙර පරම්පරාවේ මැදිහත් විම සැලකිය යුතු ලෙසින් බලපාන බව පර්යේෂණ වලින්ද සනාථ වී තිබෙනවා.

 

5. පවුලේ හමු

Best family practices

Source – yogajournal.com

පවුල් සෙට් වීම මෙහෙ සිදුවන්නේ දරුවන් වෙනම සෙල්ලම් කිරීමත් මව්වරුන් කුස්සියේ සෙට් විමත් පියවරුන් සහ පිරිමි අයවලුන් බෝතල වටා සෙට්විමත් ලෙසින්. එහෙත් සියල්ලෝම එකතුව පසුගිය මාසය සතියක කාලය වැනි එක් කාලාන්තරයක් පුරාවට කළ කි දෑ සිදු වුන දෑ මෙනහි කරගනිමින් සියලු දෙනාම එකතු වෙන සතුටු සාමිචියක් පවත්වාගන්නට හැකි නම්..එය ඔබේ පවුල් බැදිම් තවත් ශක්තිමත් කරාවි.

 

6. එකට කරන වැඩ

Best family practices

Source – seasideresidences.com

ඉස්සර නම් අපේ ගම් පලාත් වල පොලේ යන විට සියා ආච්චි සමග මුනුබුරු මිනිබිරි කුඩා දරුවන්ද රැගෙන යනවා. එහිදී දරුවන්ද ඒවාට සහභාගි වන්නේ සතුටින්. ෆිල්ම් එකක් බලන්නට යෑම. පාක් එකට යෑම, හැමදාම ගෙදර කනවාට වඩා වෙනත් තැනකින් කෑමට යෑම, අසල වූ ගොවිපලක් බලන්නට යෑම වැනි විශාල සංචාර නොවන කාර්යයන් පවුලේ එකිනෙකා එකතුවී කළ හැකිනම් එය වටිනවා. අපි එකිනෙකා අතර එවැනි ගනුදෙනු වැඩි වෙන තරමට එකිනෙකා අතර බැඳීම්ද ඉබේම වැඩිවෙනවා.

 

7. එකිනෙකාට ස්තූති කරගැනීම

Best family practices

Source – sites.psu.edu

සහෝදර සහෝදරියන් සැලකුවොත් අපේ නම් පවුලේ භාෂාව තුල ස්තුතියි කියන වදන අහන්නට නැතිම තරම්. එය වචනයක් පමණක්ම නෙමෙයි. අපි එකිනෙකාට යම් යම් උදව් පදව් කරගන්නට සිදු වෙනවා. “මේ අර පොත මට ගෙනත් දුන්නෙ වෙලාවට ඒක අලුත් එකක් අපේ සෙට් එක කියවල නෑ“. ආදි ලෙස තමුන්ට උදව්වක් කළ විට එහි ප්‍රථිඵලය ගැන ගැන නැවත පවුලේ සහෝදරයින් දෙමාපියන් දැනුවත් කිරීම හොඳ දෙයක්. දරුවන්ගෙන් යම් සුලු උදව්වක් ගත්තා වුනත් එයට ස්තූති කිරිමට දෙමාපියන්ට හැකිනම් එය යහපත් සබඳතාවයකට වඩාත් වැදගත්. උදාහරණ ලෙස බොහෝ කඩිමුඩි වෙලාවක දරුවාට කියා ඇඳුමක් අයන් කරගත් විට පසුව නිවිහැනහිල්ලේ වෙලාවක.“ පුතා එදා අර ඇඳුම් අයන් කරල දුන්න නිසා මම ඒ කෝච්චිය අල්ලගත්තා.“  ආදි ලෙස නැවත ඒ උදව්වට කෘතගුණ දැක්වීම තුලින් ඒ ඒ පවුල් සාමාජිකයින් අතර හොඳ මානසික බැම්මක් ඇතිවෙනවා.

 

8. අනුන් වෙනුවෙන් කැපකිරීම් කිරීම

 

මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි //

මේ පැරණි ගිතයේ එන ලෙස සීයා වලක් හාරා අඹ ඇටයක් සිටුවන විට දරුවා ගොස් ඒ කුමක්දැයි සියාගෙන් අහනවා. ඔහු එයට පිළිතුරු දෙන්නේ අනාගතයේ ජීවත් වන අයට වැඩ සිදුවන පිණිස මෙවැනි ක්‍රියාවක් කරන බවයි. අපිට ජීවිතයේ එකිනෙකාට උදව් පදව් කරන්නට සිදුවන අවස්ථා අපමණයි. ආගමික ස්වරූපයෙන් කරනු ලබන දන් දිම් ආදියත් විපතකදී සිදුකරන පරිත්‍යාග ආදියත් අපට අලුත් දේ නෙමෙයි. ඒ වගේම අපිට ඇති යම් දැනුමක් නොදන්නා අය සමග බෙදා ගැනීම, අවට සිටින දුප්පත් අයට හැකිපමණ උදව් පදව් කිරීම ආදි වැඩවලට මුලු පවුලේම අදහස් රැගෙන දායක විය හැකියි. පර්යේෂණ වලින් සනාථ වී ඇති අයුරු වැඩිපුර පොදු කාර්යයන්හි පවුලේ අයත් සමග නිරත වෙන අය වඩාත් සවිමත් ලෙස පවුල් සබඳතාවයන් පවත්වාගෙන යන්නට සමත් වී තිබෙනවා.

 

9. මොකුත් නොකලොත් මොකුත්ම නෑ

Best family practices

Source – runningwithtongs.com

අපේ පවුලක වුනත් අපිට අයිති කුමන චරිතයකට වුවත් අපි යම් කැපකිරීමක් කරන්නට අවශ්‍යයි. දරුවන් දෙමාපියන්ට, දෙමාපියන් දරුවන්ට සිය මුලික වගකීමේ මෙන්ම ඉතා සුලු මට්ටමේ උදව් පදව් අදහස් බෙදාගැනීම් ආදිය පවුලකට එක් කරන්නේ අපමණ අගයක්. දරුවා නිරන්තරයෙන් පාඩම් වැඩවල යෙදී සිටියදී දෙමාපියන් සිය රැකියා කටයුතු ආදිය ගැන දැඩි අවධානයෙන් දවසේ වැඩිකලක් ගතකරන වර්තමාන ලාංකික පවුල් පසුබිම තුල පවුල් බැඳිම් ශක්තිමත් කරගත හැකි ආකාර පිළිබඳ නැවත සිතීම පවුලේ සමගියට වගේම හැමෝගෙම මානසික සෞඛ්‍යයටත් විශාල දායකත්වයක් ලබා දේවි.

 
Cover Image Source – rd.com
 

zvr
Your Reaction

Comments